21/08/2026
සමදරා රත්නපාල ගුරුමෑණියන් වෙත බුහුමන් දැක්වීමේ උළෙල පන්නිපිටිය ධර්මපාලයේ කලා සංස්කෘතික ක්ෂේත්‍රයේ කටයුතු කළ සහෘදයන් වසර ගණනාවකට පසු එක්කල නිමේෂයක්. සමදරා රත්නපාල ගුරු මෑණියන්, සුභාෂිණී ගුරුමෑනියන්, ඩී. බී. ලියනගේ ගුරුපියාණන් පිළිබඳ මතකයන් මෙහිදී දිග හැරුණා. ධර්මපාලයේ ක්‍රීඩා කුසලතාවයන් තුළින් එක් පසෙකින් ජය කෙහෙළි නැගෙද්දි සංස්කෘතික පෙරමුණ වූයේ සාහිත්‍ය සංගමයයි. මේ කෙටි වීඩියෝ පටයෙන් අප හමුවන්නේ සමදරා රත්නපාල ගුරු මෑණියන් වෙත බොහොමන් දැක්වීමේ කරතව්‍ය තුළ මහත් බරක් හිස දරාගත් WD සමන්ත සොයුරායි. සාහිත්‍ය සංගමය, කථික හා විවාද සංගමය තුළ අපූරු මතකයන් රැසක් ගොඩනැගූ ඔහු එම ස්වර්ණමය දශකය පිළිබඳව සිය අදහස් දක්වනවා.