23/08/2026
🌈 අපේ විශේෂ දරුවන්ගේ හැකියාවට වටිනාකමක් දෙමු… ❤️
විශේෂ අවශ්‍යතා ඇති අපේ දරුවන් වැඩිහිටියන් වූ පසු සමාජයට බරක් නොවී, තමන්ටත් තම දෙමාපියන්ටත් වටිනාකමක් ගෙන දෙන පුද්ගලයන් බවට පත් කිරීම අපගේ එක් විශාල බලාපොරොත්තුවක්. 🌻
ඒ අරමුණ වෙනුවෙන් අපි සිරිසඝබෝ විශේෂ පාසලේ දරුවන්ගේ නිර්මාණශීලී හැකියාවන් උපයෝගී කරගෙන මෙම Unique Bag Design ව්‍යාපෘතිය ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙනවා. 👜✨
මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ, බෑගයේ පිටුපස ඇති චිත්‍රය අපේම දරුවන්ගේ අතින් නිර්මාණය වන සිතුවමක් වීමයි. 🎨❤️
අපි බලාපොරොත්තු වන්නේ බෑගයක් විකිණීම පමණක් නොවෙයි.
👉 දරුවෙකුගේ හැකියාවට වෙළඳපොළක් ලබාදීම
👉 ඔවුන්ගේ ආත්ම විශ්වාසය වර්ධනය කිරීම
👉 ස්වයං රැකියා හා ආදායම් අවස්ථා සඳහා මඟ විවෘත කිරීම
👉 දෙමාපියන්ට බලාපොරොත්තුවක් ලබාදීමයි. 🌱
ඔබට මොකද හිතෙන්නේ? 🤔❤️
මෙවැනි බෑග් සඳහා ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශීය වෙළඳපොළේත් ඉල්ලුමක් ඇති වේවිද?
ඔබගේ අදහස, යෝජනාව සහ සහයෝගය අපට ඉතාමත් වටිනවා. 🙏
එක් බෑගයක් මිලදී ගැනීමක් පමණක් නොවෙයි…
එය දරුවෙකුගේ හැකියාවක් අගය කිරීමක්. ❤️
🌈 Let’s Give Our Special Children’s Talents a Purpose & a Future… ❤️
One of our biggest dreams at Sirisangabo Special School is to help our special children grow into adults who can live with dignity, contribute to society, and bring value to themselves and their families. 🌻
With this vision, we are preparing to launch our Unique Bag Design Project very soon. 👜✨
What makes these bags truly special?
🎨 The artwork on the back of each bag will be created by our own children.
This is not just about making and selling a bag. It is about:
❤️ Giving our children’s talents a real opportunity
🌱 Building their confidence and independence
💼 Creating future income and self-employment opportunities
👨👩👧 Giving parents hope for their children’s future
🌍 Helping society s