Master in Sociology - USJP

Master in Sociology - USJP Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Master in Sociology - USJP, Educational Research Center, Nugegoda.

ඔබ සැමට පින්බර පොසොන්  පෝහෝ  දිනයක් වෙිවා...☸️
29/06/2026

ඔබ සැමට පින්බර පොසොන් පෝහෝ දිනයක් වෙිවා...☸️

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ සමාජවිද්‍යා එක් අවුරුදු පශ්චාත් උපාධි පාඨමාලාවේ 10 වන කණ්ඩා...
14/06/2026

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ සමාජවිද්‍යා එක් අවුරුදු පශ්චාත් උපාධි පාඨමාලාවේ 10 වන කණ්ඩායමේ සමාරම්භක උත්සවය අද දින සාර්ථකව පැවැත්වුණි.

පීඨාධිපතිතුමා, පාඨමාලා සමායෝජකතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් පැවැති මෙම අවස්ථාවේදී පාඨමාලාවේ අරමුණු සහ අධ්‍යාපනික බලාපොරොත්තු පිළිබඳව නවක සිසුන් දැනුවත් කෙරිණි. සිසුන්ගේ සමාජවිද්‍යාත්මක පර්යේෂණ කුසලතා සහ ප්‍රායෝගික දැනුම ඉහළ නැංවීමට මහෝපකාරී වන මෙම අධ්‍යාපනික ගමනට එක්වූ සියලුම සිසුන්ට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමු!

---

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයන අංශය හා යාපනය විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයන අංශය එක්ව සංවිධාන...
08/06/2026

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයන අංශය හා යාපනය විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයන අංශය එක්ව සංවිධානය කළ සමාජවිද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවේ 8 වන කණ්ඩායමේ සිසුන් විසින් සිදු කරන ලද ක්ෂේත්‍ර පර්යේෂණ වැඩසටහන 2026 ජූනි 5, 6 සහ 7 යන දිනවල යාපනය දිස්ත්‍රික්කයේදී සාර්ථකව පැවැත්විණි.

"ග්‍රාමීය ප්‍රජා සංවර්ධනය සඳහා සමාජ ප්‍රාග්ධන සාධකයක් ලෙස දෙමළ කුල පද්ධතිය භාවිතා කිරීමේ හැකියාව පිළිබඳ සමාජවිද්‍යාත්මක අධ්‍යයනයක් (යාපනය දිස්ත්‍රික්කයේ තෝරාගත් ගම්මානයක් ඇසුරින්)" යන මාතෘකාව යටතේ සිදුකළ මෙම පර්යේෂණය මඟින් උතුරු ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවන් තුළ පවතින සමාජ ව්‍යුහයන්, සමාජ ප්‍රාග්ධනය සහ ප්‍රජා සංවර්ධනය අතර සම්බන්ධතා සමාජවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් විමර්ශනය කරන ලදී.

මෙම පර්යේෂණ වැඩසටහනේදී සිසුන් සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම විශේෂ සතුටක් හා ගෞරවයක් විය.

පර්යේෂණ කටයුතු අතරතුර සමාජවිද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවේ (8 වන කණ්ඩායම) සිසුන්ට ක්ෂේත්‍ර නිරීක්ෂණ, දත්ත රැස්කිරීම, ප්‍රජා සම්බන්ධතා ගොඩනැගීම සහ සමාජ විශ්ලේෂණය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව උදා විය.

අධ්‍යයන දැනුම ප්‍රායෝගික ක්ෂේත්‍රය සමඟ සම්බන්ධ කරමින් සමාජය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ගොඩනැගීමට මෙවැනි පර්යේෂණ අත්දැකීම් මහඟු දායකත්වයක් සපයයි.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා කැපවීමෙන් දායක වූ සියලුම ආචාර්ය මණ්ඩලයට, සිසුන්ට සහ ප්‍රජා සාමාජිකයින්ට හෘදයාංගම ස්තූතිය පුද කරමි.

It was a great privilege and pleasure to work alongside the students of the 8th Batch of the Master of Arts in Sociology Degree Programme during the field research programme jointly organized by the Department of Sociology, University of Sri Jayewardenepura, and the Department of Sociology, University of Jaffna. The field study was successfully conducted in the Jaffna District from 5th to 7th June 2026.

The research, titled “A Sociological Study on the Possibility of Using the Tamil Caste Hierarchy as a Social Capital Factor for Rural Community Development (Based on a Selected Village in the Jaffna District)”, explored the relationship between social structures, social capital, and community development within rural communities in Northern Sri Lanka from a sociological perspective.

Throughout the research programme, students of the Master of Arts in Sociology Degree Programme (8th Batch) gained valuable hands-on experience in field observation, data collection, community engagement, and sociological analysis. The study provided an excellent opportunity to bridge theoretical knowledge with practical field experience while developing a deeper understanding of social realities and community dynamics.

Such field-based learning experiences make a significant contribution to strengthening students’ research competencies and enhancing their understanding of society through direct engagement with communities.

I would like to express my sincere gratitude to all academic staff members, students, and community participants whose dedication and cooperation contributed to the success of this research programme.

"ක්ෂේත්‍රය තුළින් ලැබෙන අත්දැකීම්, පන්ති කාමරය තුළින් ලැබෙන දැනුමට ජීවයක් එක් කරයි."

ඔබ සැමට පින්බර වෙසක් පුන් පොහෝ දිනයක් වේවා...! 🪔🌸
30/05/2026

ඔබ සැමට පින්බර වෙසක් පුන් පොහෝ දිනයක් වේවා...! 🪔🌸

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය මගින් මෙහෙයවනු ලබන සමාජවිද්‍යා ශාස්ත්‍රපති උපාධි 09 වන කණ්ඩ...
01/05/2026

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය මගින් මෙහෙයවනු ලබන සමාජවිද්‍යා ශාස්ත්‍රපති උපාධි 09 වන කණ්ඩායමේ සිසුන් විසින්,

"සාම්ප්‍රදායික ගොවි සමාජ නවීකරණය වීම පිළිබඳව සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක් (පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇසුරින්)"

යන තේමාව යටතේ සිදු කළ පර්යේෂණ ක්ෂේත්‍ර චාරිකාව 2026 අප්‍රේල් මස 28, 29 සහ 30 යන දිනයන්හිදී සාර්ථකව පවත්වන ලදී. පශ්චාද් උපාධි අපේක්ෂක සිසුන් හට මෙහිදී ගොවි ජනතාවගේ සමාජ-ආර්ථික පසුබිම, නවීන තාක්ෂණය භාවිතය සහ ගොවි සමාජයේ සිදුවන කාලීන වෙනස්කම් පිළිබඳව සැබෑ ක්ෂේත්‍ර අත්දැකීම් රැසක් ලබා ගැනීමට හැකි වූ අතර, මේ සඳහා සහයෝගය දැක්වූ තමන්කඩුව ප්‍රදේශයේ සියලුම දත්ත දායකයින්ට අපගේ ස්තූතිය පිරිනමමු.

Students of the 09th Batch of the Master of Arts (MA) in Sociology, conducted by the Faculty of Graduate Studies, University of Sri Jayewardenepura, successfully completed their research field visit from April 28th to 30th, 2026. The study, titled "A Sociological Study on the Modernization of Traditional Farming Communities: Based on the Thamankaduwa Divisional Secretariat Division in Polonnaruwa District," provided us with valuable field insights into the socio-economic status and the impact of modernization on farming communities. We extend our heartfelt gratitude to all the respondents and officials in the Thamankaduwa area for their immense support.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා පශ්චාත් උපාධි පාඨමාලාවට (10 වන කණ්ඩායම) දැන් අයදුම් කළ හැකියි. අවසාන දිනය 2...
27/04/2026

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා පශ්චාත් උපාධි පාඨමාලාවට (10 වන කණ්ඩායම) දැන් අයදුම් කළ හැකියි. අවසාන දිනය 2026 මැයි 15 දක්වා දීර්ඝ කර ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය මගින් මෙහෙයවන සමාජවිද්‍යා එක් අවුරුදු උපාධි වැඩසටහනේ 10 වන ක...
26/04/2026

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය මගින් මෙහෙයවන සමාජවිද්‍යා එක් අවුරුදු උපාධි වැඩසටහනේ 10 වන කණ්ඩායම සදහා වූ සම්මුඛ පරික්ෂන අද දින (2026. 04.26) සාර්ථකව පැවැත්වුණි.


සමාජවිද්‍යා ශාස්ත්‍රපති උපාධි 08 වන කණ්ඩායමෙි සිසුන් විසින් 2026.04.19 වන දින සංවිධානය කරන ලද අලුත් අවුරුදු කෑම මෙිසය......
22/04/2026

සමාජවිද්‍යා ශාස්ත්‍රපති උපාධි 08 වන කණ්ඩායමෙි සිසුන් විසින් 2026.04.19 වන දින සංවිධානය කරන ලද අලුත් අවුරුදු කෑම මෙිසය...❤️

උදාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමට සෞභාග්‍යය, සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා....!❤️மலர்ந்திருக்கும் இந்த சிங்கள...
14/04/2026

උදාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමට සෞභාග්‍යය, සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා....!❤️

மலர்ந்திருக்கும் இந்த சிங்கள மற்றும் தமிழ் புத்தாண்டில் அனைவருக்கும் சௌபாக்கியமும், மகிழ்ச்சியும் உண்டாகட்டும்...!

Wishing you a happy and prosperous
Sinhala and Hindu New Year..!

Address

Nugegoda

Website

Alerts

Be the first to know and let us send you an email when Master in Sociology - USJP posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share