01/05/2026
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය මගින් මෙහෙයවනු ලබන සමාජවිද්‍යා ශාස්ත්‍රපති උපාධි 09 වන කණ්ඩායමේ සිසුන් විසින්,
"සාම්ප්‍රදායික ගොවි සමාජ නවීකරණය වීම පිළිබඳව සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක් (පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇසුරින්)"
යන තේමාව යටතේ සිදු කළ පර්යේෂණ ක්ෂේත්‍ර චාරිකාව 2026 අප්‍රේල් මස 28, 29 සහ 30 යන දිනයන්හිදී සාර්ථකව පවත්වන ලදී. පශ්චාද් උපාධි අපේක්ෂක සිසුන් හට මෙහිදී ගොවි ජනතාවගේ සමාජ-ආර්ථික පසුබිම, නවීන තාක්ෂණය භාවිතය සහ ගොවි සමාජයේ සිදුවන කාලීන වෙනස්කම් පිළිබඳව සැබෑ ක්ෂේත්‍ර අත්දැකීම් රැසක් ලබා ගැනීමට හැකි වූ අතර, මේ සඳහා සහයෝගය දැක්වූ තමන්කඩුව ප්‍රදේශයේ සියලුම දත්ත දායකයින්ට අපගේ ස්තූතිය පිරිනමමු.
Students of the 09th Batch of the Master of Arts (MA) in Sociology, conducted by the Faculty of Graduate Studies, University of Sri Jayewardenepura, successfully completed their research field visit from April 28th to 30th, 2026. The study, titled "A Sociological Study on the Modernization of Traditional Farming Communities: Based on the Thamankaduwa Divisional Secretariat Division in Polonnaruwa District," provided us with valuable field insights into the socio-economic status and the impact of modernization on farming communities. We extend our heartfelt gratitude to all the respondents and officials in the Thamankaduwa area for their immense support.
27/04/2026
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා පශ්චාත් උපාධි පාඨමාලාවට (10 වන කණ්ඩායම) දැන් අයදුම් කළ හැකියි. අවසාන දිනය 2026 මැයි 15 දක්වා දීර්ඝ කර ඇත.
26/04/2026
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය මගින් මෙහෙයවන සමාජවිද්‍යා එක් අවුරුදු උපාධි වැඩසටහනේ 10 වන කණ්ඩායම සදහා වූ සම්මුඛ පරික්ෂන අද දින (2026. 04.26) සාර්ථකව පැවැත්වුණි.
22/04/2026
සමාජවිද්‍යා ශාස්ත්‍රපති උපාධි 08 වන කණ්ඩායමෙි සිසුන් විසින් 2026.04.19 වන දින සංවිධානය කරන ලද අලුත් අවුරුදු කෑම මෙිසය...❤️
14/04/2026
උදාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමට සෞභාග්‍යය, සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා....!❤️
மலர்ந்திருக்கும் இந்த சிங்கள மற்றும் தமிழ் புத்தாண்டில் அனைவருக்கும் சௌபாக்கியமும், மகிழ்ச்சியும் உண்டாகட்டும்...!
Wishing you a happy and prosperous
Sinhala and Hindu New Year..!
15/03/2026
ප්‍රජා සහභාගීත්ව සංවර්ධන ක්‍රියාවලීන්හි ප්‍රායෝගික ගතිකත්වයන් විධිමත් අධ්‍යයනයකට ලක් කිරීමේ අරමුණින්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මයුර සමරකෝන් මහතාගේ ශාස්ත්‍රීය මගපෙන්වීම යටතේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය සමාජවිද්‍යා පශ්චාත් උපාධි 8 වන කණ්ඩායමේ විද්‍යාර්ථීන් විසින් 2026 මාර්තු මස 13 සහ 14 යන දෙදින තුළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විශේෂ ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය. රාජ්‍ය මැදිහත්වීම මත ක්‍රියාත්මක වන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවාවන් ව්‍යාප්ත වී නොමැති අතිශය දුෂ්කර ප්‍රදේශයන්හි, විවිධ සමාජ-ආර්ථික අභියෝග මධ්‍යයේ ප්‍රජා මූලික සහභාගීත්වය (Participatory Approach) පෙරදැරිව ඉතා ක්‍රමානුකූලව මෙම ව්‍යාපෘති කළමනාකරණය වන ආකාරය මෙහිදී නිරීක්ෂණය කරන ලදී. ඒ අනුව පහත සඳහන් ජල ව්‍යාපෘතීන් පරීක්ෂාවට ලක් කෙරිණි:
*. ප්‍රජාශක්ති ප්‍රජා මූල සංවිධානය (CBO) – මොරයාය උතුර ග්‍රාම නිලධාරී කොට්ඨාශය, වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
*. ඒකාබද්ධ ප්‍රජා මූල සංවිධානය (CBO) – මැල්ලකැටිගොඩ ග්‍රාම නිලධාරී කොට්ඨාශය, කරුවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
*. මහසෙන් ප්‍රජා මූල සංවිධානය (CBO) – තලාව ග්‍රාම නිලධාරී කොට්ඨාශය, අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
විශේෂයෙන්ම, තිරසාර සංවර්ධනයේ මූලධර්මයක් වන ප්‍රජා සවිබල ගැන්වීම සහ සාමූහික වගකීම මත පදනම් වූ මෙම ප්‍රජාමූල ජල ව්‍යාපෘති පවත්වාගෙන යාමේදී ප්‍රජා සහභාගීත්වයේ තීරණාත්මක භූමිකාවත්, එම සහභාගීත්වය ගිලිහී යාම ව්‍යාපෘති අසාර්ථක වීමට මූලිකවම බලපාන ආකාරයත් පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට මෙම ක්ෂේත්‍ර අධ්‍යයනය ඉමහත් පිටුවහලක් විය. අවසාන වශයෙන්, ප්‍රජා මූලික සංවිධාන (CBO) සතු ස්වයං-කළමනාකරණ හැකියාව සහ ප්‍රාදේශීය සම්පත් උපයෝගී කරගනිමින් පොදු අවශ්‍යතා සපුරාගැනීමේ ප්‍රායෝගික සාර්ථකත්වය විදහා පෑ මෙම අධ්‍යයනය, ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සංවර්ධන ආකෘතීන් පිළිබඳ නව ශාස්ත්‍රීය දැක්මක් පශ්චාත් උපාධි විද්‍යාර්ථීන් වෙත තිළිණ කරමින් ඉතා සාර්ථක ලෙස නිමාවට පත් විය..
゚viralシalシ
28/02/2026
🎓 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක්!
ඔබේ වෘත්තීය ජීවිතයට වටිනාකමක් එකතු කර ගැනීමට කදිම අවස්ථාවක්! ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය මගින් මෙහෙයවනු ලබන ශාස්ත්‍රපති සමාජ විද්‍යාව (Master of Sociology) එක් අවුරුදු පාඨමාලාවේ 10 වන බඳවා ගැනීම සඳහා දැන් අයදුම්පත් කැඳවනු ලැබේ.
゚viralシalシ