Vision Academy of Professional Studies

Vision Academy of Professional Studies Vision Academy of Professional Studies

18/05/2025

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවට සිසුන් ඇතුළත් කරගැනීමට අයදුම්පත් කැඳවයි..!

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ, මේ වසරේ සිට වෘත්තීය විෂය ධාරාව පාසල් 608ක ක්‍රියාත්මක කෙරෙන බවයි.

මෙම විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීමේදී අපොස සාමාන්‍ය පෙළ සමත් අසමත්භාවය සලකනු නොලබන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා. ඒ සඳහා ඇතුළත්වීමට අපේක්ෂිත පාසලේ විදුහල්පතිට අයැදුම්පතක් යොමු කළ යුතු වනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සඳහා සතියේ දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා දුරකථන අංක 0112787136 / 0112786746 ඔස්සේ අධ්‍යාපන අමාත්‍යාංශය ඇමතිය හැකියි.

වෘත්තීය විෂය ධාරාව යටතේ 12 ශ්‍රේණියේ පාසල් අධ්‍යයන කටයුතු සම්පූර්ණ කර 13 ශ්‍රේණියට අයත් වෘත්තීය විෂයයන්ගෙන් එකක් යටතේ ඇති NVQ (ජාතික වෘත්තීය සුදුසුකම්) 04 වන මට්ටමේ වෘත්තීය පුහුණු පාඨමාලාවක් සම්පූර්ණ කිරීමට සිසුන්ට හැකියාව ලැබෙනවා.

සිංහල අයදුම්පත :
http://moe.gov.lk/wp-content/uploads/2025/05/16/Annex3ALVS13YearsSchoolApplicationSin.pdf

දෙමළ අයදුම්පත :
http://moe.gov.lk/wp-content/uploads/2025/05/16/Annex3ALVS13YearsSchoolApplicationTam.pdf

පාසල් ලැයිස්තුව :
http://moe.gov.lk/wp-content/uploads/2025/05/16/Annex2ALVSSchoolList2025.pdf

Peace and a joy-filled heart. Our heartiest wish for the season. සාමය සහ සතුට නිති රැදෙන සුබ නත්තලක් වේවායි ඉත සිතින් අප...
25/12/2022

Peace and a joy-filled heart. Our heartiest wish for the season.
සාමය සහ සතුට නිති රැදෙන සුබ නත්තලක් වේවායි ඉත සිතින් අපි පතන්නෙමු.

😍💐✨☮️🎄

ලබන්නාවු නව වසර ඔබටත්, පවුලේ සැමටත් සුබම සුබ නව වසරක් වේවා.  🙏
14/04/2021

ලබන්නාවු නව වසර ඔබටත්, පවුලේ සැමටත් සුබම සුබ නව වසරක් වේවා. 🙏

We are wishing you happy and prosperous new year. 🌱from,~team VAPS~
31/12/2020

We are wishing you happy and prosperous new year. 🌱

from,
~team VAPS~

17/11/2020
https://www.staysafe.gov.lkසඳුදා වෙනකොට QR කෝඩ් එකක්  තියෙන පෝස්ටරයක් හැම business කරන තැනකම ,super market ,saloon ,bank...
09/11/2020

https://www.staysafe.gov.lk
සඳුදා වෙනකොට QR කෝඩ් එකක් තියෙන පෝස්ටරයක් හැම business කරන තැනකම ,super market ,saloon ,bank සහ ප්‍රසිද්ධ ස්ථානවල දැකගන්න පුළුවන් ,ඒ වගේම බස්රථවල ත්‍රීරෝද රථවල සහ පොදු ප්‍රවාහන සේවා වල පවා දැකගන්න පුළුවන් වේවි , ඔබ ව්‍යාපාරිකයෙක් නම් ඔබගේ ව්‍යාපාරික ස්ථානයට තවමත් මෙය ලබාගෙන නැත්නම් www.safewin.lk වෙතින් ලියාපදිංචි වී ව්‍යාපාරික ස්ථානයට qr කේතයක් ලබා ගන්න පුළුවන්, ඒ වගේම ව්‍යාපාරික ස්ථානයට ඇතුල් වෙන තැන දොරේ ඒක ස්ටිකරයක් විදියට අලවලා තියෙන්නත් පුළුවන් ,අපට තියෙන්නේ අපගේ ජංගම දුරකථනය ඇන්ඩ්‍රොයිඩ් හෝ ඇපල් වර්ග නම් play store හෝ app store එකට ගිහින් safewinqr කියලා ටයිප් කරලා ,මෙම ඇප් එක බාගත කර ගන්න පමණයි .ඒ තුළින් අපි යන එන හැමතැනම තියෙන qr කේතය ස්කෑන් කිරීමෙන් එම ස්ථානය පිළිබඳ තොරතුරු අපගේ safewin app එක තුලින් අපට බලාගන්න පුළුවන් .යම් විදියකින් ඔබ යන එන ස්ථානවල සිටින පුද්ගලයෙක් අහඹු PCR පරීක්ෂණයකින් positive වුනොත් ,එසැනින් ඔහු සංචරණය කරපු ස්ථානවලට ගියපු අයට නිරෝධායනය වෙන්න කියලා පණිවිඩයක් පෝන් එකට එනවා .ස්මාර්ට් දුරකතනයක් නැත්තං ,ඔබගේ විස්තර පොතක ලියලත් ඇතුල් වෙන්න පුළුවන් ,මෙමගින් covid 19 ආශ්‍රිතයෙක් සමාජයේ ගැවසීම අවහිර කරනවා සහ covid 19 positive කෙනෙක්ගෙ ආශ්‍රිතයන් ඉතා ඉක්මනින් සොයා ගත හැකියි ,හොඳයි නේද අලුත් ක්‍රමය ,"ආරක්ෂාවෙන් ජයග්‍රහනය " (safewin )".

The Smart Way of keeping you safe around with a single tap.

17/10/2020

ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වලට බලපාන නව Ransomware අවදානමක්

(ලංකා ඊ නිව්ස් -2020.ඔක්.16, පෙ.ව.8.30) ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන වලට බලපාහැකි ransomware සයිබර් ප්‍රහාරයක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගැනීමට මයික්‍රෝසොෆ්ට් සමාගමට හැකිවී ඇත. මෙම ransomware වර්ගය MalLocker.B යනුවෙන් හදුන්වා දී ඇති අතර මේ මගින් ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය unlock කළ නොහැකි ලෙස පවත්වාගෙන යෑමට හැකි බවට තොරතුරු අනාවරණය වී ඇත.

අනිෂ්ට මෘදුකාංගය ස්ථාපිත ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය unlock කරගැනීම සදහා කප්පම් ගෙවීමක් සිදුකලයුතු බැවින් මෙවැනි සයිබර් ප්‍රහාර ransomware නමින් හදුන්වනු ලබයි. මෙවැනි ransomware මෘදුකාංග ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන වලට ස්ථාපනය වන්නේ Google Play Store වෙතින් පරිබාහිරව ලබාගන්නා යෙදුම් නැතහොත් APK ගොනු හරහා වේ.

මෙම MalLocker.B ransomware සයිබර් ප්‍රහාර අවදානමෙන් ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය ආරක්ෂා කරගැනීම සදහා Google Play Store වෙතින් පමණක් දුරකථන යෙදුම් බාගත කරගන්නා ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන පරිශීලකයන්ට දැනුම් දෙමු.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

06/09/2020

අප එදිනෙදා ජීවත් වන භෞතික ලෝකයේ ආරක්ෂාකාරීව හැසිරෙන ආකාරය පිළිබඳව අප දරුවන් නිතර නිතර දැනුවත් කළ ද, ඩිජිටල් ලෝකය සැරිසරන අපේ දරුවන් ආරක්ෂාකාරීව තබා ගැනීම පිළිබඳව දැනුවත්වීම් සිදුවනුයේ ඉතා අඩුවෙන්.

COVID 19 වසංගතයත් සමග පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කරගනිමින් එදිනෙදා කටයුතු කරගෙන යාමේදී සන්නිවේදන තාක්ෂණය සහ සමාජ මාධ්‍ය භාවිතය ඉතා සීග්‍ර ලෙස ඉහළ යෑමක් ලොව පුරා දක්නට ලැබුණා.

මේ නිසා ඉතාමත් සුබදායි දේවල් මෙන්ම මෙම සන්නිවේදන තාක්ෂණ අවභාවිතය නිසා ඉතාමත් ගැටලුකාරී තත්ත්ව වලට මුහුණ දුන් අවස්ථාද අපට පහුගිය කාලයේ දී දැන ගැනීමට ලැබුණා.

එම නිසා ඩිජිටල් ලෝකයේ සැරිසරන අපේ දරු දැරියන් දැනුවත් කිරීමට ආරම්භයක් ලෙස පහත කරුණු ඔබ හමුවේ තැබීමට අප තීරණය කළෙමු. මේ එක් එක් කරුණ පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කිරීමට ඉදිරි දින කීපය තුළ දී අපි බලාපොරොත්තු වෙමු.

1. අන්තර්ජාලය හරහා සන්නිවේදනය කරන විට තමා හඳුනන්නේ නැති කිසිම කෙනෙකුට තමාගේ පුද්ගලික තොරතුරු හෝ තමා යන එන තැන් පිළිබඳව දැනුම් දීමෙන් වැලකී සිටින්න දරුවන්ව බලගන්වන්න.

2. සැබෑ ලෝකයේදී තමා හඳුනන්නේ නැති අය සමග අන්තර්ජාලය හරහා සම්බන්ධවීමේදී ඉතාමත් පරෙස්සම් විය යුතුයි. එවැනි කෙනෙකු හමු වීමට හෝ කතාබහ කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඊට ප්‍රථමව වැඩිහිටි අයකු දැනුවත් කිරීමට සෑම විටම දරුවන් උනන්දු කරවමු.

3. අන්තර්ජාලය හරහා ලැබෙන ලිපිගොනු (files), ඊමේල් පණිවිඩ, ඡායාරූප සහ text පණිවිඩ විවෘත කිරීමට ප්‍රථමව ඒවායේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට උත්සාහ කරන්න. අනාරක්ෂිතව මේවා විවෘත කළහොත් තමාගේ පරිගණකය හෝ ජංගම දුරකථනයේ ආරක්ෂක විධි විධාන නියමාකාරව ක්‍රියා නොකර, තමාගේ පුද්ගලික තොරතුරු සහ දත්ත බාහිර පුද්ගලයන්ට ලබා ගත හැකි ආකාරයට නිරාවරණය වීමේ අවදානමක් ඇති විය හැක.

4. අන්තර්ජාලය හරහා ලැබෙන සෑම තොරතුරක්ම සත්‍ය තොරතුරු නොවන බව ඔබගේ දරුවන්ට වටහා දෙන්න. තොරතුරු දැන ගැනීමේ දී සෑම විටම විශ්වාසවන්ත සහ වගකීම් සහිත ආයතන හෝ පුද්ගලයින් මගින් නිකුත් කරන දේ පමණක් තෝරා ගැනීමට දරුවන්ට උගන්වන්න.

5. අන්තර්ජාලය භාවිතයේ දී මොනයම් හෝ දෙයක් තම දරුවාව අපහසුතාවයට පත් කරන්නේ නම් හෝ කරදරයකට පත් කරන්නේ නම් සෑම විටම වැඩිහිටියෙකු සමග සාකච්ඡා කළ හැකි බව දරුවාට පහදා දී, විවෘත මනසකින් යුතුව දරුවන් සමග මෙම ගැටළු සාකච්ඡා කිරීමට සෑම විටම ඉදිරිපත් වන්න.

ඔවුන්ට තරවටු කිරීමකින් තොරව, පැහැදිළි කරදීම මඟින් අනාගතයේ මුහුණ පෑමට සිදුවන අභියෝග වලට තනිවම මුහුණ දීමට අපි අපගේ ළමා පරපුර බලගැන්වීම අප සැමගේ වගකීමකි..

28/01/2020

ජෝන් හොප්කින්ස් සරසවිය සහ ArcGIS එකතුවෙලා කරගෙන යන සජීවී කොරෝනා වයිරස් ආසාදිතයන්ගෙ සිතියම තමයි මේ. තහවුරු කරගත් රෝගීන්ගෙන් මැප් එක අප්ඩේට් වෙන නිසා පොඩි ප්‍රමාදයක් තියෙන්නෙ පුලිවන් හැබැයි හැබැයි බෝහො දුරට නිවැරයි - බලන්න -

Address

595/4, Romiyel Mawatha, Homagama
Panagoda
12074

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00

Telephone

+94115991881

Alerts

Be the first to know and let us send you an email when Vision Academy of Professional Studies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Vision Academy of Professional Studies:

Shortcuts

Share

Category