Gpa-Principal Association

Gpa-Principal  Association

Share

විදුහල්පතිවරුන් එකම ධජයක් සෙවනට

16/05/2025

🙏🙏🙏🙏🙏සියලු විදුහල්පති ශ්‍රේණිධාරීන් වෙත,💭💭💭💭💭💭 පොදු රාජ්‍ය සේවක මූලික වැටුප් වැඩි කිරීම ගැන අප ආණ්ඩුවට ස්තූතිවන්ත විය යුතුය.නමුත් එවැන්නකින් සියලු ප්‍රශ්න නොවිසඳේ. 💭💭💭💭💭💭💭💭 විදුහල්පති සේවයේ නොවිසඳුණු ප්‍රශ්න රාශියක් වෙනුවෙන් අදාළ නිලධාරීන්ට හා බලධාරීන්ට කරන ලද ඉල්ලීම් ගණනාවකටම කිසිදු සාධනීය ප්‍රතිචාරයක් නොලැබී ඇති පසුබිමක සාධාරණ ඉල්ලීම් ඉටු කර ගැනීම සඳහා වෘත්තික බලය පෙන්වීමට එක මිටට එක් වන ලෙස සියලු ශ්‍රේණිධාරීන්ට ආරාධනා කරන්නෙමු. :@:@:@:@:@:@:@:@:@:@ එහි පළමු පියවර ලෙස දේශපාලන , සංගම්, පත්වීම් වර්ෂ හෝ ශ්‍රේණි බේදයකින් තොරව සියලු ශ්‍රේණිධාරීන්ට එක් විය හැකි පොදු අවකාශයක් හරහා අද සිට අඛණ්ඩ සටනක් ඇරඹීමට ඒකාබද්ධ තීන්දුවකට එළඹුනෙමු. එයට සෑම ශ්‍රේණිධාරියෙකුගේම සහාය බිඳීමකින් තොරව ලැබෙනු ඇතැයි තරයේ විශ්වාස කරන්නෙමු. :@:@:@:@:@:@:@:@:@:@ සෑම ශ්‍රේණිධාරියෙකුටම පොදුවේ බලපාන පහසුවෙන් විසඳිය හැකි හා විසඳිය යුතුම ගැටලු මූලික කරගෙන සැමට සහභාගි විය හැකි ,සැවොම සහභාගි විය යුතු සරල වෘත්තීය ක්‍රියාමාර්ගයකට පළමුව යොමු වීමත් ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ මැදිහත්වීමේ ප්‍රමාණය අනුව ක්‍රමයෙන් වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි හෝ ලිහිල් කිරීමටත් තීරණය කරන ලදී .🌟🌟🌟🌟🌟🌟🌟🌟 ඒ අතරතුරම නෛතික ක්‍රියාමාර්ගයන්ට යොමු වීමටත් තීරණය කෙරුණු අතර සෑම විදුහල්පති ශ්‍රේණිධාරියෙකුම පාවාදෙන්නෙකු හෝ අලසයෙකු නොවී සටනට අවතීර්ණ වනු ඇතැයි අපේක්ෂා කරන අතර වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පූර්ණ රැකවරණය විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය මගින් ලබා දීමට සහතික කරනු ලබයි.වෙනත් ඕනෑම පූර්ණ විදුහල්පති සංගමයකටද ඊට ඉඩ ප්‍රස්තාව විවෘතව ඇත.වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට සහාය දීමට වෘත්තීය සමිති සාමාජිකත්වයක් අනිවාර්යය නොවේ. වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට සහභාගී වීම වරදක් නොවන අතර විවිධ අණ පනත් මගින් ඊට වෘත්තිකයාට නිදහස හා අයිතිය ලබා දී තිබේ. 🌟🌟🌟🌟🌟🌟 අවසාන වශයෙන් මෙහි කිසිදු දේශපාලන පරමාර්ථයක් ගැබ් නොවන වග වගකීමෙන් සටහන් කරන්නෙමු. අපේ මූලික ඉල්ලීම් පහත දැක්වේ. 01.වත්මන් විදුහල්පති දීමනාව වැඩි කරනු ! 02. සෑම ශ්‍රේණිධාරියෙකුටම විදුහල්පති දීමනාවක් ලබා දෙනු ! 03. සෑම ශ්‍රේණිධාරියෙකුටම දුරකථන දීමනා ප්‍රතිපූර්ණය කරනු ! 04. උසස් කිරීමෙන් අනතුරුව මූලික වැටුප අඩු කිරීමේ චක්‍රලේඛය වහා වෙනස් කරනු ! 05. විදුහල්පති පත්වීමට පෙර ලැබූ වැටුප් වර්ධකයට වඩා ඉහළ වැටුප් වර්ධකයක් ආරම්භක විදුහල්පති වැටුප සමග ලබා දෙනු ! 06. විදුහල්පති තනතුරු මංකොල්ලය වහා නවතනු ! 07. සියලු ශ්‍රේණිධාරීන් 2025.01.01 දක්වා ගුරු සේවයේ සිටියා සේ සලකා වැටුප් නැවත පරිවර්තනය කරනු ! 08. කාර්යක්ෂමතා , සන්ධාන භාෂා , ධාරිතා සංවර්ධන ඇතුළු උසස්වීම් ගැටලු සඳහා වහා සහන සලසනු ! 👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️ උක්ත ඉල්ලීම් මුල් කර ගනිමින් පහත වෘත්තීය ක්‍රියාමාර්ගයට 2025.06.15 දින පටන් එළඹීමට තීරණය කර ඇත.ඒ සඳහා අද සිටම සූදානම් වෙමු. කැපවෙමු. ඉදිරි මාසයක කාලය වෘත්තීය ක්‍රියාමාර්ග ඇරඹීමට පෙර ගැටලු විසඳීමට අධ්‍යාපන අමාත්‍යංශයට ලබා දෙන කාලයකි. 👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️ ආරම්භක වෘත්තීය ක්‍රියාමාර්ගය පෙ.ව.7.30 ප.ව.1.30 අතර කාලයට පමණක් සියලු ශ්‍රේණිධාරීන්ගේ රාජකාරිය සීමා කිරීම. 👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️ මෙයට ලැබෙන ප්‍රතිචාර මත දින 14 කින් අනතුරුව ඊළඟ ක්‍රියාමාර්ගය දියත් කෙරෙනු ඇත.✅✅✅✅✅✅✅✅ මෙය සෑම විදුහල්පති ශ්‍රේණිධාරියෙකුටම යවන්න.

Photos from Gpa-Principal  Association 's post 12/05/2025
12/05/2025
14/04/2025

🙏🙏🙏🙏🙏අලුත් අවුරුදු පණිවිඩය.🙏🙏🙏🙏🙏🙏 සියලු විදුහල්පති ශ්‍රේණිධාරීන්ටත් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සැමටත් ලැබුවා වූ 2025 සිංහල හින්දු අලුත් අවුරුද්ද වාසනාවන්ත එකක් වේවා යි පතන්නෙමු !🔥🔥🔥🔥🔥 රාජ්‍ය සේවයේ පොදු වැටුප් වැඩිවීමක් සිදුව ඇත.එය අගය කළ යුතුය.මේ මූලික වැටුප් වැඩිවීම සිදුවුණේ වසර 09 කට පසුවයි.ලංකාවේ මූලික වැටුප් වැඩිවීමක් සඳහා ගතව ඇති උපරිම කාලය එයයි.එනයින් මෙය නොකර බැරි වැටුප් වැඩිවීමකි. කවුරුන් බලයේ සිටියද අනිවාර්යයෙන්ම කළ යුතුව තිබූ දෙයකි.හිටපු ජනාධිපතිවරයාද මේ සඳහා සූදානමින් උදය සෙනෙවිරත්න වාර්තාව ඉදිරිපත් කළා ඔබට මතක ඇත.එසේම ඔහුට මේ වැටුප් වැඩිවීම සඳහා IMF එකඟතාව ලැබී තිබුණි.මේ ආණ්ඩුවට තීරණය ක්‍රියාත්මක කිරීමේ ගෞරවය හිමි වේ.එසේම IMF ටද ස්තූතිය හිමි වේ.✅✅✅✅✅✅නමුත් විදුහල්පති වැටුප් ගැටලුව තවත් සංකීර්ණ වී ඇත.විෂමතාව පුළුල් වී ඇත.කළකිරීම ඔඩු දුවයි.ඔබත් සමග එකට ගුරු පත්වීම් ගෙන තවමත් ගුරු සේවයේ රැඳෙනා ඔබේ සගයාගේ පඩි පත බලන්න.එනිසා අලුත් අවුරුද්දේ සියලු ශ්‍රේණිධාරීන් අවධානයට ගත යුතු කරුණු කීපයක් සිහිපත් කරන්නෙමු.👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️ 01.එකම දින ගුරු සේවයට බැඳී දිගටම ගුරු සේවයේ රැඳුණු සහෝදර සහෝදරියන්ට විදුහල්පති සේවයේ පත්වීම් ලැබූ ඔබට වඩා වැඩි මූලික වැටුපක් හා ඉහළ අගයක වැටුප් වර්ධකයක් ලැබීම. 👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️ 02.එකී ගුරු සහෝදර නිලධාරීන් හා අප අතර තිබූ වැටුප් විෂමතාව 10/2025 චක්‍රලේඛය මගින් තවත් තීව්‍ර වී ඇත. 👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️ 03.විදුහල්පති ¡¡ සිට විදුහල්පති ¡ ශ්‍රේණියට උසස්වීමෙන් පසු මූලික වැටුප අඩුවීම.(2016.05.09 පත්වීම්ලාභීන් 2028.05.09 ¡ ශ්‍රේණියට උසස්වූ පසු මෙය දැනෙනු ඇත.එතෙක් නිර්වින්දනය වී සිටින්න.) 👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️ 04.දරන වගකීම් හා කරන කැපවීම් මෙන්ම රාජකාරි වපසරියටත් අනුව විදුහල්පතිවරුන්ට පමණක් ලැබෙන සොච්චම් විදුහල්පති දීමනාව 2017.03.01 න් පසු කාලීනව සංශෝධනය නොවීම හා සියලු ශ්‍රේණිධාරීන්ට එම දීමනාව ලබා නොදීම. 👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️ 05.හිමි දුරකථන දීමනාව මෙතෙක් නොගෙවීම. 👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️ 06.SLEAS නිලධාරීන් විසින් දැනට ජාතික පාසල්වල තනතුරු 577 ක් මංකොල්ල කා ඇත.ඉදිරියේදී පළාත් පාසල් විදුහල්පති තනතුරු 250 ක් පමණ මංකොල්ල කනු ඇත.( එතෙක් නිදා සිටින්න.) 🗨️🗨️🗨️🗨️🗨️🗨️🗨️🗨️🗨️🗨️🗨️🗨️🗨️ මේ සියලු අභියෝගයන්ට මුහුණදීමට දැනට ඉතිරිව ඇත්තේ එකම එක විදුහල්පති සංගමයක් පමණි. එයට ශක්තිය සැපයීමට අලුත් අවුරුද්දේවත් අධිෂ්ඨානයක් ඇති කරගන්න. මේ කරුණු මුල් කරගෙන ඉතා නුදුරේදීම වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමටත් නෛතික කටයුතු කිරීමටත් බලාපොරොත්තු වන අතර 2025 අලුත් අවුරුද්දේදී හෝ එකමුතුව ගැටලු විසඳා ගැනීමට අධිෂ්ඨාන කර ගනිමු. දක්වා ඇති ගැටලුවලින් සමහරක් ඔබට පෞද්ගලිකව අදාළ නොවුණද ඉහත ගැටලු සියල්ලම සඳහා සෑම ශ්‍රේණිධාරීයෙකුම පෙනී සිටිය යුතු ය.එය වෘත්තිකභාවයයි.එසේ නම් නව වසරේ හෝ සෑම ශ්‍රේණිධාරියෙකුම වෘත්තිකභාවය ඇතිකර ගැනීමට අධිෂ්ඨාන කර ගනිමු ! සටනින් තොර ජයග්‍රහණයක් නැත.සටන් කිරීමට ශක්තියක් අවැසි වේ.ශක්තිය ලැබෙන්නේ එකමුතුකමිනි. එකම අරමුණකට එක් නායකත්වයක් වටා ගොනු වීමෙන් වෘත්තීය සමිතියකට තිබිය යුතුම කේවල් කිරීමේ බලය ලැබේ.කේවල් කිරීමේ බලයක් නොමැති නම් කිසිදු ආණ්ඩුවක් ඉල්ලීම් සලකා නොබලනු ඇත.🗨️🗨️🗨️🗨️🗨️🗨️🗨️:@:@:@:@:@:@:@:@:@:@:@:@:@:@:@:@:@:@:@:@:@:@:@:@:@:@:@:@:@:@:@:@:@:@:@:@: විධායක සභාව, විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය.(GPA )🙏🙏🙏🙏🙏අලුත් අවුරුදු පණිවිඩය.🙏🙏🙏🙏🙏🙏 සියලු විදුහල්පති ශ්‍රේණිධාරීන්ටත් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සැමටත් ලැබුවා වූ 2025 සිංහල හින්දු අලුත් අවුරුද්ද වාසනාවන්ත එකක් වේවා යි පතන්නෙමු !🔥🔥🔥🔥🔥 රාජ්‍ය සේවයේ පොදු වැටුප් වැඩිවීමක් සිදුව ඇත.එය අගය කළ යුතුය.මේ මූලික වැටුප් වැඩිවීම සිදුවුණේ වසර 09 කට පසුවයි.ලංකාවේ මූලික වැටුප් වැඩිවීමක් සඳහා ගතව ඇති උපරිම කාලය එයයි.එනයින් මෙය නොකර බැරි වැටුප් වැඩිවීමකි. කවුරුන් බලයේ සිටියද අනිවාර්යයෙන්ම කළ යුතුව තිබූ දෙයකි.හිටපු ජනාධිපතිවරයාද මේ සඳහා සූදානමින් උදය සෙනෙවිරත්න වාර්තාව ඉදිරිපත් කළා ඔබට මතක ඇත.එසේම ඔහුට මේ වැටුප් වැඩිවීම සඳහා IMF එකඟතාව ලැබී තිබුණි.මේ ආණ්ඩුවට තීරණය ක්‍රියාත්මක කිරීමේ ගෞරවය හිමි වේ.එසේම IMF ටද ස්තූතිය හිමි වේ.✅✅✅✅✅✅නමුත් විදුහල්පති වැටුප් ගැටලුව තවත් සංකීර්ණ වී ඇත.විෂමතාව පුළුල් වී ඇත.කළකිරීම ඔඩු දුවයි.ඔබත් සමග එකට ගුරු පත්වීම් ගෙන තවමත් ගුරු සේවයේ රැඳෙනා ඔබේ සගයාගේ පඩි පත බලන්න.එනිසා අලුත් අවුරුද්දේ සියලු ශ්‍රේණිධාරීන් අවධානයට ගත යුතු කරුණු කීපයක් සිහිපත් කරන්නෙමු.👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️ 01.එකම දින ගුරු සේවයට බැඳී දිගටම ගුරු සේවයේ රැඳුණු සහෝදර සහෝදරියන්ට විදුහල්පති සේවයේ පත්වීම් ලැබූ ඔබට වඩා වැඩි මූලික වැටුපක් හා ඉහළ අගයක වැටුප් වර්ධකයක් ලැබීම. 👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️ 02.එකී ගුරු සහෝදර නිලධාරීන් හා අප අතර තිබූ වැටුප් විෂමතාව 10/2025 චක්‍රලේඛය මගින් තවත් තීව්‍ර වී ඇත. 👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️ 03.විදුහල්පති ¡¡ සිට විදුහල්පති ¡ ශ්‍රේණියට උසස්වීමෙන් පසු මූලික වැටුප අඩුවීම.(2016.05.09 පත්වීම්ලාභීන් 2028.05.09 ¡ ශ්‍රේණියට උසස්වූ පසු මෙය දැනෙනු ඇත.එතෙක් නිර්වින්දනය වී සිටින්න.) 👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️ 04.දරන වගකීම් හා කරන කැපවීම් මෙන්ම රාජකාරි වපසරියටත් අනුව විදුහල්පතිවරුන්ට පමණක් ලැබෙන සොච්චම් විදුහල්පති දීමනාව 2017.03.01 න් පසු කාලීනව සංශෝධනය නොවීම හා සියලු ශ්‍රේණිධාරීන්ට එම දීමනාව ලබා නොදීම. 👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️ 05.හිමි දුරකථන දීමනාව මෙතෙක් නොගෙවීම. 👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️👁️‍🗨️ 06.SLEAS නිලධාරීන් විසින් දැනට ජාතික පාසල්වල තනතුරු 577 ක් මංකොල්ල කා ඇත.ඉදිරියේදී පළාත් පාසල් විදුහල්පති තනතුරු 250 ක් පමණ මංකොල්ල කනු ඇත.( එතෙක් නිදා සිටින්න.) 🗨️🗨️🗨️🗨️🗨️🗨️🗨️🗨️🗨️🗨️🗨️🗨️🗨️ මේ සියලු අභියෝගයන්ට මුහුණදීමට දැනට ඉතිරිව ඇත්තේ එකම එක විදුහල්පති සංගමයක් පමණි. එයට ශක්තිය සැපයීමට අලුත් අවුරුද්දේවත් අධිෂ්ඨානයක් ඇති කරගන්න. මේ කරුණු මුල් කරගෙන ඉතා නුදුරේදීම වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමටත් නෛතික කටයුතු කිරීමටත් බලාපොරොත්තු වන අතර 2025 අලුත් අවුරුද්දේදී හෝ එකමුතුව ගැටලු විසඳා ගැනීමට අධිෂ්ඨාන කර ගනිමු. 💙💙💙💙💙💙💙 දක්වා ඇති ගැටලුවලින් සමහරක් ඔබට පෞද්ගලිකව අදාළ නොවුණද ඉහත ගැටලු සියල්ලම සඳහා සෑම ශ්‍රේණිධාරීයෙකුම පෙනී සිටිය යුතු ය.එය වෘත්තිකභාවයයි.එසේ නම් නව වසරේ හෝ සෑම ශ්‍රේණිධාරියෙකුම වෘත්තිකභාවය ඇතිකර ගැනීමට අධිෂ්ඨාන කර ගනිමු ! 💙💙💙💙💙💙💙 සටනින් තොර ජයග්‍රහණයක් නැත.සටන් කිරීමට ශක්තියක් අවැසි වේ.ශක්තිය ලැබෙන්නේ එකමුතුකමිනි. එකම අරමුණකට එක් නායකත්වයක් වටා ගොනු වීමෙන් වෘත්තීය සමිතියකට තිබිය යුතුම කේවල් කිරීමේ බලය ලැබේ.කේවල් කිරීමේ බලයක් නොමැති නම් කිසිදු ආණ්ඩුවක් ඉල්ලීම් සලකා නොබලනු ඇත.🗨️🗨️🗨️🗨️🗨️🗨️🗨️:@:@:@:@:@:@:@:@:@:@:@:@:@:@:@:@:@:@:@:@:@:@:@:@:@:@:@:@:@:@:@:@:@:@:@:@: විධායක සභාව, විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය.(GPA )

16/03/2025

අසාධාරණය තේරුම් ගනිමු.

24/10/2024

🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷සියලු විදුහල්පති ශ්‍රේණිධාරීන් වෙත සහෝදරත්වයෙනි, ගැළපුම් දීමනාව සම්බන්ධ වැඩි දුර කරුණු දැක්වීමයි. අප සංගමය පිහිටුවනු ලැබුවේ ලංකාවේ 11 වන විදුහල්පති සංගමය ලෙස ලියාපදිංචි කරමිනුයි.මේ වන විට සංගම් 21 ක් ලියාපදිංචි කොට තිබේ. 2020.07 13 දින GPA ලියාපදිංචියෙන් අනතුරුව සියලු විදුහල්පති ශ්‍රේණිධාරීන්ට ගැළපුම් දීමනාවක් හිමි විය යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශයට මුල්ම ලිඛිත දැන්වීම කළේ 2020.07.30 දිනයි.එදා සිට මේ දක්වා අධ්‍යාපන අමාත්‍යාංශයට මෙකී දීමනාව ඉල්ලා ලිපි 14 ක් ලියා ඇත.මේ වසර 04 තුළ ඇමතිවරු හා ලේකම්වරු සමග පැවති සියලු සාකච්ඡාවලදී ඉල්ලීම් කර ඇත.අවස්ථා 06 ක් ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයා මුණ ගැසී සාකච්ඡා කර ඇත.වාර 03 රාජ්‍ය පරිපාලන ලේකම්වරයා ලිඛිතව දැනුම්වත් කර මුණ ගැසී ලිපි බාර දී ඉල්ලීම් කර ඇත.දෙදවසක් මුදල් අමාත්‍යාංශයට ගොස් ඉල්ලීම් කර ඇත.සෑම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයකටම අවස්ථා දෙකකදී ලිපි කට්ටල් තැපැල් කර ඇත.අවස්ථා 05 කදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරුන් ලේකම් හා පළාත් අධ්‍යක්ෂ මුණ ගැසී ඉල්ලීම් කර ඇත.එලෙස පුරා සිව් වසරක් නොනවත්වා කරන ලද අරගලයක අග්‍රඵලය දැන් ලැබී ඇත. මේ සම්බන්ධයෙන් ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිඛිත නිගමනය පහත දක්වමි. "..........2016.01.01 දිනෙන් පසුව ශ්‍රී ලංකා ගුරු සේවයේ සිට ශ්‍රී ලංකා විදුහල්පති සේවය සඳහා පත්වීම් ලැබූ නිලධාරීන් සඳහා ගැළපීමේ දීමනාවක් ලබා දීමට සිදු වන්නේ නම් පමණක් ඔහුට /ඇයට වැටුප් වර්ධක ගැළපුම් දීමනාව ගෙවිය හැකිය." ඒ අනුව 2016.05.09 ,2019.10.02 ,2020.02.07, 2023.11.16 හා 2024.04.02 දිනවල විදුහල්පති ශ්‍රේණිධාරී පත්වීම් ලැබ වැටුප් වර්ධක අවාසියක් සිදු වූ සියලු නිලධාරීන්ට මෙම ගැළපුම් දීමනාව මෙතෙක් ගෙවා නැත්නම් සකස් කර ගෙවිය යුතුය. එකී මුදල මූලික වැටුපටද එකතු කළ යුතු බවටත් ආයතන අධ්‍යක්ෂ ජනරාල් මීට පෙර උපදෙස් ලබා දී ඇත. එපමණක් නොව ගුරු සේවයෙන් විදුහල්පති සේවයට පත්වීම 05/2017 චක්‍රලේඛය අනුව උසස්වීමක් ලෙස සලකා වැටුප සැකසිය යුතු බවට ජාතික වැටුප් කොමිෂන් සභාවෙන් නිකුත් කළ උපදෙස් ලිපියද මා සතුව ඇත.(මේ හා බැඳුණු තවත් ගෙවීම් කිහිපයක් ඇත.) ඉහත ලේඛන සියල්ල 2024.07.16 දින මවිසින් අධ්‍යාපන අමාත්‍යාංශයට බාර දී ඉල්ලීම් කර ඇත.එබැවින් ඉදිරියේදී විදුහල්පති ශ්‍රේණිධාරීන් 10000 කට ආසන්න ප්‍රමාණයකට නැවත වැටුප් සකස් කර ගෙවිය යුතු වේ(රු.3000.00 ත් 6000.00ත් අතර මුදලක් මාසික වැටුපට එකතු විය යුතුය.එය විශ්‍රාමික නිලධාරීන්ටද ලැබිය යුතු වේ.)ඉන් පසු ගුරු සේවයෙන් විදුහල්පති සේවයට පත්වීමෙන් පසු සිදු වූ අවාසිය බොහෝ දුරට මග හැරෙනු ඇත. මෙම ගැළපුම් දීමනා ඉල්ලීම තවත් කණ්ඩායම් විසින් සිදු කරන ලද බවද කෘතවේදීව සිහිපත් කරමි.එහෙත් ඒ සියලු කණ්ඩායම් කෙටි කාලීන උත්සාහයකින් අනතුරුව ඉල්ලීම හැරපියා පරාජය බාර ගෙන සටන් බිමෙන් ඉවත් වූහ.ජයග්‍රහණය තෙක්ම සටන අත නොහැර ලුහුබැන්දෝ අප පමණක්ම වන්නෙමු. එසේම මෙකී ඉල්ලීම සාක්ෂාත් කර ගැනීමට බාධාවක් වූ නිලධාරීන් ඇතුළු කණ්ඩායම් කිහිපයක්ම අපගේ දෝෂාරෝපණයට ලක් විය යුතු නමුත් ඒවා නොලියමි. ඉදිරියේදීද වැටුප් විෂමතාව විසඳා ගැනීමට මෙන්ම 2024.09.09 දින කැබිනට් මණ්ඩලයේ සම්මත වූ යෝජනාව අනුව සියලු රජයේ සේවකයින්ට හිමි විය යුතු රු.25000.00 හා විශ්‍රාමිකයින්ට හිමි විය යුතු රු.12 500.00 ක ජීවන වියදම් දීමනාව ජනවාරි වැටුපට එකතු කර ගැනීමටද සටන් බිම තුළ දිගටම රැඳී සිටින්නෙමු.ඒ සඳහා ඔබේ ශක්තිය නොඅඩුව අවැසිව තිබේ. නිමල් මුදුන්කොටුව , ප්‍රධාන ලේකම්, විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය, (GPA ) 2024.10.24

29/09/2024

ලේකම් තුමියනි, ළමා දිනේ සමරන්න ගුරුවරුන්ගෙන් මුදල් එකතු කිරීම තහනම් කර චක්‍රලේඛයක් ගහන්න බැරිද ?

Photos from Gpa-Principal  Association 's post 22/09/2024

සියල්ල සාමකාමීව හා වැදගත් ලෙස සිදු වීම භාග්‍යයක්.

18/09/2024

සැප් ; 22 නිසැකවම මම සතුටින් !

18/09/2024

සැප් ; 22 නිසැකවම මම සතුටින් !

Want your school to be the top-listed School/college in Nugegoda?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Nugegoda