12/12/2022
මේ යකඩ කොකුව නිකන්ම නිකන් කොක්කක් නෙමේ.. මේක දන්සැලක්. ❤️🙏
"ඔබ විස්වාස කරනවාද මෙහම මිනිස්සු තාම ලංකාවේ ඉන්නවා කියලා මේ කතාව කියවලා බලන්න..!
මේ යකඩ කොකුව නිකන්ම නිකන් කොක්කක් නෙමි... මේක මගේ දන්සැල.......
අපි පාවිච්චි කර හෝ සමහරවිට පාවිච්චි නොකරම ගෙදරින් ඉවත් කරන දේවල් තවත් කෙනෙක් සොය සොයා ඉන්න දෙයක් වෙන්න පුළුවන් ....
ගොඩක් මිනිස්සු තව කෙනෙක්ගෙන් ඉල්ලන්න අකමැතියි ... ඉල්ලුවත් දේවිද කියලා සැකයි.. ඒකේ වරදක් නෑ..
ඉතින් මම පුරුද්දක් හැටියට , අපි පාවිච්චි කරලා හෝ සමහරවිට පාවිච්චි නොකරම ඉවත දමන දේවල් මේ කොක්කේ එල්ලනවා.. කාට හරි අවශ්‍ය කෙනෙක්ට ගෙනියන්න..
ගොඩක් වෙලාවට ඒ හස්බන්ඩ් ගේ සපත්තු, ශර්ට්,කලිසම්...
එයාගේ රැකියාවේ ස්වභාවය නිසා වෙන්න ඇති , එයා ඒ දේවල් ඉක්මනින් අලුත් කරනවා.. ඒත් ඒවා ගොඩක් වෙලාවට නැවත කාටහරි පාවිච්චි කරන්න පුළුවන් හොඳ තත්වයේ තියනවා....
ඉතින් ඇඳුම් නම් සෝදලා නවලා පැහැදිලිව පේන බෑග් එකක දාලා මේ කොක්කේ එල්ලනවා.
සමහරවිට කුස්සියේ පාවිච්චියට නොගැනෙන යමක් නම් මම ඒකත් මේ කොක්කේ එල්ලනවා....
මල් වාස්... ප්ලාස්ටික් උපකරන ... සමහරවිට තෑගි ලැබුන නමුත් අපි ප්‍රයෝජනයට නොගන්නා දේවල් .....
මෑතක දී , පාවිච්චියට නොගන්නා curtains , throw pillows පවා මම මේ කොක්කේ එල්ලිලා තිබ්බා...
අමතර පලදාවක් වත්තෙන් ලැබුනමත් මම මේ කොක්කේ එල්ලලා තියනවා... කාමරන්කා .. පේර.....
තව සතියකින් විතර ඇඹරැල්ලා බෑග් එකක් මේ කොක්කේ එල්ලෙයි.....
අම්මා නම් කියන්නේ... එහෙම දෙයක් ගෙන යයි කියලා හිතන්නවත් බැරි උදවිය පවා මෙතනින් අවශ්‍ය දේවල් රැගෙන යනවා කියලයි...
ඒත් මම කවදාවත් .. ඒ දේවල් කව්ද ගෙන ගියේ කියලා විපරම් කරන්නේ නම් නෑ...."
ඔබට බොහොම ස්තූතියි ඔබ වැනි මිනිසුන් දුර්ලභයි