09/03/2026
ජාත්‍යන්තර කාන්තා දිනය සෑම වසරකම මාර්තු මස 8 වන දින ලෝකය පුරා සමරනු ලබන වැදගත් දිනයකි. මෙය කාන්තාවන්ගේ අයිතිවාසිකම්,සමානත්වය සහ සමාජයට ඔවුන් කළ දායකත්වය සිහිපත් කිරිම සදහා පවත්වන දිනයක් වේ.
කාන්තා දිනයේ ඉතිහාසය 20 වන සියවස ආරම්භය තෙක් දිවයයි.1908 වර්ෂයේ ඇමරිකාවේ
නිව්යෝක් නගරයේ කම්කරු කාන්තාවන් 15000ක් පමණ වැඩකරන කාලය,වැටුප් වැඩ්කිරිම ඡන්ද අයිතිය ලබා ගැනිම සදහා විරෝධතා පවත්වන ලදි.මෙම ව්‍යාපාරය පසුබැසිමක් නොව කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ලෝක අවධානය යොමු කරවන වැදගත් සිදුවිමක් විය.
1909 පෙබරවාරි 28 ලෝකයේ ප්‍රථම කාන්තා දිනය සැමරුවේ ඇමරිකා එක්සත් ජනපදයේදීය.මෙය සංවිධානය කළේ ඇමරිකාවේ සමාජවාදි පක්ෂය විසිනි.එය සංවිධානය කළේ 1908දී නිව්යෝක් නුවර පැවති වැඩ වර්ජනයට ගෞරවයක් වශයෙනි 1913 දක්වා ම ඇමරිකාවේ කාන්තාවන් පෙබරවාරි මාසයේ අවසන් ඉරිදා ජාතික කාන්තා දිනය ලෙස සැමරුවේය.
1910 දි ඩෙන්මාර්කයේ COPENHAGEN නගරයේ පැවති ජත්‍යන්තර සමාජවාදි කාන්තා සමුළුවකදි ජර්මානු සමාජවාදි නායිකාවක් වු CLARA ZETKIN විසින් කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජත්‍යන්තර දිනයක් ස්ථපිත කළයුතු බවට යෝජනා කළාය. එම යෝජනාවට රටවල් බොහොමයක් එකග වු අතර 1911 වර්ෂයේ දි ඔස්ට්‍ර්යාව, ඩෙන්මාර්කය ,ජර්මනය හා ස්විට්සර්ලන්තය යන රටවල කාන්තා දිනය සමරනලදි.
1917 වර්ෂයේ RUSSIA වේ කාන්තාවන් "පාන් සහ සාමය" ඉල්ලා විරෝධතා පවත්වන ලදි.එම ව්‍යාපාරය රුසියාවේ විශාල වෙනසක් ඇති කළ අතර පසුව මාර්තු 08 දිනය ජත්‍යන්තර කාන්තා දිනය ලෙස ස්ථිරවිය.
1975දි UNITED NATIONS විසින් කාන්තා දිනය නිල වශයෙන් පිළිගත් අතර 1977 UN මහාමණ්ඩලය විසින් වාර්ෂිකව සැමරිය යුතු නිලදිනක් බවට පිළිගන්නා ලදි.එතැන් සිට ලෝකය පුරා රටවල් මෙම දිනය උත්සවශ්‍රීයෙන් සමරති.
ඒ අනුව ජත්‍යන්තර කාන්තා දිනය කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරිම ස්ත්‍රී පුරුෂ සමානත්වය ප්‍රවර්ධනය කිරිම සහ සමාජයේ කාන්තාවන්ගේ දායකත්වය අගය කිරිම සදහා වැදගත් දිනයක් ලෙස සැලකේ.
මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව වන්නේ ACTION FOR ALl WOMEN AND GIRLS යන්නයි. ශ්‍රි ලංකාවේ කාන්තා දින ජාතික තේමාව වන්නේ "පොහොසත් රටක ඇයවේ දැයක පෙරමග" , යන්නයි.
අද වනවිට ලෝකයේ දේශපාලන,ආර්ථික හා සමාජ ක්ෂේත්‍රයන්හි කාන්තාවන් සාර්ථක ලෙස දායක වන අතර ඒ සාර්ථකත්වය අගය කිරිම සදහා ජත්‍යන්තර කාන්තා දිනය විශාල වැදගත්කමක් ඇති බවත් පැහැදිලි වේ.
🔴ප්‍රදීප් වීරසිංහ
( පොලිටිකල් එන්නත)