Ulearner

Ulearner වත්මන් අර්බුද මැද දරුවන්ගේ අධ්‍යාපන මංපෙත් එක්ව විවර කරගනිමු.

26/06/2026
ශිෂ්‍යත්වයට සූදානම්වන පහේ හපනුන්ට ulearner අපෙන් නොමිලේ....පෙරහුරු අභ්‍යාස 1000 කට අධික සංඛ්‍යාවක් ලබාගැනීම සඳහා අපට wha...
11/09/2023

ශිෂ්‍යත්වයට සූදානම්වන පහේ හපනුන්ට ulearner අපෙන් නොමිලේ....

පෙරහුරු අභ්‍යාස 1000 කට අධික සංඛ්‍යාවක් ලබාගැනීම සඳහා අපට whatsapp පණිවිඩයක් ලබා දෙන්න......

දරුවන්ගේ අත් අකුරු ගැන වදවෙන ගුරුවරුන් දෙමාපියන් කියවිය යුතුම ලිපියක්....  ( තෙවන කොටස )🖊️පෙර පාසල් යන ඔබේ දරුවා හරියට ප...
07/08/2023

දරුවන්ගේ අත් අකුරු ගැන වදවෙන ගුරුවරුන් දෙමාපියන් කියවිය යුතුම ලිපියක්.... ( තෙවන කොටස )

🖊️පෙර පාසල් යන ඔබේ දරුවා හරියට පැන්සල අල්ලන්නේ නැත්නම් .....

අවුරුදු 3 - 5 අතර දරුවන් කියන්නෙ සිය හසුරු කුසලතා වර්ධනය කරගනිමින් ඉන්න කාලයක්.ඒ කාලයේ දරුවන් පැන්සල අල්ලන ක්‍රමය සංවර්ධනය කරගනිමින් ඉන්නෙ.මේ කාලයේ දරුවන්ගේ පැන්සල් ග්‍රහණයන් ලෙස තීරණය කරන්න ගුරුවරුන් හෝ දෙමාපියන් කලබල වියයුතු නැහැ.

මේ කාලයේ ඔවුන් ක්‍රමයෙන් විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ ක්‍රමික ව විවිධ සංවර්ධන අවධි ඔස්සේ ශරීරයේ ඉහල කොටස සමබර ව පවත්වාගැනීම , අතේ ශක්තිය වර්ධනය කරගැනීම , සියුම් ලෙස ඇඟිලි හැසිරවීමේ හැකියාව , උරහිස් තුළිත ව හැසිරවීමේ හැකියාව වර්ධනය කරගැනීම සිදුකරනව.

🖊️අපි කොහොමද පෙර පාසල් දරුවන්ට නිවැරදි පැන්සල් ග්‍රහණයක් හුරු කරන්නෙ

දරුවන් එලෙස ක්‍රමික ව නිවැරදි පැන්සල් ග්‍රහණයකට හුරුවෙමින් ඉන්න මේ අවධියෙ ගුරුවරුන් සහ දෙමාපියන් ඒ සඳහා අවශ්‍ය හසුරු කුසලතා වර්ධනය කරගැනීම සඳහා දරුවන්ට අවස්ථා සම්පාදනය කරදීම සහ මග පෙන්වීමයි කළයුත්තෙ...

🖊️පාසල්වල ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන් පැන්සල ග්‍රහණය කරන ක්‍රමය ගැන වැඩි අවධානයක් යොමුකළ යුත්තෙ ?

පාසල් අධ්‍යාපනය ආරම්භකරන විට දරුවන් නිවැරදි පැන්සල් ග්‍රහණ ක්‍රමයකට හුරුව පැවතීම ඉතාමත් ම වැදගත්.නිතර පැන්සල භාවිතාකරන ඔවුන් වැරදි ක්‍රමයකට හුරුවුවහොත් ඔවුන් ශාරීරික ව අපහසුතාවයකට පත්වෙනව මෙන් ම ඔවුන්ගේ ලිවීම් සහ පාට කිරීම් පිරිසිදුව හා පිළිවෙලට සිදු කිරීමත් ඔවුන්ට දුෂ්කර වෙනව.

🖊️මේ වනවිට ප්‍රාථමික පාසල්වල දුර්වල පැන්සල් ග්‍රහණය සහිත දරුවන් සාපේක්ෂව වැඩි ?

මෑතක අප මුහුණ දුන් කොවිඩ් ව්‍යසන කාලසීමාවේ පෙර පාසල් අධ්‍යාපනය හෝ පාසල්වල 1,2 ශ්‍රේණිවල ඒ කාලසීමාවේ අධ්‍යාපනය ලැබූ දරුවන්ට ක්‍රමවත්ව අවශ්‍ය හසුරු කුසලතා වර්ධක ක්‍රියාකාරකම් සිදු කිරීමට අවස්ථා ප්‍රමාණවත් පරිදි නොලැබීම නිසා අපට ඔවුන් අතර දුර්වල පැන්සල් ග්‍රහණ ක්‍රම බහුලව දකින්න පුලුවන් ...

අපගේ දෙවන ලිපියේ විස්තරාත්මක ව හඳුන්වා දුන් පැන්සල් ග්‍රහණ හෝ අද දින හඳුන්වාදෙන පැන්සල් ග්‍රහණ පාසල් අධ්‍යාපනය ලබන දරුවන් සතු නම් ඔවුන්ට නිවැරදි පැන්සල් ග්‍රහණ ක්‍රමයකට හුරු වීමට සහය ලබාදීම ගුරුවරුන් හා දෙමාපියන් සිදු කළ යුතුයි.

🚫 පළමු ලිපියේදී ද අපි සඳහන් කළ ආකාරයට එය සිදුකළ යුත්තේ දරුවන් පීඩාවට පත්නොවන ආකාරයට...

========

අපි අද හඳුනගන්න දුර්වල පැන්සල් ග්‍රහණ අපට දකින්න පුලුවන් වෙන්නෙ පාසල් අධ්‍යාපනයට පෙර තමන්ගේ හසුරු කුසලතා සංවර්ධනය කරගන්න ප්‍රමාණවත් පරිදි අවස්ථා නොලැබුණු දරුවන් අතර....

➡️පළමු රූපයේ දරුවා සම්පූර්ණ අතම මේසයෙන් ඉහල තබාගෙන ඉන්නෙ.මෙලෙස තබාගැනීමෙන් පැන්සල පාලනය කිරීම ඉතා දුෂ්කර කාර්‍යයක් වෙනව.

➡️ දෙවන රූපයේ දරුවා පැස්ටල් කැබැල්ල රඳවාගෙන ඉන්නෙ දබරැඟිල්ල සහ මැදඟිල්ල අතර.ඒ වගේ ම ඔහු මැදඟිල්ල පැස්ටල් කැබැල්ල මත තබාගෙන ඉන්නව.මහපට ඇඟිල්ල යොදාගෙන ම නැහැ.මේ ක්‍රමය ද්ස් පැන්සල හෝ පැස්ටල් කැබැල්ල නිදහසේ හසුරුවන්න දරුවන්ට හැකි වෙන්නෙ නැහැ.

➡️ තෙවන රූපයේ දරුව පැන්සල අල්ලා සිටින ක්‍රමය හඳුන්වන්නෙ " Interdigital brace " කියල.ඇගිලි තුඩුවලින් පැන්සල රඳවාගැනීම වෙනුවට ඇඟිලි නවා පැන්සල තදින් අල්ලාගැනීමක් තමයි මෙහිදි සිදුවෙන්නෙ.
බොහෝවිට සියුම් හසුරු කුසලතා සංවර්ධනය වී ඇඟිලි හැසිරවීමේ හැකියාව හොඳින් ලැබෙන්න පෙර පැන්සල හැසිරවීම හුරුකිරීමට දැක්වූ උත්සාහයක ප්‍රතිඵල මේ වගේ වෙන්න පුලුවන් ..

➡️ සිව්වන රූපයේ දැක්වෙන්නෙ ඉතා තදින් පැන්සලඅහපට ඇඟිල්ල සහ වෙදැඟිල්ල පමණක් යොදාගෙන අල්ලා සිටින අවස්ථාවක්.මෙවැනි අවස්ථාවක දී ඉක්මනින් අත වෙහෙසට පත්වීම සිදුවෙන අතර ම පිරිසිදු සහ පිළිවෙලක් සහිත ලිවීමක් සිදුකිරීම අපහසුයි.

🚫 මෙවැනි දුර්වල පැන්සල් ග්‍රහණ ක්‍රම මගින් දරුවන්ට ලිවීම ප්‍රියජනක ක්‍රියාවක් වීම සීමාවෙනව වගේ ම ඔවුන්ට යමක් පැහැදිලිව ලිවීමේ හැකියාවර සහ පිළිවෙලට ද දැඩි බලපෑමක් මෙවැනි පැන්සල් ග්‍රහණයක් නිසා ඇති වෙනව.

🖊️ නිවැරදි පැන්සල් ග්‍රහණයකික්මනින් හුරු කිරීමේ ක්‍රම තියෙනවද?

ලෝකය පුරා විවිධාකාරයේ පැන්සල් ග්‍රහණ ආධාරක උපකරණ මේ සඳහා භාවිතා කරනව.

🚫 නමුත් මෙහිදී අවධාරණය කළ යුතුම කරුණක් තමයි එවැනි උපකරණයක් භාවිතා කර පහසුවෙන් නිවැරදි කරගත හැකිවුවත් දරුවන්ට සියුම් ව ඇඟිලි හැසිරවීම් සිදුකළහැකි ක්‍රියාකාරකම් සඳහා ද ඒ අතර ඉඩ සැලසීමට අමතක නොකළ යුතුබව...

======

මෙවැනි පැන්සල් ග්‍රහණ ආධාරක උපකරණයක් මිලදීගැනීමට whatsapp හරහා ( 0726730712 ) පූර්ව ඇණවුමක් අපවෙත ලබා දීමෙන් හැකියාව තියෙනව.

ඒ වගේම නිවැරදි පැන්සල් ග්‍රහණ ක්‍රම පිළිබඳ ව වැඩිදුර විස්තර ලබාගන්න අපගේ whatsapp සමූහයට එකතුවන්න කියලත් ආරාධනා කරනව.

එය ඔබට අලුත් අත්දැකීමක් වේවි...

https://chat.whatsapp.com/I7RiMabf6oo7VysQm4uqtR

දරුවන්ගෙ අත් අකුරු ගැන වදවෙන ගුරුවරුන් දෙමාපියන් කියවිය යුතුම ලිපියක්.... (දෙවන කොටස)🖊️අපි පළමු කොටසින් කතා කළා දරුවෙකු ...
03/08/2023

දරුවන්ගෙ අත් අකුරු ගැන වදවෙන ගුරුවරුන් දෙමාපියන් කියවිය යුතුම ලිපියක්.... (දෙවන කොටස)

🖊️අපි පළමු කොටසින් කතා කළා දරුවෙකු වැරදි ආකාරයට පැන්සල ග්‍රහණය කරනවාදැයි මූලිකව හඳුනාගන්න පුළුවන් කොහොම ද? හොඳ පැනසල් ග්‍රහණයක් පුරුදු වීමේ වැදගත්කම මොකක්ද ? යන කරුණු පිළිබඳව සරලව.

ක්‍රමිකව දරුවෙකු නිවැරදි පැන්සල් ග්‍රහණයකට හුරු කරවීමට මග පෙන්වීමක් ලබා දෙන මෙම ලිපි මාලාවවෙන් අද අපි දුර්වල පැන්සල් ග්‍රහණ ක්‍රම කිහිපයක් හඳුනාගනිමු.

➡️පළමු ඡායාරූපයේ දැක්වෙන දරුවා ඉතා තදින් පැන්සල අල්ලාගෙන ඉන්නෙ.ලිවීම සඳහා ඇඟිලි චලනය කිරීම වෙනුවට මැණික්කටුව චලනය කිරීම සිදු කරන්නෙ.දරුවෙකු මෙලෙස පැන්සල ඇල්ලීමට හේතුව දුර්වල සහ හොඳින් පාලනය කළ නොහැකි බාහු මාංශපේෂීන් පැවතීම වෙන්න පුලුවන්.

➡️දෙවන රූපයේ දරුවා ලොව පුරා ප්‍රචලිත tripod grip ක්‍රමය භාවිතා කර පැන්සල අල්ලා සිටියත් වෙදැඟිල්ල සහ සුළැඟිල්ල පොත මත පැත්තකින් තබාගෙන සිටියි.මෙය ලිවීම වෙහෙසකර කටයුත්තක් කරන අතර අතට වේදනාවක් ද ගෙන දෙයි.මෙම ඇඟිලි දෙක ඇතුළට නවාගැනීමට හුරුවීම මෙම දරුවාට ඉතා පහසුවෙන් ලිවීමට සහයක් වනු ඇති.

➡️මහපට ඇඟිල්ල තෙවන රූපයේ පරිදි පැන්සල රඳවාගැනීමට සහය කරගැනීම (wrapped thumb) බහුලව දරුවන් අතර දැකිය හැකි ක්‍රමයක්.ලිවීමේ දී අත්හළයුතු පුරුද්දක් වන මෙය උරහිස් සමායෝජනය නොමැති වීම , දුර්වල ස්පර්ශ සංජානනය හෝ මනාව බාහු මාංශපේෂීන් හැසිරවීමේ දුෂ්කරතා හේතුවෙන් ඇතිවෙන්න පුලුවන්.

➡️සිව්වන රූපයේ දැක්වෙන්නේ මහපට ඇඟිල්ල ලිවීමේ දී පැන්සල ඇල්ලීමට භාවිතා වන තවත් ක්‍රමයක් . Tucked thumb grip ලෙස හඳුන්වන මෙම ක්‍රමයේ දී නැවූ මහපට ඇඟිල්ලෙන් දරුවා පැන්සල අල්ලා සිටී.

➡️දුර්වල බාහු මාංශපේෂීන් හෝ උරහිස් මාංශපේෂීන් හේතුවෙන් පස්වන රූපයේ ආකාරයට දරුවා පැන්සල ඇල්ලීම සිදු කරනවා වෙන්න පුලුවන් .මෙම ක්‍රමයට ද ඉතා තදින් පැන්සල අල්ලා සිටීම සිදුවන බැවින් කාර්‍යක්ෂම ව ලිවීම , ඇඳීම හෝ පාටකිරීම සිදුකිරීම දරුවන්ට අපහසු වෙයි.

➡️හයවන රූපයේ දක්වා ඇති ආකාරයට පැන්සල අල්ලන දරුවන් ඇඟිලි තුඩුවලින් තදින් පැන්සල අල්ලා සිටින අතර පැන්සල හරි කෙලින් තබා ලිවීම් සිදුකරන්නෙ.මෙමගින් කාර්‍යක්ෂම ලිවීමේ ක්‍රියාවලියකට ඇඟිලි නිදහසේ හැසිරවීම අවහිරවන අතර දරුවාට ලිවීම වෙහෙසකාරී අත්දැකීමක් බවට පත් වෙනව.

⚠️️⚠️️ඔබේ දරුවාත් අපි අද හඳුන්වා දුන් ක්‍රමයකට පැන්සල අලලනවා නම් කලබල වෙන්න එපා...⚠️️⚠️️

එය තමයි වැදගත් ම දෙය.

මතක තබා ගන්න...

කාලයක් දරුවා හුරුව සිටින පැන්සල අල්ලන ක්‍රමය එක් රැයකින් වෙනස කළ නොහැකියි....

ඒ වගේ ම ඉක්මනින් පැන්සල අල්ලන ක්‍රමය වෙනස් කිරීමට දරුවා වෙහෙස කරවීම දරුවාගේ ලිවීමේ රුචිය අඩු වීමටත් ලිවීම තව තවත් ඔවුන්ට අප්‍රසන්න අත්දැකීමක් වීමටත් හේතු වෙන්න ඉඩ තියෙනව.

ලිවීම , ඇඳීම දරුවන්ට රසවත් අත්දැකීමක් කරමු...

මෙම ලිපි මාලාවෙ ඉදිරියෙදි අපි ඒ ගැන කතා කරමු...

=====================================

මේ ගැන වැඩිදුර අධ්‍යනය කරන්න කැමති දෙමාපියන්ට ,ගුරුවරුන්ට අපි ආරාධනා කරනව අපේ ulearner whatsapp සමූහයට එකතු වෙන්න කියල.පෙර පාසල් , ප්‍රාථමික පාසල් දරුවන් සිටින දෙමාපියන්ට , ගුරුවරුන්ට අලුත් අත්දැකීමක් වේවි එය

https://chat.whatsapp.com/I7RiMabf6oo7VysQm4uqtR

දරුවන්ගෙ අත් අකුරු ගැන වදවෙන ගුරුවරුන් දෙමාපියන් කියවිය යුතු ම ලිපියක් ....( පළමු කොටස )🖊️දරුවගෙ අත් අකුරු අපිළිවෙල ද ?ල...
01/08/2023

දරුවන්ගෙ අත් අකුරු ගැන වදවෙන ගුරුවරුන් දෙමාපියන් කියවිය යුතු ම ලිපියක් ....( පළමු කොටස )

🖊️දරුවගෙ අත් අකුරු අපිළිවෙල ද ?ලියනකොට අත රිදෙනව කියල නිතර ම කියනව ද?

සමහර දරුවන් පැන්සල අල්ලන ආකාරය ඔවුන්ගේ අත් අකුරුවල පිළිවෙල වගේ ම වේගයෙන් යමක් ලිවීමේ හැකියාවට ද බලපානව.

අත් අකුරු පැහැදිළිව නොලියන සහ වේගයෙන් ලිවීමේ දුර්වලතා දක්වන දරුවන් පැන්සල ග්‍රහණය කරන ආකාරය පිළිබඳ ව නිරීක්ෂණය කරන දෙමාපියන්ට පවා මේ බව අවබෝධ කරගන්න පුලුවන් .

🖊️අපි කොහොමද දුර්වල පැන්සල ග්‍රහණයකිරීමක් අඳුනගන්නෙ ?

➡️දරුවා ලිවීමේ දී අතේ හෝ බාහුවේ වේදනාවක් පිළිබඳ පැමිණිලි කරනව නම් හෝ නිතර නිතර අත දිගහැර සෙලවීමක් හෝ අතගෑමක් සිදු කරනව නම් ...

➡️අත වෙහෙසට පත්වීම හේතුවෙන් ලිවීමේ කාර්‍යයක් සම්පූර්ණයෙන් නිම කරන්න අපොහොසත් වෙනව නම් ...

➡️ලිවීමේදී සම්පූර්ණ අත , බාහුව හෝ මැණික් කටුව චලනය කරනව නම් ...

අපට පහසුවෙන් දරුවන්ගේ දුර්වල පැන්සල් ග්‍රහණයක් අඳුනගන්න පුළුවන්.

🖊️ නිවැරදි පැන්සල් ග්‍රහණයක තියෙන ප්‍රයෝජන මොනව ද?

➡️සම්පූර්ණ අත,බාහුව හෝ මැණික් කටුව වෙනුවට ඇඟිලි පමණක් චලනය වන නිසා වඩාත් ඵලදායී ව පැන්සල හැසිරවිය හැකි වීම.

➡️ලිවීමේ හෝ ඇඳීමේ ක්‍රියාකාරකමක් අත වෙහෙසීමකින් තොර ව නිමකළ හැකි වීම.

➡️ලිවීමේ හෝ ඇඳීමේ ක්‍රියාකාරකමක් පිළිවෙලට හා පිරිසිදුව නිමකළ හැකි වීම.

කායික වෙහෙසක් නොදැනීමේ තෘප්තිය දරුවන්ගේ ලිවීමේ රුචිය වර්ධනය කරන්නටත් වක්‍රාකාරව උදව් වෙනව.

🖊️දුර්වල පැන්සල් ග්‍රහණයක් වෙනස් කරන්න දෙමාපියන් විදිහට මොනව ද කරන්න පුළුවන් ?

මෙය ඉතා ප්‍රවේශමෙන් කළ යුතු කටයුත්තක්.කාලයක් තිස්සේ දුර්වල පැන්සල් ග්‍රහණයකට හුරුවෙලා ඉන්න දරුවෙක්ට උපදෙස් දීමෙන් හෝ අලුත් පැන්සල් ග්‍රහණයක් හඳුන්වා දී නිතර එයට හුරුවීමට උනන්දු කරවන්න වෙහෙසවීමෙන් දරුවන්ට ලිවීමේ උනන්දුව ,ලිවීමට ඇති කැමත්ත අඩුවෙන්න වුණත් පුලුවන්.

🖊️මොකක් ද නිවැරදි ම පැන්සල් ග්‍රහණය කරන ක්‍රමය ?

නිවැරදි ව පැන්සල් ග්‍රහණය කිරීමේ ක්‍රම රැසක් පැවතිය ද ලොව පුරා ප්‍රචලිත ම ක්‍රමය වන්නේ
Dynamic tripod pencil grip කියන ක්‍රමය.
( පහත ඡයාරූපවල දුර්වල ග්‍රහණ ක්‍රම සහ මම මේ කියපු tripod ක්‍රමය බලාගන්න පුළුවන් )

මෙම ක්‍රමයට දරුවන් හුරුකිරීමට යොදාගන්නා පැන්සල් ග්‍රහණ ආධාරක උපකරණ රැසක් ලොව පුරා ප්‍රචලිත වෙලා තියෙනව.
එවැනි උපකරණ වඩාත් යෝග්‍ය බව නිර්දේශ වෙන්නෙ පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ට.

=====================================

පැන්සල් ග්‍රහණ ආධාරක උපකරණයක් මිල දී ගැනීමට උනන්දුවක් දක්වන දෙමාපියන් වෙනුවෙන් අපගේ නිරීක්ෂණ අනුව වඩාත් යෝග්‍ය උපකරණයක්ට අදාල ඡායාරූපයක් පහලින් එකතු කරන්නම්.

⚠️️⚠️️ලංකාවෙ මිල අධික සහ දුර්ලභ මේ උපකරණ අවශ්‍ය අයට ඉතා අඩු මුදලකට
Aliexpress එකෙන්
විශ්වාසනීයව නිවසට ම ගෙන්නගන්න පුළුවන්.

Link එක - https://s.click.aliexpress.com/e/_DFLlZKT

⚠️️⚠️️එසේ නොමැතිනම් අපහට පූර්ව ඇණවුමක් ලබා දීම මගිනුත් මිල දී ගන්න පුලුවන්.


⚠️️⚠️️ඒ වගේ ම මේ ගැන වැඩිදුර අධ්‍යනය කරන්න කැමති දෙමාපියන්ට ,ගුරුවරුන්ට අපි ආරාධනා කරනව අපේ ulearner whatsapp සමූහයට එකතු වෙන්න කියල.පෙර පාසල් , ප්‍රාථමික පාසල් ගුරුවරුන්ට වගේම දෙමාපියන්ට , අලුත් අත්දැකීමක් වේවි එය

https://chat.whatsapp.com/I7RiMabf6oo7VysQm4uqtR

2023 ශිෂ්‍යත්ව විභාගයට  පෙරහුරු අභ්‍යාස 1500 කට වැඩි ප්‍රමාණයක් රු 300/= කට🔖ඉගෙනුම් හැකියා විභව්‍යතාමාන ප්‍රශ්න 260 - පි...
31/03/2023

2023 ශිෂ්‍යත්ව විභාගයට පෙරහුරු අභ්‍යාස 1500 කට වැඩි ප්‍රමාණයක් රු 300/= කට

🔖ඉගෙනුම් හැකියා විභව්‍යතාමාන ප්‍රශ්න 260 - පිටු 27

🔖පරිසරය ප්‍රශ්න 350 ක් - පිටු 31

🔖ගණිත ගැටළු 250 ක් (ii පත්‍රයට) - පිටු 29

🔖සිංහල ඡේද ආශ්‍රිත ප්‍රශ්න 190 - පිටු 21

🔖ශිෂ්‍යත්වයට පරිසරය ප්‍රශ්න 250ක් - පිටු 20

🔖සිංහල ඡේද ආශ්‍රිත පෙරහුරු අභ්‍යාස 10 ක් - පිටු 15

යන නිබන්ධන මේ වනවිට අප වෙතින් ලබාගත හැක.

සියළු නිබන්ධන සඳහා මිල රු300/= ක් පමණි.

Pdf වශයෙන් පමණක් ලබා දෙන මෙම නිබන්ධන ගෙවීම් සිදුකර ඒ බව සනාථ කළ සැනින් whatsapp හරහා ලබාගත හැක.

21/03/2023

2023 ශිෂ්‍යත්ව විභාගයට සූදානම්වන ඔබේ දරුවන් සඳහා

🔖ඉගෙනුම් හැකියා විභව්‍යතාමාන ප්‍රශ්න 260 - පිටු 27

🔖පරිසරය ප්‍රශ්න 350 ක් - පිටු 31

🔖ගණිත ගැටළු 250 ක් (ii පත්‍රයට) - පිටු 29

🔖සිංහල ඡේද ආශ්‍රිත ප්‍රශ්න 190 - පිටු 21

🔖ශිෂ්‍යත්වයට පරිසරය ප්‍රශ්න 250ක් - පිටු 20

යන නිබන්ධන මේ වනවිට අප වෙතින් ලබාගත හැක.

එක් නිබන්ධනයක මිල රු100/= ක් පමණි. Pdf වශයෙන් පමණක් ලබා දෙන මෙම නිබන්ධන ගෙවීම් සිදුකර ඒ බව සනාථ කළ සැනින් whatsapp හරහා ලබාගත හැක.

ශිෂ්‍යත්ව පළමු ප්‍රශ්න පත්‍රයට පෙරහුරු අභ්‍යාස  260 ක් ....රුපියල් 100/= කට2023 ශිෂ්‍යත්ව විභාගයට සූදානම්වන ඔබේ දරුවන් ස...
14/02/2023

ශිෂ්‍යත්ව පළමු ප්‍රශ්න පත්‍රයට පෙරහුරු අභ්‍යාස 260 ක් ....
රුපියල් 100/= කට

2023 ශිෂ්‍යත්ව විභාගයට සූදානම්වන ඔබේ දරුවන් සඳහා ඉගෙනුම් හැකියා විභව්‍යතාමාන ප්‍රශ්න 260 ක් හා පිළිතුරු ඇතුළත් පිටු 40 ක නිබන්ධය pdf වශයෙන් ....

මීට පෙර අප විසින් නිකුත් කර ඇති
🔖පරිසරය ප්‍රශ්න 350 ක්
🔖ගණිත ගැටළු 250 ක්
🔖සිංහල ඡේද ආශ්‍රිත ප්‍රශ්න 190 ක් අන්තර්ගත පිටු 124 ක නිබන්ධනය ද
ලබාගත හැක.

එම නිබන්ධනයේ මිල රුපියල් 200/= ක් පමණි.

ගෙවීම් සනාථ කළ සැනින් whatsapp හරහා හෝ email එකක් ලෙස

ශිෂ්‍යත්ව පළමු ප්‍රශ්න පත්‍රයට පෙරහුරු අභ්‍යාස  260 ක් ....රුපියල් 100/= කට2023 ශිෂ්‍යත්ව විභාගයට සූදානම්වන ඔබේ දරුවන් ස...
12/02/2023

ශිෂ්‍යත්ව පළමු ප්‍රශ්න පත්‍රයට පෙරහුරු අභ්‍යාස 260 ක් ....
රුපියල් 100/= කට

2023 ශිෂ්‍යත්ව විභාගයට සූදානම්වන ඔබේ දරුවන් සඳහා ඉගෙනුම් හැකියා විභව්‍යතාමාන ප්‍රශ්න 260 ක් හා පිළිතුරු ඇතුළත් නිබන්ධය pdf වශයෙන් ලබාගන්න.

ගෙවීම් සනාථ කළ සැනින් whatsapp හරහා හෝ email එකක් ලෙස ....

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මකවන ආකාරය
01/02/2023

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මකවන ආකාරය

Address

Galagedara
Padukka
10500

Telephone

+94726730712

Website

Alerts

Be the first to know and let us send you an email when Ulearner posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share