29/11/2021
සහන පොකුරක් ලබා දුන් සුවිශේෂී පනත
"20121 අංක 18 දරණ සේවයෙන් විශ්‍රාම යාමේ අවම වයස පනත" යනු කම්කරු නීති ඉතිහාසයේ කම්කරුවන්ට කවුරුත් නොසිතන සහන පොකුරක් ලබාදෙන ලද පනතක් බව බොහෝ දෙනෙක් නොදෙනී.
ඉන් සලසන ලද සහන
1) ඔබ කවුරුත් දන්නා කරුණ වන විශ්‍රාම යන අවම වයස අවුරුදු 60 කිරීම.
2) පුද්ගලික අංශයේ සේවකයන්ගේ පරිවාස කාලය දින 180 කට සීමා කිරීම
3) අනියම් සේවකයා යනු කවරෙක්ද කියා නිර්වචනය කර එම සේවා කාලය දින 180 ක සීමාව ඉක්මවන්නේ නම් සේවකයා ස්ථීර සේවකයෙකු බවට පත් කිරීම.
4) ස්ථාවර කාලීන සේවා ගිවිසුම (Fixed Term Contract) නිර්වචනය කර තිබීම නිසා එම සංකල්පය සේවා යෝජකයන්ට අපයෝජනය කිරීමට ඇති ඉඩ ඇහිරීම.
5) කලීන සේවා ගිවිසුම් (Seasonal employment) නිර්වචනය කිරීම හා එම ගිවිසුම් කාලය දින 180 ඉක්මවන විට සේවකයා ස්ථිර සේවකයෙකු බවට පත් වීම.
6) ලිඛිත පත්වීම් ලිපි ලබා නොදෙන නමුත් සේවා ගිවිසුම් වාචිකව හෝ ව්‍යංගයෙන් පවත්නා විට දින 180 සැපුරූ වහාම සේවකයා ස්ථිර සේවකයෙකු වීම.
මෙවැනි තවත් සහන රැසක් මෙම පනතින් සේවකයන්ට ලබා දීම හේතුවෙන් මෙතෙක් ඉහළ අධිකරණ නඩු තීන්දු මත පැවති නීති බොහෝමයක් පනතින් තහවුරු කර ඇත.
තවද මෙතෙක් ලියා තබන ලද කම්කරු නීති පොත් වල ඇති කරුණු යල්පැන යාමක්ද වී ඇත.
මෙම පනත ගැන සේවක සංඛ්‍යාව 15 වැඩි සෑම සේවායෝජකයෙකුම හොඳ හැදෑරීමක් කල යුතු වේ.
ඔබත් මෙම පනත ගැන නොමිලේ වැඩි විස්තර දැන ගැනීමට 2021 දෙසැම්බර් 4 ප.ව. 7.00 ට මා විසින් Zoom මෘදුකාංගය ඔස්සේ පවත්වන මාර්ගස්ථ දේශනයට සහභාගී වීමට කැමති නම් මා හට ඔබගෙ WhatsApp අංකය හා ඊ මේල් ලිපිනය WhatsApp කර එවන මෙන් කාරුණිකව දන්වා සිටිමි.
අජිත් ජයසිංහ
MBA in HRM (PIM), BSc Bus Admin (Special) USJ