Rose Wickramaarachchi

Rose Wickramaarachchi “A good education can change anyone. A good teacher can change everything!”

"වචන දන්නවා, ඒත් කතා කරන්න එන්නෙ නැහැ"මේ ගොඩක් අය කියන කතාවක්. ඇයි මෙහෙම වෙන්නෙ? ප්‍රශ්නෙ තියන්නෙ අපි භාෂාව ඉගෙන ගනිපු ක...
04/05/2026

"වචන දන්නවා, ඒත් කතා කරන්න එන්නෙ නැහැ"

මේ ගොඩක් අය කියන කතාවක්. ඇයි මෙහෙම වෙන්නෙ?

ප්‍රශ්නෙ තියන්නෙ අපි භාෂාව ඉගෙන ගනිපු ක්‍රමයේ. අපි බොහෝ විට ඉංග්‍රීසි ඉගෙන ගෙන තියන්නෙ "වචන" විදියට මිසක්, "වාක්‍ය ඛණ්ඩ" විදියට නෙවෙයි..

තව ටිකක් පැහැදිලි කරොත්, අපි සමහරවිට ඉංග්‍රීසි භාෂාවෙ ඔක්කොම වගේ word classes ඉගෙන ගෙන තියනවා. Nouns, verbs, adjectives, ඉඳන් ඔක්කොම දන්නව. නමුත් කතා කෙරෙන්නෙ නෑ. හේතුව එකකට එකක් ඒ කොටස් වෙනස්ව vocabulary type එකෙන් ඉගෙන ගත්තට ගලපන්න, ගොඩනගන්න අවශ්‍ය phrases අපි දන්නෙ නැහැ.

උදාහරණයක් ගත්තොත්, අපිට ඕන වෙනවා කියන්න ෂර්ට් එකක බොත්තම් දානවා කියල. දැන් අපි shirt කියන එකත් දන්නවා. Buttons කියන එකත් දන්නවා. හැබැයි අපට ඒක කියාගන්න බෑ. හේතුව තමා අපි button up කියන phrase එක නැතුව button කියන word එක ඉගෙන ගන්න එක.

නමුත් හිතල බලන්න අපි සිංහල ඉගෙනගනිපු විදිය බොත්තම දාගන්න කියන එක මිසක් බොත්තම කියන වචනෙ විතරක් ඉගෙනගෙන නෑනෙ. අන්න ඒ phrase
නැතිවීම තමයි මෙන්න මේ වචන දන්නවා, ඒත් කතා කරන්න එන්නෑනෙ කියන ගැටලුවට හේතුව.

ඉතින් අපේ පන්තියෙදි අපි මේ හැම ප්‍රශ්නයක්ම ලොකු පොඩි ඕනම කෙනෙක්ට විසඳලා දෙනවා.

කතා කරන්න අපිට - 077 2447228

















"ඇයි අපිට ඉංග්‍රීසි වරදින්නේ?"(The Real Science behind your mistakes)මං මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් අවංකවම උත්තරේ මොකද්ද? ඇ...
03/05/2026

"ඇයි අපිට ඉංග්‍රීසි වරදින්නේ?"
(The Real Science behind your mistakes)

මං මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් අවංකවම උත්තරේ මොකද්ද? ඇත්තටම හිතනවද උත්තරේ දන්නවා කියල?

මෙහෙම හිතන්න. දැන් ඔයා ඉන්න තැන මට විස්තර කරන්න කියල දුරකතනයේ එහා කෙලවරේ ඉන්න මනුස්සය කිව්වොත්, ඔයාට එක පාරටම ඒක කියාගෙන යන්න පුලුවන්ද? එහෙම නැත්නම් කෙනෙක් ඉංග්‍රිසියෙන් පාරක් ඇහුවොත් කොහොමහරි කියාගන්න උත්තරේ ගැන කිව්වට පස්සෙ sure නෑ වගේද? ඇයි මෙහෙම වරදින්නෙ?

ඉන්න තැන විස්තර කරන්න කිව්වම අවුල් වුනාට නිකමට කල්පනා කරල බලන්න ඒ වටපිටාවෙ තියන දේවල් වලින් ඔයා නම නොදන්න දේවල් තියනවද කියල. කාමරේක නම් ඇඳ පුටු මේස මේ ඔක්කොම අපි දන්නවා. දිශාව ගැන කියන්න උතුර දකුණ වම උඩ යට ඔක්කොමත් ඉංග්‍රීසියෙන් දන්නවා. එතකොට ඇයි කියාගන්න බැරි? කොතනද ප්‍රශ්නෙ? ප්‍රශ්නෙ තියන්නෙ හිතන භාෂාවෙ. අපි හිතන්නෙ බොහෝ වෙලාවට මව් භාෂාවෙන්. එහෙම හිතල ඒකට ගැලපෙන අනික් භාෂාවෙ වචන හොයාගන්නවා. එහෙම හොයාගන්න එක ඇත්තටම ප්‍රශ්නයක් නෙවේ.. අපි හිතන්නෝන අපට හිතෙන විදියට මිසක් බලෙන් ක්‍රමේකට නෙවේ. කාලයත් එක්ක භාෂාව ප්‍රගුණ වෙනකොට ඉංග්‍රීසියෙන් ඉබේටම හිතෙනවා. නමුත් ඒක බලෙන් කරන්න බෑ. මුලින් කරන්න වෙන්නෙ මේ ක්‍රමේ තමා. එතකොට ක්‍රමෙත් හරිනම් ඇයි වරදින්නෙ?

අන්න ඒකට තියන්නෙ හරිම සරල හේතුවක්. ලෝකෙ එක එක භාෂාවල word order එක එකිනෙකට වෙනස්. සමාන ඒවත් තියනවා. ඉංග්‍රීසි සහ සිංහල කියල කියන්නෙ එකිනෙකට සම්පූර්ණයෙන් වෙනස් word orders දෙකක්.

සම්මත ලිඛිත සිංහලේදි අපේ word order එක නැත්තම් පද සැකැස්ම වෙන්නෙ උක්ත (Subject) + කර්ම (object) +ක්‍රියා ( verb). උදාහරණයක් ගත්තොත් "මම ගෙදර යමි".

නමුත් ඉංග්‍රීසි භාෂාවෙ word order එක වෙන්නෙ subject (උක්ත) + verb (ක්‍රියා) + object (කර්ම). උදාහරණෙට ඒකම ගත්තොත් "I go home".

අන්න එතකොට තමයි සිංහලෙන් හිතපු එක ඉංග්‍රීසියෙන් කියනකොට හෝ ලියනකොට වෙනම ම දෙයක් communicate වෙන්නෙ.

එතකොට මේකට උත්තරේ මොකද්ද? හිතන භාෂාව මොකක් උනත් අපි output එක හරියට ගොඩනගනවා නම්, construct කරනවා නම් මේ ප්‍රශ්නෙ වෙන්නෙ නෑ. ඒක ගොඩනගන්න තමා අපට භාෂාවක ව්‍යාකරණ රීති ගැන ප්‍රාමාණික වගේම තාර්කික දැනුමක් අවශ්‍ය වෙන්නෙ. භාෂාවක් කටපාඩම් කරලා ඉගෙන ගන්නවත් ප්‍රගුණ කරන්නවත් බෑ. භාෂාව ඇතුලෙ තර්ක ගොඩනගන්න වගේම බිඳින්න උත්සහ කරන එකෙන් තමා භාෂාවක් ප්‍රගුණ වෙන්නෙ. එහෙම කරන්න නම් ඒකට ප්‍රාමාණික දැනුමක් අවශ්‍ය වෙනවා.

අන්න ඒ ගැන හොයන ව්‍යාපාරික හෝ වෘත්තීය ජීවිතේ මුල හරියෙ (හෝ ඕනෑම කාලෙක) මේ ගැටලුවට මූණ දෙමින් ඉන්න අය වෙනුවෙන් තමයි මේ පණිවිඩය. මේක සම්පූර්ණයෙන් online වගේම physical දෙවිදියටම පැවැත්වෙනවා. Physical නම් මීගමුවෙ විතරයි දැනට. මාස තුනත් හතරත් අතර කාලයක් ඇතුලෙ මේ ප්‍රශ්නෙ සම්පූර්ණයෙන් විසඳලා දෙන්න අපට පුලුවන්.

විශේෂම දේ අපි සීමිත පිරිසක් විතරයි එක කණ්ඩායමක් ඇතුලට ගන්නෙ. උපරිම 10 දෙනෙක් විතරයි කණ්ඩායමකට ගන්න පුලුවන් වෙන්නෙ. අවශ්‍ය අනික් විස්තර 077 2447228 අංකෙට whatsapp message එකක් දීලා දැනගන්න පුලුවන්.

"කියන දේ තේරෙනවා, උත්තර දෙන්න තමයි බැරි" පන්ති වලට සහභාගි වෙන ගොඩක් දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් තියන ගැටලුව මේක. ඇයි මෙහ...
02/05/2026

"කියන දේ තේරෙනවා, උත්තර දෙන්න තමයි බැරි"

පන්ති වලට සහභාගි වෙන ගොඩක් දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් තියන ගැටලුව මේක. ඇයි මෙහෙම වෙන්නෙ?

මේකට තියන්නෙ හරිම සරල හේතුවක්. අපි ලංකාවෙ ඉපදුන ශ්‍රී ලාංකිකයො විදියට අපේ මව් භාෂාව ඉංග්‍රීසි නෙවෙයි. සිංහල. මෙන්න මේ භාෂාවන් දෙක අතර තියනවා ලොකු වෙනසක්. ඒ වෙනසට හේතුව තමයි මේ භාෂා දෙකේ මූල එහෙම නැත්නම් origins.

සිංහල කියන්නෙ Flexible Word Order language එකක්. සරලව කිව්වොත් "මම ගෙදර යනවා" කිව්වත් "ගෙදර යනවා මං" කිව්වත් මං යනව ගෙදර" කිව්වත් අහන් ඉන්න මනුස්සයට අවශ්‍ය දේ communicate වෙනවා.

නමුත් English කියන්නෙ Fixed Word Order language එකක්. එතකොට I go home කියල නොකියා වෙන මොනවා කිව්වත් අහගන ඉන්න කෙනාට හෝ කියවන කෙනාට ඒ අදහස දෙන්න බැහැ. එතකොට මේ fixed word order එක? අන්න ඒකට තමා අපට grammar ඕන වෙන්නෙ.

ඔන්න ඔය කොටස සම්පූර්ණ නොවෙන නිසයි ඔය උඩ කිව්ව ප්‍රස්නෙ, තේරුනාට උත්තරේ හදාගන්න බැරි වෙන්නෙ. ඉතින් අපි මුල ඉඳන් සරලව මෙන්න මේ ප්‍රශ්නෙ විසඳගන්න හැටි කියල දෙනවා.

කාටද? දරුවන්ට
වයස? අවුරුදු 12 න් උඩ ඕනම දරුවෙක්ට
සම්බන්ධ වෙන්නෙ ? ඔය නම්බර් එකට whatsapp message එකක් තියන්න. සෙනසුරාදා දවසෙ ඔන්ලයින් පන්තියක් විදියට තමා අපි මේක කරන්නෙ.







​​




​​




​​


Secure your child's spot today! Limited slots are available to ensure personalized attention.​​
29/04/2026

Secure your child's spot today!

Limited slots are available to ensure personalized attention.


2025 The English Academy  Unanvitiya 14th Monday onwards...
11/01/2025

2025
The English Academy Unanvitiya

14th Monday onwards...

21/10/2024

The English Academy


12/09/2024
09/09/2024
The English Academy  Rose Wickramaarachchi
05/09/2024

The English Academy
Rose Wickramaarachchi

The English Academy Hansani Madhukshi  04 more days to go....!
31/08/2024

The English Academy
Hansani Madhukshi

04 more days to go....!

The English Academy
Rose Wickramaarachchi
Hansani Madhukshi

Address

Negombo
11500

Website

Alerts

Be the first to know and let us send you an email when Rose Wickramaarachchi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category