31/03/2026
ජයෙන් ජයම වේවා👨🎓😍
උගන්නන්න ආස හිතන එකම Motivation එක..
Best Results කියන්න එවන Messages සහ Calls
📌COMBINED MATHS ..✍️💯
✔️Rotory , Nugegoda
✔️Sipelka , Gampaha
✔️Sahasthra ,Piliyandala
31/03/2026
ජයෙන් ජයම වේවා👨🎓😍
උගන්නන්න ආස හිතන එකම Motivation එක..
Best Results කියන්න එවන Messages සහ Calls
🔥නොමිලේ 🔥
👉දින 8 න් O/L ගණිතය විෂයට 🅰️ එකක්
👉මෙහෙයවීම -
සංයුක්ත ගණිත හා භෞතික විද්‍යා දේශක , ලක්මාල් රණසිංහ .
🚩මෙවර O/L විභාගයට පෙනී සිටින හැමෝටම දැනගන්න අනිවාර්යයෙන්ම Share කරන්න..
🚩ගණිතය විෂයේ ඔයා දැන් ඉන්න මට්ටම මොකක් උනත් " සුපිරි 🅰️" එකකට යන්න තවම පරක්කු නෑ ...
🚩මුල සිට සරලව සියලු සිද්ධාන්ත ආවරණය වන පරිදි සැකසූ ප්‍රශ්න පත්‍ර මාලාවක් හරහා ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ..
📌ආරම්භක සම්මන්ත්‍රණය -
නොවැ. 30 ඉරිදා රාත්‍රි 7 ට
📌සම්බන්ධ වීමට මෙම link එක හරහා WhatsApp සමූහයට එකතුවන්න
https://chat.whatsapp.com/BmBl2IHoTNTEZZakYSLfYy?mode=hqrt3
09/11/2025
17/06/2025
💥සීමාව හා මූලික අවකලනය
(කලනය 01 කොටස)
📌 නොමිලේ සම්මන්ත්‍රණය
✅ අංගසම්පූර්ණ සිද්ධාන්ත සහිතව ,
✅ පෙරහුරු ප්‍රශ්න සහ පසුගිය විභාග ගැටලු ආවරණය .
ජීවිතේ දිනන්න, උනන්දුව ආසාව තියන හැමෝම එන්න ...
📍 ජූනි 22 ඉරිදා උදේ 7.30 සිට සවස 12.00 දක්වා
📍 නුගේගොඩ රොටරි ආයතනයේදී
👉සරලව.. තිතට.. ඔලුවට දැනෙන්න.. ඉගෙනගන්න🥊
වැඩිදුර තොරතුරු සදහා පහත ලිගුව click කර Telegram නාලිකාවට එකතුවන්න
https://t.me/LR26N
WhatsApp- 078 687 5607
🔥 Advanced Level Combined Maths | ලක්මාල් රණසිංහ
🔴Combined Maths 🔴
සහස්‍රා පිලියන්දල
2026 Theory | 2025 Revision | 2024 Revision
සදහා සහභාගිවීමට අපේක්ෂා කරන සිසුන් හැමෝම සදුදා හවස 3 ට එන්න ..
(පලමු දින කිසිදු අය කිරීමක් සිදු නොකෙරේ)
04/07/2024
⭕COMBINED MATHS⭕
🔴2026 | THEORY🔴
⚠️ පලමු දිනය සම්පූර්ණයෙන් නොමිලේ ..❗
වැඩි කතා අවශ්‍ය නැත 🤚..
✊️සිහින යථාර්ථයක් කර ගන්න කැමති.. වැඩ කරන්න ආස හැමෝම මෙදාට එන්න 👇
📌ජූලි 04 සිට (බ්‍රහස්පතින්දා)
ගම්පහ - සිපෙල්කා ආයතනය
(පෙ.ව 8.00- 11.00)
📌ජූලි 05 සිට (සිකුරාදා)
නුගේගොඩ- රොටරි ආයතනය
(ප.ව. 2.30 - 5.30)
📌ජූලි 08 සිට (සදුදා)
පිලියන්දල- සහස්ත්‍රා ආයතනය
(ප.ව. 3.00 - 6.00)
(සැ.යු. - තවත් එක් පන්තියක ආස්වාදය ලබා නොදේ)
විමසීම් - 078 687 5607 ( Whatsapp or Call)
( වැඩිදුර තොරතුරු සදහා Telegram නාලිකාවට එකතු වන්න https://t.me/LR26N)
🔴🔴2024 Revision සදහා එකතු වීමට අපේක්ෂා කරන සිසුන් 2024rev ලෙස whatsapp පණිවිඩයක් 0786875607 අංකයට යොමු කරන්න🔴🔴
විභාගය දක්වාම 💯නොමිලේ 💥
🛑C. Maths Free Card දන්සල🛑
අයහපත් කාලගුණික තත්වය නිසා නියමිත දිනට ගම්පහ 2026 Combined Maths Theory පන්තිය ආරම්භ කිරීමට නොහැකි වූ නිසා .
නැවතත් 2024-06-27 එනම් මෙම ජුනි මස බ්‍රහස්පතින්දා සවස 2.30 සිට 6.00 දක්වා ගම්පහ 📍සිපෙල්කා ආයතනයේ ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
මෙදිනට පැමිණෙන සියලුම සිසුන්ට විභාගය දක්වාම👇
💯 සම්පූර්ණයෙන් නොමිලේ❗
සහභාගිවීමට අවස්ථාව ලබා දීමට අපි තීරණය කලෙමු. (free card)
📢මෙම අවස්ථාව ජූනි මස 27 වන බ්‍රහස්පතින්දා දිනට පමණක් වලංගු වේ❗
📣පලවෙනි දවසෙ ඇවිල්ම බලන්න..
අපේ රටාව ටිකක් වෙනස්😎 ✊️
N E X T L E V E L C. M A T H S
මෙදින ,
🖲විෂය නිර්දේශය පිළිබඳව පූර්ණ හැදින්වීම
🖲මූලික ගණිත පදනම් පාඨමාලාව සමග විභාගය තෙක් දිවෙන අපගේ වැඩ පිළිවෙල පිළිබඳව පූර්ණ අවබෝධයක් ලබා දීම.
🖲වර්ණවත් නිබන්ධන කට්ටලයක් පිරිනැමීම සිදු කෙරේ.
ඔබ කුමන මට්ටමක සිටියත් අවසානයේ A සිහිනය අතැති විශිෂ්ටයෙක් වන බව සහතික කරන්නෙමු..❗
මේ..නැවතීමක් නැති දිගු ගමනකට පාර පෙන්නන යෝධ පියවරක් ..✍️
විමසීම් - 078 687 5607 ( Whatsapp or Call)
( වැඩිදුර තොරතුරු සදහා Telegram නාලිකාවට එකතු වන්න https://t.me/LR26N)
Lakmal Ranasinghe
📌COMBINED MATHS ..✍️💯
✔️Rotory , Nugegoda
✔️Sipelka , Gampaha
✔️Sahasthra ,Piliyandala
19/06/2024
දුලා මාත් එක්ක යාළු වෙනකොට මට තිබුණෙ බයිසිකලයක් විතරයි..!
ඒත් ඒ කෙල්ල මගෙ ජීවිතේට ආවා. එහෙම එන්න ඕන කෙනෙක් නෙමෙයි එයා. නමුත් ආවා. ඒ කාළෙ අනාගතේ ගැන මට තිබුණෙ දැකපු හීනයක් විතරයි. ඒත් දුලා ඒ හීනය ගැන මම තරම්ම විශ්වාස කළා. ඇය එදා ඒ දුප්පත් කොල්ලා එක්ක ආවේ ඒ හීනයට පණ දෙන්න හිතාගෙන. ඒ තමයි දුලාට මම සැමියෙක් විදියට “ගරු“ කරන පළමු තැන..!
එදා ඉදන් මගෙ ජීවිතේ වෙච්ච හැම හැළ හැප්පීමකදී ම දුලා මගෙ අත අල්ලගෙන හිටියා. අතහැරලා ගියේ නැහැ. මම අතහරින්න කියද්දිවත් අතහැරලා ගියේ නැහැ. මම අඬන්න ඕන තැන් වලදි ඒ වෙනුවට කදුළු ආවේ දුලාගෙ ඇස් වලින්. ඒ තමයි මම ඇයට ගරු කරන දෙවෙනි තැන..!
අද මම යම් තැනක ඉන්නවනම් ඒ තැනට එන්න මගෙ පිටිපස්සෙ හිටපු යෝධ අත්වාරුව උනේ ඇයයි. දියුණුව වෙනුවෙන් වැඩිපුරම දුක් විඳපු මගේ ජීවිත කතාව ඇතුළේ පහන උනේ ඇයයි. ඒත් අදටත් ඇය මගේ දිහා බලද්දි මට පේන්නේ එදා 1st year එකේ හිටි ඇයවමයි. ඇය වෙනස් වෙලා නැහැ. ඒ තමයි මම ඇයට ගරු කරන තෙවෙනි තැන.
ඉතින් ආදරණීය ඉරණම්කාරියනි,
මගේ අනේක විධ ඇනුම් බැනුම් මැද,
මා වෙනුවෙන් විඳි අප්‍රමාණ දුක් මැද,
තවමත් වැරෙන් මගේ අත අල්ලා සිටින නුඹ,
මට දෙවෙනි මවක්..!
ආදරෙයි නුඹට, හැමදාම..! ❤
උපුටා ගැනීම - Dinesh Muthugala 💗 🫶
02/06/2024
2026 නව පන්ති ආරම්භය💥
⭕COMBINED MATHS⭕
2026 | THEORY
⚠️ A/L වලට තෝරගත්තේ Maths ද?
එහෙනම් මේක වැදගත් පණිවිඩයක් ..
ආරම්භයේ සිට අවසානය දක්වාම එක වගේ ආසාවෙන් , උනන්දුවෙන්, කැපවීමෙන් කරන්න ඕන විෂයක් තමයි සංයුක්ත ගණිතය කියන්නෙ.
මොහොතකට හරි එපාඋනොත්.. මග හැරුනොත් ඔයාගේ ජීවිතේ අකමැතිම විෂයත් මෙයම වේවි..
එනිසා ,
🛑පලමු තෝරාගැනීම හොදම තෝරාගැනීම කරගන්න ..❗
වැඩි කතා අවශ්‍ය නැත 🤚..
සිහින යථාර්ථයක් කර ගන්න කැමති වැඩ කරන්න ආස හැමෝම මෙදාට එන්න 👇
(තවත් එක් පන්තියක ආකල්පය ලබා නොදේ)
⚠️ආරම්භක සම්මන්ත්‍රණය ප්‍රධාන නගර දෙකකදී..
📌ජූනි 06 (බ්‍රහස්පතින්දා)
ගම්පහ - සිපෙල්කා ආයතනය
(පෙ.ව 8.00- 11.00)
📌ජූනි 07 (සිකුරාදා)
නුගේගොඩ- රොටරි ආයතනය
(ප.ව. 2.30 - 5.30)
📌ONLINE මුලු දිවයිනටම,
දිනය සහ වේලාව දැන ගැනීමට telegram නාලිකාවට එක් වන්න .
Link - https://t.me/LR26N
( සම්බන්ධ වීමට නොහැකි සිසුන් 0786875607 අංකයට "2026 Online" ලෙස පණිවිඩයක් යොමු කරන්න)
පලමු දින ,
◽විෂය නිර්දේශය පිළිබඳව පූර්ණ හැදින්වීමක් හා
◽මූලික ගණිත පදනම් පාඨමාලාව සමග විභාගය තෙක් දිවෙන අපගේ වැඩ පිළිවෙල පිළිබඳව පූර්ණ අවබෝධයක් ලබා දීම සිදු කෙරේ .
⚠️ පලමු දිනය සම්පූර්ණයෙන් නොමිලේ ..
එදාට අනිවාර්යයෙන්ම එන්න ..❗
ඔබ කුමන මට්ටමක සිටියත් අවසානයේ A සිහිනය අතැති විශිෂ්ටයෙක් වන බව සහතික කරන්නෙමු..💯✔️
මේක නැවතීමක් නැති දිගු ගමනකට පාර පෙන්නන යෝධ පියවරක් ..✍️
විමසීම් - 078 687 5607 ( Whatsapp or Call)
( වැඩිදුර තොරතුරු සදහා Telegram නාලිකාවට එකතු වන්න https://t.me/LR26N)
🔴🔴2024 Revision සදහා එකතු වීමට අපේක්ෂා කරන සිසුන් 2024rev ලෙස whatsapp පණිවිඩයක් 0786875607 අංකයට යොමු කරන්න🔴🔴
23/04/2024
AL විභාගයට සංයුක්ත ගණිතය හෝ භෞතික විද්‍යාව තෝරාගත් ඔබට,
🔥Combined Maths🔥
🔥Physics🔥
❌කොච්චර වැඩ කලත් තවමත් විෂය ගැන අවබෝධයක් නැද්ද?
❌ලකුණු අතරට එන්න බැරි උනාද?
❌එහෙමත් නැත්නම්.. විෂය කිනම් හෝ හේතුවක් මත එපා වෙලාද?
🔆2024 විභාගයට පෙනී සිටින අයෙක් වුවත් ඉදිරි අවුරුද්දක විභාග අපේක්ෂකයෙක් වුවත් ..
කාලය කෙතරම් සීමා සහිත වුවද..
මුල සිට අගට අඩුවක් නැතිව Theory.. model papers සමග සියලු පාඩම් ආවරණය කරන්නෙමු.
🔆ආසාවෙන්.. ඔලුවට වදින්න.. ඉගෙනගෙන
හීනයක් වුනු A සාමාර්ථය හැබෑ කරගන්න දැන්ම අමතා දිනයක් වෙන්කරවා ගන්න .
තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති සදහා විමසන්න 📲
(Normal- 0770536224 / 0786875607)
(Whatsapp- 0786875607 )
🔆ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ඔබ ආයතනයට හෝ නිවසට පැමිණ ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ ..
(සැ.යු. කාලය සීමා සහිත බැවින් අවස්ථාව ලබා ගැනීම සීමිත සිසුන් පිරිසක් සදහා පමණි.)
11/10/2023
ඉතිහාසයේ බිහි වු ශ්‍රෙෂ්ඨතම විද්‍යාඥයා - (නිකොලා ටෙස්ලා)
_________________________________________
ඔබ තෝමස් අල්වා එඩිසන් යනු ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙකු බව පිළිගන්නවාද ?
ඔබ නිකොලා ටෙස්ලා නැමැත්තෙකු ගැන අසා තිබෙනවාද?
පළමු ප්‍රශ්නයට පිළිතුර 'ඔව්' සහ දෙවැන්නට 'නැත' නම් මේ ලිපිය ඔබ සඳහායි.
උදේ තමයි, දැන් කියවන්න කම්මැලියිනම් පස්සේ කියවන්න Notepad හෝ Offline Save දාගන්න. හුඟක් වැදගත් වෙවි. මම පෞද්ගලික හුඟක් ගරැ කරන කෙනෙක්, ඒ වගේ ඔබ සැම සියළු දෙනා ගරැ කළ යුතු කෙනෙක් !
ඔබ දැන් Online පවා ඉන්නේ ඔහුගේ නිර්මාණ නිසාමයි !
නිකොලා ටෙස්ලා උපත ලැබුවේ ක්‍රොයේෂියාවේ සර්බියානු පවුලකයි. ඒ 1856 ජූනි 10 වනදා අකුණු ගසන මධ්‍යම රාත්‍රියේයි. ඒ නිසාම ඔහුව විදුලියෙන් උපන් දරුවා ලෙසද හැඳින්වුනා.
ඔහුගේ පියා ඕතොඩොක්ස් පූජකයෙකු වූ බැවින් ඔහුට තම පුතාවද පූජකයෙකු කිරීමට අවශ්‍ය වුණා. නමුත් තම මව නිවසේ වැඩ පහසු කරගැනීමට නිර්මාණය කළ විවිධ උපකරණ හා ක්‍රම දුටු කුඩා ටෙස්ලාට අවශ්‍ය වුණේ තාක්ෂණය ඉගෙනගැනීමටයි.
දිනක් ඔහුගේ සුරතල් බළලාගේ ලෝම වලින් හටගත් කුඩා ස්ථිති විද්‍යුත් ධාරාවක් වැදුණු ටෙස්ලා තමන් විදුලිය ගැන ඉගෙනගත යුතු බව තීරණය කළා.
කළක් තම උපන්බිමේ දුම්රිය සමාගමක ට්‍රොලි සම්බන්ධව සේවය කළ ටෙස්ලා තම ජීවිතයේ ගත් සාධනීයම තීරණයක් ගන්නවා. ඒ ඇමරිකාවට සංක්‍රමණය වීමටයි.
ඔහු ඇමරිකාවට එන්නේ ඇඳුම් කිහිපයක්, මග වියදමට මුදල් ස්වල්පයක් සහ තමාව හඳුන්වාදීමේ ලිපියක් පමණක් සහිතවයි. ඔහු සේවයට යන්නේ ඒ මහා "ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා" වූ තෝමස් අල්වා එඩිසන්ගේ විද්‍යාගාරයටයි.
එහිදී ටෙස්ලා කලක් පුරාවට බොහෝ පර්යේෂණ වල නියැලෙමින් බොහෝ නිර්මාණ කරනවා. එඩිසන් දැන සිටියේ සහ අලෙවි කලේ DC (සරළ ධාරා) විද්‍යුතයයි. එකළ එය ඉතාම මිළ අධික සේවාවක් වුණා.
සෑම වර්ග සැතපුමකටම පමණ බලාගාරයක් අවශ්‍ය වීම,සම්ප්‍රේෂණය සඳහා ඝනකම් රැහැන් අවශ්‍ය වීම,ගිණිගැනීම් අධික වීම,ගින්නෙන් විදුලි පද්ධතියට සිදුවන හානි ප්‍රතිසංස්කරණය කිරීමට අධික වියදමක් යාම
ආදී හේතූන් නිසා එඩිසන් මෙම ව්‍යාපාරයෙන් අධික ලාභ උපයන්නට සමත් වුණා.
ටෙස්ලා තමන්ට වඩා අතිදක්ෂයෙක් බව තේරුම්ගන්නා එඩිසන් අවසන් වරට ටෙස්ලාට භාරදෙන ව්‍යාපෘතිය වූයේ ඔහුගේ DC ජෙනරේටර් සහ මෝටර් වල දෝෂ නිරාකරණය කර දෙන ලෙසටයි. ඒ සඳහා ඇමරිකානු ඩොලර් 50,000ක මුදලක් ටෙස්ලාට දීමටත් ඔහු පොරොන්දු වෙනවා. ටෙස්ලා දිවා රෑ නොබලා මෙම කාර්යය අවසන් කර එඩිසන්ට භාරදී පොරොන්දු වූ මුදල් ඉල්ලනවා.
එවිට එම මුදල් දීම ප්‍රතික්ෂේප කරමින් එඩිසන් ටෙස්ලාට මෙසේ පවසනවා
"Tesla, you don't understand our American humour"
"ටෙස්ලා, ඔබට ඇමරිකානු අපගේ කවටකම් තේරේන්නේ නෑ"
එඩිසන් සහ ටෙස්ලා බිඳීයාම මෙසේ ඇරඹෙනවා. නිකොලා ටෙස්ලා වෙනම විද්‍යාගාරයක් අරඹනවා. මේ සඳහා මූල්‍ය අනුග්‍රහය ලබාදීමට එකඟ වන්නේ J.P. Morgan සහ George Westinghouse සමාගම් දෙක පමණයි.
දැන් තමයි නිකොලා ටෙස්ලා නියමෙටම වැඩ පටන්ගන්නෙ. ඔහු AC (ප්‍රත්‍යාවර්ථ ධාරා) විදුලිය ලොවට ගෙනෙනවා. ඔහු ලොව ප්‍රථම ජල විදුලි බලාගාරය නයගරා දියඇල්ලේ ඉදිකරන්නේ ජලයෙන් විදුලිය නිපදවීම පිළිබඳව කිසිඳු අදහසක් ලෝකයට නොතිබූ යුගයකයි.
මුළු පළාතකටම එක් බළාගාරයක් හොඳටම ප්‍රමාණවත් වීම,සම්ප්‍රේෂණය හා බෙදාහැරීම සඳහා තුනී රැහැන් ප්‍රමාණවත් වීම,නිෂ්පාදන හා නඩත්තු ගාස්තු ඉතා අවම වීම
ආදී හේතු නිසා අප අදටත් පාවිච්චි කරන ටෙස්ලාගේ මෙම AC විදුලිය එදා අතිශයින් ජනප්‍රිය වන්නට පටන්ගන්නේ තෝමස් අල්වා එඩිසන්ගේ ව්‍යාපාර වලට මරු පහරක් එල්ල කරමිනි.
එඩිසන් නිකන් සිටියේ නැත. ඔහු පාසැල් ළමුන්ට මුදල් ලබාදී නිව්යෝක් නිවෙස් වලින් සුරතල් බල්ලන් සහ පූසන් සොරාගත්තේය. අවසානයේ අශ්වයන් සහ ඇතින්නක්ද සොයාගත්තේය. ටෙස්ලාගේ AC විදුලිය අනතුරුදායක බව පෙන්වීමට මේ "ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා" එම සියළු සතුන් ප්‍රසිද්ධියේම AC විදුලිය වද්දවා පණපිටින් පුළුස්සා මරා දැම්මේය.
අසමසම මොළයක් තිබූ ටෙස්ලා මීට කදිම උපායක් යෙදුවේය. Faraday Cage එකක් ආකාරයට සාදාගත් ඇඳුමක් ඇඳගත් නිකොලා ටෙස්ලා ප්‍රසිද්ධියේ තම සිරුර හරහා ඉතාමත් අධික විදුලියක් යවාගෙන පෙන්වමින් තම නිෂ්පාදනය ආරක්ෂිත බව පෙන්වුවා.
මේ සමග කුජීත වී යන එඩිසන්ගේ DC විදුලිය සැම අතින්ම ප්‍රතික්ෂේප වී දුප්පතාගේ හිතවතා වූ ටෙස්ලාගේ AC විදුලිය ලොව පුරා ජනප්‍රිය වෙනවා (අදටත් ඔබේ නිවසේ භාවිතා වන්නේ AC විදුලියයි).
ශ්‍රේෂ්ඨ විද්‍යාඥ තෝමස් අල්වා එඩිසන් පරාජය භාරගත්තා යැයි ඔබා සිතනවාද? ඔහු ටෙස්ලාගේ විද්‍යාගාරයට ගිණිතබා ටෙස්ලාගේ සටහන් විනාශ කරනවා...
නමුත් එඩිසන්ගේ මෙම උත්සාහයද ව්‍යර්ථ වන්නේ මානව ඉතිහාසයේ බිහිවූ අසමසම හා අසාමාන්‍ය මොළයක් හිමි නිකොලා ටෙස්ලා ඉදිරියේ තෝමස් අල්වා එඩිසන්ට තිබුණේ ළදරු මොළයක් බව ඔහුට අමතක වීම නිසාය.
නිකොලා ටෙස්ලාට භාෂා 8ක් කතා කළ හැකි විය.
Serbian, English, Czech, German, French, Hungarian, Italian සහ Latin ඒවාය.
ඔහුට එක්වරක් පමණක් කියවීමෙන් පසූ සම්පූර්ණ පොතක්ම නැවත ඒ අයුරින්ම ලිවිය හැකි මතකයක් විය.
ඉතාම සංකීර්ණ ත්‍රිමාණ සටහනක් මොළයෙන් නිර්මාණය කරගෙන කිසිඳු සටහනක් නොමැතිව 100%ක් අංගසම්පූර්ණව එය නිර්මාණය කළ හැකි විය.
මෙවැනි මොළයකට සටහන් ගිණිතැබීමෙන් සිදුවූ හානිය ඉතාම අවම විය.
එඩිසන්ගේ මූල්‍ය අනුග්‍රහය යටතේ අප කවුරුත් දන්නා ගුග්ලි එල්මෝ මාකෝනි රේඩියෝව සොයාගත්තේය. නමුත් ඔහු සැබැවින්ම කලේ ටෙස්ලාගේ සොයාගැනීම් හා පේටන්ට් 17ක් භාවිතා කරමින් ලොව ප්‍රථම ගුවන්විදුලි පණිවුඩය යැවීමයි (රේඩියෝවක් ගලවා එහි ඇති ටෙස්ලා කොයිල්, ට්‍රාන්සිස්ටර් ආදිය බලන්න). ටෙස්ලා මේ ගැන මාධ්‍ය වලට පිළිතුරු දුන්නේ
"Marconi is a good fellow. Let him continue. He is using seventeen of my Patents"
ලෙසයි. ඉතාම මෑතකදි දුන් නඩු තීන්දුවකින් නැවතත් ගුවන්විදුලිය සොයාගැනීමේ ගෞරවය ටෙස්ලාට ලැබුණු නමුත් අදටත් බහුතර ලෝකය එය දන්නේ නැත.
රේඩාර් සොයාගැනීමේ ගෞරවය ලැබෙන්නේ රොබට් වොට්සන් හටයි (1935දී). නමුත් 1917දී පළමු ලෝක යුද්ධයේදී ඇමරිකානු නාවික හමුදාව වෙනුවෙන් මුලින්ම රේඩාර් තාක්ෂණය සොයාගන්නේ නිකොලා ටෙස්ලාය. අවාසනාවට එවකට නාවික හමුදාවේ Research & development අංශයේ ප්‍රධානියා වූයේ එඩිසන්ය. ඉතිරිය ඔබම සිතාගන්න.
ටෙස්ලා තවත් ඇදහිය නොහැකි සොයාගැනීම් රැසක් සිදුකලේය.
ඔහු ට්‍රාන්සිස්ටරය සම්බන්ධ මූලික සොයාගැනීම් නොකරන්නට ඔබ අද අන්තර්ජාලයට එන්නේද නැත.
අදටත් පරීක්ෂණ මට්ටමේ ඇති Cryogenic Engineering පිළිබඳව වසර 100කට පෙර ඔහු පරීක්ෂණ කළේය.
අභ්‍යාවකාශයෙන් එන ගුවන්විදුලි තරංග රෙකෝඩ් කල ලොව පළමු විද්‍යාඥයාය.
භූමිකම්පා නිපදවිය හැකි යන්ත්‍රයේ නිර්මාණකරු. (මෙහි පරීක්ෂණ කරන විට මුළු නිව්යෝක් නගරයටම භූමිකම්පාව දැනී ඇත. මෙම තාක්ෂණයෙන් (HAARP) කාළගුණයද පාලනය කලහැකි අතර ලෝකයේ භයානකම ආයුධය ලෙස සැලකේ)
පෘථිවියේ අනුනාද සංඛ්‍යාතය සොයාගත් විද්‍යාඥයා (මෙම අගය නිවැරදි බව තහවුරු කරගැනීමට පමණක් ලෝකවාසී විද්‍යාඥයන්ට තවත් වසර 50ක් ගතවිය).
බෝල අකුණු ඇතිවන ආකාරය තවමත් විද්‍යාඥයන්ට නිශ්චිතව කිව නොහැක. නමුත් 1890 කාලයේදී ටෙස්ලා බෝල අකුණු නිර්මාණය කලේය.
දුරස්ථ පාලකය.රැහැන් රහිත සන්නිවේදනය.නියෝන් ලයිට්.ෆ්ලොරොසන්ට් ලයිට් (ටියුබ් ලයිට්).AC මෝටරය (බ්ලෙන්ඩරයේ ෆෑන් එකේ වායුසමීකරණයේ සිට කර්මාන්තශාලා වල දැවැන්ත යන්ත්‍ර දක්වා ඇත්තේ AC මෝටර්ය).විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් මත ගමන් කරන පාවෙන පීරිසිය රැහැන් රහිත විදුලි සම්ප්‍රේෂණය
ඔබ සිතන්නේ මේවා සොයාගත්තේ කවුරුන් කියාද?
ටෙස්ලා ලොවට අවසන් වරට දායාද කලේ මෑන්හැටන් දූපතේ ඉදිකල ටෙස්ලා කුළුණයි. එම තනි කුළුණ මගින් වායුගෝලයට ඉහලින් ඇති අයනගෝලය භාවිතාකර "මුළු ලෝකයටම රැහැන් රහිතව" නොමිලේ විදුලිය ලබාදීමට හැකිවිය.
මෙලෙස බැලූ කල නිකොලා ටෙස්ලා කෝටිපතියෙකු විය යුතුය.
නැත. ඔහු සැමවිටම මිනිසුන්ට අඩු මිලට විදුලිය ලබාදීමට හා ජල, සූර්ය, සුළං ඇතුළු පුර්ජනනීය බලශක්තිය හඳුන්වාදීමට කටයුතු කල කෙනෙකි. තව වසර 50000කට ප්‍රමාණවත් තෙල් පොළොවේ ඇතැයි සිතූ එම කාලයේ එඩිසන් සිතුවේ අනාගතය තෙල් මත රැඳෙනු ඇතැයි කියාය. නමුත් අසාමාන්‍ය ටෙස්ලා යුග ගණනක් අනාගතය දැක්කේය.
නොමිලේ මිනිසුන්ට විදුලිය දෙනවිට ඉන් ලාභ උපයන්නේ කෙසේද? මේ නිසාම ආයෝජකයන් සියල්ල ටෙස්ලා අත්හැරියහ. ටෙස්ලා ණය වෙමින් ලොවට සෙත සැදුවේය. විශේෂයෙන් කුරුල්ලන්ට හා අනෙක් සියළු සතුන්ට ඉමහත් ආදරයක් දැක්වූ මේ අවිවාහකයා 86 හැවිරිදි වියේදී සිය හෝටල් කාමරය තුලදී දුප්පතෙකු ලෙස දිවියෙන් සමුගත්තේය. වංචනික ව්‍යාපාරික එඩිසන් ගැන සැවොම දන්නා නමුත් ලොවක් තැනූ ටෙස්ලා ගැන පාසැල් පෙළපොතක වත් උගන්වන්නේ නැත. නමුත් අපගේ දරු මුණුබුරන්ද ඔහුට ණයගැතිය.
ඉතින් සියවසේ විද්‍යාඥයා වීමට වඩා සුදුසු බොහෝදුරට සෛද්ධාන්තික විද්‍යාඥයෙකු පමණක් වූ ඇල්බට් අයින්ස්ටයින්ද නැතහොත් වසර සිය ගණනක පෘථිවියේ අනාගතය තනිව තම දෑතින් ගොඩනැගූ නිකොලා ටෙස්ලාද යන්න සිතා බැලීම ඔබ සතුය. 😌✌
උපුටා ගැනීමකි