05/01/2026
සුබ දවසක් වේවා
දැනටමත් 2025 වර්ෂයට අදාළව විද්‍යාපීඨ ගැසට් පත්‍රය 2025.11.07 වන දින නිකුත් උනා.ඒවගේම තමයි අයැදුම්පත් සම්පූර්ණ කිරීමේ කාලයත් මේවෙද්දි අවසන් වෙලා තියෙනවා.
දැන් විද්‍යාපීඨ යන්න බලන් ඉන්න හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි කවද වගේ විද්‍යාපීඨ interview list එක නිකුත් වෙයිද කියන එක?
හොඳයි අපි දැන් බලමු මීට පෙර අවසාන විද්‍යාපීඨ බඳවා ගැනීමේ කණ්ඩායම වෙච්ච 2021/2022 උසස් පෙළ කණ්ඩායම් වලට කොයි වගේ කාල රාමු වලදීද interview list එක නිකුත් වුණේ කියලා.
2021/2022 උසස් පෙළ කණ්ඩායම් වල අයැදුම් කරුවන්ට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමේ ගැසට් පත්‍රය නිකුත් වුණේ 2024 මාර්තු 15 වෙනිදා.
ඒ වගේම තමයි ඒ අවුරුද්දේ විද්‍යාපීඨ අයැදුම් කළ හැකි අවසාන දිනේ උනේ 2024 අප්‍රේල් 05 වෙනිදා.
2021/2022 උසස් පෙළ වර්ෂ වලට අදාළව විද්‍යාපීඨ interview list එක නිකුත් උනේ 2024 ජුනි මාසයේ අග (ජුනි 20 ත් 27 ත් අතර) දිනයකදී.
ඒ අනුව 2021/2022 ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා අයැදුම් කරපු අයැදුම් කරුවෙක් උපරිම වශයෙන් "මාස 02 දවස් 22 ක්" වගේ කාලයක් අයැදුම් කිරීමේ අවසාන දිනයේ ඉඳලා interview list එක නිකුත් වෙනකන් බලන් ඉඳලා තියෙනවා.
දැන් අපි යමු 2023/2024 උසස් පෙළ වර්ෂවලට අදාළව විද්‍යාපීඨ ගැසට් පත්‍රය සම්බන්ධ දින වකවානු පිළිබඳව,
2023/2024 උසස් පෙළ වර්ෂවලට අදාළව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ගැසට් පත්‍රය නිකුත් වුණේ 2025 නොවැම්බර් 07 වෙනිදා.ඒ වගේම තමයි අයැදුම් කිරීම සඳහා තිබූ අවසන් දවස තමයි 2025 දෙසැම්බර් 05.
අපිට කලින් අවුරුද්දෙ දින වකවානු අනුව අද (ජනවාරි 05) අනුමානයක් කරන්න පුළුවන් තව මාස 01 දවස් 22 කින් interview list එක නිකුත් කරාවි කියලා.
දැන් කෙනෙක් තර්ක කරන්න පුළුවන් කොහොමද කලින් අවුරුද්දෙ දින වකවානු එක්ක මේ අවුරුද්ද සංසන්දනය කරන්නෙ? ඒක එහෙම වෙනවද කියලා.
ඒ අයට නොවැම්බර් 07 වෙනිදා ආපු ගැසට් පත්‍රය පිළිබඳව 2025 ජූලි 31 වෙනිදා කරපු අනුමානයක් ගැන සටහනක් පහතින් යොමු කරන්නම්.
විද්‍යාපීඨ යන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝම දැන් අහන දෙයක් තමයි.
*"කවද්ද පීඨ ගැසට් වෙන්නේ ?"* කියන ප්‍රශ්නය,
මීට කලින් විද්‍යාපීඨ ගැසට් වුණු අවුරුද්ද වෙච්ච 2024 දී ගැසට් උනේ 2021(22) උසස් පෙළ කණ්ඩායමට සහ 2022(23) උසස් පෙළ කණ්ඩායමටයි.
_අපි දැන් බලමු මේ කණ්ඩායම් දෙක එයාලගේ උසස් පෙළ ප්‍රතිඵල වලින් පස්සේ කොච්චර කාලයක් විද්‍යාපීඨ ගැසට් වෙනකන් ඉඳලද කියලා_
* 2021(22) උසස් පෙළ කරපු අයට එයාලගේ උසස් පෙළ ප්‍රතිඵල ලැබුණේ 2022 අගෝස්තු 28 වෙනිදා (2022.08.28)
* 2022(23) උසස් පෙළ කරපු අයට එයාලගේ උසස් පෙළ ප්‍රතිඵල ලැබුණේ 2023 සැප්තැම්බර් 04 වෙනිදා.(2023.09.04)
මේ දෙගොල්ලන්ටම විද්‍යාපීඨ ගැසට් වෙන්නේ *2024 මාර්තු 15 වෙනිදා.*
ඒ විදියට බලද්දී,
* 2021(22) උසස් පෙළ කරපු ළමයෙක් තමන්ගේ උසස් පෙළ ප්‍රතිඵල ලැබුණු දවසේ ඉඳලා
*අවුරුදු 01 මාස 06 දින 17* ක්
විද්‍යාපීඨ ගැසට් වෙනකන් බලන් ඉඳලා තියෙනවා.
* 2022(23) උසස් පෙළ කරපු ළමයෙක් තමන්ගේ
උසස් පෙළ ප්‍රතිඵල ලැබුණු දවසේ ඉඳලා
*මාස 06 දින 11* ක්
විද්‍යාපීඨ ගැසට් වෙනකන් බලන් ඉඳලා තියෙනවා.
* මේ ගැසට් එක එද්දී වඩා අඩු කාලයක් ඇතුලත තේරුණු කණ්ඩායම වෙච්ච 2022 උසස් පෙළ කණ්ඩායමේ විශ්ව විද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු ඒ කියන්නෙ 2022 Cut off marks තුත් ඇවිත් ඉවරයි.
හරි,අපි දැන් කතා කරන්න යමු මේ අවුරුද්දේ පළවීමට නියමිත ගැසට් එක ගැන.
ගොඩක් අය කියන්නේ හෙටින් පටන්ගන්න අගෝස්තු මාසෙ මේක ගැසට් වෙයි කියලා.
*නමුත් එයාලවත් දන්නේ නෑ හරියටම අගෝස්තු වල ගැසට් වෙයිද කියලා.*
හැබැයි 2023(24) සහ 2024(25) උසස් පෙළ කණ්ඩායම් දෙකම ගන්නවනං ගැසට් එක අගෝස්තු ඒවි කියලා හිතන්න අමාරුයි.
මොකද සාමාන්‍යයෙන් 2024 cutoff marks ආවාට පස්සෙ තමයි විද්‍යාපීඨ ගැසට් වෙන්නේ.
කොහොම උනත් 2023(24) කණ්ඩායම අනිවාර්යයෙන්ම මේකෙදි තෝරාගැනෙන කණ්ඩායම නේ.
අද 2025 ජූලි 31 වෙද්දී,
* 2023(24) උසස් පෙළ කණ්ඩායමේ ළමයෙක් තමන්ගේ උසස් පෙළ ප්‍රතිඵල ආපු 2024 මැයි 31 වෙනිදා ඉඳලා *අවුරුදු 01 මාස 02* ක කාලයක් බලාගෙන ඉඳලා තියෙනවා.
කලින් අවුරුදු වල දින ගනන් එක්ක බලද්දී,ඒ ගැසට් උනු විදියට කාල වකවානු සැලකුවොත් තව මාස 4 ක් වත් යාවි ගැසට් වෙන්න.
*(සැ.යු.:- මං මේ කිව්වේ පොතේ හැටියට වෙන්න පුළුවන් දෙයක්.මේක වෙනස් වෙන්න පුළුවන්.)*