සාදු දහම් පාසල තුම්බෝවිල - Sadhu Dhamma School Thumbowila

සාදු දහම් පාසල තුම්බෝවිල - Sadhu Dhamma School Thumbowila

Share

තුම්බෝවිල සාදු දහම් පාසලේ නිල facebook පිටුව.

Photos from සාදු දහම් පාසල තුම්බෝවිල - Sadhu Dhamma School Thumbowila's post 13/07/2026

දහම් පාසලේ බැති ගී කණ්ඩායම මෙවර පොසොන් පෝය වෙනුවෙන් පවත්වන ලද බැති ගී සරණි වෙනුවෙන් එක් වෙයි!!!

තුම්බෝවිල සාදු දහම් පාසලෙ බැති ගී කණ්ඩායම, මෙවර පොසොන් පොහොය වෙනුවෙන්, පිළියන්දල තරුණ බෞද්ධ සංගමය මගින් සහ බොරලැස්ගමුව අනුබුදු වන්දනා පොසොන් කලාපය මගින් පවත්වන ලද බැති ගී සරණි වලට එක්වන ලදි.

ජූනි මස 29 සහ ජූලි 01 දිනයන් හීදී පවත්වන ලද මෙම අවස්ථාවන් සදහා දරුවන් ඉතා අලංකාරවත් ගීත ඉදිරිපත් කරන ලද අතර, වේදිකාවෙ අලංකාරත්වය වැඩි කිරීමට මෙම දරුවන්ගේ ගායනා උත්ප්‍රේරකයක් විය.

මේ අවස්ථාවන් සදහා සහභාගී වූ සියලු ශිෂ්‍ය,ශිෂ්‍යයාවන් හටත්, දරුවන් මෙම ස්ථානවලට රැගෙන යාමට වෙහෙස වී ක්‍රියාකල ආචාර්ය මණ්ඩලයටත්, මේ සදහා දරුවන් යොමු කළ දෙමාපියන්ටත් තුති පුදනා අතර. දරුවන්ගේ මෙවැනි කුසලතා වර්ධනය කර ගැනීමට අවස්ථාව ලබාදුන් සියලු දෙනා හටද කෘතගුණ පුදකර සිටිමු.

#පොසොන් #සාදුදහම්පාසල #පොසොන්පොයදිනය

Photos from සාදු දහම් පාසල තුම්බෝවිල - Sadhu Dhamma School Thumbowila's post 13/07/2026

සාදු දහම් පාසලේ නව පුස්තකාලය විවෘත කිරීම!!

අප දහම් පාසලේ දීර්ඝ කාලයක් පුරා පැවති අවශ්‍යතාවයක් වූ නව පුස්තකාලය විවෘත කිරීමේ උත්සවය පසුගිය ජූනි මස 28 වන දින, අප දහම් පාසලේ ප්‍රධානාචාර්ය අතිපූජ්‍ය තුම්බෝවිල ධම්මරත නායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, ආරාධිත අමුත්තන්, ආචාර්ය මණ්ඩලය, දෙමාපියන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහභාගීත්වයෙන් විහාරස්ථාන පරිශ්‍රයේදී ගෞරවාන්විත අයුරින් පැවැත්විණි.

මෙම පුස්තකාලය අප දහම් පාසලට පරිත්‍යාග කිරීමේ සම්පූර්ණ ගෞරවය, ජාතික සමාජ සංවර්ධන ආයතනයේ සමාජ කාර්යයන් පිළිබඳ ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධියේ සිව්වන වසරේ ඉගෙනුම ලබන කේ.ඩී.ඩී. ගීත්මා ශිෂ්‍යාවට හිමි වන අතර,
ඇයගේ උපාධිය සඳහා ඇති විෂයක් වන ප්‍රජාසේවා ව්‍යාපෘතිය සඳහා, තුම්බෝවිල උතුර ග්‍රාම නිලධාරී වසමේ පිහිටි අප දහම් පාසලට පුස්තකාලයක් ලබාදීම තෝරාගැනීම අප දහම් පාසල ලද මහඟු භාග්‍යයකි. ඇයගේ නොපසුබස්නා උත්සාහය, කැපවීම සහ දින ගණනාවක අඛණ්ඩ මහන්සිය හේතුවෙන් මෙම වටිනා පුස්තකාලය අප දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා හිමි වී ඇත.

වර්තමානයේ දරුවන් පොත්පත්වලින් ක්‍රමයෙන් ඈත් වන යුගයක, ඔවුන් තුළ කියවීමේ පුරුද්ද වර්ධනය කරමින් දැනුමෙන් සවිබල ගැන්වීමට ඇය ගත් මෙම වටිනා පියවර සැබවින්ම ආදර්ශවත් සමාජ සත්කාරයකි.

මෙම සිදුකරන ලද වටිනා ක්‍රියාවෙන් ඇයගේ ඉදිරි සියලු අධ්‍යාපන කටයුතු මෙන්ම ජීවිතයේ සියලු බලාපොරොත්තු ද සාර්ථක වේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු. එසේම, අනාගතයේදීත් මෙවැනි සමාජයට වැඩදායී සේවාවන් සිදු කිරීමට ඇයට ශක්තිය, ධෛර්යය සහ තෙරුවන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවායි අප දහම් පාසලේ සියලු දෙනා ප්‍රාර්ථනා කරමු.

එමෙන්ම, මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය මඟපෙන්වීම සහ අවස්ථාව ලබාදුන් අප දහම් පාසලේ ප්‍රධානාචාර්ය අතිපූජ්‍ය තුම්බෝවිල ධම්මරත නායක ස්වාමින් වහන්සේටත්, මෙම කාර්යය සඳහා නොමසුරුව සහයෝගය ලබාදුන් අප දහම් පාසලේ ගුරුවරියක මෙන්ම ප්‍රදේශයේ සංවර්ධන නිලධාරි ලෙස සේවය කරන රුවන්ති සකිලා මහත්මියටත්, පුස්තකාල කමිටුවේ ක්‍රියාකාරීව කටයුතු කළ සියලු සිසු දරුවන්ටත් සහ මෙම කාර්යයට කිනම් හෝ අයුරින් දායක වූ සැමටත් අපගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිමු.

"දැනුම යනු සදාකාලික වස්තුවකි. එය දරුවන්ට දායාද කිරීම උතුම් පුණ්‍යකර්මයකි."

ඔබ සැමට තෙරුවන් සරණයි!

03/07/2026

අප දහම් පාසලෙ දරු දැරියන් ඉදිරිපත් කරන. මෙම බැති ගී සරණිය, නැරඹීමට පැමිණෙන ලෙස ඔබ සැමට ආරාධනා කර සිටිමු.🙏☸️

29/06/2026

ඔබ සැමට පින්බර පොසොන් පෝහොය දිනයක් වේවා!!!🙏
☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

#පොසොන් #සාදුදහම්පාසල #පොසොන්පොයදිනය

14/06/2026

අප දහම් පාසලේ ශිෂ්‍ය නායක මණ්ඩලය විසින්, වෙසක් දිනට පසු දින ( මැයි 31 ) දින පවත්වන ලද බීම දන්සල.

මේ වෙනුවෙන් උදව් උපකාර සිදුකළ, ආචාර්ය මණ්ඩලයේ ගුරුවරුන් හා දෙමාපියන් හට ස්තූතිය පුදකර සිටින අතර,

මෙම දන්සල ලබාදුන් ශිෂ්‍ය නායක මැණ්ඩලයේ දරුවන් හට, තෙරුවන් සරණ ප්‍රාර්ථනය කරමු🙏.

#වෙසක් #දන්සල #සාදුදහම්පාසල
#වෙසක්2026

07/06/2026

අප දහම් පාසලේ දරුවන් විසින් පූජා වෙසක් කලාපයේ, වෙසක් පුරපසළොස්වක පොහෝ දින සහ ජූනි මස දෙවන දින ඉදිරිපත් කළ අලංකාරවත් බැති ගීය.

#බැතිගී #පූජාවෙසක්කලාපය #වෙසක්

07/06/2026

අප දහම් පාසලේ දරුවන්, නාම්පමුණුව සිරි නිකේතන දහම් පාසලේ දරුවන් සමග ඉදිරිපත් කළ අලංකාර බැතිගීය.

#බැතිගී #පූජාවෙසක්කලාපය #වෙසක්

Photos from සාදු දහම් පාසල තුම්බෝවිල - Sadhu Dhamma School Thumbowila's post 07/06/2026

සාදු දහම් පාසලෙ දරුවන්, පිළියන්දල පැවති පූජා වෙසක් කලාපයේ වෙසක් දින හා ජූනි මස දෙවන දින, ඉතා අලංකාරවත් බැති ගී ගායනය වෙනුවෙන් එක්වන ලදි.

එසේ සහභාගී වී ගායනයන් ඉදිරිපත් කල සියලු දරුවන්ටත්, ගායනා පුහුණු කළ ආචාර්යවරුන් හටත්, මේ වෙනුවෙන් දරුවන් ඉදිරිපත් කරවූ දෙමාපියන් හටත්, සාදු දහම් පාසලේ ප්‍රධානාචාර්ය හිමියන්ගේත්, ගුරු මණ්ඩලයේත්, අනෙකුත් සිසුන්ගේත් ස්තූතිය පුදකර සිටිමු.

ඔබ සියලු දෙනා හට තෙරුවන් සරණ ලැබේවා!!!🙏

31/05/2026

2570 වන වෙසක් මංගල්‍යය වෙනුවෙන්, ඔබ සැමට☸️🙏

Photos from සාදු දහම් පාසල තුම්බෝවිල - Sadhu Dhamma School Thumbowila's post 24/05/2026

තුම්බෝවිල සාදු දහම් පාසලේ 2026/2027 වසර වෙනුවෙන් නව ශිෂ්‍ය නායක මණ්ඩලය පත් කිරීම.

2026 මැයි මස 17 වන ඉරුදින, සදු දහම් පාසලෙ ප්‍රධානාචාර්ය තුම්බෝවිල ධම්මරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සහ දෙමාපියන් ඇතුලු ගුරු මණ්ඩලයේ සහභාගිත්වයෙන් සාදු දහම් පාසලේදී පවත්වන ලදි.

එහෙදී
ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස තිනුග තෙව්මික
ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස ඉනුදි ලෙසන්‍යා
උප ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස නිදූශ කුමුදුල
උප ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස රිතාරා රිසාදි

යන ශිෂ්‍යයන් පත්වන ලදි.

නව ශිෂ්‍ය නායක මණ්ඩලයට ගුරු මණ්ඩලයෙ සහ සිසුන්ගේ උණුසුම් සුභපැතුම්!!!

Want your school to be the top-listed School/college in Piliyandala?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Piliyandala
10300