Commerce Teacher

Commerce Teacher A place where we teach A-Z of business world. Learn commerce and business studies from a teacher – who is actually running a business. Ideal for the kids.

Education

පාට  පාට හීන පාට කරන්න -  Fruit Juice stand එකක උනත් ඇති. වට පිට නොබල තමන්ගේ  පාට පාට හීන දිහා විතරක් බලන් යන්න .  #මම ද...
27/01/2025

පාට පාට හීන පාට කරන්න - Fruit Juice stand එකක උනත් ඇති. වට පිට නොබල තමන්ගේ පාට පාට හීන දිහා විතරක් බලන් යන්න .

#මම දිනක ජීවිතය දිනා මිස නොනැගිටිමි!

thoughts teacher

Stop telling people your plans, level up in private.As a student - focus on your journey Understand your needs and focus...
19/11/2024

Stop telling people your plans, level up in private.

As a student - focus on your journey Understand your needs and focus on the journey.

Build the vision and trust the process . ☺️

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා....!!!
13/04/2024

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා....!!!

ඔබේ දරුවා දක්ශයෙක් වූ පමනින් , තරගකාරී ලෝකය දිනිය හැකිද?ඔහුගේ හෝ ඇයගේ හැකියාවන් අලෙවි කරගැනීමට, තමන්ට ලෝකය සතුව ඇති තැන ...
26/12/2021

ඔබේ දරුවා දක්ශයෙක් වූ පමනින් , තරගකාරී ලෝකය දිනිය හැකිද?
ඔහුගේ හෝ ඇයගේ හැකියාවන් අලෙවි කරගැනීමට, තමන්ට ලෝකය සතුව ඇති තැන පිලිබද සැලකිලිමත්ද?
තම ජීවිතය සම්බන්දයෙන් ඔහු හෝ ඇය වගකීමක් ගන්න සූදානම්ද?
ලෝකය ඇත්තේ "online " තුල නෙමෙයි යන්න ඔහු හෝ ඇය දන්නවාදා?
Can Your child sell her skills?
Is she aware about the hyper competitive world where we have to compete every single day , to prove ourself? or else the world will eat us for breakfast?
Can she take criticism?
will he crumble in the face of first obstacle in life?
Learn to sell your skills?

Our third sales training workshop for 16 - 18 year olds. starting NOW!!!!

කෝවිඩ් වසංගතයෙන් පසු ව්‍යාපාරවල වර්ධනයකෝවිඩ් වසංගතයෙන් පස්සේ, ඒ කියන්නේ 2023 - 2024  කාලය තුළ ශීඝ්‍ර වර්ධනයක් විය හැකියි...
12/08/2021

කෝවිඩ් වසංගතයෙන් පසු ව්‍යාපාරවල වර්ධනය

කෝවිඩ් වසංගතයෙන් පස්සේ, ඒ කියන්නේ 2023 - 2024 කාලය තුළ ශීඝ්‍ර වර්ධනයක් විය හැකියි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන් කර්මාන්ත (Industries) මොනවාද?

McKinsey, BCG වගේ ලෝක ප්‍රකට ව්‍යාපාර උපදේශන ආයතන නිකුත් කරපු වාර්තා වලට අනුව,

- Leisure Travel
- Entertainment (Outdoor Concerts & Carnivals)
- Dining
- Home Improvements
- Digital Devices

වගේ කර්මාන්ත (Industries) වල ශීඝ්‍ර වර්ධනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේකට හේතුව තමයි Pent-up Demand එක. ඒ කියන්නේ 2020 සිට මේ වෙනකල් මෙම කර්මාන්ත (Industries) වලට තිබුණ ඉල්ලුම එකම තැන නැවතිලා තිබීම. එහෙම නැත්නම් මිනිස්සු තුළ හිරවෙලා තිබීම. මොකද ඔවුන්ට අවශ්‍යතාවය හා වැයකිරීම සදහා මුදල් (Disposable Income) තිබුණත් ඒ සඳහා ඔවුන්ට ඒ සදහා අවස්ථාවක් නොලැබීම. ඒක නිසා ලෝකයේ රටවල් තමන්ගේ දේශසීමා විවෘත කළාට පසුව ප්‍රධාන වශයෙන්ම මේ කර්මාන්ත (Industries) වල සීඝ්‍ර වර්ධනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

ඒ වගේම Business Travel, Streaming Services (Netflix) වගේ කර්මාන්ත (Industries) වල සාමාන්‍ය වර්ධනයක් දිගටම බලාපොරොත්තු වෙන්න පුළුවන් බවත් අදාළ ව්‍යාපාර උපදේශන සමාගම්වල සමීක්ෂණ වාර්තාවල සදහන් වෙනවා. කොහොම වෙතත් සෑම ව්‍යාපාරයක්ම කුමන කර්මාන්තයක යෙදී සිටියත් තමන්ගේ පාරිභෝගිකයන්ගේ චර්යාවේ සිදුවන වෙනස්කම්වලට (Behavioral Changes of Consumers) මුහුණදීම සදහා කරන්න පුළුවන් හොඳම දේ තමයි තමන්ගේ ව්‍යාපාරය නම්‍යශීලී (Flexible) කරගැනීම.

වසංගත තත්වයෙන් පසු පාරිභෝගික හැසිරීම (Post Pandemic Consumer Behaviour)COVID 19 වසංගත තත්වය නිසා ලෝකයේ බොහෝ ආර්ථිකයන් වි...
12/08/2021

වසංගත තත්වයෙන් පසු පාරිභෝගික හැසිරීම (Post Pandemic Consumer Behaviour)

COVID 19 වසංගත තත්වය නිසා ලෝකයේ බොහෝ ආර්ථිකයන් විශාල පසුබෑමකට ලක් වුණා. මේ තත්වය ව්‍යාපාර වලටත් අහිතකර ලෙස බලපෑවා. මේ වෙලාවෙදි ගොඩක් ව්‍යාපාර කරපු දෙයක් තමයි Blackout වුණු එක. එහෙමත් නැත්නම් එකපාරටම මාසයක් දෙකක් යනකල් කිසිම දෙයක් නොකර (කිසිම Advertisment එකක් හෝ Awareness එකක් නැතුව) ව්‍යාපාරය වහල දාලා තිබුණු එක.

නමුත් Bain Consulting සහ Harvard Business School එකතුවෙලා මුළු ලෝකය පුරාම ඉන්න පාරිභෝගිකයන් සමඟ 2020 සිට 2021 මුල් කාලය වෙනකල් කරපු සමීක්ෂණයකින් හොයාගත්ත වැදගත්ම කාරණයක් තමයි පාරිභෝගිකයෝ COVID 19 වසංගත තත්වය වෙලාවේ ව්‍යාපාර වලින් බලාපොරොත්තු වුණේ ඕනෑම අවස්ථාවක ව්‍යාපාරය පාරිභෝගිකයන් වෙනුවෙන් උදව් කරන්න ඉන්නව කියන එක. එහෙම නැත්නම් ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා කියන එක. මෙහිදී විශේෂයෙන්ම පාරිභෝගිකයෝ බලාපොරොත්තු වුනේ Visibility එක. කුමන තත්ත්වයක් යටතේ වුණත් අපේ ව්‍යාපාරය ඔබ වෙනුවෙන් සූදානම්, ඔබ වෙනුවෙන් අපි පෙනී සිටිනවා, අපි හැමෝම මේ අවස්ථාවේදී කරදරයකට මුහුණපාල ඉන්නෙ නමුත් අපි මෙයින් ගොඩ එමු කියන පණිවිඩය තමයි පාරිභෝගික විසින් බලාපොරොත්තු වුණේ.

සමහර ව්‍යාපාර මෙම වසංගත අවස්ථාවේ තමන්ගේ පාරිභෝගික ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් ව්‍යාපාරය වර්ධනය කර ගන්න කටයුතු කළා. මේකට එක උදාහරණයක් තමයි Uniliver ආයතනයෙන් ලයිෆ්බෝයි සබන් භාවිතා කරලා තත්පර විස්සක් අත් හෝදන්න දැනුවත් කරල කරපු වෙළඳ දැන්වීම. මෙහිදී පවතින අවස්ථා ප්‍රයෝජනයට ගනිමින් ඔවුන්ගේ භාණ්ඩය පිළිබඳ යම්කිසි ප්‍රවර්ධනාත්මක දැන්වීමක් පළ කරන ගමන්ම ඔවුන් මේ COVID වසංගතයෙන් බේරෙන්න කළයුතු දේ පිලිබද දැනුවත් කිරීමකුත් කළා. මේ අවස්ථාව Uniliver ආයතනය තමන්ගේ Visibility එක උපරිම මට්ටමේ තියාගන්න කටයුතු කළා.

ඒ වගේම ඇමරිකාවේ Dove ආයතනය Frontline Health Workers ලාව සමරලා “Courage is Beautiful” කියලා වෙළඳ දැන්වීමක් කලා. ඔවුන් මේ අවස්ථාවෙදි උත්සහකළේ ඔවුගේ පාරිභෝගියෝ වෙනුවෙන් ඕනෑම අවස්ථාවක ඉන්නවා කියලා පෙන්වන්න.

ඒ වගේම තවත් උදාහරණයක් තමයි මේ කාලයේ මැලේසියාව තුළ Fake News එකක් ගියා අයිස්ක්‍රීම් කෑවම කෝවිඩ් හැදෙන ප්‍රතිශතය වැඩියි කියලා. මොකද ඒක උගුර ආශ්‍රිතව වෛරසය පැතිරෙන්න හොඳ පරිසරයක් නිර්මාණය කරනවා කියලා. මේ වෙලාවේදී සීඝ්‍රයෙන් අයිස්ක්‍රීම් වෙළදාම පහළ ගිය නිසා අදාළ ආයතන Doctors සහ Medical Professionals ලව සම්බන්ධ කරගෙන මිනිසුන්ගේ බය නැති කළා. ඒ අවස්ථාවේ මේ වගේ ෆේක් නිවුස් එකක් යනවා කියලා දැනගෙන ඒක ඉබේම නැති වෙනකම් බලා නොසිට අදාළ අවස්ථාවේදී තමන්ගේ ව්‍යාපාරය සහ තමන්ගේ පාරිභෝගිකයන් වෙනුවෙන් පෙනී සිටිමින් “Ice Cream Safe and Fun” කියලා ඔවුන් නැවතත් ඔවුන්ගේ භාණ්ඩය ප්‍රවර්ධනය කරන්න පටන් ගත්තා.

ගොඩක් ව්‍යාපාර පසුගාමී විදියට කටයුතු කරද්දි මේ විදියට සමහර ව්‍යාපාර වසංගත තත්වයක් තුලදී වුවත් අපි පාරිභෝගිකයා සමඟ ඉන්නවා කියලා පෙන්වන්න කටයුතු කරලා තමන්ගේ ආයතනය පිළිබද හොඳ Brand Image එකක් හදාගෙන ඒ හරහා පාරිභෝගික විශ්වාසය තහවුරු කරගත්තා.

මින් ඉදිරියට පාරිභෝගිකයන් ව්‍යාපාරයකින් බලාපොරොත්තු වෙන්නේ නිකන්ම භාණ්ඩ හා සේවා විකුණන තත්ත්වයක් නෙවෙයි. තමන් වෙනුවෙන් පෙනී සිටින, භාණ්ඩයක් විකුණනවා වෙනුවට විසඳුම් ලබා දෙන ව්‍යාපාර ආයතනයක්. ඉදිරියේදි Marketing කියන දේ සම්බන්ධ වෙනවා කියලා ලෝකයේ ව්‍යාපාර සම්බන්ධ විශේෂඥයන් අනුමාන කරන්නේ Brand Democracy වලට. ඒ කියන්නේ ව්‍යාපාරයක Brand එක මගින්ම Marketing කරගන්න එකට. ඒ අනුව ව්‍යාපාරයක අනාගත පැවැත්ම තහවුරු කරගන්න නම් අවශ්‍යවන්නේ Solutions Instead of Selling. ඒ කියන්නේ යමක් විකුණනවා වෙනුවට පාරිභෝගිකයාට පවතින දැඩි ප්‍රශ්නයකට විසඳුමක් ලබාදීමයි.

ඔබ ව්‍යාපාර අධ්‍යයනය ඉගෙනගත යුත්තේ ඇයි?ව්‍යාපාර ලෝකය ගැන උනන්දුවක් තියෙන ඕනෑම අයෙකුට වැදගත් වෙන විෂයක් තමයි ව්‍යාපාර අධ්...
11/08/2021

ඔබ ව්‍යාපාර අධ්‍යයනය ඉගෙනගත යුත්තේ ඇයි?

ව්‍යාපාර ලෝකය ගැන උනන්දුවක් තියෙන ඕනෑම අයෙකුට වැදගත් වෙන විෂයක් තමයි ව්‍යාපාර අධ්‍යයනය කියන්නේ. ව්‍යාපාර පරිපාලනය, මූල්‍ය කළමනාකරණය, ගණකාධිකරණය, අලෙවිකරණය, මානව සම්පත් කළමනාකරණය වගේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඕනෑම රැකියාවක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් හෝ තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරලා එය වර්ධනය කරලා ඉහළ තැනකට ගෙනියන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් හෝ අනිවාර්යෙන්ම ව්‍යාපාර අධ්‍යයනය විෂයක් ලෙස හැදෑරීම තුලින් ව්‍යාපාර ලෝකය පිළිබඳ මනා දැනුමක් ලබා ගන්න හැකි වෙනවා.

ඒ වගේම ව්‍යාපාර අධ්‍යනය විෂයේ මූලිකම හරය වන කළමනාකරණය ගැන ඉගෙනගැනීමටත් මේ තුළින් අවස්ථාව ලැබෙනවා. කළමනාකරණය ඉගෙනගැනීම මගින් ව්‍යාපාර කළමනාකරණය වගේම තමන්ගේ පෞද්ගලික ජීවිතය කළමනාකරණය කරගැනීමටත්, තමන්ගේ කාලය කළමනාකරණය කරගැනීමටත්, තමන්ගේ පෞද්ගලික ආදායම් වියදම් කළමනාකරණය කරගැනීමටත්, තමන් සතුව පවතින සම්පත් කළමනාකරණය කරගැනීම මගින් තමන්ගේ වැඩකටයුතු පහසුවෙන් හා කාර්යක්ෂමව කරගන්නා ආකාරය පිළිබඳත් අවබෝධයක් ලබාගැනීමටත් හැකියාව ලැබෙනවා.

අ.පො.ස. සාමාන්‍ය පෙළ මට්ටමේ ඉඳලම ව්‍යාපාර අධ්‍යනය විෂය ඉගෙනගැනීම තුළින් අ.පො.ස. උසස් පෙළ විෂයයන් සඳහාත් ඉන් පසුව විශ්වවිද්‍යාල හෝ වෘත්තිය අධ්‍යාපනය සඳහාත් මූලික අඩිතාලම සකස් වෙනවා වගේම තමන්ගෙ ව්‍යාපාරයක් පටන් ගනිද්දි හෝ එදිනෙදා සාමාන්‍ය ජීවිතයේ දී ව්‍යාපාර සමඟ කටයුතු කිරීමේදී අවශ්‍ය මූලික දැනුමක් මේ හරහා ලැබෙනවා. මෙයට හොඳම උදාහරණයක් විදිහට ණයපතක් (ක්‍රෙඩිට් කාඩ්) භාවිතා කරන ආකාරය පිළිබඳ දැනුවත්බව. ණයපතක්, එහෙමත් නැත්නම් ක්‍රෙඩිට් කාඩ්පතක් කියන්නේ ගොඩක් අය පාවිච්චි කරන්න බය හිතෙන එහෙම නැත්නම් සමහර අයට තමන්ගේ පාලනයක් නැති දෙයක්. නමුත් ඔබට මේ පිළිබඳ දැනුමක්, එහෙමත් නැත්නම් ක්‍රෙඩිට් කාඩ් එකක් කියන්නේ මොකක්ද, කොහොමද එක භාවිතා කරන්නේ, කොහොමද ඒකට පොලිය ගෙවන්න වෙන්නේ, අපි ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරල ගන්න ඕන මොනවගේ භාණ්ඩ ද වගේ දේවල් පිළිබඳ හොඳ අවබෝධයක් තියනවානම් ඔබේ පෞද්ගලික මූල්‍ය කළමනාකරණය කරගනිමින් ක්‍රෙඩිට් කාඩ්පතක් භාවිත කරන්න පුළුවන්. ඒ වගේම ඉතිරි කිරීම, ආයෝජනය වගේ දේවල් පිළිබඳත් අ.පො.ස. සාමාන්‍ය පෙළදි ඉගෙන ගන්න ව්‍යාපාර අධ්‍යනය විෂය හරහා මූලික අවබෝධයක් ලැබෙනවා.

ඒ වගේම තමයි වර්තමාන ව්‍යාපාර ලෝකය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද, මොනවගේ අංශයන් ද එහි වර්ධනය වෙන්නේ, ඒ තුලින් අපේ සාමාන්‍ය ජීවිතය පහසු කරගන්නේ කොහොමද කියලත් ව්‍යාපාර අධ්‍යයනය තුළින් විශේෂ දැනුමක් ලබාගන්න පුළුවන්. එම නිසා ඔබ අනාගතයේ කුමන වෘත්තියක නිරත වුණත් අ.පො.ස. සාමාන්‍ය පෙළ දී පටන් ගන්න ව්‍යාපාර අධ්‍යයනය කියන්නේ ඔබේ ජීවිතයම කළමනාකරණය කරගැනීම සඳහා ලැබෙන මූලික අඩිතාලමක්.

Address

Pannipitiya

Alerts

Be the first to know and let us send you an email when Commerce Teacher posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Commerce Teacher:

Shortcuts

Share

Category