The Earning Edge

The Earning Edge

Share

Learn Everything | #1 | EarningEdge ©️
🇱🇰 | AI News | Tech Updates | MMO 💸
☎️ DM × Insta | earningedgeog

03/05/2026

කලින් Post එක කියවන්න ඇති කියල හිතනවා. කොහොමද Niche එකක් හොයාගන්නෙ කියන එකට වඩා, කොහොමද තමන්ගෙම Niche එකක් Build කරගන්නෙ කියන Idea එක දෙන්න ඕනෙ උනේ ඒකෙන්.

මේ පෝස්ට් එකෙන් කියන්නෙ Frames, Videos වලට Prompts හදාගන්න ලේසිම Method එක. මේක වැඩ කරන්නෙ ඒ කියපු Type එකේ Content වලට විතරයි. මුලින් ටිකක් මහන්සි වෙන්න වෙනවා හැබැයි.

ඔයාල දැකල ඇති Home Repairing, Construction, Fruit Stories... මේ වගේ Variable එකක් වෙනස් කර කර Multiple Contents හදන්න පුලුවන් Niches. ඒ කියන්නෙ Home Repairing නම් එකම Prompt ටික ( එකම Workflow එකක් ) තියෙන්නෙ. හැබැයි Home එක වෙනස් වෙනවා. එක වීඩියෝ එකක Luxury Home එකක්, තව එකක වෙනස් එකක්...

ඔයාල මුලින්ම එක ඔයාලගෙ Video එක Plan කරන්න ඕනෙ. කොච්චර Image Frames එනවද ? කොච්චර Video Scenes එනවද? කියන එක. මම Recommend කරන්නෙ අලුතින් පටන් ගන්න අයට 10sec - 30sec වගේ අතර Contents හදන්න කියලා.

Frame to Frame Use කරනව නම් කලින් clip එකේ End Frame එක තමයි ඊළග clip එකේ Start Frame එක වෙන්නෙ. එතකොට Edit එකෙන් ලස්සනට හදාගන්න පුලුවන් එකම Flow එකකට.

දැන් ඔයාල Frames & Scenes ගාන Plan කරගත්තට පස්සෙ ( මේක වෙනස් වෙනවා එක එක්කෙනා හිතන Scene එක අනුව )

තේරෙන්නෙ නැත්නම් Example එකක් විදිහට Home Repair ගමු. Scene 4ක, Frames 3ක එකක්.

First Scene එක වෙන්නෙ Outdoor එක Clean කරල Repair කරන එක. 2nd Scene එක Indoor Repair, 3rd Scene එක Final Indoor Look එක (After Repair) explore කරන එක.

එතකොට පළවෙනි Frame එක විදිහට Debris තියන Clean කරල නැති Frame එකක් ඕනෙ. ඊළගට ඒකෙම Clean කරපු Frame එකක්. Video Prompt එක දෙන්නෙ Clean/Repair කරන Video එකක් දෙන්න කියල. මෙහෙම අනිත් Scene ටිකත් Plan කරගන්න ඕනෙ.

මේ Example එකක් විතරයි තේරෙන්න ඇති කියල හිතනවා. මේ වගේ ඔයාල හදාගන්න Niche එකට Content Plan කරගන්න. Scene 2 3ක් Plan කරගත්තොත් මාරුවෙන් මාරුවට Upload කරන්නත් පුලුවන්.

ඊළගට තියෙන්නෙ Chatgpt එකෙන් Frames & Video Prompts Generate කරගන්න එක. මුලින්ම ඔයාගෙ Scenes ටික / Frames ටික කොහොමද එන්නෙ කියල පැහැදිලිව කියන්න ඕනෙ. ඊට පස්සෙ Prompt වලින් ඔයාට ඕනෙ Output එක එනවද බලන්න Frames/Clips Generate කරගන්න ඕනෙ. හරියට Output එක ආවෙ නැත්නම් ආයෙ Generate කරල Prompt Set එකක් (එක වීඩියෝ එකකට Full Prompts ටික) හදාගන්න ඕනෙ.

(Camera Movements, Composition, Zooming, Effects, Cinematic/ Realism, Speed වගේ දේවල් ගැන Idea එකක් තියනවා නම් Quality Clips හදාගන්න පුලුවන්)

දැන් ඔයාල ගාව එක වීඩියෝ එකකට, Home Repair නම් Full Repairing Video එකකට Frame / Scene Prompts තියනවා & Generate කරල ඔයාලට ඕනෙ Output එක එනවා කියල Sure නම්,

ඊළගට කරන්න තියෙන්නෙ Chatgpt එකට ගිහින් ඔයාගෙ Scenes, Frames එන්නෙ කොහොමද කියලා Describe කරල, ඔයා හදාගත්ත Example Prompt Set එකත් Paste කරල, වෙනස් වෙන දේ, (Home Repair නම් Video එකෙන් එකට Home එක වෙනස් වෙන්න ඕනෙ) කියල Custom GPT එකකට Full Detailed Prompt එකක් හදාගන්න එක. (ඒ ගමන්ම Start එකේදි Home Types වල List එකක් එන විදිහට හදාගන්නත් පුලුවන්)

ඊළගට කරන්න තියෙන්නෙ Chatgpt එකේ Explore GPTs වලින් Create දීලා අර Custom GPT එකට Generate කරගත්ත Prompt එක දෙන එක. එතකොට ඒක ටික වෙලාවකින් ඔයාලට Custom GPT එකක් හදල දෙනවා.

ඔයාලට වෙනස් වෙන්න තියනවා නම් My GPTs වලින් Edit කරගන්නත් පුලුවන් පස්සෙ. Example එකකට තව Scene එකක් Add වෙන්න ඕනෙ වගේ හිතුනොත්, නැත්නම් Cinematic to Realism වලට මාරු කරගන්න වගේ.

ඊළගට ඔයාල Home Type List එකක් එන විදිහට දුන්න නම් ඔයාලට් Select කරන්න විතරයි තියෙන්නෙ. ඒකට ගැලපෙන Frames / Scens Prompts ටික Custom GPT එකෙන් දෙයි.

ඊට පස්සෙ Vary වෙන Object එක මාරු කර කර Generate කරන්න තියෙන්නෙ.

© Earning Edge 🌕

03/05/2026

Page Growing -🔑 Key 01

කලින් page Growing ගැන Post Series එකක් දාල තියනවා. ඒ දාපු එක Post එකක Updated Version එකක් තමයි මේක.

මේකෙදි කතා කරන්නෙ Niche ගැන. කොහොමද Niche එකක් Select කරගන්නෙ, කොහොමද Niche එකක් Trending Topic එක්ක Mix කරන්නෙ, කොහොමද Niche එකකින් තව එකකට Switch වෙන්නෙ මේ ටික ගැන තමයි කතා කරන්න හිතන් ඉන්නෙ. Page එකක් පටන් ගන්නවා නම් මේවා ගොඩක් වැදගත්.

Niches වලට Example මොනවද කියල Chatgpt එකෙන් ඇහුවත් Lifestyle, Foods, Technology වගේ Board Ideas ටිකක් තමයි දෙන්නෙ.

හැබැයි මේ Post එකේ කතා කරන්නෙ ඒ වගේ දෙයක් ගැන නෙමෙයි. ඔයාල Select කරගන්න ඕනෙ Objects වෙනස් කරල Contents හදන්න පුලුවන් Niche එකක්. එහෙම කිව්වට තේරෙන්නෙ නැත්නම් Example ටිකක් දාන්නම්.

Car Modification - Car Type, Workshop, Tools, Modification Parts

Gem Mining - Gems, Mining Tools...

Pet feeding - Pet, Pet Food

මේ වගේ එක එක Variables Change කර කර Videos හදන්න පුලුවන් Micro Niche එකක් Select කරගන්න ඕනෙ. (🔑 Key 1)

ඔයාලට ටිකක් වෙලාව අරන් හිතල බැලුවොත් මේ වගේ Ideas 10000+ හොයාගන්න පුලුවන්. (මේකෙ කියන්නෙ එකම Videos ආයෙ ආයෙ දාන එක නෙමෙයි. Spam & Repetitive Contents ගැන Idea එකක් තියෙන්නත් ඕනෙ)

ඕක තමයි Niche Selection කියල මම Follow කරන Method එක...

ඊළගට Niches Trends එක්ක Mix කරන්නෙ කොහොමද, Niches වලින් තව එකකට Switch වෙන්නෙ කොහොමද කියල බලමු.

මුලින්ම Trends හොයාගන්න ඕනෙ. මේකට මම Use කරන්නෙ News Sites (Google Trends හරියන්නෙ නෑ) ABC, BBC, NYT, මේ වගේ List එකක් හදාගන්න ඔයාලට Target කරන රටට. Breaking News එහෙම බලාගන්න පුලුවන් එතකොට.

අනිත් දේ තමයි කලින් පෝස්ට් වලත් කියල ඇති ඔයාල pages කරනවා නම් Polices ගැන Idea එකක් තියෙන්න ඕනෙ. මොනවද Upload කරන්න පුලුවන් Content මොනවද බැරි කියන එක. මේ දවස් වල War Trending කියල Violation එන Content එහෙම හදන්න එපා.

Example එකකට ඔයා කරන්නෙ Foods ගැන නම්, Northern Lights, Sakura Season, NFL, Christmas... Trending නම් මේ වගේ ඕනෙ එකක් එක්ක Mix කරන්න පුලුවන්. (ඒ වෙලාවට Trending තියන Topic එකක් එක්ක)

- Making [Name of Food] Under the Northern Lights

- Today We Make [NFL Player’s Name]’s Favorite Food (Fact Check before creating content)

- (Name of target country) Most Famous Christmas Food

- [ Trending Movie, Tv Series ] + Foods

මෙහෙම Trending Variables වෙනස් කර කර Contents හදන්න පුලුවන්. Content Idea ටිකක් හිතන්න විතරයි ඕනෙ.

Niche එකකින් Switch වෙද්දිත් මේ ටිකම තමයි. Niche එක Saturated වගේ නම් ඔයාල තෝරගන්න අනිත් Niche එකත් එක්ක Mix කරල මුලින්ම Contents හදන්න පුලුවන් එක පාර මාරු වෙන්නෙ නැතිව. මේකෙන් කලින් Audience එක ඒ විදිහටම තියාගෙන Switch වෙන්න පුලුවන්.

මම දැනට කරන්නෙ AI Reels. New Page එකක් Grow කරනවා නම් හොදම Content Type එක තමයි Reels කියන්නෙ. Reels Feed එකෙන්, Recommendation වලින් Content වලට Reaction ආවම ඒ අයට Invite දාල මුලින් Grow කරගන්න පුලුවන්.

Basic Idea එකක් එන්න ඇති කියල හිතනවා.

ඊළග පෝස්ට් එකෙන් කොහොමද ලේසියෙන්ම කලින් කියපු විදිහෙ Contents හදාගන්නෙ කියල දාන්නම්.

© Earning Edge

03/05/2026

අද Facebook ගැන Post 2 3ක් දාන්න හිතන් ඉන්නවා. හැබැයි මේකට Reactions Comments [1K වත් 😒] ආවොත් තමයි දාන්නෙ. කට්ටිය Active නැත්නම් දාල වැඩක් නෑනෙ. 🌝❤️ මේ Post 2 ඇති මුල ඉඳන් පටන් ගන්න කෙනෙක්ට Boosing නැතිව Organic Grow කරගන්න.

19/04/2026

Facebook Payout Support 💸

මුලින්ම කියන්න ඕනෙ මේක Facebook Verified Support Chat එක නෙමෙයි. ඒ හින්දා මේකට අනවශ්‍ය විදිහට Request දාන්න එපා. Payout Related Issues වලට විතරක් Use කරන්න. General Reqests තියනවා නම් ඒවට Verified Support එක Use කරන්න.

01. මුලින්ම ඔයාල Mobile Browser (Chrome) එකකින් Facebook එකට Log වෙන්න ඕනෙ. ඔයාලගෙ Payout Admin ඉන්න Account එකෙන් Log වෙන්න. 🌏

02. ඊළගට Desktop Mode එක On කරන්න. 💻

03. facebook .com/payout වලට යන්න. එතකොට ඔයාලගෙ Payout Account එක පෙන්නයි. 💵

04. ඒකෙ Left Panel එකේ තියනවා Payout Help කියල. ඒක Click කරන්න. ඊළගට එන List එකෙන් Get more help කියන එක Click කරන්න. 🔍

05. ඊට පස්සෙ එන popup එකෙන් show more topics select කරන්න. ඊළගට none of the above select කරන්න. 🔔

06. මේ ටික හරියටම කලා නම් දැන් ඔයාලට Form එකක් පෙන්නයි. 🔦

Email එක 📧

Payout Product එක Starts, CM.. ( Error එකක් ආවොත් Not Onboarding කියල Overlay Ads Select කරන්න.) 💰

Issue එක ලිස්ට් එකේ තියනව නම් Select කරන්න ( නැත්නම් I have another problem දෙන්න ) ⚠️️

ඊළගට Description Box එකේ පැහැදිලිව විස්තර කරල ඔයාලගෙ Issue එක මේ සේරම Fill කරල Submit කරන්න. 📺

ආයෙම කියනවා මේක වැඩද බලන්න Test කරන්න Use කරන්න එපා. ඇත්තටම Payout Issue එකක් තියනව නම් විතරක් Support එකක් ගන්න. ⛔

මේක Submit කරාට පස්සෙ ඔයාලට Facebook > Help & Support > Support > Other Communication > Others වලින් ඔයාල දාපු Form එක බලාගන්න පුලුවන්. Support Team එක Response කරාම Notification වලට එනවා. ඊට පස්සෙ එයාලත් එක්ක කතා කරල Issue එක Fix කරගන්න පුලුවන්.

මේක Instant Chat එකක් නෙමෙයි Reply එකක් එන්න දවස් 2-5 වගේ කාලයක් යනවා. ඒ හින්දා එක දිගට Request යවන්න එපා.

© Earning Edge

19/04/2026

Business Portfolio 101

pages කරන ගොඩක් අයට Business Portfolio ගැන Idea එකක් නැති නිසා මේ Post එක දාන්නෙ. ගොඩක් අය හිතන් ඉන්නවා Page එකට Full Control Admin Access තිබුනම ඇති කියලා.

හැබැයි ඒක එහෙම නෙමෙයි. ඔයාගෙ Page එකේ Admin Access වෙන කෙනෙක් ගත්තොත්, එයාට පුලුවන් Business Portfolio Claim කරගෙන ඔයාව තප්පරෙන් Admin / Full Control Access වලින් අයින් කරල දාන්න.

( මේකෙදි Page එකේ Admin Access වලදි වගේ Admin ට අයින් වෙන්න කියල Reqest එකක් යවන්නෙ නෑ. කෙලින්ම අයින් කරල දාන්න පුලුවන්. )

ඔයාලට Page එකේ Admin ඉන්නෙ කවුද කියලා බලාගන්න පුලුවන් සාමාන්‍ය විදිහටම Facebook Settings > Page Setup > Page Access වලින්. මේකෙන් Admin, එහෙම නැත්නම් එක එක Task වලට විතරක් Access විතරක් දීලා (content manage / message & call / ads) Users ලව Add කරන්නත් පුලුවන්.

ඒකෙම ටිකක් යටට ගියාම බලාගන්න පුලුවන් Business Portfolio Access කියලා. ඔයාල දැනටමත් Business Portfolio එකක් Add කරල නම් ඒක එතනින් බලාගන්න පුලුවන්.

දැන් බලමු Full Control ගැන. මේකෙදි Full Controls දෙකක් තියනවා. පළවෙනි එක Page එකේ Full Control Admin Access එක, අනිත් එක තමා Business Admin Access එක. මේක හරියට Root Access vs Admin Access වගේ.

Business Portfolio එකක් හදාගන්න එක Simple, Meta Business Suite එකට ගිහින් Left Panel එකේ Logo එකට යට තියන Dropdown එක Click කරල Create a Business Portfolio දෙන්න.

ඊට පස්සෙ Portfolio Name එක, Contact Info Fill කරල, Mail එකට එන OTP එක දුන්නම Business Portfolio එක Create වෙනවා. ( තේරෙන්නෙ නැත්නම් Youtube එකේ Tutorials ඕනෙ තරම් තියනවා )

ඊළගට කලින් වගේම Left Panel එකේ Dropdown එකෙන් Business Portfolio එක Select කරාට පස්සෙ Submenu එකක් එක්ක Settings Icon එකක් බලාගන්න පුලුවන්. ඒක Click කරල Business Settings වලට යන්න.

මේකෙ Users > People කියන එකෙන් පුලුවන් ඔයාලට ඕනෙ Access දීලා Business Adminල Add කරගන්න. Invite Peoples කියන Option එකෙන්. හැබැයි වෙන අයව Add කරගන්න එපා Full Control දීලා. ඒ අයගෙ Accout Access වෙන කෙනෙක් ගත්තොත් ඔයාගෙ Account වලටත් ඒක බලපානවා.

ආයෙම පහල තියන Accounts කියන Option එකෙන් පුලුවන් ඔයාලගෙ තියන Pages, Ads Accounts, Insta, Whatsapp වගේ Assets Add කරගන්න.

අනිත් Options ටිකටත් ගිහින් බලන්න මොනවද තියෙන්නෙ කියල. ඒ වගේම වෙන කාටවත් Business Portfolio එකේ Access දෙන්න එපා.

මේකට Comment 100 විතර ආවොත් කොහොමද Payout Support Contact කරගන්නෙ කියල ඊළග Post එකෙන් දාන්නම්.

©EarningEdge

18/04/2026

🇱🇰 Dialog / Airtel System Update එකක් නිසා හෙට උදේ 9 වෙනකම් Data කැපෙන්නෙ නෑලු. Try කරල බලල කියන්න. 🙊❤️

17/04/2026

කාලෙකින් Post එකක් දාන්නෙ, Sajeewa අයියා දාල තිබුන Post එකක් දැකල මේකත් දාන්න හිතුනෙ.

මීට ටික කාලෙකට කලින් Payout එකක ප්‍රශ්නයක් වෙලා Group එකක Post එකක් දාල ඇහුවා Fix කරන්න Expert කෙනෙක් ඉන්නවද කියල. පස්සෙ Mention උන අයගෙන් 2 3 දෙනෙක්ට කතා කරල බැලුවම ඒ වෙලාවෙ තිබුන හදිස්සියටත් එක්ක මුලින්ම Reply ආව එක්කෙනා එක්ක වැඩේ පටන් ගත්තා.

දවස් 2 3 කින් Earning Source ටික මාරු කරල දෙන්නම් කිව්වත් මාසයක් විතර ඇදගෙන ගියා. ඒ දවස් වල මටත් ඕවා ගැන Idea එකක් තිබුනෙ නෑ කොහොමද කරගන්නෙ කියල. ඒ දවස් වලත් Page Sell කරන්නෙ නැද්ද කිය කිය Access ගලවගන්න Try කරා. Business Portfolio හදල තිබුන නිසා Pages ටික බේරගන්න පුලුවන් උනා. දන්නැති අය Youtube එකෙන් බලාගෙන හරි Business Portfolio හදාගන්න.

ඉස්සරහට තව Post එකක් දාන්නම් කොහොමද Payout Team එක Direct Contact කරගෙන තියන Issues Fix කරගන්නෙ කියල. (Verified Badge එකෙන් දෙන Support Chat එක නෙමෙයි)

කොහොම හරි ⛔ Thisara Thineth කියල වෙන කෙනෙක්ගෙ Photos දාගෙන Account එක කරන්නෙ. Bank Account එකේ තියන නම Chalaka Dilshan de Silva. අනිත් විස්තර ටික Comment වල දාන්නම්. මේ දවස් වල Post දාන්න Time අඩුයි වැඩත් එක්ක. පස්සෙ Set වෙමු.

01/04/2026

First part missing due to recording error ⚠️

01/04/2026

SuperGr0k Heavy 1 Year Method 💸

1. මුලින්ම Amazon,com එකට ගිහින් Account එකක් හදල ඒකට Virtual Card එකක් Add කරගන්න.

2. Hongkong VPN 🇭🇰 එකකට Connect වෙලා ඒකෙන් Grok Account එකක් හදන්න. ඊට පස්සෙ ඒකෙ 3 Day Trial එක පෙන්නයි. Amazon Pay Option එකෙන් Trail එක Active කරන්න.

3. ඊළගට Trial එක Active උනාට පස්සෙ Manage Subscription Page එකට ගිහින් 3 Day Trial එක Cancle කරල Upgrade Subscription වලින් 3000$ 1 Year Grok Package එකට Upgrade කරන්න.

මේකෙදි Payment එක වෙන්නෙ නෑ. ඒ උනාට Grok එක Upgrade වෙලා පෙන්නයි. මේක Bug එකක්. ඉස්සරහට Fix කරයි. සමහර විට Account ආයෙම Basic Plan එකට Revoke කරයි. ඕනෙ අය Try කරල බලන්න.

මේ දවස් වල Video හදන්න Time නෑ. වෙලාවක් තිබ්බොත් පස්සෙ දාන්නම්. ❤️

01/04/2026

SuperGrok 1 Year Method එකක් තියනවා. Test කලේ නම් නෑ ? ඕනෙද? 😪💸

29/03/2026

Finally, After 3 Days 💚

Want your school to be the top-listed School/college in Nikaweratiya?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


No. 145 Colombo Road
Nikaweratiya
60000