Best drone shot
කදුරට පුන්චි සරසවිය. -PCC
කදුරට පුංචි සරසවියේ studentsලගේ පේජ් එකයි...
19/12/2020
Poramadulla central collage -Beauty & the Beast
19/12/2020
විදුහල වැජඹේවා❤️
හරී අපූරුවෙන් කියන්න පුලුවන් ලස්සන පාසලකට ගිය මම අද වෙනකොටත් පාසලත් සමග බැදුන ලස්සන මතකයන් එකින් එක පෙලින් පෙල ලස්සනට මගේ හිතේ තියෙන්නේ හරියට චිත්‍ර කතා පොතක් වගේ.කන්ද උඩරට පුංචි සරසවිය නමින් විරුදාවලිය ලත් මගේ පාසල හරි ලස්සන පරිසරයකින් පිරුනු හරි අපූරු දිව්‍ය ලෝකයක්.හය වසරේ ඉදලා දහතුන වසර දක්වා තියෙන මේ ලස්සන පාසලට ඇතුලු වෙන එක මම දන්නා තරමින් ලොකු පිරිසකගේ හරි අපූරු හීනයක්.ඔව්,ඒ හරි අපූරු හීනය මට සෑබෑ කරගන්න පුලුවන් වෙනවා.හා හා පුරා කියලා මුලින්ම හය වසරට යන දවසේ හිතට ඇති වුනේ පුංචි තිගැස්සීමකුත් සමග වචන වලට ගොනු කරගන්න බැරි තරම් හරි අපූරු ගාම්භීර හෑගිමක්.ඒ හෑගීමට මම අදටත් ආදරය කරන්නේ තවමත් ඒ හැගීම නොමැරි මගේ හිතේ තියෙන නිසාවෙන් වෙන්න පුලුවන්.ඔව්,මට අදටත් මතකයි හත වසරේ අයියලා අක්කලා හරි අපූරුවට අපිව පාසලට පිලිගත්ත විදිහ.ඔය අතරෙම අපිව පංති වලට බෙදනවා.පංති වලට බෙදුවම අපිට ගොඩාක් යලුවෝ මුණගැසෙනවා ඒ අතරින් හොස්ටල් ඉන්න යලුවෝ අඩද්දි ඒ යලුවෝ ගැන අපිට දුකක් නොදැනුනාම නොවෙයි.මේ තරම් පොඩි වයසෙදි කොහොමද හැම දෙයක්ම තනියම කරගන්නෙ?ඒත් ඒකට හොස්ටල් එකේ හිටපු සහෝදර සහොදරියෝ ඉබේම පුරුදු වෙන්න ඇති.❤️
හරී විශාල මිශ්‍ර පාසලක්,ළමයි 3500 - 4000ක්,ගුරුවරු 200ක් පමණ.බලන්න ලස්සන තැන් ගොඩාරියක්.ඉස්කෝලේ හැම තැනම ඇවිදලා බලන්න ආස පොඩි අපිට මේ හැම තැනම ඇවිදින්නම් අවසර තිබුනේ නෑ.මොකද ඉස්කෝලේ සමහර තැන් සයිලන්ස් ඒරියා කියලා නම් වෙලානේ තිබ්බේ.ඒ පැත්තට යන්නම් ලොකු පන්ති වලට යන්නම ඕන.😁 ඉස්කෝලේ ගිය ගමන්ම කවුරුත් ඉස්සර වෙන්නේ පුස්තකාලයේ සාමාජිකත්වය ගන්න📚.මම දන්නා තරමින් ඉස්කෝලේ හැම ළමයෙක්ම පුස්තකාලයේ සාමජිකයෙක්.පුස්තකාලයේ සාමජිකත්වය ගන්නම් පොඩි පොතක් පුස්තකාලට පරිත්‍යාග කරන ගමන් රුපියල් 10ක් තමා ඒ කාලෙන්ම් ඕන වුනේ.කොහොම හරි ඉතින් සාමජිකත්වය ගත්තම අපිට පොත් දෙකක් එකවර ගන්න පුලුවන්.කොච්චර පොත්වලට පිස්සු වැටිලද කියනවනම් උගන්නද්දිත් පොත් මේස යට තියගෙන කියවනවා.පාසල් කාලයෙ අමතක නොවන මතකයන් අතර තියෙන තවත් දෙයක් තමා උදේ රැස්වීම කොටින්ම කීවොත් එසෙම්බ්ලි එක.සතියකට එක දවසක් අනිවාර්යයෙන්ම තියෙන්ව.ළමයි 3000ම එකම ශාලාවෙ.ඉස්සරහම ඉන්නෙ 6 වසරේ ළමයි.පිටිපස්සෙම ඉතින් 13 ළමයි.ඔන්න ඔතනදි උදේ පීරියඩ් 2ක් 3ක් කට් වෙනවාමයි.ළමයි ශලාවේ ලස්සනට පෙලගැසුනට පස්සෙ තමා ගුරුවරු පේලියට ශාලාවට ඇතුලු වෙන්නේ.ඔන්න එතකොට ඉතින් ළමයගේ කෑගැහිල්ල අඩු වෙනවා.කොහොමහරි ඉතින් ඉස්සි ඉස්සි ඒ දවසේ ඇවිත් නැති ගුරුවරු ටිකත් කොහොම හරි බලාගන්නවා.ඔය අතරේ ලස්සනට සාමකාමිව උදේ රැස්වීම් කටයුතු ටික කරගෙන යනවා.මුලින්ම පන්සිල්,පාසල් ගීතය,සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නංගර මහතාගේ උපහාරය.පුංචි සිතුවිල්ල,සිංහල කතාව,ඉංග්‍රීසි කතාව,ශිෂ්‍ය නායක කතාව,ගුරු කතාව,සහතිකපත් එහෙම බෙදලා දෙන්න තියෙනවානම් ඔන්න ඒ ටිකත් බෙදලා දීලා අන්තිමට සතියේ පනිවුඩ සදහා විදුහල්පතිතුමාගේ කතාව.ඊටත් පස්සේ ඉතින් ජාතික ගීය.ඔය අතරෙදි කලන්තෙ එහෙම දාන ළමයිනුත් නැතුවාම නෙවෙයි.ගුරුවරු ශාලාවෙන් පිටවුනාට පස්සේ ඉතින් පොරකකා අපිත් කඩිමුඩියේ එලියට යනවා.
කැන්ටිමේ වික්කරේ මාමාගේ පොල්ටොෆිය තමා මම කලා තියෙන රසම පොල්ටොෆිය.හ්ම්......ඒ රස🤤.බලන්න එපැයි ඉනටර්වල් එකට කැන්ටින් එකේ තියෙන කලබලේ.එහෙන් මෙහෙන් පොරකනවා කෑම ගන්න.ඉන්ටර්වල් එකේ හැර අනිත් වෙලාවල්වලට කැන්ටින් එකට යන්න බෑ.අහු වුනොත් ඉතින් ඉවරම තමා.ඒ වුනාට අපි හොරෙන් අන්තිම පීරියඩ්වල කැන්ටින් එක්ට යන්නෙ එක දෙයක් ගත්තොත් වික්කරේ මාමා අපිට කෑම ගොඩාක් ජාති දෙන නිසා.ඔය කෑම ටික සාක්කුවේ දාගෙන සමාජ විද්‍යාගාරයට ගියා වගේ රගපාන හැකියාව කොච්චරද කියනවනම් අපිට රයිගම් සම්මානයක් ලැබෙන්නත් බැරිකමක් නෑ 😁.ඔය අතරේ ඉතින් ක්‍රීඩා උත්සව,අධ්‍යාපන චාරිකා,ත්‍යාග ප්‍රදානෝත්සව,ශිෂ්‍යනායක නිලලාංචන පැලදවීමේ උත්සව,ළමාදින,ගුරුදින,හොස්ටල් නයිට් ආදී එකී මෙකී නොකී හැමදෙයක්ම සමග අපේ පාසල් ජිවීතේ ගත වෙන්නේ හරි සුන්දර මතකයන් රැසක් එකතුකරන ගමන්.
බෑග් එක අත් දෙකටම දාගෙන එන අපිට උදේ ඉස්කෝලෙට ඇතුලුවෙනකොට වගේම හවස ඉස්කෝලේ ඇරිලා ඉස්කෝලෙන් එලියට යනකන්ම එක අතකට දාගෙන ඉන්න පුරුද්ද ළමයි කාටත් තිබුනේ ඉස්කෝලේට තිබුන ආදරය මෙන්ම ගෞරවය නිසාම වෙන්න පුලුවන්❤️.
ජයමිණි නිරික්ෂිකා ඒකනායක😊
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Rikillagaskada
Nuwara Eliya