17/06/2025
ඕස්ට්‍රේලියාවේ දී skill assessment එක කරන්න හිතන් ඉන්න ඔයාලා හැමෝටම වැදගත් වෙන පුංචි තොරතුරු කිහිපයක්.
👉Skill assessment process එක සාමාන්‍යයෙන් දවස් 60කට ආසන්න කාලයක් ගන්නවා. මේ අතරතුර ඔයාලගේ documents වල අඩුපාඩු තියෙනවා නම් ඒ පිළිබඳව mail එකකින් දන්වනවා.
👉 Passport එක අවශ්‍ය වෙනවා
👉අපේ අධ්‍යාපන සුදුසුකම් මොනවද කියලා ඇතුළත් කරන්න ඕනේ. අදාළ Certificates, transcripts අවශ්‍ය කරනවා. (Degree, diploma, masters..)
👉 අපි කොච්චර pratical hours/days ගානක් සම්පූර්ණ කළද ( ඔයාත් වෙන රටකට ගුරුවරියක් විදියට එන්න බලන් ඉන්න කෙනෙක් නම් අනිවාරෙන් ඔයාගේ practical දවස් 45ක් වත් තියෙන්නේ ඕනේ) හරියටම අපි practical පටන් ගත්ත දිනය, අවසාන කළ දිනය ද අවශ්‍ය වෙනවා.
👉අනිවරෙන් ඔයාගේ Institute/university එකෙන් ලිඛිතව ඔයා කරපු practical වල සටහනක් අවශ්‍යයි.
👉ඒ වගේම ඔයා මේ සුදුසුකම් ලබා ගත්ත Institute එකේ හෝ university එකේ තොරතුරු ඔයට අවශ්‍ය වෙනවා. රජයේ පිළිගත් ආයතනයකින් පමණක් ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් ලබාගන්න උත්සාහ කළොත් ඔයාගේ මහන්සියට ලොකු වටිනාකමක් ලැබෙයි.
👉ඒ වගේම ඔයා ලංකාවේදි වැඩ කරපු පාසල් හෝ පෙර පාසල් වල තොරතුරු. (Business registration number, address, telephone number, official website එකක් තියෙනවා නම් අනිවරෙන් ඒ තොරතුරු ඇතුලත කරන්න ඕනේ)
👉විශේෂයෙන්ම ඔයා IELTS තමයි කරන්න ඕනේ. මොකද PTE ලකුණු වලින් මේකට apply කරන්න බෑ. එහෙම නැත්නම් ඔයා ඕස්ට්‍රේලියාවේ දී teaching පිළිබද අවුරුද්දක් වත් ඉගෙන ගන්න ඕනේ.
👉පහළ ලින්ක් එකෙන් ගිහින් බලන්න පුළුවන් ඔයට අවශ්‍යකරන සුදුසුකම් මොනවද, කොහොමද apply කරන්නේ කියලා.
https://www.acecqa.gov.au/
මන් ඔයාලා එක්ක බෙදාගත්තේ මගේ පෞද්ගලික අත්දැකීම. මේ සම්බන්ධව තවත් තොරතුරු දන්න අය ඉන්නවනම් පහළ comment තීරුවේ සටහනක් තියන්න මතක කරන්න එපා. තවත් කෙනෙක් ට එය උපකාරයක් වෙයි.
ඉතින් මගේ ඊළග පෝස්ට් එකෙන් මන් අරන් එන්නම් Disability support worker කෙනෙක් විදියට මම කොහොමද ඕස්ට්‍රේලියාවේ ජොබ් එකක් හොයාගත්තේ කියලා.
✍️පියුමි බටගොඩ
(Early childhood educator)
We're supporting governments to implement the National Quality Framework. The Australian Children's Education & Care Quality Authority offers resources and information to improve quality outcomes for children.