Growing Beyond Smart Learning

Growing Beyond Smart Learning We provide the platform and the tools to teach and learn whatever that is in demand to make a better tomorrow

29/03/2025
18/12/2024

ලංකාවේ ඉන්න ඔබේ හිතවතුන්ට ක්ෂණිකව විශ්වාසයෙන් සල්ලි යවන්න
Trans Fast
මෙහෙන් දැම්මා, එහෙන් ගත්තා
දැන්ම අමතන්න +39 064824135 / 064819175
(WhatsApp) +39 3454372970

https://news.radiowesl.com
19/07/2024

https://news.radiowesl.com

Stay updated with the latest news from Sri Lanka and around the world on WESL News. Get top stories, in-depth analysis, and live radio broadcasts on Radio WESL. Your source for reliable and comprehensive news coverage.

03/03/2022
Happy Sinhala and Tamil New year!!!!
14/04/2021

Happy Sinhala and Tamil New year!!!!

Happy Independence Day...
04/02/2021

Happy Independence Day...

51% ක් ද, 49% ක් ද, කියලා හිත හිත ඉන්න දෙයක් නෑ. 100%ක් ම ආයෝජනය කරන්න.👇👇https://lms.growingbeyond.lk/
28/01/2021

51% ක් ද, 49% ක් ද, කියලා හිත හිත ඉන්න දෙයක් නෑ.

100%ක් ම ආයෝජනය කරන්න.
👇👇
https://lms.growingbeyond.lk/

Largest collection of handpicked, curated online learning materiel and classes

26/01/2021

රුධිර පාර්විලනයක දී වැදගත්වන කරුණු කිහිපයක් වීඩියෝවකින්.

උපුටාගැනීම අන්තර්ජාලයෙන්

දේශපාලන විශයක් විදියට හදාරණ අයට වගේම දේශපාලය ගැන උනන්දු අයටත් දැනගැනීම පිනිස එක එක දේශපාලන මතවාද ගැන පොඩි හැඳින්වීමක් කර...
24/01/2021

දේශපාලන විශයක් විදියට හදාරණ අයට වගේම දේශපාලය ගැන උනන්දු අයටත් දැනගැනීම පිනිස එක එක දේශපාලන මතවාද ගැන පොඩි හැඳින්වීමක් කරන ලිපි මාලාවක් ඉදිරිපත් කරන්න Growing Beyond Smart Learning අපි තීරණය කරා. මේ එම ලිපි මාලාවේ පලමුවැන්න.

තව කෙනෙක්ට බලන්න Share කරන්න. ඉදිරි ලිපිත් කියවන්න කැමති නම් Like කරන්න.

ලේසියෙන් පහසුවෙන් සරළව ඉගෙනගන්න https://lms.growingbeyond.lk/ වෙත පිවිසෙන්න.

ලිබරල්වාදය

ලෝකෙ තියන ඔක්කොම දේශපාලන මතවාද ගණන් කරලා ඉවර කරන්න බැහැ. නමුත් ඒ මතවාද අතරින් ජනප්‍රියම දේශපාලන මතවාදය තමයි ලිබරල්වාදය කියන්නෙ. ලිබරල් කියන වචනයේ උපත 'liber' කියන ලතින් වචනෙන් බිඳිලා ආපු එකක් ඒකෙ තේරුම තමයි 'නිදහස' කියන එක. මධ්‍යකාලීන යුරෝපයේ තිබුන වැඩවසම් සහ පීඩිත දේශපාලන සහ ආර්ථික ක්‍රමයට විරුද්ධව උපත ලබන ලිබරල්වාදය දේශපාලනිකව, ආර්ථික සහ සංස්කෘතික වශයෙන් පුද්ගල නිදහස අවධාරණය කරන දේශපාලන මතවාදයක්. ඒ අර්ථයෙන් සලකා බැලුවාම ලිබරල්වාදය කියන්නෙ රාජ්‍යයේ හෝ ආණ්ඩුව පනවන සීමා පාලන වලින් ලබන නිදහස අවධාරණය කරන සංකල්පයක්.

දාර්ශනික අර්ථයෙන් ගත්තම ලිබරල්වාදය අවධාරණය කරන්නෙ 'නිෂේධනීය නිදහස'ක්. සරලව ලිව්වොත් බාධා සීමා නැතුව ජීවත් වෙන්න පුලුවන් නිදහසක්. විශේෂයෙන්ම ආරම්භයේදී මේක අවධාරණය උනේ හිතුවක්කාර ලෙස ආණ්ඩුවෙන් අත්අඩංගුවට ගනු නොලැබීමේ සහ හිතුවක්කාර ලෙස ආණ්ඩුව පනවන අයබදු නොගෙවා සිටීමේ නිදහස විදිහට.

ලිබරල්වාදය සම්භාව්‍ය (පැරණි) දේශපාලනික අර්ථයෙන් ගත්තම තනිකරම අවධාරණය කරන්නෙ 'රාජ්‍ය නිර්බාධවාදය'. ඒ කියන්නෙ දේශපාලන, ආර්ථික සහ සමාජීය ක්ශේත්‍ර වලට රාජ්‍යයේ මැදිහත්වීම අවම වෙන්න ඕන කියන එක. රාජ්‍ය නිර්බාධවාදයෙන් නොගැලවිය හැකි අනික් සංකල්ප තමා 'නිදහස් ආර්ථිකය' සහ 'නිදහස් වෙළඳපොළ'. ඒ කියන්නෙ ආණ්ඩුවේ මැදිහත්වීම සහ පාලනය අවම ආර්ථිකයක් සහ වෙළඳපොළක්.

'පුද්ගලික නිදහස' කියන සංකල්පය ලෝකෙ මුල්බැසගන්නෙ ලිබරල්වාදයේ බලපෑමෙන්. ලිබරල්වාදය ඒ සම්බන්ධයෙන් මූලික කරුණු කිහිපයක් අවධාරණය කරනවා.

1. සමාජය පවතින්නේ තනි තනි පුද්ගලයන්ගෙනි. ඒ නිසා සමස්ත පුද්ගල ඓක්‍ය යනු සමාජයයි.

2. සමාජය නිර්මිත වන සෑම තනි පුද්ගලයෙක්ම ස්වායත්තව සිතිය හැකි නිදහස් පුද්ගලයෙකි.

3. මෙම නිදහස්, ස්වායත්ත පුද්ගලයාට තම හැකියාවන්ගේ උපරිමය ලඟාකරගැනීමටනම් ආණ්ඩුව ඇතුලු බාහිර පරිසරයේ බලපෑම අවම 'නිදහස්' පරිසරයක් අවශ්‍ය ය.

4. ආණ්ඩුවක වගකීම වන්නේ මෙම පෞද්ගලික නිදහස ආරක්ෂා කරමින් ආණ්ඩු කිරීමයි. එය කල හැක්කේ නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් ආර්ථික, සමාජ ක්ශේත්‍රවලට අවම ලෙස මැදිහත් වීමෙනි. එය 'ලිබරල්' ආණ්ඩු ක්‍රමය යි.

ලිබරල්වාදය කියන්නෙ මාක්ස්වාදය වගේ තනි පුද්ගලයෙක්ගෙවත් පුද්ගල කණ්ඩායමකවත් මතවාදයක් නෙවෙයි. ඒ කියන්නෙ ලිබරල්වාදයට පියෙක් නැහැ. ඒක එක එක කාලෙට එක එක පුද්ගලයන් විසින් ඉදිරිපත් කරලා විශ්වාස කරලා පුහුණු කරපු අදහස් සමූහයක්.

උදාහරණයක් විදිහට ලිබරල්වාදී අදහස් වලට මූලික පදනමක් දුන්න තෝමස් හොබ්ස් කියන්නෙ අඩුම තරමෙ ලිබරල්වාදියෙක්වත් නෙවෙයි. නමුත් ඔහු තමන්ගෙ 'ලෙවියාතන්' (1952) කියන පොතේ තමයි පුද්ගල නිදහස ගැන ලිබරල්වාදයට අදහස ලබා දෙන්නෙ. පුද්ගලයා රාජ්‍යට පූර්වක බව, පුද්ගලයා තාර්කික බව සහ රාජ්‍ය කියන්නෙ මිනිස්සුන්ගේ නිර්මාණයක් බව කියන ඒ මූලික සංකල්ප ඉදිරිපත් කලේ ඔහු.

හොබ්ස් නියෝජනය කලේ රාජාණ්ඩුවක් අවශ්‍යයි කියන මතය. ලිබරල්වාදය පෝෂණය කරපු ඔහුගෙ ප්‍රතිවාදියා ජෝන් ලොක් හිටියෙ රාජාණ්ඩුවට විරුද්ධ මතවාදයක. ඔහු තමන්ගෙ පොත 'සිවිල් ආණ්ඩුව පිළිබඳ සම්මුතීන් දෙකක්' කියන පොතේ අවධාරණය කරනවා කරුණු කීපයක්.

1. රාජ්‍යට පදනම වෙන්නෙ ජනතාව ය.

2. රාජ්‍ය පාලනයට පාලකයාට ජනතාව විසින් ලබාදී ඇති බලය සීමා සහිත ය.

3. මහජනතාව බලය ලබා දුන්න නිසා මහජනතාව රැකීමට පාලකයා බැඳී සිටී.

4. එසේ මහජනතාවගේ ආරක්ෂාව සහතික නොකරන්නේනම් පාලකයා ඉවත් කිරීමට ජනතාවට හැකිය.

5. එබැවින් රාජ්‍යට ඇත්තේ සීමිත බලයකි. ජෝන් ලොක් තමා මේ විදිහට 'සීමිත ආණ්ඩු' කියන සංකල්පය ලිබරල්වාදයට එකතු කලේ.

මීට අමතරව ප්‍රංශ දේශපාලන දාර්ශනිකයෙකු උන මොන්ටෙස්ක්‍යු රචනා කරනවා 'නීතියේ සාරය' කියලා පොතක්. ඔහු යෝජනා කරනවා ආණ්ඩුවේ බලය ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ ලෙසට වෙන වෙනම ආයතන තුනකට බෙදිය යුතුබව සහ ඒ ඒ ආයතනවලට අනෙකුත් ආයතන සම්බන්ධ කිසිම බලතලයක් නොතිබිය යුතු බවට. එහෙමක තැනකට වැඩි බලයක් ගියාම ප්‍රජා පීඩක පාලන ක්‍රම ගොඩනැගෙනවා කියන එකයි ඔහුගේ මූලික තර්කය උනේ. මේ සංකල්පයත් ලිබරල්වාදය ඇතුලෙ තියන මූලික අදහසක්.

තවත් ප්‍රංශ දාර්ශනිකයෙක් උන ජීන් ජාක්විස් රූසෝගෙ අදහස උනේ රාජ්‍ය කියන්නෙ පාලකයාගේ කැමැත්තවත් ප්‍රභූන්ගේ කැමැත්තවත් ඉටු කරන දෙයක් නෙමෙයි කියලා. ඔහු කියනවා රාජ්‍ය කියන්නෙ පොදුවේ සාමුහික කැමැත්ත නිරූපණය වෙන දෙයක් බව. තවදුරටත් රූසෝ අවධාරණය කලා රාජ්‍ය පිළිබඳ පරමාධිපත්‍යය තියෙන්නෙත් මේ කියන සමස්ත පොදු ජනතාවට බව.

ලිබරල්වාදය කියන්නෙ මෙහෙම ලේසියෙන් ලියලා ඉවර කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. ලිබරල්වාදය ටිකක් ගතික මතවාදයක් නිසා යුගයෙන් යුගයට, භූමියෙන් භූමියට, සංස්කෘතියෙන් සංස්කෘතියට ඒකෙ භාවිතාව වෙනස්. නමුත් ඒ හැම භාවිතාවකම වගේ මූලික හර පද්ධතීන් ගොඩ නැගුනෙ ඔය උඩ කිව්ව සරල කාරණා මත.

Largest collection of handpicked, curated online learning materiel and classes

Address

No. 336/17, Thimbirigaskatuwa, Katana
Negombo
11534

Alerts

Be the first to know and let us send you an email when Growing Beyond Smart Learning posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category