02/10/2026
"මනසින් සවිමත් දරුවන් පොහොසත් " යන තේමාව යොදා ගනිමින් මෙවර 2026 ලෝක ළමා දිනය මප/කොත්/රොජර්සන්ගම මහා විද්‍යාලය මගින්
අති උත්කර්ෂවත් අන්දමින් 2026 ඔක්තෝබර් පළමුවන දින විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී පවත්වන ලදී. දරුවන්ගේ දක්ෂතා ඉදිරිපත් කිරීමට මුල් තැන දෙමින් ක්‍රියාත්මක වූ මෙම සැමරුම් උත්සවයේ දී ආචාර්‍ය මණ්ඩලයේ අතුල ආසිරි මහතාගේ හා මහේෂ් ඇල්පිටිය මහතාගේ පූර්ණ දායකත්වයෙන් අනුග්‍රාහක භවතුන් සොයාගෙන පාසලේ දරුවන් සඳහා ප්‍රණීත ආහාර වේලකින් සංග්‍රහ කිරීම මෙන්ම රසාලිප්ත DJ ප්‍රසංගයකින් සිසු දරුදැරියන් හා සෙසු සහභාගී වූවන් සතුටට පත් කිරීම සුවිශේෂව කැපී පෙනිණි. ගුරු මණ්ඩලයේ විශේෂාංග රැසක් ද මෙම සැමරුම් උළෙල වර්ණවත් කිරීමට එක්කර තිබූ අතර මේ සුවිශේෂී දිනය සාර්ථක කරගැනීමට විදුහල්පතිතුමා ඇතුළු ආචාර්‍ය මණ්ඩලයේ බොහෝ දෙනෙකුගේ සහය ද ලැබිණි. එම උත්කර්ෂවත් සැමරුම් උළෙලේ සුවිශේෂී දසුන් පෙළක් මේ සමග ඉදිරිපත් කරමු.