Siri Wimala Daham Pasela

Siri Wimala Daham Pasela Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Siri Wimala Daham Pasela, School, Siri Siddhaththarama maha Viharaya, Panadura.

2023 සිරි විමල දහම්පාසල් ගූරැ උපහාර ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය
03/09/2023

2023 සිරි විමල දහම්පාසල් ගූරැ උපහාර ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය

07/04/2022
31/03/2022

සිරි විමල දහම් පාසලේ ආචාර්ය උපාලි හෙට්ටිගේ මහතා හදිසියේ අභාවප්‍රාප්ත විය . අවසන් කටයුතූ පිලිබදව පසුව දැනුම් දෙනු ලැබේ.

11/09/2021

පූජ්‍ය මොරපිටියෙ කස්සප ස්වාමීන් වහන්සේ පිළිබඳ පැතිරෙන ප්‍රකාශයන් අසත්‍ය ප්‍රකාශ වන අතර එම එම ප්‍රකාශ තව තවන් ප්‍රචාරය නොකර අප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු..

24/04/2021

සිරි විමල දහම් පාසල හෙට ආරම්භ නොවන අතර නැවත ආරම්භය පසුව දැනුම් දෙනු ලැබේ.

29/11/2020

බුදු සමයට අදාළ සිදුවීම් රාශියකට මෙම ඉල් පොහොය දිනය සම්බන්ධවීම නිසා එය බෞද්ධ ඉතිහාසයෙහි බලවත් තැනෙක්හි ලා සැලකිය හැකි ය. එම සිදුවීම් මෙසේය.

මෛත්‍රී බෝධිසත්ත්වයන් වහන්සේ විවරණ ලැබීම

ප්‍රථම ධර්ම දූත මෙහෙවර ජටිල දමනය

අගසව් සැරියුත් තෙරණුවෝ පිරිනිවන් පෑම

කඨින චීවරය පූජා කළ හැකි අවසන් දිනය වීම ආදියයි.

මෛත්‍රී බෝධිසත්ත්වයන් වහන්සේ සැවැත්නුවරට නුදුරු සංකස්ස නුවර මහාසාල කුලයක සිරිවඩ්ඩන නම් වූ මහ සිටුවරයාගේ පුත්ව ඉපිද සිටියහ. සියලු ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කළ ඔහු තම මවුපිය අභාවයෙන් පසු විශාල ධනස්කන්ධයකට හිමිකම් පෑ අතර, සැප සම්පත් හා පිරිවර ජනයා සමග කල් ගෙවීය. ගෞතම බුදුපියාණන්වහන්සේ තම මෑණියන් වූ මාතෘ දිව්‍යපුත්‍රයා ඇතුළු දෙවිවරුන්ට අභිධර්මය දේශනා කොට තව්තිසා දෙව්ලොව සිට ආපසු වැඩම කළේ සංකස්ස නම් නුවරයට.
බුදුන් වහන්සේගේ දේවාවරෝහණ පූජාව සම්බන්ධයෙන් සැරියුත් මහ රහතන්වහන්සේ සමග පැවැති ප්‍රශ්න විසඳුම් සාකච්ඡාවට සවන් දුන් මෛත්‍රී බෝසතුන් දහසක් පමණ වූ තම පිරිවර සමග බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ ආර්ය මෛත්‍රී නමින් මහණ විය.
ඉන්පසු එළඹි වස් කාලයක තම දායකයින් විසින් පූජා කළ උසස් තත්ත්වයෙන් යුත් වස්ත්‍ර යුගලක් ලද බෝධිසත්ව තෙරුන්වහන්සේ ඉන් එක් සිවුරක් බුදුන්වහන්සේ වැඩ සිටින ගඳකිළියෙහි වියනක් කොට පූජාකළ අතර, අනිත් සිවුර තීරු වශයෙන් ඉරා මහ වියන් වටකොට එයද බුදුරජාණන් වන්සේට පූජා කළ සේක. මෙම පූජාවෙන් අනතුරුව මහ සංඝයා වහන්සේ මැද සිට බුදුරජාණන්වහන්සේ මහ තෙරුන් අමතා ‘ස්ථවිරයෙනි, නුඹ මේ මහභද්‍ර කල්පයෙහි මෛත්‍රී නමින් සම්‍යක් සම්බුද්ධ වන්නෙහි’ යැයි විවරණ දී වදාළ සේක.
ඊළඟට වැදගත් කරුණ වන්නේ දැවැන්ත සමාජ මෙහෙවරක් සේ සැලකිය හැකි ප්‍රථම ධර්මදූත සැට නම ධර්ම ප්‍රචාරයේ යෙදවීම ය. මෙම දූත පිරිසේ නායකත්වය දරන ලද්දේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ ඇතුළු පස්වග ශ්‍රාවකයන් වහන්සේය.
මෙම රහතන් වහන්සේ සැට නම අමතා බුදුපියාණෝ මෙසේ වදාළ සේක. ‘මහණනි, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව් මිනිසුනට වැඩ පිණිස, හිත පිණිස චාරිකාවේ හැසිරෙව්, දෙදෙනෙක් එක මඟ නොයව්.
මුල, මැද, අවසන අර්ථ සහිත වූ ද, ව්‍යඤ්ජන සහිත වූ ද ධර්මය දේශනා කරව්. ධර්මය අසන්නට නොලැබුණහොත් උසස් ගුණයෙන් ඔවුහු පිරිහෙත්. ධර්මය අසා අවබෝධ කරන්නෝ ඇතිවෙත්. එබැවින් ධර්මය දෙසීමට පිටත්ව යවු. මම ද උරුවෙල් දනව්වේ සේනානි ගමට ධර්ම දේශනා පිණිස යන්නෙමි’ යනුවෙනි. ‘දෙනමක් එක ම¼ග නොයන්නැ යි වදාලේ බුදු දහම ඉතා පුළුල් ලෙස ව්‍යාප්ත කිරීමේ අපේක්ෂාවෙනි.
ඒ මගින් වැඩි දෙනෙකුට සැලසෙන සෙත උන් වහන්සේ අගය කළ බව පැහැදිලි වේ. ඉක්බිති හුදකලා වූ තමන් වහන්සේ ද ධර්මදූත සේවය ආරම්භ කළේ ඉල් පුර පසළොස්වක පොහෝ දාය.
උරුවෙල් දනව්වේ නේරංජනා නදිය අසබඩ ආරාම තුනක විසූ උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප හා ගයා කාශ්‍යප යන ජටිල සොහොයුරන් ඇතුළු දහසක් අනුගාමිකයන්ට බුදුදහමේ සත්‍යය වටහා දීමෙන් අනතුරුව බුදුදහම වැළඳගෙන සසුන් ගත වූයේ ද ඉල් පෝ දිනදී ය. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ආදිත්ත පරියාය සූත්‍රය අසා සියලු දෙනා රහත් වූහ.
බුදුන් වහන්සේගේ දකුණත් අගසව් වන හා දහම් සෙන්පති ලෙස ප්‍රචලිත සැරියුත් මහ තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ප්‍රථමයෙන් පිරිනිවන් පෑමට අදහස් කොට තෙරුවන් සරණ යෑමෙන් වැළකී සිටි තම දයාබර මෑණියන් සසරින් එතෙර කරවීම සඳහා බුදුදහමේ හරය දේශනා කළ අතර, බුදු හිමිගේ අනන්ත වූ ගුණ සමුදාය ද සිහිපත් කර දීමෙන් පසු ඇය සෝවාන් ඵලයට පත්වූවා ය. තම මෑණියන් සසරින් එතෙර කිරීමෙන් ඉමහත් සතුටට පත් සැරියුත් මහ තෙරණුවෝ තම පරිනිර්වාණය සඳහා තම මවුබිම වන මගධ රටේ නාලක ගමට වැඩියේද ඉල් පොහොය දිනයේදී ය. වස්සාන සෘතුවේ අවසන් දිනය ඉල් පොහෝ දිනයයි. ඉල් මාසය ‘කඨින චීවර මාසය’ ලෙසද බොහෝ දෙනා හඳුන්වති.
කඨින පින්කම් මෙම ඉල් පෝ දිනෙන් අවසන් කළ යුතුව තිබේ. ගමත් පන්සලත් අතර බැඳියාව සවිබල කරන අවස්ථාවක් ලෙස සලකන මෙම කඨින පූජාව උතුම් විපාක දෙන ආමිස පූජාවකි.
එක් විහාරස්ථානයක වසරකට එක් වතාවක් පමණක් සිදු කළ හැකි මෙම පින්කම වෙනුවෙන් පොළොන්නරුවේ මහ පැරකුම්බා රජතුමා සංඝයා වහන්සේලා තුන් දහස් හාරසිය තිස් දෙනෙකුට ද, කෝට්ටේ පරාක්‍රමබාහු රජතුමා අසූ මහ ශ්‍රාවක සංඝයාට මහ කඨින පූජාවක් පැවැත් වූ බව ද සඳහන් වෙයි.

......රූපය දිරයි  නාමය නොදිරයි.....      ලෝදහමට අනුව දිවි ගමනින් සමුගත්  ඩබ්ලිව් ගුණවර්ධන ගුරු පියාණනිඔබට   නිවන් සුව......
10/10/2020

......රූපය දිරයි නාමය නොදිරයි.....
ලෝදහමට අනුව දිවි ගමනින් සමුගත් ඩබ්ලිව් ගුණවර්ධන ගුරු පියාණනිඔබට නිවන් සුව...!
සිරි විමල දහම් පාසල් අචාර්ය මණ්ඩලය සහ දරු දැරියන්

Address

Siri Siddhaththarama Maha Viharaya
Panadura
12500

Website

Alerts

Be the first to know and let us send you an email when Siri Wimala Daham Pasela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category