01/09/2019
Dear Manjula Sir, we all miss you our entire life.
May You Attain Nibbana
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nugegoda Mahamaya Balika Vidyalaya- Cadet Contingent, Education, Nugegoda.
01/09/2019
Dear Manjula Sir, we all miss you our entire life.
May You Attain Nibbana
17/09/2018
13/04/2014
Happy Sinhala And Tamil New Year ...!!
05/03/2013
28/02/2013
෴ ස්නයිෆර් තුවක්කූ ෴
හමුදා සහ නීති ආරක්ෂක භාවිතයන්හීදි අනෙකුත් සාමාන්‍ය තුවක්කුවලට සාපේක්ෂව වඩාත් විශාල පරාසයක් තුළ ඉතා නිරවද්‍ය ලෙස වෙඩි පහර එල්ලකිරීම සඳහා භාවිතා වන තුවක්කු හැදින්වීම සඳහා ස්නයිපර් තුවක්කු යන යෙදුම බහුලව භාවිතා වේ. සාමාන්‍ය ස්නයිපර් තුවක්කුවක් නිර්මාණය කෙරෙනුයේ උපරිම නිරවද්‍යතාවක් ලබාගත හැකි වන පරිදිය. සාමාන්‍යයෙන් එයට දුර දක්නයක් සවිකර ඇත. එමෙන්ම එය සකස් කෙරෙනුයේ හමුදාමය centrefire cartridge සඳහා ගැළපෙන පරිදි වේ. බොහෝ විට ජනමාධ්‍යයන් තුළ මිනිසුන් ඉලක්ක කර ගෙන ප්‍රහාර එල්ල කිරීම සඳහා භාවිතා කෙරෙන දුර දක්නයක් සවිකර නිරවද්‍යතාව ඉහළ නැංවූ ඕනෑම තුවක්කුවක් හැඳින්වීම සඳහා ස්නයිපර් තුවක්කුව යන යෙදුම භාවිතා වේ.
ස්නයිපර් තුවක්කු කරුවෙකුගේ හමුදාමය වැඩ කොටසේ ආරම්භය 18 වන සියවසේ අවසානය තරම් අතීතයට දිවෙයි. ස්නයිපර් තුවක්කු කරුවෙකු හැඳින්වීම සඳහා භාවිතා වන ඉංග්‍රීසි වදන වන Sniper යන්න දඩයම් කිරීමට සහ වෙඩි තැබීමට අපහසු වූ Snipe නම් කුරුළු වර්ගය ඇසුරෙන් නිර්මාණය වූවකි. කෙසේ නමුත් ස්නයිපර් තුවක්කුව වඩාත් නූතන නිර්මාණයකි. තාක්ෂණයේ දියුණුවත් සමග එනම් වඩාත් දියුණු දුරදක්න සහ වඩාත් නිරවද්‍ය නිෂ්පාදන ක්‍රමවේද කරලියට පැමීණීමත් සමග සාමාන්‍ය පාබල හමුදා අවිවලට වඩා දිග දුර ක්‍රියාත්මක වන අවි භාවිත කරමින් ඉතා නිවැරදි වෙඩි ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවෙන් යුත් විශේෂයෙන් පුහුණු කළ සොල්දාදුවන් යොදා ගැනීමේ හැකියාව හමුදාවන්ට හිමි විය. සාමාන්‍ය රයිෆලයක් (සාමාන්‍ය බොල්ට් ක්‍රියාකාරිත්වයෙන් යුතු රයිෆලයක්) වුවද දුරදක්නයක් සවිකළ විට ස්නයිපර් රයිෆලයක් බවට පත්වෙයි.
ඉතිහාසය දෙවන ලෝක යුද්ධ සමයෙ දී මොසින් - නගන්ට් (mosin Nagant) රයිෆලය රැසියානු වෙඩි තබන්නන් විසින් බහුලව භාවිතා කර ඇත. මේවායෙ දුරේක්ෂකද සවි කර ඇත. ඇමරිකානු සිවිල් යුද්ධයෙදී, සමගි සංවිධාන හමුදාවන් විසින් barrel – length three power scope mounted on the then premium British…………………………………………………………..
පැරණිතම සනයිපර් රයෆලය දිගු -දුර ˝Peep – sights˝ ලෙසින් නිර්මාණය කර ඇති අතර එය ඉලක්කගත පරාසයක දී භාවිතයට ගනී. පළමු ලෝක යුද්ධය ආරම්භයේ දී පමණක් සනයිපර් රයිෆල කරළියට ආ අතර පළමු හමුදා සනයිපර් රයිෆලය SMLE MK (HT) ලෙස කරළියට එන ලදී.දෙවන ලෝක යුද්ධ සමයේ නිර්මාණය කළ සනයිපර් සම්මත ප්‍රමාණයේ ඒවා විය. ඒවා නිවැරදිව භාවිතා කළ හැකි ලෙසට අතට හුරැ වු 2.5x ප්‍රමාණයේ දුරදක්නයක් සහිත කම්මුලේ තබා ගත හැකි වු ඇණයක් මගින් පහතට හැරවීමෙන් දුරෙක්ෂය භාවිතා කර ප්‍රහාරය එල්ල කල හැකි අයුරින් නිමවා ඇත. යුද්ධය අවසානයේ දී සියළු පාර්ශව වල හමුදා සතුව සනයිපර් රයිෆල් භාවිතා කළ හැකි පුහුණු වු සෙබළුන් විය. එමෙන්ම එදා මෙදා තුර ඔවුන් ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරන ලදහ.
෴ ස්නයිෆර් උණ්ඩ හා ඒවාට යා හැකි උපරිම දුර ප්‍රමාණයන් ෴ ( අන්තර්ජාලය ඇසුරෙන් ගත්තකි )
පතරොම උපරිම කාර්යක්ෂමතා පරාසය
5.56 x 45 mm 300 – 500 m
7.62 x 51 mm 800 – 1000 m
7.62 x 54 mm 800 – 1000 m
.300 900 – 1200 m
.338 1300 – 1600 m
.50 BMG(12.7 x 99 mm ) 1500 – 2000 m
12.7 x 108 mm (Russian)
14.5 x 114 mm 1900 – 2300 m
෴ ලෝ පතල ස්නයිෆර් වෙඩික්කරුවන් ෴
වැසිලි සයිත්සෙව් ( vasily zaytsev )
ස්නයිෆර් වෙඩ්ක්කරුවන් අතරින් ජනප්‍රියතම වෙඩික්කරුවෙකු ලෙස රුසියානු ජාතික වැසිලි සයිත්සෙව් ( vasily zaytsev ) හැදින්වෙන අතර ඔහු අතින් 242 ආසන්න පිරිසක් මිය ගිය බවට වාර්තා වෙයි
ක්‍රෝප්‍රල් ක්‍රේග් හැරිසන් (Corporal Craig Harrison)
ලොව මෙතෙක් තබන ලද වැඩිම දුර ස්නයිපර් වෙඩිල්ල ලෙස සටහන් වන්නේ බ්‍රිතාන්‍ය ස්නයිපර්කරු ක්‍රෝප්‍රල් ක්‍රේග් හැරිසන් (Corporal Craig Harrison) විසින් තලෙයිබාන් සටන් කරුවන් දෙදෙනෙකු 2009 නොවැම්බරයේදී මීටර් 2475 දුරක සිට වෙඩි තබමින් මරා දැමීමයි
සීමෝ හේහා ( Simo Häyhä )
වැඩිම පිරිසක් තම ඉලක්කයට හසුකර ගැනීමේ වාර්තාව පිහිටුවා තිබෙන්නේ දෙවන ලෝක යුධ සමයේ පින්ලන්තය ආක්‍රමණය කිරීමට ආ රුසියානු සෙබලු 542 ක් මරා දැමු පින්ලන්ත හමුදාවේ
සීමෝ හේහා Simo Häyhä විසිනි.
රතු හමුදාව ඔහුව නම් කොට තිබුනේ “ ධවල මරණය“
("White Death") ලෙසයි. ඔහුගේ කම්මුලට වැදුනු වෙඩි පහරක් හේතුවෙන් මුහුනේ වම් පැත්ත වීරෑපි වී තිබුනි.
ලුඩ්මිලා පැවලිචෙන්කෝ ( Lyudmila Pavlichenko )
කාන්තා ස්නයිපර්වරියක් ලෙස වැඩිම සතුරන් පිරිසක් මරණයට යවා තිබෙන්නේ රුසියානු හමුදාවේ ලුඩ්මිලා පැවලිචෙන්කෝ ඇය තම ඉලක්කය 309 දෙනෙකුට මරු කැදවා ඇත
“ රහමදියේ යක්ෂයා“ හෙවත් ඇමරිකානු සීල් බලකායේ ක්‍රිස් කයිල් ('Al-Shaitan Ramad'-the Devil of Rahmadi)
ඇමරිකානු යුධ ඉතිහාසයේ වැඩිම දස්කම් දැක්වු ස්නයිපර් තුවක්කුකරු ඇමරිකානු සීල් බලකායේ ක්‍රිස් කයිල්ය.
ඔහුගේ වෙඩි ප්‍රහාරයන්ට ගොදුරු වු ගණන 255 ක් වේ. එයින් 160 ක්ම පෙන්ටගනය තහවුරු කර ඇත.
“ රහමදියේ යක්ෂයා“
('Al-Shaitan Ramad'-the Devil of Rahmadi)
ලෙස ඉරාක සටන්කාමීන් ඔහුව හදුන්වා ඇත. එලෙසම ඔහු මරා දමන්නෙකුට හෝ ඔත්තුවක් ලබාදෙන්නෙකුට ඇ.ඩො.20000 ත්‍යාගයක් ලබා දෙන බවත් ඉරාක සටන්කාමීන් විසින් ප්‍රසිද්ධ කොට තිබුනි.
ඔහුගේ විශිෂ්ඨම වෙඩි ප්‍රහාරය ලෙස සැලකෙන්නේ යාර 2100 දුරින් රොකට් ලෝන්චරයක් සහිතව පැමිනි ඉරාක සටන්කාමියකුගේ හිසටම එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයයි.
2009 දී වසර 10 ක සීල් භටයකු ලෙස සේවයෙන් පසුව 37 හැවිරිදි ඔහු විශ්‍රාම ගිය අතර ස්නයිපර් භටයකු ලෙස තම ජිවිතය පිලිබඳ American Sniper නමින් ග්‍රන්ථයක්ද එලි දක්වා ඇත. දැනට ඔහු ස්නයිපර් භටයන් පුහුණු කරන්නෙකු ලෙස රාජකාරි කරනු ලබයි.
ඉතාම මෑතක කොටි ත්‍රස්ථවාදින්ට එරෙහිව ශ්‍රි ලංකාවේ දියත් වුන මෙහෙයුම් වලදී ශ්‍රි ලංකා යුධ හමුදා ස්නයිපර් බලකායේ සෙබළුන් විශාලම දායකත්වයක් දැක්වූවා.
ඒ හතරවන ඊලාම් යුද්ධයේදි විතරක් කොටි ත්‍රස්තයන් 2800 ක් මෙම සැඟවුනු ස්නයිපර් උණ්ඩයට ගොදුරු කර ගනිමින්. නීරෝ, කැමා,ලාරා, මරර්,පිග්මි හා සූන් යන නම් වලින් මේ විශීෂ්ඨ ස්නයිපර් කරුවන් ලංකාව පුරාම ප්‍රසිද්ධ වුනා.
නීරෝ යන සංකේත නාමයෙන් හැදින්වුන කෝප්‍රල් රංජිත් ප්‍රේමසිරි නිහඩවම තම සේවය ඉටුකරමින් තම මව්බිම වෙනුවෙන්
2009 අප්‍රේල් මස 28 දින මව්බිමෙන් සමුගත්තා...
ඒ වන විට ඔහුගේ නිවැරදි ඉලක්කයට ත්‍රස්ථවාදින් 214 ගොදුරුව තිබුනා..
ඔහුට අපගේ උපහාරය!
උපුටා ගැනීම - http://kosatamiya.blogspot.com/
03/02/2013
We salute our nation our country!
03/02/2013
65 වෙනි නිදහස් දින උත්සවය අභිමානයෙන් සමරමු..!!
නුගේගො මහමායා බාලිකා විද්‍යාලය යුධ හමුදා ශිෂ්‍යභට කණ්ඩය,
3 වෙනි බලඇණිය.