Arawwala Vidyaloka Maha Vidyalaya - Past Pupils Association

Arawwala Vidyaloka Maha Vidyalaya - Past Pupils Association ඇරැව්වල විද්‍යාලෝක මහා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ නිළ ෆේස්බුක් පිටුව. විද්‍යාෙලා්ක මාතාවගේ සෙවණේ වැඩුණු දූ දරුවන් ගේ එකමුතුව

24/04/2024
සියලු ආදි සිසු සිසුවියන්ගේ සහභාගීත්වය  අපේක්ෂා කරන්නෙමු.
05/03/2024

සියලු ආදි සිසු සිසුවියන්ගේ සහභාගීත්වය  අපේක්ෂා කරන්නෙමු.

21/09/2023
මේ මොහොතේ ලේ දන් දීමේ කටයූතු ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වන අතර ඒ සඳහා සහභාගි වීමට නොහැකි වූ පිරිසට සවස 3. 00 දක්වා විද්‍...
30/04/2023

මේ මොහොතේ ලේ දන් දීමේ කටයූතු ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වන අතර ඒ සඳහා සහභාගි වීමට නොහැකි වූ පිරිසට සවස 3. 00 දක්වා විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී ඒ සඳහා සහභාගි විය හැක. ඒ සදහා ඔබ සියළු දෙනාටම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටින්නෙමු !

මියදෙන හදකට පන නලක් වන්නට ඔබටත් ආරාධනා!!!!!
27/04/2023

මියදෙන හදකට පන නලක් වන්නට ඔබටත් ආරාධනා!!!!!

28/01/2023

කාරුණිකව දැණුම්දෙමි.

විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමයේ නිල ෆේස්බුක් පිටුව තුළ හෝ වට්ස්ඇප් ගෘප්තුළ දේශපාලන ප්‍රචාරනය හෝ ඒ සම්බන්ධ කිසිවක් ප්‍රචාරය නොකරන මෙන් ඉතා කාරුණිකව දැණුම් දෙමි. තවද අප හා සියලුම දේශපාලන පක්ෂ හා සාමාජිකයන් ඉතාමත් සුහදව කටයුතු කරන බැවින් අප ඒ සෑම දෙනාගේම සහයෝගයෙන් විද්‍යාලයේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරනවා මිස විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය කිසිඳු දේශපාලන පක්ෂයක හෝ සංවිධනයක පුද්ගලික දේපලක් නොවන බවද අවධාරණය කර සිටිමි.
ඔබ සැමගේ උදව් උපකාර අපට එකසේ වැදගත්වන බැවින් අප හා එක්ව පාසලේ උන්නතිය උදෙසා කටයුතු කරමින් ගමේ පාසල හොඳම පාසල කරන්නට අපට සහයෝගය ලබාදෙනු ඇතැයි අප තරයේ විශ්වාස කරමු.

මීට
සුපුන් රුවන් පතිරණ
උප සභාපති
විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමය.
2023.01.28

21/01/2023

❤️

21/01/2023

🙏

පාසලේ 341 මාර්ගයට මුහුණලා ඇති වැට මායිම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වන වැඩ පිළිවෙල සාකච්ඡා කරගැනීමට පාසල් සංවර්ධන සමිතිය හ...
18/01/2023

පාසලේ 341 මාර්ගයට මුහුණලා ඇති වැට මායිම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වන වැඩ පිළිවෙල සාකච්ඡා කරගැනීමට පාසල් සංවර්ධන සමිතිය හා ආදිශිෂ්‍ය සංගමය අද දින පාසලේ දී එක්රැස් වූහ.

08/01/2023

2022 දෙසැම්බර් මස 18 වන දින ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා දෙමව්පියන්ගේ හා ගුරුවරුන්ගේ දැඩි උනන්දුව මධ්‍යයේ පවත්වන ලදී. මෙම විභාගය බොහෝ දරුවන් හට තමන්ගේ විභාගයක් නොව තමන් වෙත දෙමව්පියන් හා ගුරුවරුන් විසින් බලෙන් පැටවූ විභාගයක් බව සඳහන් කිරීමට කැමැත්තෙමි. මෙවර ශිෂ්‍යත්ව විභාගයේදී දරුවන් වෙත ලබාදුන් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර දෙකෙන් 1 ප්‍රශ්න පත්‍රය දුටු මා හට ඇති වූ වික්ෂිප්ත භාවය මෙම ලිපිය ලිවීමට මා පෙළඹවූ ප්‍රධාන කාරණාවයි. එබැවින් මෙම ලිපිය අධ්‍යාපන බලධාරීන් සහ සුවහසක් දෙමව්පියන්ගේ අවධානය පිණිස වේ. ශිෂ්‍යත්ව විභාගයට පෙර දින කිහිපයේදීම ගුවන් විදුලිය, රූපවාහිනිය වැනි ජනමාධ්‍ය තුළින් විභාග කොමසාරිස්තුමා දෙමව්පියන් වෙත සඳහන් කළේ සිය දරුවන් අනවශ්‍ය පීඩනයකට ලක්නොකරන ලෙසය. දෙමව්පියන් විසින් ලබාදෙන පීඩනය කෙසේ වෙතත් ශිෂ්‍යත්ව 1 ප්‍රශ්න පත්‍රය තුළින් දරුවන් වෙත ලබාදී තිබූ පීඩනය අතිමහත්ය. එය විභාග කොමසාරිස්තුමන් විසින් පවසන ලද, දරුවන් වෙත පීඩනය අවම කිරීමේ මතයට සම්පූර්ණයෙන්ම පටහැනි වීම පුදුම සහගතය. ශිෂ්‍යත්ව 2 පත්‍රය සකසා ඇති ආකාරය ඉතා ප්‍රශංසනීය වන අතර එම ප්‍රශ්න පත්‍රය විෂය නිර්දේශයට අදාළව සරල තර්කනයන් තුළින් පිළිතුරු ලිවීමට හැකි ආකාරයට සකස්කර තිබීම ඇගයිය යුතුය.

නමුත් ශිෂ්‍යත්ව 1 ප්‍රශ්න පත්‍රය දරුවන් පීඩනයට ලක්කරන ආකාරයට සකස් කර තිබූ ප්‍රශ්න පත්‍රයක් වන අතර එය 5 වසර දරුවකුගේ මනසට නොගැළපෙන ආකාරයට සැකසූවකි. ශිෂ්‍යත්වය යනු කඩයිම් විභාගයක් වන අතර එය රැකියාවකට තෝරාගැනීම සඳහා වන තරග විභාගයක ආකෘතියට ගෙන ඒම කිසිසේත් අනුමත කළ නොහැකිය. පැයක කාලයක් තුළ කුඩා දරුවන් විසින් ප්‍රශ්න 40 කට පිළිතුරු සැපයිය යුතු අතර එක් ප්‍රශ්නයක් සඳහා වෙන්වී ඇති කාලය විනාඩි 1යි තත්පර 30 කි. නමුත් ඉහත ප්‍රශ්න පත්‍රය අදාළ කාලසීමාව තුළදී වැඩිහිටියෙකුට පවා නිවැරදිව පිළිතුරු සැපයිය නොහැකි ප්‍රශ්න පත්‍රයකි. අධ්‍යාපන බලධාරීන් විසින් කුඩා දරුවන් සඳහා උපකාරක පන්ති අනවශ්‍ය බව පුනපුනා පැවසුවද විෂය නිර්දේශයට පරිබාහිරව සකස්කර ඇති මෙම ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු සැපයීම විෂය නිර්දේශය යටතේ පාසලින් පමණක් අධ්‍යාපනය හැදෑරූ දරුවෙකුට සිහිනයක්ම පමණක් වනු ඇත. ශිෂ්‍යත්ව ලබාදීම සඳහා සීමිත දරුවන් පිරිසක් තෝරාගැනීමට අවශ්‍ය නම් කළ යුතු වන්නේ විභාගය අපහසු කොට කුඩා ළමුන් වෙත අනවශ්‍ය පීඩනයක් ඇති කිරීම නොව කඩයිම් ලකුණු ඉහළ දැමීම බව මතක් කරනු කැමැත්තෙමි.

මේ ආකාරයට පිළිතුරු තුනක් පමණක් ඇති බහුවරණ ප්‍රශ්න පත්‍රය අපහසු කිරීම තර්කානුකූල දක්‍ෂ දරුවන් සඳහා දැඩි බලපෑමක් එල්ල කරනු ඇත. දක්‍ෂ දරුවන් අපහසු ප්‍රශ්න සඳහා කෙසේ හෝ පිළිතුරු සෙවීමට යෑම නිසා වේලාව ප්‍රමාණවත් නොවන අතර අනෙක් දරුවන් කිසිවක් නොසිතා පිළිතුරු සටහන් කළද එය නිවැරදි වීමට ඇති සම්භාවිතාව 33% ක් වීම ඊට හේතුවයි. ප්‍රශ්න පත්‍ර අපහසු කිරීමට අවශ්‍ය නම් එය කළ යුතු වන්නේ ප්‍රශ්න පත්‍ර දෙක පුරාම සමානව බෙදීයන ආකාරයෙන් මිස එක් ප්‍රශ්න පත්‍රයක් පමණක් ඉලක්ක කර ගනිමින් නොවන බව ප්‍රශ්න පත්‍රය සකස් කළ අයට අවබෝධ නොවීම පුදුම සහගතය. ඉහත ප්‍රශ්න පත්‍රය පැයක කාලසීමාවක් තුළ පිළිතුරු සැපයීමට නොහැකි කුඩා දරුවන්ට නොගැළපෙන ප්‍රශ්න පත්‍රයක් බව පැවසීම තර්කානුකූල නොවන බැවින් මා විසින් ඉතා කුඩා නියැදි පරීක්‍ෂාවක් කරන ලදී. මේ සඳහා ගණිතය විෂය ධාරාව යටතේ උපාධි හදාරන සිසුන් දසදෙනෙකු තොරාගත් අතර ඔවුන් වෙත ඉහත ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 7, 22, 35, 36 හා 37 යන ප්‍රශ්න විනාඩි 7යි තත්පර 30ක් තුළ පිළිතුරු සැපයීමට ලබාදෙන ලදී. ලද ප්‍රතිඵලය පුදුම සහගතය. එකදු උපාධි අපේක්‍ෂක සිසුවෙකුවත් අදාළ කාලය තුළ සියලු ප්‍රශ්න සඳහා පිළිතුරු ලබානොදුන් අතර ප්‍රශ්න 3 කට වඩා පිළිතුරු ලබාදුන් සිසුන් සිටියේද දෙදෙනකු පමණි. මෙයින් ගම්‍ය වන්නේ කුමක්ද? ගණිත උපාධි අපේක්‍ෂක සිසුන්ටවත් අදාළ කාලය තුළ පිළිතුරු සැපයීමට නොහැකි ප්‍රශ්න කුඩා දරුවන්ට දී ඇති බවයි. මෙම ප්‍රශ්න පත්‍රය සකස්කර ඇත්තේ ප්‍රශ්න පත්‍රය සකස් කළ අයගේ හැකියාවන් පෙන්වීමට මිස ළමුන්ගේ හැකියාව පෙන්වීමට නොවන බව පැහැදිලිය.

ප්‍රශ්න අංක 7 ට අදාළ රූපයේ ඇති වෘත්ත ගණන අසා ඇති අතර මෙම ප්‍රශ්නය ගැටලු සහගතය.

5 ශ්‍රේණියේ දරුවන් සඳහා ලක්ෂ්‍යය යන ගණිත සංකල්පය හඳුන්වාදී නොමැති පසුබිමක ඉහත ගැටලුවේ වෘත්ත එකිනෙක ඇඳීමේදී මධ්‍ය ලක්‍ෂයක් වටා සෑම වෘත්තයකම රේඛා ගමන් කිරීම නිසා මධ්‍ය ලක්‍ෂ්‍යය පාට කළ වෘත්තයක් ලෙස දිස්වී තිබේ. මෙහිදී දක්‍ෂ දරුවන් වෘත්ත සංඛ්‍යාව 8 හා 9 යන පිළිතුරු අතර දෝලනය වනු ඇත. සලකුණු කිරීමට ලබාදී තිබූ පිළිතුරු අතර 8 හා 9 යන පිළිතුරු දෙකම අන්තර්ගත කර නොතිබුණා නම් ගැටලුවකින් තොරව පිළිතුරු සොයාගැනීමට ළමුන්ට හැකි වුවද එසේ නොකොට අදාළ පිළිතුරු දෙකම පිළිතුරු සඳහා ගෙන ඒමෙන් දරුවන් අනවශ්‍ය පීඩනයකට ලක්කර ඇත. එලෙසම එක් ප්‍රශ්නයක් සඳහා නිවැරදි පිළිතුරු දෙකක් තිබීම වැරදි සහගතය. ප්‍රශ්න අංක 22 හිතාමතාම අපහසු කර ඇති අතර වැඩිහිටි තරග විභාග සඳහා නිතර ලබාදෙන ප්‍රශ්නයකි. එය කුඩා දරුවන්ගේ මනසට බර වැඩිය. ප්‍රශ්න අංක 37 බොහෝ සංඛ්‍යාන ආශ්‍රිත උපාධි පාඨමාලාවල පළමු හා දෙවන වසර තුළ උගන්වන සංකරණ හා සංයෝජන ආශ්‍රයෙන් යොමුකර ඇති අතර 5 වසර දරුවෙකු සඳහා යොදාගැනීමේ යෝග්‍යතාවය ගැටලු සහගතය. අවසාන වශයෙන් ප්‍රශ්න අංක 35, 36, හා 38 යන ප්‍රශ්න කුඩා දරුවන්ගේ මනසට නොගැළපෙන ආකාරයේ විනාඩි එකයි තත්පර තිහක් තුළ පිළිතුරු සැපයිය නොහැකි ප්‍රශ්න බව මාගේ හැඟීමයි.

මෙවැනි ප්‍රශ්න පත්‍ර ලබාදීම තුළින් කුඩා දරුවන් තුළ අධ්‍යාපනය ගැන කලකිරීමක් ඇති වන අතර දැඩි මානසික පීඩනයකට හා ආතතියකට පත්වීම ඛේදවාචකයකි. පාසල තුළින් පමණක් ඉගෙන ගන්නා දරුවන්ගේ පාසල් කෙරෙහි ඇති විශ්වාසය බිඳ වැටෙන අතර උපකාරක පන්ති යන දරුවන් තව තවත් ඒවා කෙරේ යොමු වීම සිදුවනු ඇත. දැන් සිදුවිය යුත්ත සිදුවී හමාරය. දැන් කළ යුතුව ඇත්තේ ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු පහළ දමමින් ළමයින්ට යම් සාධාරණයක් ඉටුකළ යුතු බව අධ්‍යාපන බලධාරීන් මතක තබාගත යුතුය. ඉදිරියේදී මෙවැනි සංකීර්ණ, කුඩා දරුවන්ගේ මනසට නොගැළපෙන ප්‍රශ්න ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය සඳහා ඇතුළු නොකළ යුතු අතර එම ප්‍රශ්න පත්‍රය

රැකියා සඳහා තෝරා ගැනීමට ඉදිරිපත් කරන ප්‍රශ්න පත්‍රයක ආකෘතියට ගෙන ඒම වැළැක්විය යුතුව ඇත.

ආචාර්ය එන්. එම්. කරන්නාගොඩ
කොළඹ විශ්වවිද්‍යාලය.
සංස්කරණය – වසන්ත ලියනගේ

Address

Piliyandala
10230

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94713378653

Website

Alerts

Be the first to know and let us send you an email when Arawwala Vidyaloka Maha Vidyalaya - Past Pupils Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Arawwala Vidyaloka Maha Vidyalaya - Past Pupils Association:

Shortcuts

Share

Category