Study Abroad

Study Abroad

Share

Study Abroad is a consulting service for study overseas from Sri Lanka.

02/03/2020
Photos from Sri Lanka Embassy,Tokyo  -スリランカ大使館-'s post 27/07/2019
14/05/2019

අද අපි කතා කරන්නෙ ජපානයට ස්ටුඩන්ට් වීසා එකකින් ආවට පස්සෙ ජපානයේ අධ්‍යාපන කටයුතු සිදුවෙන ආකාරය ගැනයි.මෙම ලිපිය මගින් මෙම ක්‍රියාවලිය ගැන දල අවබෝධයක් ලබාගත හැකි වේ යැයි විශ්වාස කරන්නෙමු.

ජපන් බස ඉගෙන ගන්නා විදේශීය සිසුන්ට ජපානය තුල තමන්ගේ අනාගත බලාපොරොත්තු අනුව වැඩිදුර අධ්‍යාපනය හා ජපානය තුල රැකියා අවස්තාවන් සදහා ඉඩකඩ ලබා දීමට ජපන් රජය කටයුතු කර ඇත.

වර්තමානය වන විට ජපානයේ අධ්‍යාපන කටයුතුවල නිරතවීමට විදේශීය සිසුන් වැඩිපුර පැමිනෙමින් පවතී. ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාව, බංගලාදේශය,වියට්නාමය, නේපාලය, මියන්මාරය හා චීනය වැනි රටවල් වලින් බහුතර සිසුන් පිරිසක්ද යුරෝපී රටවලින් සුලු සිසුන් ප්‍රමානයක්ද අධ්‍යාපන කටයුතු සදහා ජපානයට පැමිනෙන බව වාර්ථා වේ.

ජපානය තුල විදේශීය සිසුන්ට ඇතුලත් විය හැකි පාසල් වර්ග ප්‍රධාන වශයෙන් 3කි.

1 - නිහොන්ගෝ ගක්කෝ ( ජපන් භාශා පාසල)(අවු2~1)

2- සෙන්මොන් ගක්කෝ (ඩිප්ලෝමා පාසල/කාර්මික විද්‍යාල)(අවු 2~3)

3- දයිගකු (විශ්ව විද්‍යාල)(අවු 3~5)

ලංකාවේ සිට පැමිනෙන සිසුන් 99.99% ක් පමන මුලින්ම ඇතුලත් වන්නේ මෙම ජපන් භාශා පාසල් වෙතයි. මෙහි අවුරුද්දකට පාසල් වාර 4ක් පවතී. ජනවාරි, අප්‍රියෙල්,ජූලි හා ඔක්තෝම්බර් වශයෙනි.

ඒ ඒ වාර වලට අනුව පාඨමාලා කාලය, ගාස්තු වෙනස් වේ (ගාස්තු පාසලෙන් පාසලට හා ප්‍රදේශයෙන් ප්‍රදේශයටද වෙනස් වේ)පාඨමාලා කාලය මේ ආකාරයට සකස් වේ.

👉 අප්‍රේල් වාරයේ ඇතුලත් වන සිසුන්ට පාඨමාලා කාලය අවුරුදු දෙකක්

👉 ජූලි වාරයේ ඇතුලත් වන සිසුන්ට පාඨමාලා කාලය අවුරුද්දයි මාස 9කුත්

👉 ඔක්තෝම්බර් වාරයේ ඇතුලත් වන සිසුන්ට පාඨමාලා කාලය අවුරුද්දයි මාස 6කුත්

👉 ජනවාරි වාරයේ ඇතුලත් වන සිසුන්ට පාඨමාලා කාලය අවුරුද්දකුත් හිමිවේ.

ශ්‍රී ලාංකීය සිසුන් වැඩි වශයෙන් තෝරාගන්නේ සහ ඒජන්සි විසින් තෝරා දෙනු ලබන්නේ අප්‍රේල් ,ජූලි හා ඔක්තෝම්බර් වාරයි. එයට හේතුව වන්නේ ලැබෙන වීසා කාලය දිගු නිසා ලමුන්ට ඊලග පාසල සඳහා මුදල් සොයා ගැනීමට අමතර කාලයක් නිරායාසයෙන්ම ලැබෙන නිසාවෙනි.

ප්‍රධාන වශයෙන් පාසල් පැවැත්වෙන නියමිත දිනයන්හී පාසල් යාම(තදබල අසනීපයකදී ඇර) හා විභාගයන්ට හොඳ ලකුනු ප්‍රමාණයක් ගැනීම අත්‍යාවශය වේ.මන්දයත් Immigration එක තුලින් ලමයාගේ ඊලග VISA නිකුත් කිරීම සිදු කරන්නේ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු හා පැමිණීම නිරීක්ශනය කිරීමෙනි.පැමිණීමේ ප්‍රතිශතය 95%කට වැඩියෙන් තබා ගැනීම ඉතාමත් යහපත් වේ.

නියමිත ලෙස ජපන් භාශා පාසල අවසන් කරන සිසුන් ඊලගට යොමුවන්නේ සෙන්මොන් හෝ දයිගකු පාසල් වෙතටයි. එය සිසුවාගේ අභිමතය පරිදි වෙනස් වේ.

ජපානයේ ඉගෙන ගන්නා කාල සීමාව තුල පැය 28 කට නොවැඩි Part time job 1ක් කිරීමේ හැකියාවක් නීත්‍යානුකූලව පවතී.මේ පිලිබද වැඩිවිස්තර වෙනත් ලිපියකින් ගෙන ඒමට බලාපොරොත්තු වෙමු.

සෙන්මොන් හෝ දයිගකු අවසන් වූ පසු ජපානයේ ස්ථිර රැකියාවකට හෝ තමන්ගේ ව්‍යාපාරයකට යොමු වීමට අවස්ථාව හිමි වේ.
Sara Nihon

Want your school to be the top-listed School/college in Nugegoda?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Nugegoda
10250