Vision Academy

Vision Academy කුඩා කන්ඩා‍යම් පන්ති මගින් නියත A සම්මානයක් සදහා අපි ඔබට පාර කියන්නෙමු.

18/08/2026

♦️ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ප්‍රදානත්වයෙන් 42 වන මීලාදුන් නබි ජාතික උත්සවය අගෝස්තු 26 වන දින සවස 3 පෙරියමුල්ල අල්- හිලාල් මධ්‍ය මහ විදුහල් පරිශ්‍රයේදී...

13/08/2026
21/07/2026
21/06/2026

🔴🔴‍රට පුරා පාසල්වල ගුරු සේවයේ කාලයක් පැවති පුරප්පාඩු හිගය අවසන් කිරීමට සූදානම් ! 🇱🇰

🟢🟢🟢ඉතිහාසයේ පළමුවරට ගුරු වෘත්තියට එකවර 30,000ක් බදවා ගන්නවා – අගමැතිනි හරිනි අමරසූරිය.

මෙම වසරේදී අලුතින් ගුරුවරුන් 30,000කට ආසන්න පිරිසක් බඳවා ගනිමින් මෙරට ඉතිහාසයේ රජයක් විසින් වැඩිම ගුරුවරුන් බඳවා ගැනීම් සිදු කරන වැඩසටහන ක්‍රියාවට නංවන බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පවසනවා..

🟠🟠🟠මෙම බඳවා ගැනීමේ වැඩසටහන යටතේ උපාධිධාරි ගුරුවරුන් 23,000ක්, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පුහුණුව ලැබූ ගුරුවරුන් 6,100ක් සහ අධ්‍යාපන උපාධිධාරි සේවයට එකතු කරගන්නා බව ද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළා.

උතුරු මැද පළාත් අධ්‍යාපන බලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය අනුරාධපුරයේදී මේ බව කියා සිටියාය. අධ්‍යාපන ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීම උදෙසා ඉදිරියේදී අධ්‍යාපන පරිපාලන නිලධාරීන් හා ගුරු උපදේශකයන් ද ක්‍රමයෙන් බඳවා ගැනීමට රජය සැලසුම් කර ඇතැයි ද අග්‍රාමාත්‍යවරිය පැවසුවා.

ගුරු හිඟයට පිළියම් යෙදීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් ගුරු ව්‍යාප්තිය, අධ්‍යාපන පරිපාලනය සහ දත්ත කළමනාකරණය ආශ්‍රිත ගැටලුවලට විසඳුම් සෙවීම වැදගත් බවත් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කර තිබුනා..රජය අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් සිදු කරන බවත්, දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම වෙනුවෙන් සෑම උත්සාහයක්ම ගත යුතු බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියා..

ඉතින් අධ්‍යාපනය කියන්නෙ අත්තටු ! දැයේ දරුවන්ට , ඒ අත්තටු ලබාදෙන්න මේ ආණ්ඩුව කරන්න පුලුවන් හැමදේම කරනවා...

ජය ! 🇱🇰
(උපුටා ගැනීමකි)

Address

Convent Road, Bolawalana
Negombo
26A

Telephone

+94775700621

Website

Alerts

Be the first to know and let us send you an email when Vision Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Vision Academy:

Shortcuts

Share

Category