18/07/2026
🔴 පසුගිය වසරකට ආසන්න කාලවකවාණුව මුළුල්ලේම අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, සමසෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව, සමසෞබ්ය වෘත්තීය සමිති ඇතුළු ප්‍රගතශීලී බලවේග කියා සිටියේ නිදහස් අධ්‍යාපනය යටතේ කුසලතාවය මත සමසෞඛ්‍ය උපාධිය ලබාගත් උපාධිධාරීන් හට ප්‍රමුඛතාවය ලබා දෙමින් රාජ්‍ය සේවයට බඳවාගැනීම සිදුකරන ලෙසටයි. නමුත් නිදහස් අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම, අධ්‍යාපනයට සියලුදෙනාට සමානව ප්රවේශවීමට ඇති අයිතිය තහවරු කරනවා යැයි පවසා බලයට පැමිණි NPP ආණ්ඩුව සිදු කළේ ඊට හාත්පසින්ම විරුද්ධ වූ ක්‍රියාවකි. එනම් නිදහස් අධ්‍යාපනයෙන් උපාධිය ලබා ගත් උපාධිධාරීන් හා KDU ඇතුලු උපාධිකඩ තුළින් මුදලට උපාධිය ලබා ගත් කණ්ඩායම් වලට දැනුම මිනුම විභාගයකට් මුහුණ දීම මගින් රාජ්‍ය සේවයට බඳවා ගැනීමයි. ඒ හරහා ආණ්ඩුව බලාපොරොත්තු වූයේ අධ්‍යාපන පුද්ගලීකරණයේ නියමු ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන KDU හට මෙන්ම අනෙකුත් අධ්‍යාපනය මුදලට වීකුණන ආයතනවලට ප්රවර්ධනයක් ලබාදීමයි. මෙම අරමුණින් ආණ්ඩුව විසින් යෝජනා කළ දැනුම මිනුම් විභාගයට කිසිඳු රාජ්‍ය වි.වි උපාධිධාරියෙකු මුහුණදුන්නේ නැත. KDU ඇතුලු උපාධිකඩ වලින් උපාධිය ලබාගත් කණ්ඩායමක් පමණක් ඉදිරිපත්විය. ආණ්ඩුව දැන් සිදු කරනුයේ එම කණ්ඩායම රාජ්‍ය සේවයට බඳවා ගැනීමයි. ඒ අනුව කුසලතාවය මත, නිදහස් අධ්‍යාපනයෙන් උපාධිය ලබා ගත් භෞතචිකිත්සක(Physiotherapy) උපාධිධාරීන් 185 දෙනෙකුද, වෛද්‍ය රසායනාගාර විද්‍යා(MLS) උපාධිධාරීන් 296 ඉවත දමා තිබෙයි.
නිදහස් අධ්‍යාපනය පිළිබඳ පුරසාරම් දෙඩවූ ආණ්ඩුව තම සැබෑ ස්වරූපය හෙළිදරව් කරමින් තිබෙයි. මීට එරෙහිව ඔබ අප සියළුදෙනා පෙරට ආ යුතුය.
එක්වෙමු !
සංවිධානය වෙමු !!
සටන් වදිමු !!!
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය