22/09/2024
https://www.facebook.com/share/vHwgXK8XKx2R5b5G/?mibextid=oFDknk
දළදා වතුරේ අසිරිය 🙏🥹
මෙය මුලුමහත් ශ්‍රී ලංකාවම ඉංග්‍රීසි පාලනයට නතු වී තිබූ වකවානුවකි.. උඩරට ගිවිසුමෙන් දළදා වහන්සේ, පෙරහැර ආදී දළදා වහන්සේට ඉටුවිය යුතු සියලු සත්කාරයන් එලෙසම ඉටුකිරීමට ඉංග්‍රීසීන් පොරොන්දු උවද ඔවුන් එය පැහැර හැරියේය.
දළදා පෙරහැර හෝ ප්‍රදර්ශනය පවා සිදි නොවුනි. මේ වකවානුවේදී එනම්, 1818 - 1827 අතර දීර්ඝ කාලය තිස්සේම ලංකාවට දැඩි නියගයක් ඇතිවීම මගින් පොළොව ඉරිතලා ගොස් බීමට පවා ජලය සොයාගැනීම ඉතා අසීරු කාලයක් ඇතිවිණි. උඩරට ගිහි, පැවිදි කාගේත් අදහස වූයේ දළදා ප්‍රදර්ශනයක් කළ යුතු බවයි. ඔවුන් දළදා ප්‍රදර්ශනය හා වර්ෂාව අතර යම් සබදතාවක් ඇති බව අත්දැකීමෙන් දැන සිටියහ. මේ අනුව එකල ආණ්ඩුකාරවරයා වූ 'සර් එඩ්වඩ් බාන්ස්' හට උඩරට විසූ පිරිස් ඉල්ලීමක් කළේය.
ඒ අනුව 1828 මැයි 29 දිනට යෙදෙන වෙසක් පෝය දිනයේදී දළදා ප්‍රදර්ශනයක් පවත්වා පෙරහැරක් සංවිධානය කිරීමට ආණ්ඩුකාරවරයාගේ අවසරය ලැබුණි. ඒ අනුව සංවිධානය වූ දළදා ප්‍රදර්ශනය හා පෙරහැර ඉංග්‍රීසි පාලනය යටතේ පැවැත්වූ ප්‍රථම දළදා ප්‍රදර්ශනය විය. මෙය සියලු චාරිත්‍රයන්ට අනුකූලව ඓතිහාසික සම්ප්‍රදායානුකූලව සංවිධානය විය. මැයි 29 වන වෙසක් පෝය දිනයේ දන්ත ධාතූන් වහන්සේ රැගත් පෙරහැර වීදි සංචාරය කිරීම ඇරඹීමත් සමගම උඩරැටියන් පමණක් නොව ඉංග්‍රීසි පාලකයන් පවා පුදුමයට පත්කරමින් මහ වැසි පටන් ගත් බව කියැවේ.
පෙරහැර ඉවර වී දවස් කීපයක් ගත වුවද වැස්ස නතර නොවිණි. එහිදී දළදා මාලිගාව අසල ඇති නුවර වැව වලකුල් බැමි බිඳ පිටාර ගලා මහනුවර නගරයම යට වූ බව ඇතැම් ඉංග්‍රීසි වාර්තාවල පවා කියැවේ. මෙම වැස්ස මහනුවරට පමණක් නොව මුලු රටටම ඇතිවී නියගයද නිමා වූ බවත් එහෙයින් මෙය "දළදා වතුර" නමින් හැඳින්වීමටත් පට ගත්තේය.
උපුටා ගැනිමකි..
මුල් හිමිකරුට ස්තුතිය 🌹