20/04/2017
උදේ හතරයි...
දොලහට නිදාගත්ත පාර මං කී පාරක් නැගිටල වෙලාව බැලුවද මන්ද අෆ්ෆා...
නින්ද යන් නෑ...
අද තමා දෙයියනේ කියල කෙල්ල බලන්න යන ඉස්සෙල්ලාම දවස..
කරන්ට් යයිද දන් නෑනෙ උදේට..වැස්ස මේ ටිකේම..
සැකේට මැදල තියගත්ත රෑම ඇදුම් ටිකත්...
කෙල්ල හම්බ වෙන්න තව චුට්ට වෙලාවයි කියල මතක් වෙද්දි පපුව මැද්දෙන් සීතල වතුර පාරක් වගේ යනව දැනෙනෙව හම්මේ......
කෙල්ල ගම්පහ..මං ගම්පහ කීවම දෙයියනේ කියල දන්නෙ ඉස්ටේශම විතරයි..
මට ගාඩරේ යට ඉන්න කීව ඇවිල්ල..මොකක්ද ගාඩරේ දන්නෙත් නෑ...
කෙල්ලගෙ අම්ම නෑ...තාත්ත නං අම්මව දාල ගිහින්..
මං තමයි එයා හිතන විදිහට එයාගෙ ජීවිතේම..
කිරිඅම්ම ලග හැදිල ඉස්කෝලෙ ගිහිල්ල හොදට ඉගනගන..ඒ කෙල්ල බෝනික්කෙක් නං නෙමේ..හොදට දුක් විදින්න දන්නව..
සුදු අම්ම මොනාද කෑවෙ කියල ඇහුවම...
එක්කො පරිප්පු එක්ක බත් එක්කො සම්බෝල..එහෙමත් දාක තමා රස කෑමක් තියෙන්නෙත්..
ඉතින් ඔයාට එපා වෙන් නැද්ද ඔහොම කියල දවසක් ඇහුවම,ෆෝන් එකේ එහා කෙලවරෙන් ලොකූ...හුස්මක් අදිනව ඇහුන...
ආයෙ ඒ මෝඩ ප්‍රශ්නෙ ඇහුවෙ නෑ..
ඔයා මාව බලන්න මොකක්ද ඇදන් එන්නෙ ඇහුවම ඇහුවෙ ඔයා ආස නිල් පාටටද..සුදු පාටටද කියල,
ඇදුම් ගොඩක් නැතුව ඇති...පවු..
යාන්තම් එලි උනා...මං ඉක්මන්ට නාල එහෙම ලෑස්ති උනා සං සං ගාල..
තියන ඔක්කෝම සුවද ගාගත්ත එකේක තැං වලට..
චූටි පුතා...කොහෙද ඔය උදේම යන්නෙ..
අම්මට බොරු කියලත් බෑ නොකියත් බෑ...
මේ..මේ... අම්ම යාලුවෙක්ගෙ දිහා..මේ..සංක සංක..අන්න එහෙ..
හ්ම්ම්ම්..රෑ නොවි එනව..මට බෑ ඇහැරං ඉන්න..
දූවගන පාරට ආව ගමන්ම බස් එකත් ආව..පැය දෙක තුනක් ගාටල ගියා ගම්පහට..
අම්මෝ මෙහෙනෙ කෙල්ලො ඉන්නෙ...
මගෙ කෙල්ල කොහෙද බලන්න ගත්ත කෝල් එකක්...
හෙල්ලෝ....කොහෙද ඉන්නෙ වස්ටූ....
අනේ අයියෙ මං පඩිපෙල ලග..ඔයා කොහෙද..
ආ ඉන්න මං එනව..
අයියෝ ෆ්ලැට්ෆෝම් ටිකට් එකකුත් ගත්ත..
කෝ කොතනද...
ඔතන එන තැනම ලග අනේ...
කෝ..
මොන වගේ එකක්ද අයිය ඇදන් ඉන්නේ..
කලු අත් දිග එකයි ඩෙනිමයි.
ආනේ...මට පේනව දෙයියනේ ඔයා..
කෝ.
මේ...මෙහේ....
සුදු බෝලයක් වගෙ කෙල්ලෙක් අත වනන්නෙ මටද..
හෑ....මෙච්චර ලස්සන....කෝකටත් වට පිටත් බැලුව..
කටහඩ ඇහුවට මෙච්චර ලස්සන ඇති කියල දැනං හිටියෙ නෑනෙ..
කොහොම හරි ඔන්න ලගටම ආව..
නංගි..ගොඩක් වෙලාද ඔයා..
නා...දැං ආව එකේ ආවේ..
කෙල්ලනං මාරම ලස්සනයි...නිල් පාට ගවුමකුත් ඇදන්..ශෝක්...
කියන්නකො ඉතිං...
ඔයාම කියන්න ඔයානෙ ලොකු එක්කෙනා..
හොයා ගන්න අමාරු උනාද මාව..
ආපෝ නෑ...මේ ඉන්නෙ කීව විදීහටම...
දැං කියන්නකො මොකද කරන්නෙ අපි..
මගෙ ප්‍රශ්නෙට කෙල්ල සද්ද නෑ.
අනේ මන්ද අයියෙ...මට තේරෙන් නෑ...දැක්ක ගමන් ඔයා දාල යන්නත් බෑ..
කොච්චරක් වෙලා ඉන්න පුලුවන්ද....
ම්ම්ම්ම්ම්ම්...පැයක් හමාරක් වගේ...
හා....එහෙනම්....විල්වත්තට ගිහිං ආයෙම එමු..හාද..
අනේ අප්ප...දුරයි නේද..මං ලයිබ්‍රි යනව කියල ආවෙත්....
එහෙනං...මීරිගමට යං...එතනිං හැරිල එමුද...
අනේ මන්ද ලෝබයි එච්චර ඉක්මන්ට කෙල්ල යවන්නත්...
හා යං එහෙනම්..මොනාද කකා යන්න ගන්නෙ...
කෙල්ල මාව කැන්ටිම ලගට එක්ක ගීං ඔන්න බලං ඉන්නව අර එල්ලල තීන ටිපිටික් දිහා..
මේක ගන්නම්ද....ලොකු මිස්ට පොප් එකක එල්ලිලා ඇස් ලොකු කරං අහද්දි මට කැන්ටිමම අරං දෙන්න තරං හිත...
අනේ මගෙ කෙල්ලනෙ කියල හිතුන....
ටිකට් දෙකකුත් අරගන කෝච්චිය එනකල් බලාන හිටිය දෙන්නම...
හම්මේ...ඇති යාන්තං ආව..කෙල්ලගෙ හිනාව...
ඇය් ඔහොම බලන්නෙ....
ලස්සනයි පන.....
කෙල්ලව කෝච්චියට නග්ගද්දි ඉනෙන් අල්ලද්දි ඇබරුනා..
ඇතුලෙ ඉදගන්න නැ සුදූ..දොරේ යංද ඇහුවම පිස්සි..පැනල හා කීවෙ..
පලවෙනි දවස කියල නෑ මං කෙල්ලව හයියෙන් බදාගත්ත..
කෙල්ලත් මොනාත්ම නොකිය ඇස් වහගත්ත...පවු..එයා ඒක ගොඩක් බලාපොරොත්තු උනා වගේ දැනුන...
ඇයි මැනික...
ඔයා තුරුල් කරන් ඉද්දි මට හිතම පිරෙනව අයියෙ..කෙල්ල ඇස් පියාගනම කීවෙ...
මං එහෙම්මම ඔලුව ඉම්බ...ඕඩිකොලෝන් සූ...දයි...
කිරිඅම්ම මොකද කියන්නෙ පන...
ඉක්මන්ට බන්දල දෙන්න ඕනිලු...දැං මාව බලාගන්න එයාට හයිය මදි කියනව ඉතින්..
ඔයා බලාගන්න මං ඉන්නවනෙ වස්තූ..ඔයා කිරි අම්මට කියන්න මං ගැන...
අයියේ...ඔයා ඔය ඇත්තටමද කීවෙ...ඔයාට මං වගේ කෙල්ලෙක් ඉන්නව කීවම අම්මල මොනා කියයිද රත්තරන් ...
ඒ කීවෙ..
මගෙ අම්ම තාත්ත නෑ...තාත්ත ගැන දැනගත්තොත්..අපේ ගෙදර දැකල නෑනෙ පන ඔයා...නෑයො මොනා නොකියයිද..අනේ අයියෙ මගෙ පපුවත් ගැහෙනව..
ඇත්තටම කෙල්ලගෙ පපුව ගැහෙනව මගෙ අතට දැනෙනෙව..
කන් දෙකත් රතු උනා තප්පරේට..
මට දේපල වැඩක් නෑ වස්තු..ඔයා එක්ක යාලු වෙද්දි මං ඔයා ගැන මොනාත්ම දන් නෑනෙ..ඔයා රෝද පුටුවක ඇදක හිටියත් මං එහෙම්මම බාරගන්නව..අපේ අම්මල කොහොමද මැනික ඔයා වගේ කෙනෙක් ගැන අහිතක් හිතන්නෙ..ම්ම්ම්...
කෙල්ල ගවුම් කරේම ඇස් පියාගත්ත...කවදාවත් නැතුව මගෙ ඇස් දෙකත් බොද උනා...
කෙල්ල දාල ආපහු එන ගමං කල්පනා උනේම අම්මට කොහොමද මේක කියන්නෙ කියල..
අම්මට දුකක් දෙන්නත් බෑ...තාත්ත නැති දවසේ ඉදන් අම්ම කොච්චර දුක් වින්දද....
අනේ දෙයියනේ ප්‍රශ්නයක්නම් වෙන්න එපා කියල හිතාගන පියාගත්ත ඇස් දෙක ඇරියෙ හරියටම බහින්න හෝල්ට් එකක් මෙහයින්..
වෙනද එක හුස්මට ගෙදරට ඇද්දට,අද කකුල් දෙකත් මාව හිමීට එක්ක යනවද මන්ද....
ගෙට ලං උනාම පපුව දෙමෝලෙන් පිටි කොටනව වගේ...හම්මෝ...
චූටි පුතා...නාල එන්න කන්න...
අම්ම කෑගහනව පුරුද්දට...
මං වෙනද කන්න් බලාගනමනෙ එන්නෙ..
බඩගිනි නෑ අම්මා....
ඈ...මොකක්...ඇය්..මොනා හරි ජරාවක් කාල ආවද කඩෙන්..
නෑ මට තේ තිබහයි...
හ්ම්..ඔන්න කේක් කෑල්ලකුත් ඇති ඕකෙ කපන් කනව..
හ්ම්ම්ම්ම් හා...
අම්මේ.....
මොකෝ....
එන්නකෝ...
මොකද ලමයො..මේව හෝදන්න දෙන් නැද්ද අද වලං ගොඩ ගැගිල උයපුව..
ඕව කොයි වෙලේ බැයිද අප්පා...එන්නකෝ...
ඇයි.කියනව දැං.
හිත හයිය කරගන දන්න දෙයියො ඔක්කොම මතක් කරං ෆෝන් එක අතට අරං ගැලරිය පුරාම නංගිගෙ ලස්සන ෆොටෝ එකක් හෙවුව..
හම්බුනා...
අම්මෙ මේ බලන්නකෝ...
කෝ ලමයො මට පේන්නෑ...
අම්ම ඇස් පුංචි කරල නංගිගෙ ෆොටෝ එක දිහා බලල මං දිහා බැලුව..
ඒ පාර මොකක්ද...
අම්ම එහෙම අහන්න ඇත්තෙ මගෙ කලිං සිද්දියත් දන්න නිසා..
මං හිත හයිය කරං එක හුස්මට මුලු කතාවම අකුරක් නෑර කීව...
අම්ම හයියෙන් හුස්මක් ගත්ත...
පුන්චිල එක්කත් කතා කරල බලමු ලමයො.ඕව එක පාරට කරන්න බෑනෙ...
හදිස්සි නෑ අම්මේ....අම්ම කැමතිද කියන්නකො අප්පා..........
කියන්නකො...
කැමටීඩ......
හා හා..කැමතී කියල හිතාගන්නවකො..
අම්මෝඔ...මගෙ සුඩූ අම්ම...උම්ම උම්ම්ම්ම්ම්ම්ම්ම්මා ...
කාමරේට දුවද්දි කකුලෙ චූටි ඇගිල්ල උලුවස්සෙ වැදුන හික් ගෑවෙන්න...වෙනදනං බිම ඉදගන්නව...අද දැනුනෙවත් නෑ..ෆෝන් එකත් අතට අරං වෙවුල වෙවුල මැසේජ් එකක් ගැහුව විස්තරේම....
හැමදේම හොදින් උනා...අම්මටත් නංගි අල්ලලම ගියා..හැමෝම කීවෙ නංගි ඉක්මන්ටම එක්ක එන්න කියල..නංගිගෙ ජීවිතේ කවදාවත් බලාපොරොත්තු නොවුනු විදිහට වෙනස් උනා..හොද රස්සාවක් එහෙමත් හම්බු වෙලා ප්‍රශ්න ගොඩාක් අඩු උනා...
එක දවසක් රෑ අටට විතර නංගි කෝල් කලා..
අනේ අයියෙ කිරිඅම්ම කතා කරන් නෑ අයියෙ අනේ හුස්ම ගන්නව හයියෙන් අනේ එන්න දෙයියනේ...............
මං වාහනේ අරං කොච්චර කොහොම ආවද මම වත් දන් නෑ...
අනේ අයියේ .....
කෙල්ල එහෙම්මම කලන්තෙ දාල අත් දෙක උඩ..
අම්ම කෙල්ලව ඇදට එක්ක යද්දි මං කිරිඅම්ම අත් දෙකට අරං කාර් එක ඇතුලෙන් තියාගත්ත..
සුදු මල්ලී....මං කෑගහපු කෑ ගැහිල්ලට එහා ගෙදර කට්ටියම ආව...මල්ලිත් දාගන එහෙම්මම ඉස්පිරිතාලෙට යද්දි පපුව සීතල වෙලා මගෙ..
දෙයියනේ මගෙ කෙල්ල පිරිමියෙක්ගෙ හුස්මක්වත් නොවදින්න පරිස්සමට තියාගත්තෙ මේ මනුස්සය නේද කියල මතක් වෙද්දි මට ඇඩුන.මගෙ ජීවිතේ ගැනවත් නොහිත ඩබල් සිග්නල් දාගන අනූවට සීයට ඉස්පිරිතාලෙට ආව..
ඔක්කොම එකතු වෙලා කිරිඅම්ම ඇතුලට් එක්ක ගිහින් පැයක් විතර දැගලුව...
අන්තිමට ඩොක්ට ඇවිත්...im so sorry mister..,කියල මගෙ පිටට තට්ටු කලා................
මං OPD එකෙ පුටුවකට වෙලා මේක නංගිට කොහොම කියන්නද කියල කල්පනා කරද්දිම නංගි අම්ම එක්ක දුවගන ආව.....
මට වචන වලට හරවල කියන්න බැරි දුක මං නංගි බදාගන අඩල පිට කරා...කෙල්ල මගෙ කකුල් දෙක ලග වැටුන...අම්ම කෙල්ලව පපුවට හිර කරගන එලියට එක්ක ගියා..
ජීවිතේ මහ ගොඩාක් දේවල් නොතිබුන මගෙ අහිංසකීට ජීවිතේම වෙච්ච ඒ මනුස්සයගෙ නැතිවීම කොහොම දරාගන්නද කියල මතක් වෙද්දි,මට කෙල්ල ගැන ගොඩක් දුක් හිතුන..
කිරිඅම්ම වල ඇතුලට දාද්දි නංගි 'මං කොහොමද දැං මේ ගෙදර තනියෙං ඉන්නෙ ඔයා නැතුව දෙයියනේ...කියල කෑ ගහල ඇඩුව...
අම්ම කෙල්ල බදාගන ඔයා දැං මගෙ දුවනෙ රත්තරනෙ කියල ඔලුව අතගෑව...
මගෙ හිතේ ලොකූ බරක් ඒ වචන වලින් නිදහස් උනා..
අම්ම නං කීවෙ රටට කියල මගුල් කන්න ඕනෙ නෑ අපි කෙල්ල මෙහෙම්ම එක්ක යං කියල..
ගෙදර පාලුවට යන නිසා නංගිගෙ පුංචි කෙනෙක්ට ගෙදර දුන්න..
නැකතක් නොබල ගෙට ගෙනාවත් කෙල්ල නිසා ගෙදරම එලිය උනා..
අම්මට කලිං නැගිටල උයල ඔක්කෝම ලෑස්තිකරල එහෙම කාමරේට ආවම බදාගන්නව...
හාහා නැගිටින්න අනේ....
තව විනාඩි පහක් මෙහෙම ඉමුකො ඉතිං....
බෑ බෑ ...අම්මේ මෙන්න මෙයා.....
ආ හරි හරි ඉතිංංංංං...
ඇදගන එහෙම යන්න හදද්දි ආයෙ ඇගේ එල්ලෙනව...
ඇයි..ම්ම්ම්ම්..
වඩේ විස්සක ගෙන්නෑ...
ම්ම්ම්ම්ම්....උම්ම්ම්ම්ම්ම්ම්ම්මා ...මැට්ටි..
අම්මටත් හිනා ඕවට..
කෙල්ල හැමදාම කකුල් අල්ලල වදින්නෙ ලොකු හැගීමකින්..
පරිස්සමට ගිහිං එන්න අයියේ..තෙරුවන් සරණයි පන...
ඔය වචන ටික කියන වාරයක් ගානෙම කෙල්ලගෙ ඇස් බොදවෙලා යනව..
මං දන්නව..
ඒ කිරිඅම්මගෙ වචන...
හැම ජීවිතේකටම ලොකු වටිනාකමක් තියේ මචං...
හැම ජීවිතේකටම...💖💝💓
(උපුටා ගැනීමකි)
Like us https://www.facebook.com/%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A-%E0%B6%85%E0%B6%A9%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF_Thawath-adanna-tahanamda-291566954325819/