28/12/2022
බක්කුල මහාසෑය.
උස - අඩි 130
හැඩය - බුම්බුලාකාර හැඩය
තැම්පත් වන ධාතුන් වහන්සේලාගේ විස්තරය -
තුන් ලෝකාග්‍ර තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ශාරීරික ධාතූන්වහන්සේලා. සහ සර්වඥ කේෂ ධාතූන්වහන්සේලා.
බක්කුල මහරහතන් වහන්සේගේ මහරහත් ධාතූන් වහන්සේලා, සීවලී මහරහතන්වහන්සේ ප්‍රධාන අසූමහාශ්‍රාවක මහරහතන්වහන්සේලා පස්නමකගේ මහ රහත් ධාතූනවහන්සේලා
තවත් බොහෝ මහරහතන්වහන්සේලාගේ මහරහතන් ධාතූන්වහන්සේලා..
තායිලන්තයේ ධම්මකාය පුණ්‍යභූමියෙන් බක්කුල මහාසෑය වෙනුවෙන් ලැබුණු උතතම මහරහත් ධාතූන්වහන්සේලා.
තායිලන්තයේ සංඝරාජ හිමියන්ගේ පරිත්‍යාගයක් ලෙස බක්කුල සෑයට ලැබුණු මැණික් බුද්ධ ප්‍රථිමා වහන්සේලා සහ දහස් ගනනක් විවිධ මුද්‍රාවන් ගෙන් යතු වටිනා බුදධ ප්‍රථිමා වහන්සේලා.
ඇත් දළෙන් නිමවා රන්කොපුවක බහාලන ලද සතර දළදා අනුරැව. අකුධාතුන් වහන්සේගේ අනුරැව. ලලාට ධාතූන් වහන්සේගේ අනුරැව. රනින් නිමවන ලද සිරිපා සටහන්. රන් බෝපත්‍ර වලින් නිමවන ලද ජය ශ්‍රී මහ බෝධි අනුරැව ආදී පූජනීය වන්දනීය නිධන්වස්තු රැසක් තැම්පත් කරමින් ගෞතම බුදු සසන උදෙසා බක්කුල මහා සෑය නිර්මානය කෙරේ.
නිර්මාණය - සෑ ගර්භය තුල සැදැහැවතුන්ට දැක වන්දනා කල හැකි පරිදි ගර්භය මධ්‍යයේ බුද්ධත්වය ලැබූ ජය ශ්‍රී මහා බෝධි අනුරුවක් සහ ඒ දෙසට වන්දනා කරමින් වැඩසිටින අසූමහාශ්‍රාවක මහරහතන්වහන්සේලා අසූනමගේම ප්‍රථිමා වහන්සේලා නිර්මාණය කෙරේ. වජිරාසනය මත අඩි 10 ක සුවිශාල පිත්තල කරඩුවක් මත සර්වඥ ධාතූන් වහන්සේලා තැම්පත් කෙරේ.
චෛත්‍ය තුළ බක්කුල මහරහතන් වහන්සේගේ මහරහත් ප්‍රථිමා වහන්සේ නමක් සමග බක්කුල මහරහතන් වහන්සේ සසර පාරමී පුරමින් රැස්කල පිංකම සහ බක්කුල තෙරිඳුන්ගේ ජීවිත කතාව සිතුවම් 10 කින් සැදැහැවත් හට සම්පූර්ණ දැනුමක් ඇතිවන ලෙස සිතුවම් කෙරේ..
බක්කුල සෑයේ පේශාවලලු වලට පහලින් ඇත් රංචු පෙලක් සහ ඒ තුළින් දිව්‍ය හස්ථින් වෙනස්ම ආකාරයකට අලංකාරවත්ව නිර්මාණය කෙරේ.
මනරම් වලාකුළු බැමි. චෛත්‍යට ඇතුළු වන ප්‍රධාන පියගැට පෙල දෙපස හංස පොකුණු ආදී විචිත්‍රවත් නිර්මාණ රැසකින් යුතු බක්කුල මහා සෑය පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමියන්ගේ සංකල්පයක් මත ගෞතම බුදු සසුනට දායාද කිරීම පිණිස මේ දනවල නිර්මාණය කෙරෙමින් පවතී.
2023 වසරේ ජනවාරි 06 දුරුතු පුන් පොහෝදා ධාතූන් වහන්සේලා සහ නිධන් වස්තු තැම්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය සවස 3.00 ට සිදුකෙරෙන අතර නවම් පොහොය දක්වා සැදැහැවතුන් හට චෛත්‍යයේ හතරැස් කොටුව සියසින් දැකබලා වන්දනා කිරීමට අවස්ථාව සැලසේ
2023 වෙසක් පුන් පොහෝදා බක්කුල මහා සෑය සම්බුද්ධ සාසනය වෙත පූජා කෙරෙන අසිරිමත් පිංකම සිදුවේ .....
මේ දිනවල බක්කුල මහා සෑයේ අවසන් නිර්මාණ සහ අලංකාරවත් ප්‍රතිමා නිර්මාණ කටයුතු ඉතා කඩිනමින් සිදුකෙරේ. පිං කැමති ඔබටද ශ්‍රමදාන වැඩසටහන් සදහා සහභාගි විය හැකිය.
වැලි, සිමෙන්ති , තීන්ත , චෛත්‍ය ආලෝක කෙරෙන විදුලි බඩු භාන්ඩ සහ වෙනත් අමුද්‍රව්‍ය වශයෙන් අප වෙත පරිත්‍යාග කල හැකිය.
ඒ සදහා පින්වත මුදලින්
පුන්‍ය දායකත්වය ලබා දීමට කැමති පින්වතුන් :
සම්පත් බැංකුවේ - අතුරුගිරිය ශාඛාව
බක්කුල මහා සෑය.
006760000076 ගිණුම් අංකයට හෝ
ලංකා බැංකුවේ - අගනුවර ශාඛාව
බක්කුල මහා සෑය.
80101773 ගිණුම් අංකයට දායක මුදල් බැර කල හැකිය.
ඇතැම් රටවල සැදැහැවතුන් හට එම ගිණුම් වෙත ඔබේ මුදල් පරිත්‍යාග කිරීමට තාක්ෂණික අපහසුතා ඇත්නම්.
හැටන් නැෂනල් බැංකුව - අතුරුගිරිය ශාඛාව
ගලිගමුවේ ඤාණදීප හිමි
1540 2005 9835
ඉහත ගිණුම ඒ සදහාය. මෙම ගිණුම් බක්කුල මහා සයේ ඉදිකිරීම් කටයුතු සදහා ය.
වැඩි විස්තර සදහා :
034 2262782 / 034 2267488 අංකය අමතන්න