Institute of Politics

Institute of Politics

Share

An Institute of promoting Democracy, Good Governance and Public Policy Dialogues

Photos from Kanishka De Lanerolle's post 01/05/2025

Congratulations Kanishka De Lanerolle

IDAG & IOP ශිෂ්‍යත්ව වැඩසටහන - 2024 26/10/2024

IDAG & IOP පූර්ණ ශිෂ්‍යත්ව වැඩසටහන!

ප්‍රජාතන්ත්‍රවාදය, විමධ්‍යගතකරණය සහ ප්‍රාදේශීය ආණ්ඩුකරණය පිලිබඳ ඩිප්ලෝමා පාඨමාලාව | දැන් ඇරඹුනා...

මෙතක් ලියාපදිංචිවීමට නොහැකි වූ සිසුන් සඳහා ලියපදිංචිය නොවැම්බර් පළමු සතිය දක්වා දීර්ඝ කර ඇත. සියලුම දේශනා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් විසින් මෙහෙයවනු ලැබේ.

සම්පූර්ණ පාඨමාලාව නොමිලේ පවත්වනු ලබයි.

දේශන වේලාවන්
සෙනසුරාදා පෙ.ව 9.00 -11.00 | සහ පෙ.ව 11.30 – 1.30

සියලුම දේශන ONLINE ක්‍රමවේදය ඔස්සේ පැවැත්වේ.

පහත සබැඳිය ඔස්සේ දක්වන ගූගල් ෆෝරමය CLICK කර ලියාපදිංචි වන්න.

https://docs.google.com/forms/d/e/1FAIpQLSf4nLOgf_5Q4E1hxYN4a55nI9IzWO1Inpm2RaCbBcjMnrWTYA/viewform?usp=pp_url

IDAG & IOP ශිෂ්‍යත්ව වැඩසටහන - 2024

01/07/2024

කෘතහස්ත දේශපාලනඥයකු වූ හිටපු විපක්ෂ නායක ආර්.සම්පන්තන් මැතිතුමන්ගේ අභාවය පිළිබඳව Institute of Politics ආයතනයේ සාතිශය සංවේගය පළකර සිටිමු. එතුමන්ට ශාන්තියක්ම අත්වේවා!

Photos from Institute of Politics's post 09/10/2023

Institute of Plitics ආයතනයේ වාර්ෂික ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය පසුගිය දා අභිමානවත් අයුරින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පවත්වන ලදී. Institute of Politics ආයතනයේ සභාපති මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ නීතිඥ සමන් සේනාධීර, නීතිඥ අකලංක හෙට්ටිආරච්චි, නීතිඥ වින්ද්‍යා මුතුලිංගම් සහ ජ්‍යේෂ්ඨ පර්යේෂක හරීන්ද්‍ර බී දසනායක ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් ද රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමලගුණරත්න මහතා ද මෙම අවස්ථාවට එක්විය. මෙම උළෙලේ විශේෂ ආරාධිත සම්ප්‍රාප්තිය ලෙස ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසුරිය මැතිතුමන් සහභාගීවූ අතර ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයට සමගාමී වශයෙන් දැනට දේශපාලනයේ සිටින කෘතහස්ත දේශපාලන භාවිතාවක් ඇත්තාවූ ජනතා නියෝජිතයින් ඇගයීමක් ද සිදුවිය.

මෙහිදී Institute of Politics විසින් වසරේ හොඳම ව්‍යවස්ථාදායක කාර්යය ඇගයීම වෙනුවෙන් වූ සම්මානය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රී සංසදය වෙත පිරිනමනු ලැබීය. දේශපාලන පක්ෂ බේදයෙන් තොරව කාන්තා මන්ත්‍රී සංසදයේ සියලුම මන්ත්‍රීවරියන් එක්ව කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් වූ පනත් කෙටුම්පත් සතරක් මේ වනවිට පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබීම මෙම ඇගයීම සඳහා හේතු පාදක කරගන්නා ලදී.

එමෙන්ම Institute of Politics ආයතනය විසින් ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන ප්‍රජාත්නත්‍රවාදයේ රන් සම්මානය මෙවර මහාචාර්ය තිස්ස විතාරණ මහතා වෙත පිරිනමනු ලැබීය. 2008/2009 සර්ව පාක්ෂික නියෝජිත සමුළුවේ සභාපතිධූරය දරමින් ජාතික ගැටළුව විසඳීම සඳහා බලය බෙදීම පදනම් කරගත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා එතුමන් දරන ලද නිර්ව්‍යාජ කැපවීම මෙහිදී විශේෂ ඇගයීමට භාජනය විය.

වසරේ දක්ෂතම Institute of Politics විද්‍යාර්ථයාට හිමි සම්මානය සම සම්මානයන් වශයෙන් දමිතා අබේරත්න සහ මිෂෙල් මනමේන්ද්‍ර මෙහිදී දිනා ගන්නා ලදී.

Institute of Politics මීළඟ පාඨමාලාව දෙසැම්බර් මස ආරම්භ වීමට නියමිතව ඇත.

------------------------------------------------------------------------------------
Institute of Politics
நிறுவனத்தின் வருடாந்த டிப்ளோமா சான்றிதழ் வழங்கும் நிகழ்வு கடந்த தினம் இலங்கை மன்றக்கல்லூரியில் விமர்சையாக நடைபெற்றது.

Institute of Politics நிறுவனத்தின் தலைவர் பேராசிரியர் அமிந்த மெத்சில பெரேரா உள்ளிட்ட விரிவுரையாளர்கள், சட்டத்தரணிகளான சமன் சேனாதீர, அகலங்க ஹெட்டியாரச்சி, விந்யா முத்துலிங்கம், சிரேஸ்ட்ட ஆய்வாளர் ஹரீந்திர பி தசநாயக்க உள்ளிட்ட பணிப்பாளர்சபை உறுப்பினர்கள், அரச சார்பற்ற நிறுவனங்கள் தொடர்பான தேசிய செயலகத்தின் பணிப்பாளர் நாயகம் சஞ்சீவ விமலகுணரத்ன ஆகியோர் இதில் கலந்து கொண்டனர்.

இந்நிகழ்வில் விசேட விருந்தினராக சிறிலங்காபிமான்ய கரு ஜயசூரிய கலந்து சிறப்பித்தார். இதனோடு இணைந்ததாக தற்போது அரசியலில் ஈடுபடும் பண்பான மக்கள் பிரதிநிதிகள் பாராட்டப்பட்டார்கள்.

Institute of Politics நிறுவனத்தினால் இவ்வருடத்திற்கான சிறந்த யாப்புசார் விடயத்திற்கான விருது இலங்கை பாராளுமன்றத்தின் பெண் பாராளுமன்ற உறுப்பினர்களின் அமைப்புக்கு வழங்கப்பட்டது.

இதற்கான காரணம் அரசியல் வேறுபாடின்றி பெண் பாராளுமன்ற உறுப்பினர்கள் மகளிர் உரிமைகளை பாதுகாப்பதற்கான நான்கு சட்ட மூலத்தினை இதுவரை பாராளுமன்றத்திற்கு முன்வைக்க செயற்பட்டமையாகும்.

மேலும் Institute of Politics நிறுவனத்தினால் வாழ்நாளில் ஒருநாள் வழங்கப்படும் ஜனநாயகத்திற்கான தங்க விருது இம்முறை பேராசிரியர் திஸ்ஸ விதாரனவுக்கு வழங்கிவைக்கப்பட்டது.

2008/2009 காலப்பகுதியில் சர்வகட்சி பிரதிநிதித்துவ மாநாட்டின் தலைமைத்துவத்தினை வகித்து தேசிய பிரச்சினையை தீர்க்க, அதிகார பரவலாக்கல் தொடர்பான புதிய அரசியல் யாப்பினை தயாரிக்க அவர் வழங்கிய உண்மையான அர்ப்பணிப்பு இதன்போது பாராட்டப்பட்டது.

வருடத்தின் சிறந்த Institute of Politics அறிஞருக்கான விருது தமிதா அபேரத்ன மற்றும் மிசேல் மனமேந்திர ஆகிய இருவருக்கும் கிடைக்கப்பெற்றது.

Institute of Politics அடுத்த பாடநெறி டிசம்பர் மாதம் ஆரம்பிக்கப்படவுள்ளது.

05/10/2023

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කැපවුණු ජේෂ්ඨ දේශපාලඥයෙකුට ජීවිතයේ එක් වරක් පමණක් පිරිනැමෙන ප්‍රජාතන්ත්‍රවාදයේ රන් සම්මානය මහාචාර්ය තිස්ස විතාරණ ට.

05/10/2023

සංහිදියාවේ රන් සම්මානය - හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට

21/07/2023

අප ආයතනයේ සභාපති මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතාගේ පියාණන්ගේ අභාවය පිළිබඳව අපගේ බලවත් කණගාටුව!

Photos from Institute of Politics's post 15/01/2023

Institute of Politics ආයතනය මගින් ආණ්ඩුකරණය, රාජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ 2022 වසරේ සාර්ථකව අවසන් කරන ලද ඩිප්ලෝමාධාරීන්ගෙ කන්ඩායම විසිරයෑමේ ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකා පදනම් ආයතනයදී පසු ගිය දින පවත්වනු ලැබුවා. එහි දසුන් කිහිපයක්. 2022

Want your school to be the top-listed School/college in Nugegoda?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


196A High Level Road
Nugegoda
10250