04/05/2026
Congratulations..
Education
04/05/2026
Congratulations..
29/04/2026
2026 ACBS අවුරුදු කුමරා සහ කුමරිය වන්නේ කවුරුන් ද? 👑✨
ඔබ කැමතිම අවුරුදු කුමරා /කුමරියට ❤️ LIKE කරන්න!
එසේම ACBS Facebook පිටුව FOLLOW කරන්නත් අමතක කරන්න එපා.
📅 ඔබේ මනාපය ලබාදිය හැක්කේ
MAY 2 දින දහවල් 12.00 දක්වා පමණයි.
මෙම තරගයේ ජයග්‍රාහකයින් තෝරාගන්නේ,
✔️ වැඩිම LIKE ලබාගත් ඡායාරූපය
✔️ ACBS Facebook පිටුව FOLLOW කළ පිරිස අතරින් ලැබෙන ඉහළම සහය
👉 මේ දෙකම සැලකිල්ලට ගනිමින්ය.
🚀 එබැවින් ඉක්මන් කරන්න!
ඔබේ ප්‍රියතම අවුරුදු කුමරා සහ කුමරියට LIKE කර
ACBS FB Page එක FOLLOW කර ඔබගේ සහය දක්වන්න 💫
20/04/2026
'පැතුම්' කියන්නේ ගමේ ඉස්කෝලේ දෙක වසරේ ඉගෙන ගන්න අවුරුදු 7ක පුංචි දරුවෙක්. ගොඩක් දවස්වලට පැතුම් ඉස්කෝලේ ආවේ හොඳටම කිලුටු වෙච්ච, පාට ගියපු පරණ ඇඳුමක් ඇඳගෙනයි. මේ ඉස්කෝලේ හැමදාම දවල්ට ළමයින්ට නොමිලේ කෑම වේලක් (බත් පතක්) දෙනවා. අනිත් ළමයි ඔක්කොම සතුටින් ඒ කෑම එක කද්දී, පැතුම් විතරක් හැමදාම හොරෙන් කරපු අමුතු වැඩක් පන්තියේ ටීචර් දැක්කා.
පැතුම් කෑම එක කන්නේ නැතුව, බත් ටික පරිස්සමට ඉටි කොළයක ඔතාගෙන තමන්ගේ පොත් බෑග් එක අස්සේ හංගගන්නවා. "මේ ළමයා කෑම එක කන්නේ නැතුව ගෙදර බල්ලන්ට ගෙනියනවා ඇති, මේක මහ නාස්තියක්" කියලා හිතපු ටීචර්, දවසක් පැතුම්ව කණින් ඇදගෙන විදුහල්පතිතුමා (Principal) ළඟට අරන් ගියා.
"සර්, මේ ළමයා හැමදාම ආණ්ඩුවෙන් දෙන කෑම එක කන්නේ නැතුව හොරෙන් බෑග් එකේ දාගෙන යනවා. මුන්ට මේවායේ අගයක් නෑ" කියලා ටීචර් පැමිණිලි කළා. විදුහල්පතිතුමා කේන්තියෙන් වේවැලත් අරගෙන, පැතුම්ගේ බෑග් එක දිගෑරලා අර ඉටි කොළේ ඔතපු බත් පත එළියට ගත්තා.
"ඇයි උඹ මේක නොකා ගෙදර ගෙනියන්නේ?" කියලා විදුහල්පතිතුමා වේවැල උස්සද්දී, පැතුම් බයෙන් වෙවුල වෙවුල දීපු උත්තරය අහලා...
ඊළඟ තත්පරයේදී විදුහල්පතිතුමාගේ අතේ තිබුණු වේවැල බිමට අතහැරුණා! කකුල් දෙකේ පණ නැති වෙලා එතනම දණගැස්සුණා! හුස්ම හිරවෙලා පන්තියේ හිටපු ටීචර්ලා ඔක්කොම ගල් ගැහිලා ගියා!
වේවැල උස්සපු ප්‍රින්සිපල්ව අඬවපු, ඒ පොත් බෑග් එක අස්සේ හැංගුණු පපුව පැළෙන ලේ කඳුළු රහස මොකක්ද?
පැතුම් ඇස් දෙකෙන් කඳුළු පෙරාගෙන, විදුහල්පතිතුමාගේ කකුල් දෙක අල්ලගෙන මෙහෙම කිව්වා...
"සර් අනේ මට ගහන්න එපා... මම අද උදෙත් වතුර එකක් බීලා ආවේ. මට ගොඩක් බඩගිනියි සර්. හැබැයි මගේ අම්මාට සනීප නෑ. අම්මා දවස් දෙකකින් මුකුත් කෑවේ නෑ, ඇඳෙන් නැගිටගන්නත් බෑ. මම මේ බත් එක කෑවොත් මගේ අම්මා බඩගින්නේ මැරෙයි සර්. මම ඉස්කෝලේ ටැප් එකෙන් වතුර බීලා බඩ පුරවගන්නම්, අනේ මේ බත් එක මට අම්මාට ගෙනියන්න දෙන්න සර්..."
මේ වචන ටික ඇහෙද්දී විදුහල්පතිතුමාට වහ බොන්න හිතුණා. ඔහු වේවැල වීසි කරලා පැතුම්ව තදින් පපුවට තුරුළු කරගෙන මහ හයියෙන් ඉකිගහලා ඇඬුවා. පැමිණිලි කරපු ටීචර්ටත් සිහිය නැති තරම්. තමන්ගේ බඩගින්න දරාගෙන, ඉස්කෝලෙන් දෙන එකම බත් පත තමන්ගේ ලෙඩ වෙච්ච අම්මා වෙනුවෙන් පරිස්සම් කරපු ඒ පුංචි දරුවාගේ හදවත ඉස්සරහා, ඒ මුළු පාසලම දණගැහුවා. එදා ඉඳන් පැතුම්ගෙයි අම්මාගෙයි කෑම බීම, බෙහෙත් ඔක්කොම වියදම් විදුහල්පතිතුමා බාරගත්තා.
අද අපේ සමාජයේ තිත්තම ඇත්ත මේකයි. ඉස්කෝලෙක ළමයෙක් හරියට පාඩම් කළේ නැති වුණාම, ඇඳුම කිලුටු වුණාම අපි ඉක්මනට ඒ ළමයාට දඬුවම් කරනවා. හැබැයි ඒ හිනාවෙන, දඟලන පුංචි මූණු පිටිපස්සේ කොයි තරම් බිහිසුණු බඩගින්නක්, දරිද්‍රතාවයක් හැංගිලා තියෙනවාද කියලා අපි කවුරුවත් හොයන්නේ නෑ. ගෙදර කන්න නැතිව බඩගින්නේ ඉන්න අම්මලා තාත්තලා වෙනුවෙන් හිතින් අඬන දරුවෝ අද ඕනෑ තරම් අපේ පන්ති කාමරවල ඉන්නවා. දඬුවම් කරන්න කලින් දරුවන්ගේ හිත් කියවන්න ගුරුවරුන් වගේම සමාජයත් පුරුදු වෙන්නම ඕනේ!
සමාජයට මහා ලොකු ඇස් ඇරීමක් කරන, මේ පපුව පැළෙන යථාර්ථය අනිවාර්යයෙන්ම හැමෝටම දකින්න Share කරන්න.