Pelwatta Navodya Secondary School

Pelwatta Navodya Secondary School පැල්වත්ත නවෝද්‍යා ද්විතීයික පාසලේ නිළ ෆේස්බුක් පිටුවට ඔබ සැම සාදරයෙන් පිළිගණිමු....

උත්සව අවස්ථාව
03/11/2016

උත්සව අවස්ථාව

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ගරු චාමර සම්පත් මැති තුමාගේ සුරතින් නව තෙමහල් ගොඩනැගිල්ල ට මුල් ගල තැබීමත්, මහින්දෝදය තාක්ෂණික ...
03/11/2016

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ගරු චාමර සම්පත් මැති තුමාගේ සුරතින් නව තෙමහල් ගොඩනැගිල්ල ට මුල් ගල තැබීමත්, මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පත් කිරීමත් සිදු උනා. එම උත්සවයට ගුරු, සිසු, දෙමාපියන් සූදානම් වූ ආකාරය

අවවාදයට වඩා ආදර්ශය උතුම් වේ...ඔහෝ විට ඔබ ඔහු දකින්නේ උදෑසන පටන් පාසල හමාර වන තුරු අපගේ දුර්වල තැන් සොයමින් එය පමණක් දකිම...
29/06/2016

අවවාදයට වඩා ආදර්ශය උතුම් වේ...
ඔහෝ විට ඔබ ඔහු දකින්නේ උදෑසන පටන් පාසල හමාර වන තුරු අපගේ දුර්වල තැන් සොයමින් එය පමණක් දකිමින් ඒ පසුපස හඹායන්නෙකු ලෙසසි... නමුත් තම පුද්ගලික ජීවිතය පවා විදුහල වෙනුවෙන් ඔහු කරන කැප කිරීම දකින්නේ ඉතා සුළු පිරිසකි. මේ තවත් එවැනි දුර්ලභ අවස්ථාවකි. හදිසියේ කැමරා කාචයේ සටහන් වූවාට මෙසේ සටහන් නොවූ අවස්ථා අපමණයි...

අද දින සවස් වරුවේ උසස් පෙළ සිසුන්ගේ කණ්ඩායම් ව්‍යාපෘතියේ වැඩ කටයුතු සිදුඋනා... බොහෝ සිසුන් නිවෙස් කරා පිටව ගොස් තිබූ නමුත් තවත් පිරිසක් විසින් කොන්ක්‍රීට් දැමීම ආරම්භ කර තිබුනා. ඒ අවස්ථාවේදී...
නිවැරදිව උපකරණ පරිහරණය කරන ආකාරයත්, නිවැරදිව කොන්ක්‍රීට් මිශ්‍ර කරගන්නා ආකාරයත් සිසුන්ට ඉගැන්වූ ඒ සොඳුරුතම අවස්ථාව... (ඔහුගේ සහයට සංඛ ඉදිරිවික්‍රම මහතා ඉදිරියෙන්)

27/06/2016

අපගේ facebook පිටුව සමඟින් සම්බන්ධ වූවන්ගේ සංඛ්‍යාව මේ වනවිට 2000 ඉක්මවා ඇත.
අපගේ ශක්තිය ඔබයි... තව තවත් ඔබගේ මිතුරන් දැණුවත් කරන්න.

උසස්පෙළ 2018 විද්‍යා අංශයේ මූලිකත්වයෙන් විද්‍යාලයේ දරු දැරියන් එක්ව මෙවරත් පවත්වන ලද කිරි කෝපි දන්සැල, පෙසොන් පුර පසලොස්...
20/06/2016

උසස්පෙළ 2018 විද්‍යා අංශයේ මූලිකත්වයෙන් විද්‍යාලයේ දරු දැරියන් එක්ව මෙවරත් පවත්වන ලද කිරි කෝපි දන්සැල, පෙසොන් පුර පසලොස්වක පොහෝ දින සවස 4.00 ට පමණ ආරම්භ උනා. මෙවරද එය ඉතා සාර්ථක ලෙස නිම කිරීමට පැල්වත්ත කිරි අායතනය විසින් ලබා දුන් ද්‍රව්‍යමය ආධාරයත්, දෙමාපියන්, විදුහල්පති තුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය විසින් ලබා දුන් නොමද සහයත් විශාල ලෙස උපකාර උනා....

Please share this post on your time line

සම්බුදු තෙමගුල උදෙසා පිළිවෙතින් පෙළගැසුනු නවෝද්‍යාව....අද දිනයේදී පාසල තුළ පිරිසිදු කිරීමේ කටයුතු කිරීම, සැරසිලි කිරීම, ...
18/05/2016

සම්බුදු තෙමගුල උදෙසා පිළිවෙතින් පෙළගැසුනු නවෝද්‍යාව....
අද දිනයේදී පාසල තුළ පිරිසිදු කිරීමේ කටයුතු කිරීම, සැරසිලි කිරීම, පාසල ඉදිරිපිට සිට පැල්වත්ත හංදිය දක්වා මාර්ගය දෙපස පිරිසිදු කිරීම, පැල්වත්ත පංසල පිරිසිදු කිරීම ආදී ශ්‍රමදාන සිදු උනා....
හෙට දිනයේදී සුමධුර දහම් දෙසුම පැල්වත්ත පංසල හා විද්‍යාලයීය ප්‍රධාන ශාලාව යන ස්ථාන දෙක හිදී පැවැත්වීමට නියමිතය...
Please share this post on your time line

පැල්වත්ත නවෝද්‍යාෙව් 2016 වසරේ නික්ම යන ශිෂ්‍ය නායක නායිකාවන්ට සහතික පත් පිරිනැමීමත් ඔවුන්ගේ නිළ කබා නැවත භාරගැනීමත් අද ...
12/05/2016

පැල්වත්ත නවෝද්‍යාෙව් 2016 වසරේ නික්ම යන ශිෂ්‍ය නායක නායිකාවන්ට සහතික පත් පිරිනැමීමත් ඔවුන්ගේ නිළ කබා නැවත භාරගැනීමත් අද උදෑසන උත්කර්ෂවත් අයුරින් සිදු උනා...

ගරු විදුහල්පති තුමාගේ මග පෙන්වීම අනුව, ඌව ප්‍රජා ගුවන් විදුලිය සමග එක්ව පැල්වත්ත නවෝද්‍යා වේ “නැණ මිහිර“ ජන මාධ්‍ය ඒකකය ...
04/05/2016

ගරු විදුහල්පති තුමාගේ මග පෙන්වීම අනුව, ඌව ප්‍රජා ගුවන් විදුලිය සමග එක්ව පැල්වත්ත නවෝද්‍යා වේ “නැණ මිහිර“ ජන මාධ්‍ය ඒකකය නැවත සක්‍රීය කිරීමේ මූලික පියවර අද තැබුවා...
ඒ අනුව ජනමාධ්‍ය ඒකකයට සම්බන්ධ සිසු දරු දැරියන් සිය දෙනෙකු (100) අතරින් හැට දෙනෙක් (60) තෝරා ඔවුන්ව ඌව ප්‍රජා ගුවන් විදුලි පරිශ්‍රයට කැඳවා ගොස් අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා දුන්නා...
ඌව ගුවන්විදුලියේ කළමනාකාර තුමාත්, අජිත් සහ රුවන් යන මහත්වරුන් දෙපල ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ සියළු දෙනා අප හට ලබාදුන් සහය ඉතාමත් ස්තූති පූර්වකව සිහිපත් කරමු...
ඒම අවස්ථාවේදී දුරකතනය ඔස්සේ නවෝද්‍යාෙව් විදුහල්පති තුමා ද සම්බන්ධ කරගනිමින් සජීවී සාකච්ඡාවක් විසුරුවා හැරීමටද අවස්ථාව උදාවිය...

2018 වර්ෂයට උසස් පෙළ නවක සිසුන් ඇතුලත් කිරීම අද දින අති උත්කර්ෂවත් අයුරින් සිදු උනා.....
02/05/2016

2018 වර්ෂයට උසස් පෙළ නවක සිසුන් ඇතුලත් කිරීම අද දින අති උත්කර්ෂවත් අයුරින් සිදු උනා.....

05/02/2016

අද දින සවස 6.00 පමණ නවෝද්‍යාෙව් 2016 වර්ෂයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය අති උත්කර්ෂවත් ලෙස නිමාවිය... ඡායාරූප හා වීඩියෝ දර්ශන ලඟදීම බලාපොරොත්තු වන්න...

03/02/2016
15/12/2015

2015 දෙසැම්බර් 18,19,20,21 යන දිනයන් වල, පාසලේ 6,7,8,9 ශේණි වල සියළුම දරු දැරියන්ට සම්මන්ත්‍රණ මාළාවක් පැවැත්වේ...
මෙහිදී විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි, සිංහල යන විෂයන් සඳහා විශේෂ ඉගැන්වීම් හා ක්‍රියාකාරකමි සූදානම් කර ඇත. මේ සඳහා 2015 වර්ෂයේ 6,7,8,9 ශේණි වල අධ්‍යාපනය ලැබූ සියළුම සිසු සිසුවියන් පාසැල් නිළ ඇඳුමින් සැරසී පැමිණීම අනිවාර්‍ය වේ.

Address

Uva-Pelwatta
Pelwatta

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

0552271524

Website

Alerts

Be the first to know and let us send you an email when Pelwatta Navodya Secondary School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Pelwatta Navodya Secondary School:

Shortcuts

Share

Category