Susantha's Biology

Susantha's  Biology

Share

BIOLOGY | EXPERT
අතිශයින් A සඳහාම පමණි...

03/12/2025

ඔබ මී උණ (Rat Fever) අවදානමට ලක්ව සිටීද?

✓ ඔබ ගංවතුර හෝ මඩ සහිත ජලයේ ඇවිදීම, වැඩ කිරීම හෝ පිරිසිදු කිරීම සිදු කළේ නම්.
✓ ගංවතුර බැස ගිය පසු ඔබ ලිං, කානු පද්ධති හෝ කසළ පිරිසිදු කිරීමේ යෙදුනේ නම්.
✓ පාදවල හෝ කකුල්වල කැපුම් හෝ සීරීම් තුවාල තිබියදීත් තෙත හෝ මඩ සහිත ප්‍රදේශවල ගැවසුනේ නම්.

ඉහත කරුණු වලින් එකක් හෝ ඔබට අදාළ නම්, ඔබ මී උණ අවදානමේ පසුවෙයි.

ගංවතුර ආපදා තත්වයට මුහුණ දුන් ජනතාව මී උණ වැලැක්වීමේ පූර්ණ ප්‍රතිකාරය (Doxycycline) නොමිලයේ ලබා ගැනීම සඳහා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හෝ ඔබේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා අමතන්න.

03/12/2025

🏺විදුලිය නැති අවස්ථාවක ඉන්සියුලින් (Insulin) ආරක්ෂා කරගන්නා ආකාරය;
(ශීතකරණයක් භාවිතා කළ නොහැකි විට)

මෙම ක්‍රමය "වාෂ්පීකරණ සිසිලනය" (Evaporative Cooling) මූලධර්මය මත ක්‍රියා කරන අතර, මැටි කලය තුළ ඇති සිසිලස මගින් ඉන්සියුලින් නරක් නොවී තබා ගත හැක.

🗨️අවශ්‍ය ද්‍රව්‍ය:
* පිරිසිදු මැටි කලයක් හෝ මුට්ටියක් (පියනක් සහිත).
* පිරිසිදු ජලය.
* ශක්තිමත් නූලක්.

🗨️සකස් කරගන්නා ආකාරය (පියවරෙන් පියවර):
>ජලය පිරවීම: මැටි කලය ගෙන එහි පතුලේ සිට යම් ප්‍රමාණයකට පිරිසිදු ජලය පුරවන්න (කලයෙන් 1/4ක් පමණ ප්‍රමාණවත්).
>බෝතලය සකස් කිරීම: ඉන්සියුලින් බෝතලයේ කරට නූලක් දමා හොඳින් ගැට ගසන්න.
> එල්ලා තැබීම: රූපයේ දැක්වෙන පරිදි, ඉන්සියුලින් බෝතලය මැටි කලය තුළට දමා, නූල කට දාරයෙන් එළියට ගන්න.
> ප්‍රවේශම් වන්න: ඉන්සියුලින් බෝතලය කිසිවිටෙකත් ජලයේ නොගෑවිය යුතුය. එය ජල මට්ටමට ඉහළින් වාතයේ එල්ලී තිබිය යුතුය.
> වසා තැබීම: බෝතලය එල්ලී තිබෙන පරිදිම කලයේ පියන වසන්න. පියනට නූල තද වී බෝතලය රඳා පවතිනු ඇත.

🗨️ ගබඩා කිරීම: මෙම කලය නිවසේ හිරු එළිය නොවැටෙන, සිසිල්, සුළං හමන ස්ථානයක තබන්න.

‼️වැදගත්:
🔹දිනපතා කලයේ ඇති ජලය මාරු කිරීමට මතක තබා ගන්න.
🔹ඉන්සියුලින් 30 උෂ්නත්වයේ මාසයක් තබාගත හැකි අතර 25 හේ දින 45 ක් තබාගැනීමට පුලුවන්.

මෙය ඉතා වටිනා පණිවිඩයක් බැවින් හැකි තරම්
විපතට පත් ප්‍රදේශවල සිටින අය සමඟ බෙදා ගන්න.

🔴 සංස්කරණය කර පළ කරන ලදී.

Coiped
👩🏻‍⚕️ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය තිමානි දයානන්ද

21/11/2025

2025 Biology MCQ Answers

රසායන විද්‍යාව 2වන ප්‍රශ්ණ පත්‍රයත් සමඟ ජීව විද්‍යාව දරුවන්ගේ ප්‍රධාන විෂයන් අද දිනෙන් අවසන් වුණා.🔥

(හෙට දිනයේ පොදු පරීක්ෂණය ප්‍රශ්ණ පත්‍රය සහ සඳුදා දිනයේ සාමාන්‍ය ඉංග්‍රීසි ප්‍රශ්ණ පත්‍රයත් පැවැත්වීමට නියමිතයි.) 👌

මෙතෙක් ඔබ මුහුණ දුන් ප්‍රධාන ප්‍රශ්ණ පත්‍ර වල බහුවරණ උත්තර සංඛ්‍යාව අනුව ඔබට ඉදිරි කටයුතු පිළිබඳ තීරණයක් ගන්න පුළුවන් 😊

විශිෂ්ඨ ප්‍රතිඵලයක් වෙනුවෙන්
ඔබට ජය !!!😍

(31 - 2 or 3, 50 - 5 or 2 ලෙසත් බොහෝ විට වෙනස් විය හැක.)

BIOLOGY | EXPERT
Susantha Algiyawanna

Photos from Susantha's  Biology's post 11/11/2025

පුදුම සතුටක් තියෙන්නේ ප්‍රශ්න ඔක්කොම එහෙමම ඇවිත් 😍

රචනා ප්‍රශ්න පත්‍රයේ
සමහර ප්‍රශ්ණ 😍 එහෙමම එලෙසම

ලකුණු 600න් 600ක්ම හරි ඔන්න

(වෙනස Exam එකේ ස්වභාවික නාශක කොටස සහ පාර්කින්සන් රෝගය කොටස විතරක් නැති එක විතරයි)

05,06,10 a,b සහ 07,08 ම ඇවිත් 😍

09 ප්‍රශ්ණයේ DNA විසංගමනය, ජලය පිරියම් කිරීම Final tute එකේ කොටස් දෙකක් ❤️

Biology රචනා ප්‍රශ්ණ පත්‍රයේ 6න් 4ක් පමණයි පිළිතුරු සැපයීම සිදු කල යුත්තේ,

තවත් විදිහකින් බැලුවොත් Full paper එකම දීලා 🔥

අනුමාන දෙනවනම් ඉතිං දෙන්න ඕනේ ලොවෙත් නැතිවෙන්න 😍

Photos from Susantha's  Biology's post 11/11/2025

2025 උසස් පෙළ ජීව විද්‍යාව පළමු ප්‍රශ්ණ පත්‍රය ( MCQ) පැවැත්වුනා.

එම ප්‍රශ්ණ පත්‍රය තුළ ලබා දුන් ප්‍රශ්ණ සහ අපේ Bio පන්තිය තුළ අවසන් ප්‍රශ්ණ පත්‍ර තුළ සාකච්ඡා කළ ප්‍රශ්ණ සහ මාතෘකා කිහිපයක් එලෙසම විභාග ප්‍රශ්ණ පත්‍රය තුළ අන්තර්ගත වුණා.

(සමස්ත mcq 50 න් 28 ක් ලෙස අවසන් ප්‍රශ්ණ පත්‍රය සහ අවසන් mcq practice එකෙන් ලබා දී ඇත.)

ඇත්තටම ගොඩක්ම සතුටුයි ඒ ගැන 😍🔥

අනුමාන නම් ඉතිං BIOLOGY | EXPERT තමයි...

Susantha Algiyawanna

08/08/2025
01/08/2025

⭕ Game Changing Month 👨‍🎓👨‍⚕️😍

✳️ ජීවිතය වෙනස් කරන අගෝස්තුව 👨‍⚕️

🔵 2025 උසස් පෙළ දරුවන්ගේ ජීවිතයේ ගමන් මඟ තීරණය කරන වැදගත්ම කඩඉම වන උසස් පෙළ විභාගය 2025 නොවැම්බර් 10 වන දින (තවත් දින 101කින්) ආරම්භ වීමට නියමිතයි.

🟣 ජීව විද්‍යාව අධ්‍යන කරන ඔයාලා හැමෝම මේ වෙද්දි Full papers බොහෝ ප්‍රමාණයකට පිළිතුරු සපයා අවසන් වගේම ඒවායේ ලබාගත් ලකුණු මත,මඟ හැරුණු කොටස් වල වෙනස්කම් සිදුකර නැවත පාඩම් අධ්‍යනය කරමින් සිටිනවා.

🟢 විශේඥයන් සිදුකරන ලද පරීක්ෂණාත්මක දත්තයන් මත නැවත නැවත මතක් කිරීම සිදු නොකරන විට
සතියක් තුළ ඔබ ඉගෙන ගත්ත දේවල් 75%ක්ම මතකයෙන් ඉවත්වීම් සිදුවන බව පෙන්වා දෙනවා.

🟤 මෙය දිගු කාලීන මතකයට ගෙන යාමට පහත පියවර අනුගමනය කිරීම වැදගත් වනවා.

උදාහරණයක් ලෙස,
වෘක්ක ක්‍රියාකාරීත්වයට හෝමෝන වල දායකත්වය කොටස අද දින අධ්‍යනය කලා යැයි සිතමු.

August 1: 🕵️

• වෘක්ක ක්‍රියාකාරීත්වයට හෝමෝන වල දායකත්වය
• Short Note (chart method)


August 3: 👨‍🏫

• නැවත පළමු වර මතක් කිරීම
• අදාළ කොටසේ රචනා ප්‍රශ්ණ පිළිතුරු සැපයීම

😍 අපේ Bio පන්තියේ Daily Essays

August 7: 🧑‍🎨

• දෙවන වර මතක් කිරීම
• රචනා ප්‍රශ්ණය නැවත උත්සාහ කර සළකා බලන කරුණු සියල්ල ඇති බව සනාථ කර ගැනීම.
( දැන් ඔයා මේ ක්‍රමයේ භාගයක් දුර ඇවිත්)

🔥 Essays Marking

August 21: 👨‍🎓

• තෙවන වර වේගවත් මතක් කිරීම.

( පරීක්ෂණාත්මකව පුරුද්දක් ඇති කර ගැනීමට දින 21ක් ගතවන බව සොයා ගෙන ඇත.)

👌 Target Papers වලින් නැවත ආවරණය

August ඇයි Game changing month එකක් වෙන්නේ, 👨‍⚕️

පුරුද්දක් ජීවන රටාවට අනුගත වෙන්න සාමාන්‍යයෙන් දින 90ක් ගත වෙනවා.

✅ එහෙනම් ඔයා අගෝස්තුවේදී පටන් ගන්න නැවත Review කිරීමේ සාර්ථකත්වය නොවැම්බර් මාසය වෙද්දී හරියටම බලන්න පුළුවන්,

ඒ වෙද්දි කරුණු කෙටි කාලීන මතකයෙන් දිගු කාලීන මතකයට ගොස් තැන්පත් වීම අවසන් වෙලා.

✅ මේ ක්‍රමයෙන් කරුණු 75% කට වැඩියෙන් මතකයේ රඳවා ගන්න පුළුවන් වෙනවා.

✅ උසස් පෙළ විභාගය වෙද්දී ඔයාට අපි වෙන් කරපු අනු මාතෘකා 100න් 100 ම හෝ 85+ ඉවර කරන්න පුළුවන් වෙනවා.

ඉතිං අදින් ආරම්භ වන අගෝස්තු මාසයේ වැඩ පිළිවෙල හරියට කරලා
අගෝස්තුව ඔයාගේ Game Changing Month එක කරගන්න.💪

සද්ද නැතුවම - උපරිම වැඩ කරමු.

📌 Rotary - නුගේගොඩ
📌 Sisip - ගම්පහ
📌 Sipken - අවිස්සාවේල්ල
📌 Pathum - ඇහැළියගොඩ
📌 Siyon - පිළියන්දල
------------------------------------------------------------

✅ පන්ති සම්බන්ධ සියලුම විමසීම්,

Voice : 070 - 64 82 804
WhatsApp : 071 - 64 82 804

BIOLOGY | EXPERT
Susantha Algiyawanna

29/07/2025

මධ්‍යම පරිසර අධිකාරියේ පණිවුඩයකි 😍

Photos from Susantha's  Biology's post 29/07/2025

අපේ Bio පන්තිය - අගෝස්තු මාසය 👑August Plan

📌 𝟐𝟎𝟐𝟓 𝐓𝐡𝐞𝐨𝐫𝐲/𝐑𝐞𝐯𝐢𝐬𝐢𝐨𝐧

• ක්ෂුද්‍ර ජීව විද්‍යාව
• ව්‍යුහගත රචනා ප්‍රශ්ණ පුහුණුව
(Special Tute)
• Daily Target Papers - (11-14)

📌 𝟐𝟎𝟐𝟔 𝐓𝐡𝐞𝐨𝐫𝐲

• සත්ත්ව පටක
• ආහාර ජීරණ පද්ධතිය
• Special Paper No - 02

📌 𝟐𝟎𝟐𝟕 𝐓𝐡𝐞𝐨𝐫𝐲 :
• සෛල විභාජනය
• එන්සයිම
• Smart Paper No - 01

-----------------------------------------------------

▪️සියලු පන්ති සඳහා නවක සිසුන්ට සම්බන්ධ විය හැක.

▪️පසුගිය ඒකක ආවරණය කර ගැනීමේ වැඩපිළිවෙලක් ද සහිතයි.

📌 Rotary - නුගේගොඩ
📌 Sisip - ගම්පහ
📌 Sipken - අවිස්සාවේල්ල
📌 Pathum - ඇහැළියගොඩ
📌 Siyon - පිළියන්දල
------------------------------------------------------------

✅ පන්ති සම්බන්ධ සියලුම විමසීම්,

Voice : 070 - 64 82 804
WhatsApp : 071 - 64 82 804

07/07/2025

GENETICS 🧬
July - Mission 🔥

දැනුමට පමණක් සීමා නොවන අවබෝධය සහ විශ්ලේෂණය කළ හැකි අයුරින් නව නිර්දේශයේ ප්‍රවේණිය ඒකකය අධ්‍යනයට
අපේ Bio පන්තියට සම්බන්ධ වන්න....

2025 A/L Revision 🩺

ජූලි - 02 - බදාදා
උදෑසන 7.30 - 1.30
සිප්කැන් - අවිස්සාවේල්ල

ජූලි - 11 - සිකුරාදා
උදෑසන 7.30 - 1.30
රොටරි - නුගේගොඩ

BIOLOGY | EXPERT
සුසන්ත අලගියවන්න

A වෙනුවෙන් ඉගෙන ගන්න...🧑‍⚕️👨‍⚕️

Photos from Susantha's  Biology's post 07/07/2025

අපේ Bio පන්තිය - ජූලි මාසය 👑️
July Plan

📌 𝟐𝟎𝟐𝟓 𝐓𝐡𝐞𝐨𝐫𝐲/𝐑𝐞𝐯𝐢𝐬𝐢𝐨𝐧

• ප්‍රවේණිය
• Daily රචනා ප්‍රශ්ණ පුහුණුව
(ප්‍රශ්ණ අංක 23 සිට 35 දක්වා)
• Daily Short Papers
( Paper අංක 16 සිට 19 දක්වා)

Papers Class

• Target Papers & Past Papers

📌 𝟐𝟎𝟐𝟔 𝐓𝐡𝐞𝐨𝐫𝐲

• ශාක ආකාරය සහ එහි ක්‍රියාකාරීත්වය
- ශාක ප්‍රජනනය
- ශාක වර්ධක ද්‍රව්‍ය
- ශාක ආතති

• Daily රචනා ප්‍රශ්ණ පුහුණුව
(ප්‍රශ්ණ අංක 05 සිට 08 දක්වා)

📌 𝟐𝟎𝟐𝟕 𝐓𝐡𝐞𝐨𝐫𝐲 :
• සෛලීය ඉන්ද්‍රයිකා
• සෛල විභාජනය

Daily රචනා ප්‍රශ්ණ පුහුණුව
(දෙවනි අදියර)

-----------------------------------------------------

▪️සියලු පන්ති සඳහා නවක සිසුන්ට සම්බන්ධ විය හැක.

▪️පසුගිය ඒකක ආවරණය කර ගැනීමේ වැඩපිළිවෙලක් ද සහිතයි.

📌 Rotary - නුගේගොඩ
📌 Sisip - ගම්පහ
📌 Sipken - අවිස්සාවේල්ල
📌 Pathum - ඇහැළියගොඩ
📌 Siyon - පිළියන්දල
------------------------------------------------------------

✅ පන්ති සම්බන්ධ සියලුම විමසීම්,

Voice : 070 - 64 82 804
WhatsApp : 071 - 64 82 804

Want your school to be the top-listed School/college in Nugegoda?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Nugegoda