ICT WITH Ishan Wickramasinghe

ICT WITH Ishan Wickramasinghe ICT සිස්ටම් එක ඔබම හදාගන්න | "Skill හදන Industrial බූස්ටර් මාත්‍රාව "

"කන්න ආස කෑම ජාති ළඟින් යද්දි පර්ස් එකේ තියෙන ගාන මතක් වෙලා ඒ දිහා බල බල කෙල ගිල ගිල යන කාලයක් තියෙන්න ඇති...තාම තියෙනවා...
24/04/2026

"කන්න ආස කෑම ජාති ළඟින් යද්දි පර්ස් එකේ තියෙන ගාන මතක් වෙලා ඒ දිහා බල බල කෙල ගිල ගිල යන කාලයක් තියෙන්න ඇති...
තාම තියෙනවා ඇති……

Three wheel එකක යන්න තරම් කකුල් රිදෙද්දි මහ වැස්සෙදිත් රෑ තිස්සෙදිත් එහෙම නොයා ඒ 100,200 හෙට බස් එකේ යන්න ඉතුරු කරපු කාලයක් තියෙන්න ඇති...
තාම තියෙනවත් ඇති……

සතෙන් සතේ පොතේ ඉතුරු වෙද්දි ඒ සතේට කෝටි ගානක හීන ඔයා දකින්න ඇති…
තාමත් දකිනවා ඇති…..

Wedding එකක් ආවම අලුත් ඇඳුමක් ඇඳලා ලස්සනට යන්න හිත බල කරද්දි යාළුවෙක්ගෙන් ඉල්ලන් ඇඳන් ගිය වෙලාවල් හරි ,කලින් ඇඳපු පරණ එකක් ඔහේ ඇඳන් ගියපු වෙලාවල් හරි අනන්තවත් ඔයාට තියෙන්නැති...
තාමත් තියෙනවා ඇති…..

ලස්සනම සපත්තු, branded ඇඳුම් දකිද්දි ඔයා ඒ දිහාවත් නොබලා අම්මට බෙහෙත්,ගෙදරට බඩු,නංගිලට පොත් අරන් ගිය කෙනෙක් වෙන්න ඇති….
තාමත් කරනවා ඇති……

ජීවිතේ ඔයාගෙ හීන පපුව ඇතුලෙම අගුළු දාලා ඔයා අනිත් අය වෙනුවෙන් හීන දකින කෙනෙක් වෙන්නැති…..

සමහරු 20,21 න් luxury life ගෙවද්දි අවුරැදු 25 ත් පැනලා තාම ඔයාට ඔයාගෙ හීන වලට යන්න බැරිවෙන්න ඇති….

ඉතින් ජීවිතේ ගොඩයන්න නම් රු.100 ගානේ හරි එකතු කරලා ජීවිතේ දිනන්න
හීන දකින එක අත අරින්න එපා…
ජීවිතේ ප්‍රාතිහාර්යයන් වෙන්න මහ ලොකු කාලයක් යන්නේ නෑ……..

ඉවසීමෙන් ඉගෙන ගන්න… ආදායම් උපයන්න…
අධ්‍යාපනය හැම දේකටම වඩා වැදගත්…

සැ.යු : උපුටාගැනීම් කරුණු ඇතුළත් ය. අයිතිය මුල් කර්තෘන් සතුය.

17/04/2026
සිහිනබලාපොරොත්තු ආදරයජීවිතය නැවුම් කරවන සුභ අලුත් අවුරුද්දක් වේවා ❗️
14/04/2026

සිහින
බලාපොරොත්තු
ආදරය
ජීවිතය නැවුම් කරවන
සුභ අලුත් අවුරුද්දක් වේවා ❗️

මොකක්ද මේ Z score එක කියන්නේ ? කොහොමද Z score එක ගණනය කරන්නේ,   උසස්පෙළ හදාරන බොහෝ ශිෂ්‍යයන්ට තිබෙන ගැටළුවක් තමයි මොකක්ද...
10/04/2026

මොකක්ද මේ Z score එක කියන්නේ ? කොහොමද Z score එක ගණනය කරන්නේ,

උසස්පෙළ හදාරන බොහෝ ශිෂ්‍යයන්ට තිබෙන ගැටළුවක් තමයි මොකක්ද මේ z scores එක කියන්නේ සහ එය ගණනය කරන්නේ කොහොමද යන ගැටලුව.
Z Score කියන්නෙ සාමාන්‍ය ළකුණු මට්ටමක් මගින් පමණක් ශිෂ්‍යයකුගේ දැනුම මනින්නෙ නැතුව, එක් එක් විශයන්ට දක්වන නිපුනතාවය අනුව ශිෂ්‍යයාගේ පිළිතුරු පත්‍රයට "සංඛ්‍යාත්මක" වටිනාකමක් දෙන ඉතා නවීන ගණිතමය ක්‍රමවේදයක්.

Z score ගණනය කිරීමේදී මුලින්ම සිදු කරනු ලබන්නේ අදාල වර්ෂයේ දී ඒ ඒ විෂයයන් සඳහා ශිෂ්‍යයන් ලබාගත් ලකුණු වල මධ්‍යන්න වටිනාකම් ගණනය කිරීමයි.

මධ්‍යන්න වටිනාකම් ගණනය කරනු ලබන්නේ අදාල වර්ෂයේ දී ඒ ඒ විෂයයන් සඳහා ශිෂ්‍යයන් ලබාගත් ලකුණු සංඛ්‍යාවේ එකතුව එම වර්ෂයේදී අදාළ විෂයන් සඳහා පෙනී සිටි මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් බෙදීම මගිනි.

*මධ්‍යනය ගණනය කිරීමේ සූත්‍රය : 01 රූපය බලන්න.

*උදාහරණයක් මගින් Z score ගණනය කරන ආකාරය සලකා බලමු.

M,A,D,U,S,H කියන අපේක්ෂකයන් 6 දෙනා භූගෝල විද්‍යාව විෂය ට පෙනී සිට භූගෝල විද්‍යා විෂයට මෙවැනි ලකුණු ප්‍රමාණයක් ගන්නවා යැයි උපකල්පනය කරමු.

M–75, A–85, D-54, U–46, S–20, H–20

*1 පියවර

ඒ අනුව මුලින්ම ,M,A,D,U,S,H යන ශිෂ්‍යයන් ලබාගත් ලකුණු සංඛ්‍යාවේ එකතුව ශිෂ්‍ය සංඛ්‍යාවෙන් බෙදා මධ්‍යන්නය ගණනය කරමු.
75+85+54+46+20+20 /6 (300/6 = 50)
ඒ අනුව භූගෝල විද්‍යා විෂයේ මධ්‍යනය අගය 50 වෙයි.

මෙම මධ්‍ය අගය අව්රුද්දෙන් අව්රුද්දට වෙනස් වන, ඒ වගේම අදාළ විෂයට වැඩිවෙන අපේක්ෂයකයන් ගණන, සහ ඔවුන් ලබා ඇති ලකුණු මත රඳාපවතින දෙයක්.

*2 පියවර

මධ්‍යන්නය ට අනුව භූගෝල විද්‍යා විෂයට ශිෂ්‍යයන් ලබාගත් ලකුණුවල විචලනය සෙවීම දෙවැනි පියවරයි. විචලනය යනු මධ්‍යන්නයේ සිට ඒ ඒ ශිෂ්‍යයන් ලබාගත් ලකුණු අතර පවතින වෙනසෙහි වර්ගය ශිෂ්‍ය සංඛ්‍යාවෙන් බෙදූ විට ලැබෙන අගයයි.

*විචලනය ගණනය කරනු ලබන සූත්‍රය : 02 රූපය බලන්න.

සිට ඇති වෙනස ගණනය කළ යුතුයි. එමෙන්ම එම වෙනසෙ වර්ගයෙහි එකතුව ශිෂ්‍ය සංඛ්‍යාව වන 6න් බෙදිය යුතුය.

උදාහරණයට අනුව මධ්‍යනය සහ ශිෂ්‍යන් ලබාගත් ලකුණු අතර වෙනස

(M) 75 – 50 = 25
(A) 85 – 50 = 35
(D) 54 – 50 = 04
(U) 46 – 50 = –04
(S) 20 – 50 = – 30
(H) 20 – 50 = –30

උදාහරණයට අනුව මධ්‍යනය සහ ශිෂ්‍යයන් ලබාගත් ලකුණු වල වෙනසෙහි වර්ගය ගණනය කිරීම.
((25)2+(35)2+(04)2+(–04)2+(–30)2+(–30)2) /6

ඒ අනුව : 625+1225+16+16+900+900 =3682

3682 / 6 = 613.66667

*3 පියවර

සම්මත අපගමනය ගණනය කිරීම.
සම්මත අපගමනය ගණනයකරණු ලබන්නේ විචලනය මගින් සොයාගත් දත්තයේ වර්ගමූලය සෙවීමෙනී.

සම්මත අපගමනය ගණනය කිරීමේ සූත්‍රය : 03 රූපය බලන්න.

ඒ අනුව යොදාගත් උදාහරණයට අනුව විචලනය 613.66667 වන අතර එහි සම්මත අපගමනය

√613.66667
= 24.7722964216077472642605967318362680672

*4 පියවර

සම්මත අපගමනය ගණනය කිරීමෙන් පසුව ඒ ඒ විෂය සඳහා ලබගත් Z core අගය ගණනය කළ හැකිය. එය ගණනය කරනු ලබන්නේ එය ඒ විශේෂ සඳහා සිසුවා ලබාගත් ලකුණු ප්‍රමාණය සහ මධ්‍යන්නය අතර පවතින වෙනස සම්මත අපගමනය බෙදීමෙන් ය.

අප යොදාගත් උදාහරණයට අනුව භූගෝල විද්‍යාව විෂය සඳහා ඒ ඒ සිසුන් ලබාගත් Z අගය ගණනය කරමු. මෙහිදී මා සම්මත අපගමනය අවසාන දශමස්ථානය දක්වා යොදාගෙන ගණනය කිරීම් සිදුකර ඇති අතර මෙය ගණනය කිරීම සඳහා ඔබට පහසු ආකාරයෙන් වසාන දශමස්ථාන හතරක් පමණ යොදා ගැනීම ප්‍රමාණවත් වේ. නමුත් ඉතාමත් නිවැරදි වන්නේ අවසන් දසමස්ථාන දක්වා බෙදීම් වලදී යොදා ගැනීමයි.

(M) 75 – 50 = 25 / (බෙදීම) 24.772296421607747264260596731836268067284

(A) 85 – 50 = 35 /(බෙදීම) 24.772296421607747264260596731836268067284

(D) 54 – 50 = 04 /(බෙදීම) 24.772296421607747264260596731836268067284

(U) 46 – 50 = –04 /(බෙදීම) 24.772296421607747264260596731836268067284

(S) 20 – 50 = – 30 /(බෙදීම) 24.772296421607747264260596731836268067284

(H) 20 – 50 = –30 /(බෙදීම) 24.772296421607747264260596731836268067284

ඒ අනුව ඒ ඒ සිසුවා භූගෝල විද්‍යාව විෂයට ලබාගත් z අගය

(M) 1.0091918639482142342951669809538567601889

(A) 1.4128686095274999280132337733353994642644

(D) 0.1614706982317142774872267169526170816302

(U) −0.161470698231714277487226716952617081630

(S) −1.211030236737857081154200377144628112226

(H) −1.211030236737857081154200377144628112226

මේ අනුව ආසන්න වශයෙන් ඒ ඒ සිසුවා ගේ Z අගය
M) 1.0091
(A)1.4128
(D) 0.1614
(U) –0.1614
(S) –1.2110
(H) –1.2110

දැන් අපි භූගෝල විද්‍යා විෂයට ඒ ඒ ශිෂ්‍යයන් ලබාගත් z අගය සොයාගනු ලැබුවා. ඒ වගේම අනිකුත් විෂයන් දෙක සඳහා ශිෂ්‍යයන් ලබාගත් z අගයත් මේ ආකාරයෙන්ම ගණනය කර එම එන z අගයන් 3 එකතුකොට විෂන් සංඛ්‍යාව වන 03 බෙදූවිට සම්පූර්ණ විභාගය සඳහා ශිෂ්‍යයා ලබාගත් Z අගය ලබාගත හැකිය.

උදාහරණයක් වශයෙන් A නම් ශිෂ්‍යයා භූගෝල විද්‍යා විෂයට Z අගය 1.4128 ද, සිංහල විෂය සඳහා 1.3554 ද, දේශපාලන විද්‍යාව විෂ සඳහා 1.2235 ද, වශයෙන් ඒ ඒ විෂ සඳහා z අගයන් ලබා ගත්තා යැයි උපකල්පනය කරමු. මෙහිදී අදාළ විෂයන් තුනෙහි සමස්තය z අගය වනුයේ

1.4128+1.3554+1.2235 /3
=1.33056

එමෙන්ම එක විෂයක Z අගය හැම අව්රුද්දකම නියත නොවන අතර, එය ඒ වගේම අව්රුද්දෙන් අව්රුද්දට වෙනස් වන, ඒ වගේම අදාළ විෂයට පෙනී සිටින අපේක්ෂයකයන් ගණන, සහ ඔවුන් ලබා ඇති ලකුණු සහ මධ්‍යන ලකුණු ප්‍රමාණයන් මත රඳාපවතින දෙයක් මිස හැම අව්රුද්දකම නියතයක් නොවේ.

සැකසුම – මධුසංක මාරසිංහ –

උසස් ප්‍රතිඵලයක් උදෙසා මා සමග කැප වූ ඔබට ස්තූතියි.🙏දිවි ගමනේ ඔබේ ඉදිරි ජයග්‍රහණ සදහා සුභ පතමි.ඔබට ජය ‼️🎉️🎉️♥️♥️🏆නම : හසි...
02/04/2026

උසස් ප්‍රතිඵලයක් උදෙසා මා සමග කැප වූ ඔබට ස්තූතියි.🙏
දිවි ගමනේ ඔබේ ඉදිරි ජයග්‍රහණ සදහා සුභ පතමි.
ඔබට ජය ‼️🎉️🎉️♥️♥️

🏆නම : හසිනි සුභාවි මාරපන
🏆පාසල : ර/ෆර්ගසන් උසස් බාලිකා විදුහල
🏆විභාග අංකය : 5493200
🏆කුසලතාවය : රත්නපුර දිස්ත්‍රික් 08

ඔබගේ පාසලේ ගුරුවරුන් , මග පෙන්වූ සියලු දෙනා හට මේ ගෞරවය හිමිවිය යුතුය 💜

2025  උසස් පෙළ 🏆ගුරුවරයෙකුට  ශිෂයයෙකුට  දිය හැකිදේ බොහෝය..☑️උපදෙස්..☑️අනුශාසනා..☑️අභිප්‍රේරණයන්..☑️දැනුම..අවසන.. ☑️ශුභාශ...
01/04/2026

2025 උසස් පෙළ 🏆

ගුරුවරයෙකුට ශිෂයයෙකුට දිය හැකිදේ බොහෝය..

☑️උපදෙස්..
☑️අනුශාසනා..
☑️අභිප්‍රේරණයන්..
☑️දැනුම..

අවසන..
☑️ශුභාශිංෂන🙏🙏

ශිෂයයෙකුට ගුරුවරයෙකු හට දිය හැකිදේ ඊටත් වඩාය..

පෙන්වා දුන් මාවතේ ගොස් ඉන් ඔබ්බට වූ විවර කරගත් මංපෙත් ඔස්සේ ඔහුටම වූ අනන්‍ය සමාජ භූමිකාව සොයාගත් දා එය දකින ගුරුවරයෙකුට තම ආත්ම තෘප්තියට එහා ගිය තවත් දෙයක් නැත..

මාගේ ගුරුවරුන්ද එසේමය..

ටියුෂන් කියන්නෙ කලාවක් ‼️
ඒ කලාව අස්සෙ ලබන්න පුලුවන් ලොකු ආත්ම තෘප්තියක් ‼️
ටියුෂන් කාරකම උණක් ‼️

මීට කාලයකට ඉස්සර සුව කරගත හැකි තත්ත්වයේ පැවතුනද මේ වනවිට නිධන්ගත වන තත්ත්වයට එය උත්සන්නව ඇත.😊

මා උසස් පෙළ ලියන සමයේ ප්‍රථිඵල ලැබෙන දා මා බලාපොරොත්තුව සිටියේ එකම එක මගේම වන ප්‍රථිඵලයක් ලැබෙන තුරු වුවද .. අද එය එදාට වඩා මහත් ආයාසයක් ලෙස දැනෙන්නේ.. මගේ නොවුනද මගේම වන තරමට දැනෙන ප්‍රථිඵලයන් ලැබෙන තුරු බලා සිටින කුතුහලය හා මුසු වුන සතුටක් කෙරෙහි මා බද්ධ වී ඇති හෙයිනි..

ප්‍රමාණාත්මක ලෙස කිහිප දෙනෙකුගේ සිට ශාලාවක් පුරා විහිදී යන තුරුත් එදා මෙදා තුර මා ඉදිරිපිට සිටියේ අනාගතය පිළිබදව සුභවාදී බලාපොරොත්තු සහගත දරුවන්ය.

තරගකාරී උසස් පෙළ විභාගය තුළ සුදුසුකම් පැවතියද ප්‍රවේශ පහසුකම් නොමැතිකම හේතුවෙන් ඔවුන් අතරින් 8% ක් වර්තමානය වන විට 12% ක් පමණක් රජයේ විශ්ව විදයාල සදහා ප්‍රවේශ පහසුකම් ලබන්නේ සුදුසුකම් නැති වුවත් පහසුකම් නොමැති නිසාවෙනි.

ඒ තරගකාරී බව තුළද මා සෑම විටම උත්සාහ ගත්තේ දරුවන් වෙනුවෙන් මා සතු උපරිමය විෂය කරුණු සමගම ජීවිතයට බද්ධ කිරීමටය.

" ඔබට අනනය වූ ඔබට ගැළපෙන සිස්ටම් එක හැදෙන තුරු ඔබේ සිස්ටම් එක ඔබම හදාගන්න ‼️ "

මා සෑම විටම දක්ෂයා ප්‍රමුකයෙකු කරා ගෙනයද්දී උනන්දුවා ප්‍රමුඛයන් එක්ව යන ප්‍රමුඛයන් කැටුව යන අයෙකු කිරීමට උත්සාහ ගත්තේය..B සාමාර්ථය A සාමාර්ථයකට ඔසවා තබනවාට වඩා F සාමාර්ථය , S සාමාර්ථය දක්වා හෝ ඉන් ඉහල තලයකට ගෙනයාම ඉහළම තෘප්තියක් ලෙස සැලකුවේය. ඉතිං..අදටද අසමතුන් නැති පන්තියක් පවත්වාගෙන ආවේය.

මෙවරත් ඒ ප්‍රයත්නය අපරාජිතයි ..සමස්ත ප්‍රතිඵල අතරේ 2024 වසරේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් 3 වෙනියා ලංකාවෙන් 24 වෙනියා ලෙසද මෙවර රත්නපුරයෙන් 8 වෙනියාද බිහි කිරීමට හැකිවීම ඔවුනගේ හැකියාව මාගේ කැපවීමට පිළිතුරක් ලෙස දැක්විය හැකිය.

උසස් ප්‍රතිඵලයක් උදෙසා මා සමග කැප වූ ඔබට ස්තූතියි.🙏
දිවි ගමනේ ඔබේ ඉදිරි ජයග්‍රහණ සදහා සුභ පතමි.
ඔබට ජය ‼️🎉️🎉️♥️♥️

ඉෂාන් වික්‍රමසිංහ


ICT WITH Ishan Wickramasinghe

2K27 1st  Term Test Prize Giving Ceremony🎁 25.03.2026 Pelmadulla | Wisdom🏆An exam prize-giving ceremony is a celebration...
25/03/2026

2K27 1st Term Test Prize Giving Ceremony🎁

25.03.2026 Pelmadulla | Wisdom🏆

An exam prize-giving ceremony is a celebration of hard work, dedication, and the pursuit of excellence, serving as a milestone to recognize both academic achievements and personal growth. It is a moment to honor not just the top performers, but to inspire all students to continue striving for their goals, emphasizing that success is a result of consistent effort.


ICT WITH Ishan Wickramasinghe
゚viralシfypシ゚viralシalシ

🏆🏆🏆

Address

235/A, Beranduwa, Lellopitiya
Pelmadulla
70056

Alerts

Be the first to know and let us send you an email when ICT WITH Ishan Wickramasinghe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ICT WITH Ishan Wickramasinghe:

Shortcuts

Share

Category