Pannala National School Past Pupil's Association.

Pannala National School Past Pupil's Association. This is official page of past pupil's Association National School Pannala

The Past's Pupils Association would like to extend a warm invitation to all former students of the School to join the PNS Past's Pupils Association.

20/09/2026
පන්නල ජාතික පාසලේ පැවති වාර්ෂික තාග්‍ය ප්‍රදානෝත්සවයේ (2025 ) සොදුරු දසුන් කිහිපයක්
20/09/2026

පන්නල ජාතික පාසලේ පැවති වාර්ෂික තාග්‍ය ප්‍රදානෝත්සවයේ (2025 ) සොදුරු දසුන් කිහිපයක්

2026වර්ෂයේ සමස්ත ලංකා පාසල් සංගීත තරගයේඅවසාන වටය 2026/09/19අද දින පවත්වන ලදී එහිදී කනිෂ්ඨ පිරිමි අංශයේ ශාස්ත්‍රීය රාගධාර...
20/09/2026

2026වර්ෂයේ සමස්ත ලංකා පාසල් සංගීත තරගයේඅවසාන වටය 2026/09/19අද දින පවත්වන ලදී එහිදී කනිෂ්ඨ පිරිමි අංශයේ ශාස්ත්‍රීය රාගධාරී ඒ කළ සිතාර් වාදන තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලදී

අමතක නැති උතුම් මිනිස්කම..."ව්‍යාපාරික ලෝකය ජයගෙන සාර්ථකත්වයේ ඉහළටම ගියත්, තමන් පැමිණි මඟ අමතක නොකරන මිනිසුන් ලෝකයටම ආදර...
09/09/2026

අමතක නැති උතුම් මිනිස්කම..."
ව්‍යාපාරික ලෝකය ජයගෙන සාර්ථකත්වයේ ඉහළටම ගියත්, තමන් පැමිණි මඟ අමතක නොකරන මිනිසුන් ලෝකයටම ආදර්ශයකි. පන්නල ජාතික පාසලෙන් අකුරු කර, අද NDC Exports (Pvt) Ltd ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැවැන්ත සංකේතයක් බවට පත්ව සිටින කීර්තිමත් ව්‍යවසායක මංගල සමරසිංහ මහතා, සිය සාර්ථකත්වයේ සැබෑ හිමිකරුවන්ට හදවතින්ම උපහාර දැක්වූ අතිශය සංවේදී මොහොතක් NDC Exports ආයතන පරිශ්‍රයේදී සලකුණු විය.
එදා තමන්ට නිවැරදි මඟ පෙන්වමින්, අනාගතය එළිය කරන්නට දහඩිය හෙලූ, අද විශ්‍රාමික සුවයෙන් පසුවන ආදරණීය ගුරු මව්පියන් සිය ව්‍යාපාරික ස්ථානයට කැඳවා, ඔවුන් වෙනුවෙන් කාලය වෙන්කරමින් අතීතයේ මිහිරි මතකයන් ආවර්ජනය කරන්නට තරම් උතුම් හදවතක් ඔහු සතු විය.
ඔවුන්ගේ ආශිර්වාදය මැද සතුටු සාමිච්චියේ යෙදෙමින් ගත කළ ඒ සුන්දර හෝරා කිහිපය, නූතන සමාජයටම කියාදෙන්නේ උතුම් "ගුරු භක්තියේ" සහ "කළගුණ සැලකීමේ" සැබෑ අර්ථයයි.
ගුරු දෙගුරුන්ගේ අඩිතාලම මත ගොඩනැඟුණු ඒ උතුම් ආදර්ශමත් හදවතටත්, අදටත් විශ්‍රාමික සුවයෙන් පසුවන ඒ ආදරණීය ගුරු මව්පියන්ටත් අපගේ හදපිරි නමස්කාරය! 🙏

19/08/2026

විදුසඳ ආවර්ජනා " 2026
Pannala National School Past Pupil's Association.
Video credit by Studio Arvi

සමස්ථ ලංකා මයිලෝ නෙට්බෝල් තරගාවලියේ කුරුණෑගල දිස්ත්‍රික් තරගයේ පන්නල ජාතික පාසල අවු.19,17 න් පහළ අනුශුරතාවයන්ද, 15 න් ප...
06/08/2026

සමස්ථ ලංකා මයිලෝ නෙට්බෝල් තරගාවලියේ කුරුණෑගල දිස්ත්‍රික් තරගයේ පන්නල ජාතික පාසල අවු.19,17 න් පහළ අනුශුරතාවයන්ද, 15 න් පහළ සමස්ථ ලංකා තරග සදහාද, සුදුසුකම් ලබාගන්නා ලදී.❤️❤️❤️

සංවේගයෙන් දැනුම්දීමයි.පන්නල මහා විද්‍යාලයේ සහ පන්නල ජාතික පාසලේ හිටපු පාඨශාලාචාරිනි විශ්‍රාමික සුනේත්‍රා ගුණවර්ධන ගුරු ම...
05/08/2026

සංවේගයෙන් දැනුම්දීමයි.

පන්නල මහා විද්‍යාලයේ සහ පන්නල ජාතික පාසලේ හිටපු පාඨශාලාචාරිනි විශ්‍රාමික සුනේත්‍රා ගුණවර්ධන ගුරු මෑණියන් හදිසියේ අභාවප්‍රාප්ත විය. ඇය මීට මාස කිහිපයකට පෙර අභාවප්‍රාප්ත වූ අප පාසලේ හිටපු කීර්තිමත් විදුහල්පතිවරයෙකු වූ MDK ප්‍රනාන්දු මහතාගේ ආදරණීය මැතිණියයි.
අප පාසලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයන් වූ තුෂාර ගුණවර්ධන, සාරංග ගුණවර්ධන සහ කුෂිල් ගුණවර්ධන යන අයගේ ආදරණීය මෑණියන්ද වනවා.
ඇගේ දේහය මේවනවිට මීගමුව ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබෙනවා. අවසන් කටයුතු අද සවස 05 ට මීගමුව පොදු සුසාන භූමියේදී සිදු කෙරෙනවා.
ඇයට නිර්වාණයේ ස්වර්ණ දොරටුව විවර වේවා..

ආදි ශිෂ්‍ය සංගමය
පන්නල ජාතික පාසල.

Address

Pannala
60160

Alerts

Be the first to know and let us send you an email when Pannala National School Past Pupil's Association. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Pannala National School Past Pupil's Association.:

Shortcuts

Share

Category