R/Dharmaloka Maha Vidyalaya

R/Dharmaloka Maha Vidyalaya This is the Official Page of R/Dharmaloka Maha Vidyalaya
(1)

ධම්ලෝ සුබ පැතුම් සියලුම පහේ හපනුන්ටR/Dharmaloka Maha Vidyalaya
09/08/2026

ධම්ලෝ සුබ පැතුම් සියලුම පහේ හපනුන්ට
R/Dharmaloka Maha Vidyalaya

පෙරමුණ පරපුර නමින් දම්ලෝ අනාගත නියමුවන් පෙළ ගැස්ම සඳහා විශේෂ ශිෂ්‍ය නායක නායිකා කඳවුරක් අප විද්‍යාලයේ පසුගිය දිනක පවත්වන...
28/07/2026

පෙරමුණ පරපුර නමින් දම්ලෝ අනාගත නියමුවන් පෙළ ගැස්ම සඳහා විශේෂ ශිෂ්‍ය නායක නායිකා කඳවුරක් අප විද්‍යාලයේ පසුගිය දිනක පවත්වන්නට යෙදුණා.. ඒ සඳහා මහත් උද්‍යෝගකාරී ලෙස අප විද්‍යාලයේ අනාගත නියමුවරයන් හා වරියන් සම්බන්ධ වී සිටිණු කැපීන්පෙනුණා.. මෙම වැඩසටහන සම්බන්ධීකරණය කළ සුසන්ත සූරියආරච්චි ගුරුතුමනි.. ඔබට අපේ ප්‍රණාමය .

24/07/2026

සංචාරක එංගලන්තයේ බකිංහැම්ෂයර් හි පිහිටි 'ඩොක්ටර් චැලොනර්ස්' උසස් පාසලේ (Dr. Challoner's High School) වයස අවුරුදු 16න් පහළ කණ්ඩායම සහ පැල්මඩුල්ල ධර්මාලෝක මහා විද්‍යාලය අතර ත්‍රිකට් තරගයක් දොඹගොඩ හමුදා ක්‍රිඩාංගනයේදී අද පැවැත්වේ.
කණ්ඩායම් දෙකටම අපගේ උණුසුම් සුබ පැතුම්.෴

පසුගියදා කහවත්ත නගරයේ වීදි පුරා  ගිගුම් දුන් සාධුකාරයන් මැද 85 වැනි මිහිදු මහා පෙරහැරට ප්‍රථම වරට අප විද්‍යාලයේ නර්තන අං...
10/07/2026

පසුගියදා කහවත්ත නගරයේ වීදි පුරා ගිගුම් දුන් සාධුකාරයන් මැද 85 වැනි මිහිදු මහා පෙරහැරට ප්‍රථම වරට අප විද්‍යාලයේ නර්තන අංශයට ලද ආරාධනාව මත සහභාගි වු නර්තන අංගයයි මේ.

කහවත්ත පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන්ද්‍රයන් වහන්සේටද අප පාසලේ නර්තන අංශයට හා නර්තනාචාර්ය දිමුතු දංගොල්ල බණ්ඩාර ගුරුතුමන්ටත්, මෙම අවස්ථාව ලබාදීම පිළිබඳව ස්තුති පුර්වක වන අතර එමෙන්ම පාසලේ වත්මන් විදුහල්පති තැම්පත් උපුල් ගාමිණි සෙනවිරත්ත මැතිතුමන්ටත් විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිතුමන්ලා හා තුමියන්ටද පාසලේ අධ්‍යනය අනධ්‍යයන කාර්යමණ්ඩලයෙහි ශුභ පැතුම් එක්කරමු.

☸️ පින්බර පොසොන් පෝය දිනයක් වේවා! 🙏පොසොන් පෝය යනු ශ්‍රී ලංකාවේ බුදු සසුනේ ආරම්භය සනිටුහන් කළ අතිශය වැදගත් දිනයකි. අනුබුද...
28/06/2026

☸️ පින්බර පොසොන් පෝය දිනයක් වේවා! 🙏

පොසොන් පෝය යනු ශ්‍රී ලංකාවේ බුදු සසුනේ ආරම්භය සනිටුහන් කළ අතිශය වැදගත් දිනයකි. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ මිහින්තලයේදී දෙවනපෑතිස් රජතුමාට ධර්මය දේශනා කිරීමත් සමඟ බුදු දහම ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වූ මෙම උතුම් දිනය අපට කරුණාව, මෛත්‍රිය, සදාචාරය සහ ප්‍රඥාවෙන් ජීවත් වීමේ වටිනාකම සිහිපත් කරයි.

මෙම පින්බර පොසොන් පෝය දිනයේ සියලු ලෝකවාසීන්ට සාමය, සතුට, නිරෝගී බව සහ තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා! 🙏💛

☸️ Happy Poson Full Moon Poya Day! 🙏

Poson Poya marks one of the most significant days in Sri Lankan Buddhist history, commemorating the arrival of Arahant Mahinda Thera and the introduction of Buddhism to Sri Lanka at Mihintale. This sacred day reminds us to cultivate compassion, loving-kindness, wisdom, and moral values in our daily lives.

May this blessed Poson Poya bring peace, happiness, good health, and the blessings of the Triple Gem to you and your loved ones.



#පොසොන්_පෝය #පින්බර_පොසොන් #බුදුසරණයි #මිහින්තලේ #ධර්මය #ශ්‍රීලංකාව

අප විද්‍යාලයේ ගෘහ විද්‍යා ඒකකය හා තාක්ෂණවේදය හදාරන සිසුන් පිරිස පසුගියදා Grand Silveray හා Silveray Hotel පරිශ්‍රය වෙත ව...
25/06/2026

අප විද්‍යාලයේ ගෘහ විද්‍යා ඒකකය හා තාක්ෂණවේදය හදාරන සිසුන් පිරිස පසුගියදා Grand Silveray හා Silveray Hotel පරිශ්‍රය වෙත විශේෂ ක්ෂේත්‍ර චාරිකාවක නිරත වුණා.

මෙහිදී හෝටල් කර්මාන්තයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ අධ්‍යාපනික මෙන්ම ප්‍රායෝගික දැනුම රැසක් ලබා ගැනීමට සිසුන්ට අවස්ථාව හිමි වූ අතර, එය ඔවුන්ගේ අනාගත අධ්‍යයන හා වෘත්තීය ජීවිතයට මහඟු අත්දැකීමක් විය.

මෙම අගනා අවස්ථාව උදාකර දුන් සිල්වරේ හෝටල් සමූහයේ ප්‍රධාන කළමනාකරු අනුරාධ ගමගේ මැතිතුමන්ට, සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවේද පිළිබඳ කරුණු පැහැදිලි කළ Hygiene Manager දිනුක ලක්ෂාන් මැතිතුමන්ට සහ සිසුන් වෙනුවෙන් අගනා දේශනයක් පැවැත්වූ HR Manager ධනුෂ්ක කන්නන්ගර මැතිතුමන්ට අපගේ හෘදයාංගම ස්තූතිය හා ගෞරවය පුද කර සිටිමු. 🙏

මෙවැනි වටිනා අත්දැකීම් තුළින් සිසු දරුවන්ගේ දැනුම, කුසලතා හා වෘත්තීය අවබෝධය තවදුරටත් වර්ධනය වේවායි ප්‍රාර්ථනා කරමු.

Students of our school’s Home Science Unit and Technology Stream recently participated in a special field visit to Grand Silveray and Silveray Hotel.

During the visit, the students were given the opportunity to gain valuable educational and practical knowledge about the operations of the hospitality industry. This experience provided them with meaningful exposure that will undoubtedly benefit their future academic and professional journeys.

We extend our sincere gratitude and appreciation to Mr. Anuradha Gamage, General Manager of the Silveray Hotel Group, for making this valuable opportunity possible. We also thank Mr. Dinuka Lakshan, Hygiene Manager, for sharing important insights on hygiene and safety standards, and Mr. Dhanushka Kodithuwakku, HR Manager, for delivering an inspiring and informative session to the students. 🙏

We believe that experiences such as these play a vital role in enhancing students’ knowledge, skills, and understanding of the professional world.

📍 Damlo Media

📚✨🏨👨‍🎓👩‍🎓

2026  ර/ ධර් මාලෝක මහා  විද්‍යාලයේ  අ.පො.ස. උසස් පෙළ සදහා ඇතුළත් වීමේ අයදුම් පත්‍රය2026/07/02   පෙර අයදුම් කරන්න.https:/...
22/06/2026

2026
ර/ ධර් මාලෝක මහා විද්‍යාලයේ අ.පො.ස. උසස් පෙළ සදහා ඇතුළත් වීමේ අයදුම් පත්‍රය
2026/07/02 පෙර අයදුම් කරන්න.

https://forms.gle/grJs53vUjQCq5ggdA

සිප් දොරින් ඉසිඹුලන්නට අවසරයි 💗💐ධර්මාලෝක විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරුවන් වෙනුවෙන් වසර ගණනාවක පටන් ඉමහත් සේවයක් කළ අපගේ...
09/06/2026

සිප් දොරින් ඉසිඹුලන්නට අවසරයි 💗💐

ධර්මාලෝක විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරුවන් වෙනුවෙන් වසර ගණනාවක පටන් ඉමහත් සේවයක් කළ අපගේ ආදරණීය භද්‍රා පඹදෙනිය ගුරු මෑණියනි ...ඔබට සුවබර, සතුටින් පිරි, නිරෝගී විශ්‍රාම දිවියක් වේවා..!. 💜

වසර ගණනාවක් පුරා දරුවන්ගේ ජීවිත ආලෝකමත් කරමින්, දැනුම හා මඟපෙන්වීම ලබාදුන් ඔබගේ කැපවීම සැමදා අපගේ හදවත් තුළ සටහන් වී පවතී.

ඔබගේ නව ජීවන පරිච්ඡේදය සතුට, ආදරය, සැනසීම හා සුන්දර මතකයන්ගෙන් පිරී යාමට අපගේ හදපිරි සුබපැතුම්! 🌟

විදුහල්පතිතුමා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය ❤️














🌸💜

ශ්‍රී පාද වන්දනා වාරය නිම කරමින් පසුගියදා පැවති සුමන සමන් දේව ප්‍රතිමාව හා දේවාභරණ රැගත් රථපෙල ඓතිහාසික පැල්මඩුලු පුරාණ ...
04/06/2026

ශ්‍රී පාද වන්දනා වාරය නිම කරමින් පසුගියදා පැවති සුමන සමන් දේව ප්‍රතිමාව හා දේවාභරණ රැගත් රථපෙල ඓතිහාසික පැල්මඩුලු පුරාණ දාගැබ් රජමහා විහාරයේ සිට උඩරට හා සබරගමු නර්තනාංග වලින් සමන්විතව ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරය දක්වා වැඩම කරවීමේ මහඟු උතුම් සත් ක්‍රියාවට දායක වීමට ර/ධර්මාලෝක මහා විද්‍යාලයේ නර්තන අංශයට අවස්ථාව මෙවරත් ලැබු අතර
මේ අවස්ථාව අපහට මෙවරත් බැති සිතින් ලබාදුන්
උතුම් ගෞතම ශ්‍රී පාදස්ථානාධිපති සද්ධම්ම ජෝතික ශාස්ත්‍රශුරී, මහෝපාධ්‍යාය ත්‍රිපිටකාචාර්ය ධර්මකීර්ති, ශ්‍රී සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමිපානන් හටද
විද්‍යාලයේ වත්මන් විදුහල්පති තුමන් වන උපුල් සෙනවිරත්න විදුහල්පතිතුමන්ටත්, පාසලේ අධ්‍යන අනධ්‍යයන සියලුම ගුරුවරුන්ටත්, එදින නර්තනයෙන් මා වාදනයෙන් දායක වු සියලුම දු දරුවන්ටත්, එම නර්තන අංගය යොමුකල පාසලේ නර්තනාචාර්‍ය දිමුතු දංගොල්ල බණ්ඩාර ගුරුපියාණන්ටත්, පාසලේ ගෞරවනීය ස්තුතිය 🙏

.


03/06/2026

🌸 සුවබර විශ්‍රාම දිවියක්...Happy Retirement! 🌸

ධර්මාලෝක විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරුවන් වෙනුවෙන් වසර ගණනාවක පටන් ඉමහත් සේවයක් කළ අපගේ ආදරණීය භද්‍රා පඹදෙනිය ගුරු මෑණියනි ...ඔබට සුවබර, සතුටින් පිරි, නිරෝගී විශ්‍රාම දිවියක් වේවා..!. 💜

වසර ගණනාවක් පුරා දරුවන්ගේ ජීවිත ආලෝකමත් කරමින්, දැනුම හා මඟපෙන්වීම ලබාදුන් ඔබගේ කැපවීම සැමදා අපගේ හදවත් තුළ සටහන් වී පවතී.

ඔබගේ නව ජීවන පරිච්ඡේදය සතුට, ආදරය, සැනසීම හා සුන්දර මතකයන්ගෙන් පිරී යාමට අපගේ හදපිරි සුබපැතුම්! 🌟

විදුහල්පතිතුමා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය ❤️














🌸💜

Address

Rakwana Road
Pelmadulla
70070

Opening Hours

Monday 07:00 - 14:00
Tuesday 07:00 - 14:00
Wednesday 07:00 - 14:00
Thursday 07:00 - 14:00
Friday 07:00 - 14:00

Telephone

94452274694

Alerts

Be the first to know and let us send you an email when R/Dharmaloka Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to R/Dharmaloka Maha Vidyalaya:

Shortcuts

Share

Category