02/12/2021
ෆාමසියක් සඳහා බලපත්‍රය ලබා ගැනීමේ ක්‍රමවේදය
===============================
ඇලොපතික ඖෂධ සිල්ලර අලෙවිය සඳහා බලපත්‍රය ලබා ගැනීමේදී ඔබ අනුගමනය කළයුතු ප්‍රායෝගික ක්‍රියා පිළිවෙත පියවරින් පියවර මෙසේය.
[ඒ සඳාහා ඔබ ඖෂධවේදියෙකු නොවන අවස්ථාවලදී ඖෂධවේදියෙකු සේවයේ යෙදවීම අත්‍යාවශ්‍යවේ. එසේම ඔබ වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුය. එසේම ඔබ යම් ආකාරයකින් අන්තරාදායක ඖෂධ වලට ඇබ්බැහි වූ අයෙක් නම් හෝ සාපරාධී වරදකට උසාවිය ඉදිරියේ වරද කරුවෙකු වී දඬුවම් විඳිමින් සිටින්නෙකු නම් ඔබගේ අයදුම් පත ප්‍රතික්ශේප වනු ඇත.]
1. ඔබ ඖෂධවේදීයෙකු නොවේ නම් මුලින්ම ඔබ සමඟ වැඩ කිරීමට කැමති ඖෂධවේදියෙකු සොයාගෙන ඔහු සමඟ සාකච්චා කොට නීතිමය තත්වයන් සහ ස්ථානීය සුදුසුකම් ගැන තොරතුරු අධ්‍යනය කරන්න. ඔහු සමඟ එක්ව macro & micro analysis එකක් කරන්න ඔබ ආරම්භ කිරීමට යන ව්‍යාපාරය ගැන. ජාතික ඖෂධ නියාමන අධිකාරිය (National Medicine Regulatory Authority නොහොත් NMRA) ප්‍රකාශයට පත්කර ඇති මාර්ගෝපදේශ වලට අනුව ස්ථානයක් තෝරාගෙන, අභ්‍යන්තර සැලැස්ම, බාහිර සැලැස්ම සහ සනීපාරක්ෂක පහසුකම් සැලසුම් කිරීම සහ ආයෝජනය ගැන අධ්‍යනයක යෙදෙන්න. තීරණ වලට එළඹෙන්න.
2. ඔබගේ ඖෂධවේදියා සමඟ, අදාල ස්ථානය අයත් ප්‍රදේශය භාර ආහාර හා ඖෂධ පරීෂක තුමා (Food & Drugs Inspector) හමුවී ව්‍යාපාරික යෝජනාව ඉදිරිපත් කරන්න.
3. ඔහුගේ අවවාද අනුශාසනා සමඟ ඔබ තෝරාගත් ස්ථානය සඳාහා අවසරයට eNMRA වෙබ් අඩවියෙන් අයදුම් කරන්න (Apply for the location approval)
4. ඔබගේ ව්‍යාපාරය අරම්භ කරන ස්ථානය අයත්වන ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට ගොස් ව්‍යාපාර ලියාපදිංචියට අදාල පෝරම ලබා ගෙන පුරවන්න. එහිදී ව්‍යාපරයේ සහ ව්‍යාපාර නාමයේ අයිතිය ඔබ සතුවන පරිදි පිරවීම් කළයුතුය. ඔබගේ ව්‍යාපාරය තනි පුද්ගල ව්‍යාපාරයක්, ද්වී පුද්ගල ව්‍යාපාරක් හෝ බහු පුද්ගල ව්‍යාපාරයක් විය හැක. ඒ අනුව අදාල පෝරමය ලබා ගන්න.
බටහිර ඖෂධ සිල්ලර අලෙවිය සඳාහා වන බලපත්‍රය (License to Sell Drugs By Retail) නිකුත් වන්නේ එම ව්‍යාපාර ලියාපදිංචි සහතිකයේ සඳහන් වන වයාපාර හිමි පුද්ගලයාට සහ ව්‍යාපාරික නාමයට බව මතක තබාගෙන අවශ්‍ය පරිදි කටයුතු කරන්න.
5. ව්‍යාපාරය ආරම්භ කරනා ස්ථානයට අදාල ග්‍රාම සේවක මහතා හමුවී ඔහුගේ නිර්දේශද සමඟ ඔබගේ පෝරම සහතික කරවාගන්න.
6. පුරවා සම්පූර්ණ කල ව්‍යාපාර අයදුම්පත සමඟ නැවටත ආහාර හා ඖෂධ පරීක්ෂක තුමා වෙත යන්න. ඔහු ඔබගේ අයදුම්පත භාරගෙන පරීෂාකර සුදුසුකම් සියල්ල සපුරන්නේනම්, එය ප්‍රාදේශී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකගේ තුමාගේ අනුමැතිය සඳාහා යොමු කොට, අනුමැතිය ලබා දීමට කටයුතු යොදනු ඇත.
එම අනුමැතිය ලැබුනු පසු ඔබගේ ෆාමසිය සඳහා සියළු සැලසුම් ආරම්භ කළ හැක.
7. ඔබ පුරවාගත් සියලුම පෝරම වල චයා පිටපත් ලබාගෙන පිළිවෙලින් ලිපි ගොනුවක් සකසා තබාගෙන, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අද්‍යක්ෂකගේ අනුමැතිය ගත් ලිපියද සමඟින් මුල් පිටපත් ලිපි ගොනුව සකස් කොට නැවත ප්‍රාදේශීය ලෙකම් කාර්‍යාලයට ගොස් බාර දී අදාල මුදල් ගෙවන්න. එහිදී එක්දින සේවාවෙන් එදිනම හෝ සාමාන්‍ය සේවය යටතේ දින 14 ඇතුලත ව්‍යාපර ලියාපදිංචි සහතිකය ඔබට ලැබෙනු ඇත.
8. ව්‍යාපාර ලියාපදිංචිය ලැබුනු පසු නැවත ඔබගේ ආහාර සහ ඖෂධ පරීක්ෂණ තුමා හමුවී ඔබගේ සහ ඖෂධවේදීයාගේ එකඟතාවයට අදාල ලිපි ලේඛන සකස් කොට බලපත්‍ර සඳාහා වන අයදුම් පත පිළියෙල කරන්න. එහිදී බටහිර ඖෂධ සිල්ලර අලෙවිය සඳහා බලපත්‍ර ලබා ගැනීමේ අයදුම් පත (Application for the licency to sell drugs by retail), ඖෂධ වේදියාගේ වගකීම ගැනීමට කැමැත්ත ප්‍රකාශ කරන ලිපිය (concern letter of the pharmacist), ඔහුගේ දිවුරුම් ප්‍රකාශය (Affidavit of the Pharmacist), අහාර සහ ඖෂධ පරීක්ෂකතුමාගේ ස්ථානීය පරීක්ෂණයට අදාල ලිපි ලේඛන වල සහතික පිටපත් (Documents of inspections of the premises by FDI) යන ලේකන වල මුල් පිටපත්ද, ව්‍යාපාර ලියා පදිංචි සහතිකය, ඔබගේ ජාතික හැඳුනුම් පත, ඖෂධවේදියාගේ සුදුසුකම් සපුරාලන අධ්‍යපන සහතිකය, ඖෂධ වේදියෙකු ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියා පදිංචි සහතිකය, ඔහුගේ ජාතික හැඳුනුම් පත යන ලේඛන වල චයා පිටපත්ද, ඇතුළු ලිපි ගොනුව සකස් කර ගන්න.
එම ලිපිගොනුවේ ඇති සියළුම ලේඛන වල චායා පිටපත් අඩංගු ලිපි ගොනුවක් වෙනම සකස් කොට ඔබ ලඟ තබා ගැනිමට කටයුතු කරන්න.
9. ඉන්පසු ඔබ විසින් eNMRA වෙබ් අඩවිය හරහා ඉදිරිපත් කල location aproval aplications එක සම්පූර්න කරන්න. එහිදී ඔබගේ අදාල ලියකියවිලි බා ගත කිරීමට අවශ්‍ය බැවින් ඒවා සූදානම්ව තබා ගන්න. (ව්‍යාපාරිකයාගේ ජාතික හැඳුනුම්පත, ව්‍යාපාර ලියාපදිංචි සහතිකය, ස්ථානයේ google map එක සහ අක්ෂාංශ හා දේශාන්ශ, ගොඩනැගිල්ලේ අභ්‍යන්තර සැලැස්ම, සහ වාහන් නැවැත් වීමේ පහසුකම් මෙන්ම සනීපාරක්ෂක පහසුක පිහිටා තිබෙන ආකාරයේ සැලැස්ම, ඖෂධවේදියාගේ ලිපි ලේඛන, හැඳුනුම්පත් සහ සහතික.)
10. ඔබ සහ ඔබගේ ඖෂධවේදීයා වෙන වෙනම NMRA එකේ පවත්වන සම්මුඛ පරීක්ෂණයට කැඳවන තුරු සිට, ඊට පෙනී සිටින්න. අදාල ලිපි ගොනුව (ඖෂධවේදියාගේ සහතිකවල මුල්පිටපත්, ඔබගේ සහ ඔහුගේ හැඳුනුම් පත්, ව්‍යාපාර ලියාපදිංචියේ මුල් පිටපත, වැනි ලිපි ලේඛන) සහ පිටුපස සමාදාන විනිශ්චය කරුවෙකු සහතික කරන ලද ඖෂධවේදියාගේ passport size චායා රූප පිටපත්දෙකක් සමඟින් ඉදිරිපත්වන්න. එවිට වරදක් නොමැති නම් ඔබට අනුමැතිය සමඟ ලිපියක් නිකුත් කෙරෙනු ඇත.
11. ඉන් පසු අදාල මුදල ලංකා බැංකුවේ ඇති අදාල ගිනුමේ තැම්පත් කොට මතක ඇතිව රිසිට් පතේ සහ අනුමැතිය ලත් ලිපියේ චායා පිටපත් ලඟ තබාගෙන මුල් පිටත්, ජා. ඖ. නි. අ. (NMRA එකේ) යේ අදාල අංශ්‍යයට භාර දෙන්න.
12. ඉන් පසු කෙදිනක හෝ බටහිර ඖෂධ සිල්ලර අලෙවිය සඳහා වන බලපත්‍රය ඔබ වෙත ලැබෙන තෙක් ඔබ මුදල් ගෙවූ රිසිට් පත සහ අනුමැතිය ලත් ලිපි ඇතුලත් ගොනුවක් සකස් කොට තබාගෙන ෆාමසිය පවත්වාගෙන යා හැක.
සෑම වසරකදීම බලපත්‍රය නැවත අළුත් කර ගත යුතු අතර එහිදී අදාල ලිපිගොනුවේ නැවත අළුත් කලයුතු ලිපි පමණක් (ඖෂධවේදීයාගේ ලිපි, ආහාර හා ඖෂධ පරීක්ෂක තුමාගේ අනුමැතිය ලබන ලිපි වැනි) නැවත අළුත් කරමින් පැරණි බලපත්‍රයේ චායා පිටපතක් සමඟින් අයදුම් පත ඉදිරිපත් කල යුතුය. බලපත්‍රය අවලංගු වන දිනට තුන් මාසයකට පෙර නැවත අළුත් කිරීමේ අයදුම්පත (Application to Renewal of License to Sell Drugs by Retail) ඉදිරිපත් කරීමට වග බලා ගන්න.
-------------------------------------------------------------
- ප්‍රසාද් ජයසූරිය
(Pharmacist to your Door)