28/09/2026
“බිම්මල්” – තිරසාර සහ සුවබර දිවියකට මංපෙත් තනන ස්වභාවධර්මයේ විස්මිත පෝෂණ බලාගාරය
වර්තමාන ලෝකයේ සෞඛ්‍ය සම්පන්න, පෝෂණයෙන් පොහොසත් මෙන්ම පරිසරයට හිතකර ආහාර සඳහා ඇති අවධානය දිනෙන් දින ඉහළ යමින් පවතී. එවැනි පසුබිමක බිම්මල් යනු පෝෂණය, සෞඛ්‍යය සහ තිරසාරත්වය යන අංශ තුනම එකට සම්බන්ධ කරන සුවිශේෂී ආහාරයක් ලෙස හඳුනාගත හැකිය. බොහෝවිට එළවළුවක් ලෙස ආහාරයට ගත්තද, විද්‍යාත්මකව බිම්මල් ශාක රාජධානියට නොව දිලීර රාජධානියට අයත් වේ. බොහෝ ආහාරයට ගත හැකි බිම්මල් වර්ග අඩු කැලරි හා අඩු මේද අන්තර්ගතයකින් යුක්ත වන අතර ආහාරමය තන්තු, B කාණ්ඩයේ විටමින්, පොටෑසියම්, පොස්පරස් සහ සෙලෙනියම් වැනි පෝෂක සපයයි. එමෙන්ම බීටා-ග්ලූකන් (β-glucans) එර්ගොතියෝනීන් (ergothioneine) සහ ග්ලූටතයෝන් (glutathione) වැනි ජෛව ක්‍රියාකාරී සංයෝගද ඇතැම් බිම්මල්වල අඩංගු වේ.
විශේෂයෙන් බීටා-ග්ලූකෑන් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය සමඟ සම්බන්ධ වන අතර, එර්ගොතියෝනීන් සහ ග්ලූටතයෝන් වැනි සංයෝග ප්‍රතිඔක්සිකාරක ක්‍රියාකාරීත්වයට දායක විය හැකිය. බිම්මල් සහ විටමින් D අතර සම්බන්ධතාවයද වැදගත් වන අතර, බිම්මල්වල ස්වභාවිකව පවතින එර්ගොස්ටෙරෝල් (ergosterol), පාරජම්බුල ආලෝකයට (UV-B radiation) නිරාවරණය වූ විට විටමින් D₂ බවට පරිවර්තනය විය හැකිය. එම නිසා සුදුසු ලෙස UV-B ආලෝකයට නිරාවරණය කළ බිම්මල් විටමින් D₂ සඳහා ආහාරමය මූලාශ්‍රයක් විය හැකිය. කෙසේ වෙතත්, බිම්මල් රෝග සුව කරන ඖෂධයක් ලෙස නොසැලකිය යුතු අතර, ඒවා සමබර හා විවිධාංගීකෘත ආහාර වේලක කොටසක් ලෙස භාවිත කිරීම වඩාත් සුදුසුය.
බිම්මල්වල වැදගත්කම පෝෂණයෙන් පමණක් සීමා නොවන අතර එය තිරසාර ආහාර නිෂ්පාදනය සඳහාද විශාල දායකත්වයක් ලබා දෙයි .වී පිදුරු, දැව කුඩු, බඩ ඉරිඟු අවශේෂ සහ ඇතැම් ශාකමය කෘෂිකාර්මික අවශේෂ සුදුසු ලෙස සකස් කර බිම්මල් වගා උපස්ථර ලෙස භාවිත කළ හැකිය. මේ මඟින් වෙනත් කෘෂිකාර්මික ක්‍රියාවලීන්හිදී ඉවත දැමිය හැකි ද්‍රව්‍ය ආහාර නිෂ්පාදනය සඳහා නැවත භාවිත කළ හැකි අතර, අපද්‍රව්‍ය අවම කිරීමට හා සම්පත් කාර්යක්ෂමව භාවිත කිරීමට හැකියාව ලැබේ. එබැවින් බිම්මල් වගාව චක්‍රීය ජෛව ආර්ථිකයට හොඳ උදාහරණයක් ලෙස සැලකිය හැකිය. ශ්‍රී ලංකාව තුළද ඇමරිකන් ඔයිස්ටර්, ඇබලෝනි සහ පින්ක් ඔයිස්ටර් වැනි බිම්මල් වගාවන් දක්නට ලැබෙන අතර, බටන් සහ ශිටාකේ වැනි වර්ගද පාරිභෝගික අවධානය දිනා ගනිමින් පවතී. කුඩා ඉඩකඩක වගා කළ හැකි වීම සහ කෘෂිකාර්මික අවශේෂ භාවිත කළ හැකි වීම නිසා බිම්මල් වගාව ගොවීන්ට අමතර ආදායම් මාර්ගයක්ද විය හැකිය.
බිම්මල්වල පසු අස්වනු ආයු කාලය සාපේක්ෂව කෙටි බැවින් ඒවාට අගය එකතු කිරීම කර්මාන්තයේ දියුණුව සඳහා ඉතා වැදගත් වේ. වියළි බිම්මල්, බිම්මල් කුඩු, ටින් කළ බිම්මල්, සුප් මිශ්‍රණ, බිම්මල් සොසේජස්, බර්ගර් පැටි සහ වෙනත් සූදානම් කළ ආහාර නිෂ්පාදන ලෙස බිම්මල් සැකසිය හැකිය. මෙවැනි නිෂ්පාදන මඟින් බිම්මල්වල භාවිත කාලය දීර්ඝ කිරීමට, පසු අස්වනු හානි අවම කිරීමට සහ පාරිභෝගිකයන්ට පහසු හා නව ආහාර විකල්ප ලබාදීමට හැකියාව ලැබේ. එමෙන්ම බිම්මල් බීජ නිෂ්පාදනය, වගා උපකරණ, ඇසුරුම්කරණය, සැකසීම හා අලෙවිකරණය වැනි ක්ෂේත්‍රවල කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහාද අවස්ථා නිර්මාණය කළ හැකිය. බිම්මල් කුඩු වැනි නිෂ්පාදන විවිධ ආහාරවල රසය හා පෝෂණ ගුණය වැඩි කිරීම සඳහා භාවිත කළ හැකි බැවින් නව වෙළඳපොළ අවස්ථාද ඇති කළ හැකිය.
කෙසේ වෙතත්, බිම්මල් කර්මාන්තය තවදුරටත් දියුණු කිරීම සඳහා ගුණාත්මක බිම්මල් බීජ ලබා ගැනීම, වගා පරිසරයේ සනීපාරක්ෂාව පවත්වා ගැනීම, දූෂණය පාලනය, උෂ්ණත්වය හා ආර්ද්‍රතාවය නිසි ලෙස කළමනාකරණය කිරීම සහ සුදුසු පසු අස්වනු තාක්ෂණ භාවිත කිරීම වැනි අභියෝග ජයගත යුතුය. එමෙන්ම නිසි වර්ගීකරණය, ඇසුරුම්කරණය, ශීතකරණ පහසුකම්, වෙළඳපොළ සම්බන්ධතා, පාරිභෝගික දැනුවත්භාවය සහ ආහාර සුරක්ෂිතතාව තවදුරටත් ශක්තිමත් කළ යුතුය. නව අගය එකතු කළ නිෂ්පාදන සංවර්ධනය කිරීම තුළින් දේශීය වෙළඳපොළ පුළුල් කිරීමටත් නව ආර්ථික අවස්ථා ඇති කිරීමටත් හැකියාව පවතී. එබැවින් බිම්මල් යනු පෝෂණීය ආහාරයක් පමණක් නොව, කෘෂිකාර්මික සම්පත් නැවත භාවිතයට ගන්නා, පසු අස්වනු හානි අවම කිරීමට දායක වන සහ නව ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කරන ක්ෂේත්‍රයකි.
Mushrooms – Nature’s Remarkable Nutritional Powerhouses Paving the Way Towards a Sustainable and Healthier Life
In today’s world, increasing attention is being given to foods that are health-promoting, nutritionally rich, and environmentally sustainable. In this context, mushrooms can be recognized as a unique food that connects nutrition, health, and sustainability. Although commonly consumed as vegetables, mushrooms are scientifically classified within the Kingdom Fungi rather than the Plant Kingdom.Many edible mushrooms are generally low in calories and fat while providing dietary fibre, B-complex vitamins, and minerals such as potassium, phosphorus, and selenium. Certain mushroom species also contain bioactive compounds such as β-glucans, ergothioneine, and glutathione, making mushrooms not merely flavorful foods but also nutritionally valuable functional foods that have attracted considerable attention worldwide.
β-glucans have been associated with the modulation of immune system functions, while compounds such as ergothioneine and glutathione may contribute to antioxidant activity. The relationship between mushrooms and vitamin D is also particularly noteworthy. Mushrooms naturally contain ergosterol, which can be converted into vitamin D₂ (ergocalciferol) when exposed to ultraviolet-B (UV-B) radiation. Therefore, appropriately UV-B-exposed mushrooms can serve as a dietary source of vitamin D₂. However, mushrooms should not be considered medicines for curing diseases. Since research on their potential health benefits is still developing, mushrooms are best consumed as part of a balanced and diverse diet.
Beyond nutrition, mushrooms have significant potential to contribute to sustainable food production.
Lignocellulosic materials such as rice straw, sawdust, maize residues, and certain agricultural and agro-industrial plant residues can be appropriately processed and used as substrates for cultivating certain mushroom species. This allows materials that might otherwise be discarded to be converted into useful inputs for food production, thereby reducing waste and improving resource-use efficiency. Mushroom cultivation can therefore serve as an example of the circular bioeconomy. Sri Lanka also has considerable potential for mushroom cultivation and mushroom-based enterprises, with varieties such as American oyster, abalone, and pink oyster being cultivated, while button and shiitake mushrooms are also gaining consumer attention. Their relatively low space requirements and ability to utilize agricultural residues make mushroom cultivation a potential supplementary income source for farmers.Because mushrooms have a relatively short postharvest shelf life, value addition is particularly important.
Mushrooms can be processed into dried mushrooms, mushroom powder, canned mushrooms, soup mixes, mushroom sausages, burger patties, and other ready-to-eat products. Such value-added products can extend shelf life, reduce postharvest losses, and provide consumers with convenient and innovative food choices. Mushroom powder can also be incorporated into different food products to enhance flavour and nutritional value. In addition, opportunities can be created for small- and medium-scale enterprises in areas such as spawn production, cultivation equipment, packaging, processing, and marketing. These activities can strengthen the mushroom value chain while creating opportunities for product diversification and new markets.
However, several challenges need to be addressed to further develop the mushroom industry. These include obtaining high-quality spawn, maintaining proper hygiene and sanitation, controlling contamination, managing temperature and relative humidity, and applying suitable postharvest handling and preservation technologies. Proper grading, packaging, cold-chain facilities, market linkages, consumer awareness, food safety, and regulatory compliance are also important for maintaining product quality and expanding the market. The development of innovative value-added mushroom products can create additional economic opportunities while reducing postharvest losses. Therefore, mushrooms represent much more than a nutritious food, they can support the utilization of agricultural residues, sustainable food production, value addition, and entrepreneurship.
References
1. Bell, V., Silva, C. R. P. G., Guina, J., & Fernandes, T. H. T. (2022). Mushrooms as future generation healthy foods. Frontiers in Nutrition, 9, 1050099.
2. El-Ramady, H., Abdalla, N., Badgar, K., Llanaj, X., Törős, G., Hajdu, P., Eid, Y. Z., & Prokisch, J. (2022). Edible mushrooms for sustainable and healthy human food: Nutritional and medicinal attributes. Sustainability, 14(9), 4941.
3. Grimm, D., & Wösten, H. A. B. (2018). Mushroom cultivation in the circular economy. Applied Microbiology and Biotechnology, 102, 7795–7803.
Written by : Dilmi Weerakoon, Dulansa De Silva
Designed by: Chamodi Gamage