The Buddhist-බෞද්ධයා

The Buddhist-බෞද්ධයා පුද්ගලයන්ගේ ධර්ම අවබෝධය
සදහා මෙන්ම ඝෝර කටුක
භයානක සංසාරයෙන් අතමිදීමට මෙම සදහම් පිටුව
අත් වැලක්
වේවා..! හැකි සෑම විටම අන් පුද්ගලයන් ධර්මයට යොමු කරන්න..

Maneesha Derekමේකිට තියෙන්නෙ බුදු දහම එක්ක ඇරියස් එකක්..NGO  නඩ මුන්ව නැඩත්තු කරන එක ඉතාම පැහැදිලියි...අනික මේකි කියන දේ...
29/05/2026

Maneesha Derek
මේකිට තියෙන්නෙ බුදු දහම එක්ක ඇරියස් එකක්..
NGO නඩ මුන්ව නැඩත්තු කරන එක ඉතාම පැහැදිලියි...
අනික මේකි කියන දේ කරන්න අටමස්ථානාධිපති හාමුදුරුවන් ගේ නෙමෙයි අටමස්ථාන ය අපේ බෞද්ධ අපේ උරුමය හාමුදුරුවන් වහන්සේ එතනදී සිද්දස්ථාන ආරක්ෂා කරන්න භෞතික ව පත්වූ පුද්ගල යකු පමණ යි !! මූණත් එක්ක තරහා වෙලා නහය කපා ගන්න වගේ වැඩක් මේකි සාමාජ ගත කරන්න හදන්නෙ...
මුන්ට කියක් ගෙවනවද දන්නෙ නෑ මේ වගේ පෝස්ට් දානවට.

නිරාගමිකයන් විසින් උසිගන්වන තවත් සිදුවීම්
28/05/2026

නිරාගමිකයන් විසින් උසිගන්වන තවත් සිදුවීම්

මේ පාර වෙසක් එකට අනිවාර්‍යෙන් අටමස්ථානය වැදපුදාගන්න. සමහර බොරදියේ මාළු බාන රැඩිකුලේ set එහෙකට හරි අමාරුවක් තියෙනවා බෞද්ධ...
27/05/2026

මේ පාර වෙසක් එකට අනිවාර්‍යෙන් අටමස්ථානය වැදපුදාගන්න. සමහර බොරදියේ මාළු බාන රැඩිකුලේ set එහෙකට හරි අමාරුවක් තියෙනවා බෞද්ධ ජනතාව එවන් උතුම් වූ සිද්ධස්ථාන වැදපුදා ගන්න යනවට. උන් බලන්නෙම කොහොම හරි බෞද්ධ ජනතාවව "born again" කරන්න. 😃

ඔබ ලවා ඔබේ ගමේ පන්සලට පහර දෙන්නට පොළඹවාවිඔබ ලවා පන්සලට දානේ ටික නොදෙවන්න කියාවිපන්සලේ පිංකැට සීල් තබමු කියාවිබස් එකේ සීට...
26/05/2026

ඔබ ලවා ඔබේ ගමේ පන්සලට පහර දෙන්නට පොළඹවාවි

ඔබ ලවා පන්සලට දානේ ටික නොදෙවන්න කියාවි

පන්සලේ පිංකැට සීල් තබමු කියාවි

බස් එකේ සීට් එකෙ නොදී ඉමු කියාවි

ගමේ පන්සල එක්ක ඇති සුහදතාව වනසන්න ඔබ පොළඹවවි

හතේ පොතට සමළිංගික ebuddy ආයෙ ගේමු කියාවි ..

ජෙපි, එන්ජීඕ, බෞද්ධ විරෝධීන් සැලසුම් කරයි.

හෑලි ලියාවි ඔබේ මනස පන්සලින් ඈත්ව සිටින්නට යැයි සෝදනයට පොළඹවාවි !

සිහියෙන් යුක්තව අවදිව සිටින්න !

මේ එකී දුසිල්වත් භික්ෂුවට පමණක් ඇති කල විරෝධයෙන් ඔබ්බට වෙනම ඇති සාසනය වැනසීමට කල විශාල අන්‍යාගමික සහ රාජ්‍ය අනුග්‍රහයෙන් යන වෙනත් සැලසුම් සහ ගත යටි කුමන්ත්‍රණයකි !

වරද සහ වරද කරු නීතියෙන් එළිවේවි.

එකී දුස්සීලයාට වරදට දඬුවම නීතියෙන් ලැබේවි !

නමුත් මූලිකම කරුණ ලෙස මෙකී යටි කුමන්ත්‍රන පරදා සිංහල බෞද්ධයන් ඉතාම සිහිණුවනින් විවෘත මනසින් සිට

අප මහා සංඝරත්නය සහ පන්සල රැකගමු

26/05/2026

නිරාගමිකයින් අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් සිටි.
" Be Careful "
✍️

🙏
16/05/2026

🙏

15/05/2026
14/05/2026

කතරගම Entrance එකේ ලස්සන ❤️

14/05/2026

කාමය යනු සාමාන්‍ය ආශාවක් නොවේ.බුදුදහම එය හැඳින්වූයේ “ගින්නක්” ලෙසය.“නත්ථි රාගසමෝ අග්ගි”රාගය තරම් ගිනික් නැත.ධම්මපදය ගින්...
13/05/2026

කාමය යනු සාමාන්‍ය ආශාවක් නොවේ.
බුදුදහම එය හැඳින්වූයේ “ගින්නක්” ලෙසය.

“නත්ථි රාගසමෝ අග්ගි”
රාගය තරම් ගිනික් නැත.
ධම්මපදය

ගින්නක ස්වභාවය දහනය කිරීමය.
එය වියළි කොළද, මහ වෘක්ෂද, රන් මාලිගාද කියා නොබලයි.ඒ අසල ඉන්ධන තිබුණොත් දවාලයි.කාමයත් එසේමය.සාමාන්‍ය මනුෂ්‍යයෙකුද,ධනවතෙකුද,දේශපාලකයෙකුද,
ලෝකයේ බලවත්ම පුද්ගලයාද,මහානායක හිමිනමක්ද —පෘථග්ජන සිතක් තුළ රාගයේ බීජ නිවී නැති නම්,ඒ ගින්න ඕනෑම මොහොතක නැවත ඇවිලිය හැකිය.බුදුදහම කවදාවත්

“තනතුර” විශ්වාස කළේ නැත.
බුදුදහම විශ්වාස කළේ “සිත”ය.

කසාවත ඇඳීමෙන් කෙලෙස් මැරෙන්නේ නැත.
බලය ලැබීමෙන් රාගය නිවෙන්නේ නැත.
ගෞරවය ලැබීමෙන් සිත පිරිසිදු වෙන්නේද නැත.
ඒ නිසාම බුදුදහම තුළ “සංවරය” මෙතරම් වැදගත් විය.අභිධර්මයට අනුව කාම රාගය යනු සිත අල්ලාගන්නා අකුසල චෛතසිකයකි.
එය උපදින්නේ රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය හා සිතිවිලි ඇසුරෙනි.
මුලින් කුඩා සිතුවිල්ලක් ලෙස උපදින එය,
නැවත නැවත පෝෂණය කළ විට “ආශාවක්” වෙයි.

ආශාව “ඇලීමක්” වෙයි.
ඇලීම “වහල්භාවයක්” වෙයි.
ඒ මොහොතේ මනුෂ්‍යයා බුද්ධියෙන් නොව, තණ්හාවෙන් ක්‍රියා කරයි.

බුද්ධ කාලයේ පවා මෙය සිදු විය.
සොහොන් භූමිවල අසුභ භාවනාව වඩමින් සිටි ඇතැම් භික්ෂූන් වහන්සේලා, මළ සිරුරු දැක අසුභය වෙනුවට රාගය උපදවාගත් බව විනය හා අට්ඨකථා සාහිත්‍යයේ සඳහන් වේ.
එය අහන විට අපට ලැජ්ජා හිතෙන කතාවක් වුවත්, එහි තිබෙන්නේ ඉතා භයානක ධර්ම සත්‍යයකි.

සිත සංවර නොවී නම්,
භාවනාව පවා වැරදි දිශාවට හැරිය හැකිය.
එසේ නම් අද කාලයේ — බලය, මුදල්, ප්‍රශංසාව, රහස් අවස්ථා, සමාජ ගෞරවය හා අන්ධ භක්තිය මධ්‍යයේ ජීවත් වන පෘථග්ජන මනුෂ්‍යයාගේ සිත කොතරම් පරීක්ෂාවකට ලක්වේද?

❇️ ප්‍රශ්නය කසාවත නොවේ.
ප්‍රශ්නය දේශපාලනය නොවේ.
ප්‍රශ්නය බලයද නොවේ.
සැබෑ ප්‍රශ්නය සංවර නොකළ සිතයි.
මේ නිසාම බුදුදහම තුළ “සිල්” යනු සාමාන්‍ය ආගමික චාරිත්‍රයක් නොව,සිත ආරක්ෂා කරන වැටක් ලෙස සැලකුණි.ගෙයක් වටේ වැටක් දමන්නේ හොරුන්ගෙන් බේරෙන්නය.වැවක් වටේ බැම්මක් බැඳෙන්නේ ජලය පාලනය කරන්නය.

එසේම සිල් යනු —
සිත කෙලෙස් ගින්නෙන් ආරක්ෂා කරන අභ්‍යන්තර බැම්මකි.පංචශීලයේ තුන්වන සිකපදය වූ“කාමේසු මිච්ඡාචාරා වෙරමණී…”
යනු ශරීරික වරදක් පමණක් වැළැක්වීමක් නොවේ.
එය —
❇️බැල්ම සංවර කිරීම,
❇️සිතුවිලි පාලනය කිරීම,
❇️ආශාවට සීමා දැමීම,
❇️අනෙකා භාණ්ඩයක් නොව ජීවියෙක් ලෙස දැකීම,
❇️තම සිතට ලැජ්ජාව හා භය ඇතිකර ගැනීම
යන ගැඹුරු ආධ්‍යාත්මික පුහුණුවකි.
අභිධර්මයට අනුව “හිරි” සහ “ඔත්තප්ප” යන චෛතසික දෙක ලෝකය රැකගන්නා ධර්ම ලෙස හඳුන්වයි.
හිරි = “මෙය නොකළ යුතුය” යන අභ්‍යන්තර ලැජ්ජාව
ඔත්තප්ප = “මෙයින් විනාශයක් වේ” යන භය
මෙම දෙක නැති වූ විට,
උගත්කම, බලය, කසාවත, තනතුරු — කිසිවක් මනුෂ්‍යයාව රැක නොගනී.

සිල් රැකීම යනු අන් අයට “පෙනෙන්න” හොඳ මිනිහෙක් වීම නොවේ.තමන්ගේම සිතට රැකවරණයක් සැපයීමය.මනුෂ්‍යයා වැටෙන්නේ එක්වරම නොවේ.මුලින් බැල්ම වැටේ.
ඊළඟට සිතුවිල්ල වැටේ.ඉන්පසු සිත ඇලේ.අවසානයේ ජීවිතයම කඩා වැටේ.
සිල් යනු එම වැටීම මුලදීම නවත්වන ආරක්ෂක දොරටුවයි.

⬛ අද සමාජයේ බොහෝ දෙනා පුද්ගලයන් “වන්දනා” කරති.
නමුත් බුදුදහම පෙන්වා දුන්නේ පුද්ගලයා නොව, ධර්මය පරීක්ෂා කළ යුතු බවයි.
රහත්භාවයට නොපැමිණි සිත,
තවමත් අනතුරේ ඇති සිතකි.ඒ නිසා බුදුදහම තුළ “අප්පමාදය” — අවදියෙන් සිටීම — මෙතරම් වටිනාකමක් ලැබීය.කාමය මුලින් සතුටක් ලෙස පැමිණේ.
නමුත් අවසානයේ එය

❇️ලැජ්ජාව නැති කරයි,
❇️බුද්ධිය වසා දමයි,
❇️ගෞරවය බිඳ දමයි,
❇️ජීවිත විනාශ කරයි.
❇️එය ගිනි ගන්නා ගෙයක් වැනිය.
මුලින් උණුසුමක් දැනෙනවා සේ පෙනුනත්,අවසානයේ ඉතිරි වන්නේ අළු පමණි.
ඒ නිසාම බුදුන් වහන්සේ කාමය දුටුවේ “සතුට” ලෙස නොව,
“බැඳීමක්” ලෙසය.
“නිදහස” ලෙස නොව,
“දාසභාවයක්” ලෙසය.

අද අප සමාජයක් ලෙස අවදි විය යුත්තේ අන් අය දෙස ඇඟිල්ල දිගු කිරීමට නොව,
තමන්ගේම සිත දෙස බැලීමටය.
මන්ද —කාම ගින්නට දුප්පත් මිනිසාත්,උගතාත්,බලවතාත්,භික්ෂුවත්,තනතුරුත්,ගෞරවත් —කිසිවක් බේරී නොයයි.
සංවරය නැති තැන
වැටීම අනිවාර්යය.🙏🙏🙏

Address

Mathugama
Pelawatta
12135

Alerts

Be the first to know and let us send you an email when The Buddhist-බෞද්ධයා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category