Siyasara - සියසර

Siyasara -  සියසර

Share

This Page is dedicated to provide information related to the New Past Pupils' Group (2011- 2020) of Dharmapala Vidyalaya Pannipitiya. Siyasara © 2014 - 2021

We are "Siyasara" - "සියසර"

This page is for those who have passed out from Dharmapala Vidyalaya Pannipitiya during 2011-2020 and have joined the Past Pupils' Association. The purpose of this page is to keep informed the members about the New Group of the Past Pupils' Association for 2011-2020 School Leavers. Request for the group membership for more information: https://www.facebook.com/groups/519113185489853/

#DharmapalaVidyalayaPannipitiya #Siyasara #DharmapalSiyasara #Palians #DVP

18/06/2023
Photos from Siyasara -  සියසර's post 07/06/2023

සියසර පොසොන් දන්සල : 2023

අනුබුදු මිහිඳු හිමියන් විසින් මෙරට බුදු සසුන පිහිටුවීම ඇතුලු සුවිශේෂි සිදුවීම් රැසකට මුල් වූ 'පොසොන් පොහොය' නිමිති කරගෙන, සියසර ආදිශිෂ්‍ය කණ්ඩායම විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන පොසොන් දන්සල මෙවරත් විද්‍යාලය ඉදිරිපිටදී (ජුනි 03 වන දින) ඉතා සාර්ථක අන්දමින් පැවැත්වීමට හැකියාව ලැබුනි.

මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා මඟ පෙන්වීම ලබා දුන් විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමිය, ආදිශිෂ්‍ය සංගමයේ ගරු සභාපතිතුමා, ගරු ලේකම්තුමා ඇතුලු නිලධාරි මණ්ඩලය ගෞරවයෙන් සිහිපත් කරමු. එමෙන්ම 5000 ට අධික ප්‍රජාව වෙනුවෙන් ප්‍රණීත සව් කැඳ පානය සකස් කිරීම සඳහා තම ශ්‍රමය හා මූල්‍යමය දායකත්වය ලබා දුන් සියසර සාමාජිකයන් ඇතුළු සියලුම දෙනා වෙත හෘදයාංගම ස්තූතිය පුද කරමු!



03/06/2023

පින්බර පොසොන් පොහොය දිනයක් වේවා!

30/05/2023

Congratulations new Decade group!!

2023 මැයි 21 වෙනි ඉරිදා දින ආදි ශිෂ්‍ය සංගමයේ නව දශක කණ්ඩායම පිහිටුවන ලදී. මෙම අවස්ථාව සදහා ආදි ශිෂ්‍ය සංගමයේ වත්මන් විධායක සභාපති දීපාල් හේරත් මහතා, ලේකම් ආසිරි ද සොයිසා මහතා, උප සභාපති ගිහාන් ආරියරත්න මහතා, සංස්කාරක ධනංජ ඇල්විටිගල මහතා සහ උප සංස්කාරක චනුර නිලාන් මහතා යන නිලධාරින් සහභාගී විය. ආරම්භ කරන ලද නව දශක කණ්ඩායම ආදි ශිෂ්‍ය සංගමයේ අනුශාසකත්වය යටතේ අවුරුදු දෙකක පරිවාස කාලයකට යටත් ව වැඩ කටයුතු කරගෙන යනු ලබන අතර එහි නාමය සහ ඒ ආශ්‍රිත කටයුතු ඉදිරියේදී ප්‍රසිද්ධ කරනු ඇත. ඒ අනුව 2023/2024 පරිපාලන වර්ෂය සඳහා නව නිලධාරි මඩුල්ල පහත පරිදි පිහිටුවන ලදී.

සභාපති - ඕෂධ පෙරේරා
ප්‍රධාන ලේකම් - හිමත් දෙගම්බඩගේ
නියෝජ්‍ය සභාපති - ඩිනෙත් මන්දිල්
උප සභාපති - තිසර සිශාර
නියෝජ්‍ය ලේකම් - බිනෝලි මනීෂා
භාණ්ඩාගාරික - සමාධි තත්සර
උප භාණ්ඩාගාරික - විදුර නිපුන්
සංස්කාරක - දනිදු යසස්
ව්‍යාපෘති ලේකම් - ඩනුල භාග්‍ය
කාරක සභිකයින් - දිනෙත් සෙනුර, විරුන් නෙත්කලන, පුබුදු චන්දිම, ලසිත පෙරේරා, සෙතුම් නෙත්මික, හසිදු ඉදුවර, සශීමා දෙව්මිණී, සමෝශි වන්නිආරච්චි, හශිනි එරංගා

නව දශක කණ්ඩායම සහ තේරී පත්වූ නව නිලධාරි මඩුල්ලට ඉදිරි වැඩ කටයුතු සාර්ථක කරගැනීමට හද පිරි සුභපැතුම් එක කරන්නෙමු.

ආදි ශිෂ්‍ය සංගමය
ධර්මපාල විද්‍යාලය
පන්නිපිටිය

29/05/2023

සමාරාධනා!!

සියසර ආදිශිෂ්‍ය කණ්ඩායම විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලබන 'පොසොන් දන්සල', පොසොන් පොහොය දින දහවල් 2.00 සිට (ජුනි මස 03 වන දා) පාසලේ ප්‍රධාන පිවිසුම ඉදිරිපිටදී පැවැත්වේ. ඒ සඳහා සහභාගිවන ලෙස ඔබ සැමට ඇරයුම් කර සිටිමු!


Follow us :
https://www.facebook.com/Siyasara.PPA.DVP?mibextid=ZbWKwL

https://www.facebook.com/groups/519113185489853/?ref=share

Photos from Siyasara -  සියසර's post 28/05/2023

පාසල අලංකරණ ව්‍යාපෘතිය : අදියර 2

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමියගේ ඉල්ලීම පරිදි පාසල අලංකරණය කිරීමේ ව්‍යාපෘතියක් සියසර ආදිශිෂ්‍ය කණ්ඩායම විසින් දියත් කරනු ලැබීය.

එහි දෙවන අදියරය ලෙස, සියසර ආදිශිෂ්‍ය කණ්ඩායම සතු අරමුදල් යොදවා පාසලේ විද්‍යාගාරය අසල ඇති බැම්ම සඳහා විසිතුරු මල් සහිත පෝච්චි යෙදීම සිදු කරන ලදී.

මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා මග පෙන්වීම සිදු කල ගරු විදුහල්පතිතුමිය, නියෝජ්‍ය විදුහල්පතිතුමා හා ශ්‍රම දායකත්වය ලබා දුන් සියසර සාමාජිකයන් වෙත ස්තූතිය පුද කර සිටිමු.

Photos from Siyasara -  සියසර's post 27/05/2023

පාසල අලංකරණ ව්‍යාපෘතිය : අදියර 1

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමියගේ ඉල්ලීම පරිදි පාසල අලංකරණය කිරීමේ ව්‍යාපෘතියක් සියසර ආදිශිෂ්‍ය කණ්ඩායම විසින් දියත් කරනු ලැබීය.

එහි පළමු අදියරය ක්‍රියාත්මක කරමින් සියසර ආදිශිෂ්‍ය කණ්ඩායම සතු අරමුදල් යොදවා, ඒ වන විට අපවිත්‍රව පැවති විද්‍යාලයේ බුදුමැදුර ඉදිරිපස පිහිටි පොකුණ පවිත්‍ර කිරීම, ඒ වටා මල් පෝච්චි යෙදීම හා පොකුණට විසිතුරු මසුන් මුදා හැරීම සිදු කරන ලදී.

මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා මග පෙන්වීම සිදු කල ගරු විදුහල්පතිතුමියට හා ශ්‍රම දායකත්වය ලබා දුන් සියසර සාමාජිකයන් වෙත ස්තූතිය පුද කර සිටිමු.

Photos from Siyasara -  සියසර's post 22/05/2023
20/05/2023

"දශකාරම්භනය" 😍

𝘐𝘯𝘤𝘦𝘱𝘵𝘪𝘰𝘯 𝘰𝘧 𝘉𝘳𝘢𝘯𝘥 𝘕𝘦𝘸 𝘋𝘦𝘤𝘢𝘥𝘦 𝘎𝘳𝘰𝘶𝘱

"දශකාරම්භනය"
𝘐𝘯𝘤𝘦𝘱𝘵𝘪𝘰𝘯 𝘰𝘧 𝘉𝘳𝘢𝘯𝘥 𝘕𝘦𝘸 𝘋𝘦𝘤𝘢𝘥𝘦 𝘎𝘳𝘰𝘶𝘱

Want your school to be the top-listed School/college in Pannipitiya?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Dharmapala Vidyalaya Pannipitiya
Pannipitiya
10230

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00
Saturday 09:00 - 16:00