කඳුරට පුංචි සරසවිය

කඳුරට පුංචි සරසවිය ​"Poramadulla Central College 🎓 | කඳුරට පුංචි සරසවිය

"පඤ්ඤාහි රතනං සෙට්ඨං!
(1)

*ඊයේ කෙතරම් අඳුරු වුණත්, අද අලුත් ආලෝකයකින් පටන් ගන්න පුළුවන්. 🌱✨ඉදිරියේදී,  ජීවිතය තවමත් ලස්සනම පරිච්ඡේදය ලියන්න බලාගෙන...
02/10/2026

*ඊයේ කෙතරම් අඳුරු වුණත්,

අද අලුත් ආලෝකයකින් පටන් ගන්න පුළුවන්. 🌱

✨ඉදිරියේදී,

ජීවිතය තවමත් ලස්සනම පරිච්ඡේදය ලියන්න බලාගෙන ඉන්නවා*.

කදුරට පුංචි සරසවියේ ක්‍රිඩා ගුරු තරුව වසර 30ක් සේවා කාලයක් පසුකර ගල් මුල් මඩ අවලාද චෝදනා නින්දා ප්‍රසංසා විවිධ අභියෝග මැද දසක තුනක කාලයක් නොසැලි නොසෙල්වි සෑම අභියෝගයකටම සාර්ථකව මුහුන දෙමින්.

ඉවසිමෙන් ලස්සන ගමනකට සිසු පරපුරකට පාර පෙන්නා තමන්ගේ ගෝලයන් පොරමඩුල්ලේම ක්‍රිඩා ගුරු තරු කරමින් පොරමඩලාවට නැවත එලිය දෙන්නට පසු පරපුරක් නිර්මාණය කර ඔහු අද මෙසේ තම රාජකාරියෙන් ගෞරවණිය ලෙස නික්ම යයි.

අප පාසලේ පිහිනුම් හා ජිවිතාරක්ෂක පුහුනු කරුවන් ලෙස සේවය කරන කාලය තුල නුඹේ ගුණ සුවද අපේ හිත් පුරා සුවද දෙන්නට යෙදුනි.

ඔබගෙන් අප උගත් දෑ බොහෝය කවුරු කොහොම ඔබව නිර්වචනය කලත් මටනම් ඔබ සැබෑම නායකයෙක් ක්‍රිඩකයෙක් අදටත්.

ඉවසිම ඒ වගේම අභියෝග හිත් රිදවිම් සියල්ල ඔබ දරා ගත්තේ පාසල අවට ඇති කදු පංතිය මෙනි ඒ තරම් ඔබ ශක්තිමත් මිනිසෙකි.අනිල් ඉද්‍රරත්න. නමේ ආකාරයටම ඔහු ඉද්‍රජාලිඛයෙකි.

රැයක් දවාලක් නැතුව පොරමඩුලු නේවාසිකාගාරයේ කරක් ගසමින් පොඩි උන්ගේ ඕනෑ එපා කම් තම රාජකාරියට එහා ගොස් ඉටු කල ලස්සන හිතක් තියන ආදරණිය ගුරුවරයෙකි.

තරග පැවැත්විමට දින ගනනක් සංවිධානය කල යුතු ක්‍රීඩා පිටිය එක රැයකින් උනත් තරගයකට හෝ තරග ගනනාවකට නිමේෂයකින් උනත් සූදානම් කල හැකි අද්දැකිමක් ඇති වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දක්ෂ ක්‍රිඩා සංවිධායක වරයෙකි මලල ක්‍රිඩා විනිසුරු වරයෙකි.

ඔබ ගැන ලියන්නට බොහේ දේ ඇත.

ඉතින් මා හිතවත් අනිල් සර් ඔබට නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත්තියෙන් පිරි වාසනාවන්ත සුභම සුභ විශ්‍රාම දිවියකට හදවතින්ම සුභ පතන්නෙමි.

ආදරෙයි ආදරෙයි අහස තරම්❤️ #අනිල් #සර්

✍️නුවන් ජයලත් නවනැලිය

#කඳුරටපුංචිසරසවිය

අනිල් ඉන්ද්‍රරත්න සර් වෙනුවෙන් 🤍අනිල් සර් කවදාවත් දරුවොන්ට වචනෙන් ආදරෙයි කිව්වෙත් නෑ, පෙනුමෙන් ආදරේ පෙන්නුවෙත් නෑ, ක්‍රි...
02/10/2026

අනිල් ඉන්ද්‍රරත්න සර් වෙනුවෙන් 🤍

අනිල් සර් කවදාවත් දරුවොන්ට වචනෙන් ආදරෙයි කිව්වෙත් නෑ, පෙනුමෙන් ආදරේ පෙන්නුවෙත් නෑ, ක්‍රියාවෙන් ආදරේ ඔප්පු කරා විතරයි...🥺🙏❤

කෙනෙකු වෘත්තියෙන් විශ්‍රාම යනවා කියන එක සාමාන්‍යයි..හැබැයි අනිල් සර් විශ්‍රාම යන එක විශේෂයි.ඒ නිසාමයි ලියන්නට හිතුවේ...
ගුරු වෘත්තිය 7.30 - 2.30 වෙනකල් තියෙන වෘත්තීයක් වුණාට අනිල් සර් පැය 24ම දරුවො වෙනුවෙනුයි පෙනී හිටියෙ. මං ඉස්කෝලෙට ගියේ 2011 දී. ඒ කාලෙ මං සර්ව දන්නෙ "පාන්දර 5ට ground එකට එන සර්" කියලා. මාත් පස්සෙ sports කරපු නිසා මං දන්නවා මොනවා නැතත් සර් උදෙ පාන්දර ground එනවා කියලා. ක්‍රීඩාව පැත්තෙන් සර් ඉස්කෝලෙ වෙනුවෙන් උපරිම කැපවුණ ගුරුවරයෙක්. ඒකට සර්ගෙ අවුරුදු 30ක මඩුලු ගෝලයෝ සාක්ෂි දරයි. ඒ අතර සර් මඩුලු බාලක නේවාසිකාගාර භාරව, ගුරු වෘත්තීයට එහා ගියපු සේවාවක් අවුරුදු 30ක් පුරා කරා. ඒකමයි මං කිව්වේ පැය 24ත් සර්ට මදි දරුවො වෙනුවෙන් කියලා.

මෑත කාලෙකදි සර් පොඩි ශල්‍යකර්මයක් කරලා අසනීප වෙලා හිටපු වෙලාවක අපි ගියා සර්ව බලන්න. ඒ යද්දිත් සර් ගෙදර නෑ සර් ඒ වෙලාවෙත් hostel එකෙ දරුවො පාඩම් කරනවද බලන්න ගිහින්. දෙයියනේ අපි කල්පනා කරා මනුස්සයෙක්ට පුළුවන්ද තමන්ගෙ දරුවොන්ටත් වඩා අනුන්ගෙ දරුවොන්ට තාත්තෙක් වගේ මෙච්චර ආදරේ කරන්න කියලා. ඔන්න ටික වෙලාවකින් තව පොඩි සෙට් එකක් සර්ගෙ ගෙදර ළගට ඇවිත් "මැඩම් මැඩම්.." කියලා කතා කරනවා ඇහුණා. ඉතින් අපෙ නිලිමිණි මැඩම් ඔන්න ගිහින් දොර ඇරියා, ඊටපස්සෙ ආයෙත් ගේ ඇතුළට ඇවිත් මොනවදෝ අරන් ගිහින් දුන්න අර පොඩි සෙට් එකට.. එතකොට අපි ඇහුවා ළමයි රෑටත් මැඩම්ලා හොයන් එනවා නේද කියලා..එතකොට මැඩම් හිනාමුසු මුහුණෙන් කිව්වා අනෙ මේ දරුවොන්ට ඔළුවෙ කැක්කුමක් ඇවිල්ලා මං පොඩි බෙහෙතක් ගිහින් දුන්න කියලා.. ආය ඉතින් කතා මොකටද අනිල් සර් සහ නිල්මිණී මැඩම් දෙන්නා අම්මා තාත්තා වගේ මේ දරුවන්ට දෙන ආදරේ මොන තරම් ද කියන්න 🥺❤️ අනිල් සර්ට මෙච්චර සේවයක් කරන්න පිටිපස්සේ ඉදල හයියක් වුණ අපෙ නිලිමිණි මැඩම්වත් මතක් කරන්නම ඕනේ❤️ මේ එක පුංචි සිද්ධියක් විතරයි. අවුරුදු 30ක් පුරා අනිල් සර් පොරමඩුලු ක්‍රීඩාවට, මඩුලු දරුවන්ට මේ කරපු කැප කීරීම් ගැන ලියනවානම් මං හිතන්නෙ පොතක් ලියලාවත් ඉවර කරන්න බැරිවෙයි. සර්ගෙන් ගුටි කාපු නැති ගෝලයෙකුත් නැතුව තරම් ඇති. හැබැයි උන් තරම් සර්ට ආදරෙ කරන සෙට් එකකුත් වෙන නැතුව ඇති. සර් හැමදාම සැහෙන්න ආඩම්බර වුණා සර්ගෙ ගෝලයෝ ගැන. සර්ට හැමදාම ඕනෙ වුණේ ඔක්කොම ගොඩ දාන්න විතරමයි. සර් විශ්‍රාම යද්දී සර් ගොඩාක් වගකීම් වලින් නිදහස් වෙයි, සර් ගොඩක් නිදහසේ මානසික සතුටින් විශ්‍රාම යයි හැබැයි හෙට ඉදලා පොරමඩුලු පිට්ටනියට, දක්ෂ මඩුලු ක්‍රීඩක පරපුරට, නේවාසිකාගාර දරුවන්ට වෙන පාඩුව මෙතෙකැයි කියන්නට බැරිවෙයි.

ඉතින් සර් මේ කරපු සේවයම ඇති සර්ට විශ්‍රාම දිවිය නිදුක් නීරෝගීව ගත කරන්න...

ඒසේනම් නිදුක් නීරෝගී දීර්ඝායු සපිරි සුබම සුබ ඉසිඹුවක් වේවා අපේ අනිල් සර්❤️🙏

📝 2018 - 2019 ප්‍රධාන ශිෂ්‍ය නායිකා
දිව්‍යාංජලී විජේරත්න

#කඳුරටපුංචිසරසවිය ゚

02/10/2026

පොරමඩුල්ල ජාතික පාසල් ඉතිහාසය තුළ නොමැකෙන මතකයක් සනිටුහන් කරමින්, වසර 30ක් පුරාවට අප විද්‍යාලයේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කැපවී අසමසම මෙහෙවරක් ඉටු කළ ආදරණීය අනිල් ඉන්ද්‍රරත්න ගුරු පියාණනි, ඔබ විසින් සිදු කළ අමිල මෙහෙවරට,
පොරමඩුල්ල ජාතික පාසලේ වර්තමාන ශිෂ්‍යබටයින්ගේ හා අදි ශිෂ්‍යබටයින්ගේ ගෞරවාන්විත ප්‍රණාමය පුද කරමු...❤️🙏

#කඳුරටපුංචිසරසවිය #පොරමඩුල්ලෙඅපි

02/10/2026

පොරමඩුලු ලෝක ලමා දින සැමරුම -2026

ස්තූතියි Sandalu Hasakelum ❤️

#කඳුරටපුංචිසරසවිය ゚

02/10/2026

අනිල් සර්🥺❤️🙏

ස්තූතියි Media unit of Poramadulla Central College

#කඳුරටපුංචිසරසවිය

පොරමඩුල්ල ජාතික පාසලේ ක්‍රීඩා වංශකතාවේ ස්වර්ණමය යුගයක මුල් පුරුක වන, අනිල් ඉන්ද්‍රරත්න ගුරු පියාණෙනි, ​වසර 30ක දීර්ඝ කාල...
02/10/2026

පොරමඩුල්ල ජාතික පාසලේ ක්‍රීඩා වංශකතාවේ ස්වර්ණමය යුගයක මුල් පුරුක වන, අනිල් ඉන්ද්‍රරත්න ගුරු පියාණෙනි, ​වසර 30ක දීර්ඝ කාලයක් පුරා අප විද්‍යාලයේ ක්‍රීඩා ක්ෂේත්‍රය නව මානයකට ගෙන යමින්, දහස් සංඛ්‍යාත සිසු දරුවන්ගේ ක්‍රීඩා කුසලතා මෙන්ම මනා හික්මීමෙන් හා විනයෙන් යුතු, අභියෝගයන්ට නිර්භයව මුහුණ දෙන, පරිපූර්ණ පෞරුෂවත් සිසුදරුවන් දහස් ගණනක් බිහිකිරීමට ඔබතුමන් දැක්වූ දායකත්වය, කැපවීම අප හදවත් තුළ සදා අමරණීයයි.
​අප විද්‍යාලය වෙනුවෙන් ඉටුකළ ඒ මහා මෙහෙවර කෘතවේදීව සිහිපත් කරන අතර, ඔබතුමන්ට සුවපත්, දීර්ඝායුෂ පිරුණු සුබම සුබ විශ්‍රාමික දිවියකට හෘදයාංගමව සියලුම ආදිශිෂ්‍යන් වෙනුවෙන් අපි සුබ පතන්නෙමු!
​
#කඳුරටපුංචිසරසවිය

පොරමඩුල්ල ජාතික පාසල් ඉතිහාසයේ නොමැකෙන මතක සටහනක් තබමින්, වසර 30ක කාලයක් අප විද්‍යාලයේ ක්‍රීඩා ක්ෂේත්‍රය වෙනුවෙන් අසමසම ...
02/10/2026

පොරමඩුල්ල ජාතික පාසල් ඉතිහාසයේ නොමැකෙන මතක සටහනක් තබමින්, වසර 30ක කාලයක් අප විද්‍යාලයේ ක්‍රීඩා ක්ෂේත්‍රය වෙනුවෙන් අසමසම මෙහෙවරක් ඉටුකළ ආදරණීය අනිල් ඉන්ද්‍රරත්න ගුරු පියාණනි, ඔබට නීරෝගි, දීර්ඝායුෂ පිරුණු විශ්‍රාමික දිවියකට හෘදයාංගමව සුබ පැතුම් !❤️🙏

#කඳුරටපුංචිසරසවිය

02/10/2026

ලෝක ළමා දිනය ලස්සන කරන්න අපේ පාසලට ආවට ස්තූතියි DJ Anurada ❤️👏

#කඳුරටපුංචිසරසවිය

02/10/2026

කඳුරට පුංචි සරසවියේ ලෝක ලමා දින සැමරුම -2026

ස්තූතියි අපේ ආදරනීය විදුහල්පතිතුමනි❤️👏

#කඳුරටපුංචිසරසවිය ゚

Address

Poramadulla Central College, Poramadulla, Rikillagaskada
Nuwara Eliya

Website

Alerts

Be the first to know and let us send you an email when කඳුරට පුංචි සරසවිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category