Pubudu Dahampasala

Pubudu Dahampasala හදවත සමග බුද්ධිය අවධි කරමු පෙනෙනවාට වඩා යමක් දකිමු.

සිංහල බෞද්ධයාගේ අන්‍යතාව සුරකින රටට දැයට හිතැති ගුණ නැණ බෙලෙන් පිරිපුන් අනාගත පරපුරක් උදෙසා නිස්සරණඅධ්‍යාසයෙන් කැපවෙමු.

සංසාරික දුකෙන් වෙලී සිටි සත්වයා මුදවාලනු පිණිස පෙරුම් පිරූ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ ප්‍රතිසන්ධිය, මහා අභිනිෂ්ක්‍රමණය ...
29/07/2026

සංසාරික දුකෙන් වෙලී සිටි සත්වයා මුදවාලනු පිණිස පෙරුම් පිරූ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ ප්‍රතිසන්ධිය, මහා අභිනිෂ්ක්‍රමණය මෙන්ම රාහුල කුමරුගේ උපත සිදුවූයේද අද වැනි උතුම් ඇසළ පුර පසළොස්වක පෝදිනකය.

*එතෙක් මෙතෙක් මිනිස් ඉතිහාසයේ සිදු වූ ශ්‍රේෂ්ඨතම සහ අසිරිමත්ම සිදුවීම වන ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව බරණැසයේ ඉසිපතන මිගදායේදී පස්වග තවුසන් උදෙසා දේශනා කර වදාළේ අද වැනි පූජනීය දිනයකයි.*

අන්ත දෙකක අතරමංව සිටි ලෝකයාට:

අධික ලෙස සැප විඳීමේ කාමසුඛල්ලිකානුයෝගයත්,

ශරීරයට අධික ලෙස දුක් දීමේ අත්තකිලමථානුයෝගයත්

යන අන්ත දෙකම බැහැර කරමින්, සසර දුකින් මිදීමේ එකම මග වන "මධ්‍යම ප්‍රතිපදාව" (ආර්ය අෂ්ටාංගික මාර්ගය) සහ "චතුරාර්ය සත්‍යය" උන්වහන්සේ ලොවට හෙළි කළ සේක.

දේශනාව කෙළවර අඤ්ඤාකොණ්ඩඤ්ඤ තවුසාණන් සෝවාන් ඵලයට පත්වීමත් සමඟ, බුද්ධ, ධම්ම, සංඝ යන උතුම් තෙරුවන්ම ලොව සම්පූර්ණ වූයේද මෙම උතුම් ඇසළ පෝදිනකය. එමෙන්ම මාතෘ දිව්‍ය රාජයා ප්‍රමුඛ දෙවියන්ට අභිධර්මය දේශනා කිරීම, හේමමාලා-දන්ත කුමරුන් විසින් ශ්‍රී දන්තධාතූන් වහන්සේ ලංකාවට වැඩම කරවීම, වැනි ශාසනික රන් සලකුණු රැසකින් ඇසළ මහ ශ්‍රී ලාංකීය අපට අතිශය පූජනීය වේ.

24/07/2026
සීල, සමාධි, ප්‍රඥා ගුණෝපේත මහා සංඝරත්නයේ උදාර පාද චාරිකාව! 🌸✨"පිණ්ඩපාතිකස්ස භික්ඛුනෝ - පත්තපිණ්ඩං විසුද්ධං"ශාන්ත ඉරියව්ව...
04/07/2026

සීල, සමාධි, ප්‍රඥා ගුණෝපේත මහා සංඝරත්නයේ උදාර පාද චාරිකාව! 🌸✨

"පිණ්ඩපාතිකස්ස භික්ඛුනෝ - පත්තපිණ්ඩං විසුද්ධං"

ශාන්ත ඉරියව්වෙන්, පාත්‍රය පෙරදැරිව වැඩම කරන මහා සංඝරත්නයට පූජා කරන දානය අනුත්තර වූ ආනිශංස ගෙන දෙන්නකි.

බුදු පියාණන් වහන්සේ ජීවමානව වැඩසිටි සමයේ ඒ උතුම් රහතන් වහන්සේලා ශාන්ත ලීලාවෙන් වීදි සංචාරය කළ අයුරු සිහිපත් කරවමින් විහාරාධිපති සංගමය, පාදුක්ක ශාසනාරක්ෂක බලමණ්ඩලය ,දහම් පාසල් ගුරු සංගමය හා රාජ්‍ය ආයතන එක්ව සංවිධානය කරනු ලබන උදාර ශාසනික මහෝත්සවය හෙට දින උදෑසන 10.00 සිට පාදුක්ක නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.

ගුණබර, පින්බර මහා සංඝරත්නය 100 නමකගේ සිවුරු රළ රැලි සහ පාත්‍ර ධාතූන් වහන්සේලාගේ වැඩමවීමෙන් අපේ ගම්බිම් පූජනීයත්වයට පත් කරන ''පිණ්ඩපාත චාරිකාව" සඳහා සියලු සැදැහැවතුන්ට මෙත් සිතින් ඇරයුම් කරමු.

#ශාසනාරක්ෂක_බලමණ්ඩල
#දහම්_ගුරු_සංගමය
#පාදුක්ක
#පිණ්ඩපාත_චාරිකාව
#2026

01/07/2026

🪷 සීලයෙන් සිත පිරිසිදු කරමින්, භාවනාවෙන් සිත සන්සුන් කරමින්, බුදු දහමේ වටිනාකම් ජීවිතයට එක් කරගත් අර්ථවත් දිනයක්.

අපගේ දහම් පාසලේ පැවති සීල භාවනා වැඩසටහන තුළ දරුවන් මෙන්ම සැම දෙනාම ශ්‍රද්ධාවෙන්, විනයෙන් හා එකමුතුකමින් දහම් මඟේ පියවර තැබූහ.

මෙම පින්කම සාර්ථක කර ගැනීමට කැපවූ සියලුම , දෙමාපියන්ට,ශිෂ්‍ය නායක මණ්ඩලට ද සහභාගි වූ සැමට අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරමු.

මේ රැස් කළ සියලු පින් බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා! තෙරුවන් සරණයි! 🙏☸️

#පුබුදු_දහම්_පාසල
#පුබුදු _අපි
#සීල_භාවනා_වැඩසටහන
#2026

පොසොන් සීල භාවනා වැඩසටහන 2026
29/06/2026

පොසොන් සීල භාවනා වැඩසටහන 2026

29/06/2026

මිහිඳු මහරහතන් වහන්සේ දෙසූ ධර්මයේ පණිවිඩය වන්නේ පරිසරය, සතා සීපාවා සහ මනුෂ්‍යයා අතර ඇති අන්‍යෝන්‍ය බැඳීමයි. දඩයමෙන් අවිහිංසාවටත්, මෝහයෙන් ප්‍රඥාවටත් ලක්වැසියා මෙහෙයවූ ඒ උතුම් ධර්මයේ ආලෝකය සැමගේ සිත් සතන් තුළ දැල්වේවා! පින්බර පොසොන් පොහොය දිනයක් වේවා! 🙏✨

#පුබුදු_දහම්_පාසල
#පොසොන්_පොහොය
#2026

🦟 *ඩෙංගු තුරන් කරමු - සුවපත් හෙටක්* *ගොඩනගමු!* දහම් පාසල් ඩෙංගු මර්ධන සතියට සමගාමීව, අපේ දහම් පාසල් පරිශ්‍රය සහ අවට ප්‍ර...
21/06/2026

🦟 *ඩෙංගු තුරන් කරමු - සුවපත් හෙටක්* *ගොඩනගමු!*

දහම් පාසල් ඩෙංගු මර්ධන සතියට සමගාමීව, අපේ දහම් පාසල් පරිශ්‍රය සහ අවට ප්‍රදේශය පිරිසිදු කිරීම වෙනුවෙන් පැවැත්වුණු ශ්‍රමදාන වැඩසටහන...✨

#පුබුදු_අපි
#ජූනි 21
#2026

"සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා” සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!ලුම්බිණි සල් උයනේදී සිදු වූ  සිද්ධාර්ථ කුමාරෝත්පත්තියත්, බුද...
29/05/2026

"සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා”
සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!

ලුම්බිණි සල් උයනේදී සිදු වූ සිද්ධාර්ථ කුමාරෝත්පත්තියත්, බුද්ධගයාවේ බෝධි මූලයේදී සියලු කෙලෙසුන් නසා බුද්ධත්වයට පත්වීමත්,කුසිනාරා නුවර උපවර්තන සල් උයනේදී ලොවටම අනිත්‍යතාවය කියාපාමින් පිරිනිවන් පෑමත් යන උතුම් වූ "විසිතුරු තෙමඟුල" සිදුවූයේ අද වන් පින්බර වෙසක් පුර පසළොස්වක පොහෝ දිනකය.

ආමිස පූජාවෙන් මෙන්ම ප්‍රතිපත්ති පූජාවෙන්ද අප තිලෝගුරු බුදුපියාණන් වහන්සේව පූජෝපහාරයට ලක් කරමු.

ලෝකවාසී සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! ✨

27/05/2026

“දහම් පාසල යනු දැනුම ලබාදෙන ස්ථානයක් පමණක් නොව, මනුෂ්‍යත්වය, විනය, ගුණධර්ම හා නායකත්වය හදාවඩා ගන්නා පුණ්‍ය භූමියකි.
අද එම පුණ්‍ය භූමියේ ශිෂ්‍ය නායකත්වය භාරගන්නා මේ දරුවන්, හෙට රටට හා සමාජයට යහපත් මඟ පෙන්වන ආදර්ශවත් පුරවැසියන් බවට පත්වේවා.
සේවය තුළින් නායකත්වයත්, නායකත්වය තුළින් ගුණවත්කමත් විදහා දක්වන ඔබ සැමට උණුසුම් සුභාශිංසන 🌼🤍”

#පුබුදු_දහම්_පාසල
#පුබුදු_අපි
#2026

Address

Waga West, Thummodara
Padukka

Website

Alerts

Be the first to know and let us send you an email when Pubudu Dahampasala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Pubudu Dahampasala:

Shortcuts

Share