The English College

The English College THE SUCCESS WAY OF SPEAKING ENGLISH

මෙවර 5 ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දුවා දරුවන්ට නොමිලේ ලැබෙන අනගි අවස්ථාවක්. # 100% නොමිලේ, ඉංග්‍රීසි කතාව පුහුණුවන්න. #...
23/12/2022

මෙවර 5 ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දුවා දරුවන්ට නොමිලේ ලැබෙන අනගි අවස්ථාවක්.

# 100% නොමිලේ, ඉංග්‍රීසි කතාව පුහුණුවන්න.
# මාස 4 ක පාඨමාලාව.
# මෙම වටිනා අවස්ථාව මහහැර නොගන්න.
# 076 673 5262 අංකයට කතාකරන්න. නැතිනම් දරුවගේ නම සදහන් කර Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

සිප්ලි - මතුගම

06/01/2022

මේ පෝස්ට් එක ඉංග්‍රීසි භාෂාව තවමත් කතා කරගත⁣ නොහැකිව අපහසුතාවයට පත්වුන ඔබ වෙනුවෙන්මයි.
මේ දිනවල ජනප්‍රියම මාතෘකාව තමයි එකදිගට දින 10 න්, 20 න්, 25න්, ඉංග්‍රීසි කතා කරවනවා කියන එක. තවත් අය එක දවසකිනුත් ඉංග්‍රීසි කතා කරවනව කියල කියනව.
( නිකමට හිතන්න, මුල ඉදන්ම ඉංග්‍රීසි ඉගෙන ගන්න කෙනෙකුට මෙහම දවස්ගානකින් ඉංග්‍රීසි භාෂාව කතා කරවන්න පුලුවන්නම් මේ මුලු ලංකාවටම ඉංග්‍රීසි කතා කරවන්න ගතවෙන්නේ මාස 6 ක් විතරයි ) එහෙම නේද??
" කාවද මේ රවට්ටන්නේ? කවුද මේ රැවටෙන්නේ? "ඒ තීරණය ඔයාට බාරයි.
හැමෝම දන්නවා ඉංග්‍රීසි කියන්නේ ජාත්‍යන්තර භාෂාව කියල මේ භාෂාව කතාකරන්න පුලුවන්නම් ඒ කෙනාගේ සාර්ථකත්වය ස්ථීරයි. ඉංග්‍රීසි භාෂාව කතා කරන්න නම් මුලින්ම විවිධ අදහස් ප්‍රකාශ කරන ආකාර, ප්‍රශ්න අසන ආකාර, පිළිතුරු දෙන ආකාර හොඳින් අධ්‍යයනය කල යතුයි. ඉන්පසු තවත් කෙනෙකු සමග හෝ කිහිප දෙනෙක් සමග වරද්ද වරද්දා හෝ ඒ අධ්‍යයනය කල දේවල් ප්‍රායෝගිකව කතා කල යුතුයි. මේ විදියට පියවරෙන් පියවර වැරදි අඩු කරගෙන තමයි හොදින් භාෂාව හසුරුවන්නෙකු බවට පත්වෙන්නේ. මේ දේ කරන්න ඕනම කෙනෙකුට පුලුවන්. සුදුසුකමක් අවශ්‍ය වෙන්නෙ නැහැ ඉංග්‍රීසි කතාකරන්න.

හැබැයි මේක කරන්න යම්කිසි කාලයක් ගතවෙනව. සමාජයේ ඉහල වෘත්තීන් වල නිරත වෙන ඉංග්‍රීසි කතාකරන ඕනම කෙනෙක් ඉංග්‍රීසි හදාගෙන තියෙන්නේ මේ විදියට පියවරෙන් පියවර ගමන් කරල කැපකිරීමක් කරල තමයි.
ඒත් අද බහුතරයක් දෙනා තියෙන කාර්යබහුල තාවය නිසා හෝ ඉවසීමක් නැතිකම නිසා හෝ නොදන්නා කම නිසා හෝ හොයන්නේ ක්ෂණික නූඩ්ල්ස් වගේ කෙටි ක්‍රම ඉංග්‍රීසි කතාකරන්න. ඉතින් මෙහෙම දවස්ගානකින් ඉංග්‍රීසි කතා කරවනවා කියපු ගමන් එයාල ඒකට ඇදිල යනව ක්ෂණිකවම, ඒක තමා ස්වභාවය. මේ භාෂාව අධ්‍යයනය කරල හොඳින් කතාකරන්න අවම වශයෙන් මාස 8 ක්, අවුරුද්දක් වගේ කාලයක් ගත වෙනව. මුලු ජීවිත කාලයෙන් මාස 8 ක් හෝ අවුරුද්දක් ඉවසීමෙන් වැඩකරල මේක ප්‍රගුන කරන එක තමයි එකම විසදුම. දවස්ගානකින් විසදුම්⁣ හොයන එක හීනයක්ම පමණයි.

" මම මගේ කතාවත් කියන්නද ?"

මගේ අම්මට, තාත්තට වගේම පවුලේ ගෑවුන කිසිම කෙනෙකුට ඉංග්‍රීසි බැහැ. 2000 O/L අනෙත් විෂයන් හොදින් සමත් වෙද්දී ඉංග්‍රීසි විතරක් ෆේල්. 2003 A/L ලුත් කරලා මොකක්දෝ වාසනාවකට ඉංග්‍රීසි පන්ති යන්න ආසාවක් ඇතිවුනා. ( A/L Commerce කරපු නිසා ඉංග්‍රීසි අත්‍යවශ්‍යයි ඒ අංශයේ රැකියාවක් කරන්න කියන එකත් හිතේ තිබුනා ) ඉතින් ගියා යාලුවො ටිකකුත් එක්ක ගෙන ඉංග්‍රීසි පන්තියකට. මාස 3 ක් යනකොට යාලුවො ඔක්කොම නතර වුනා. මම විතරයි ඉතිරි වුනේ. මම දිගටම කරගෙන ගියා. ( ඔය අතරේ O/L ඉංග්‍රීසි විෂය දෙවෙන සැරයට ලියලා විශිෂ්ඨ සාමාර්ථයක් ගත්ත ) ඊට පස්සේ තවත් ඉංග්‍රීසි පාඨමාලා 3, 4, ක්ම කලා. ඔයාට කියන්න " That " එක හරියටම දැනගන්න පන්ති 3 කටම යන්න වුනා. කොහොමහරි හැමතැනින්ම ටික ටික හරි ඉගනගෙන, පත්තර කියවලා ඒවා Practice කරල වරද්ද වරද්ද කතා කරල, අවසානෙදී ඉංග්‍රීසි භාෂාව සාර්ථකව කතා කරන්නෙකු බවට පත් වුනා. " The English College " කියල මගේම ආයතනයකුත් පටන් ගත්තා.

ගහට ගහක් මොරටුවෙදි හම්බ වෙනව වගේ මීට අවුරුදු 6 කට උඩදි ලංකාවේ ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක උගන්වන, ඉංග්‍රීසි භාෂාව චතුරව කතාකරන ගුරුවරියක් මගේ බිරිඳ බවට පත්වුනා. දැන්නම් ඉතින් ඉංග්‍රීසි මොනවද නේද? ඔබ හිතනව ඇති...... ඔව් දැන් පැය 24 ම ඉංග්‍රීසි.

ඉතින් මම කැමතියි මගේ මේ ⁣Method එක ඔයාටත් 100% ක්ම දෙන්න සහ ඔයාලවත් මම කරපු විධියටම ඉංග්‍රීසි කතා කරවන්න. හැබැයි මට ඒකට මාස 8 ක් ඕනෙ.මාස 8 අර දවස් 20 තරම් ජනප්‍රිය නැහැ තමයි. ඔයාට මාස 8 යි කියල අහපු ගමන්ම මේක එපා වෙන්නත් පුලුවන්. කමක් නැහැ මම ඉහත කියපු යථාර්ථය තේරුම් අරන් පියවරෙන් පියවර ගිහින් ඉවසීමෙන් ඉංග්‍රීසි කතාකරන්න බලාපොරොත්තු වෙන, මුල ඉදන්ම මේක ඉගෙන ගන්න කැමති සුලු පිරිසක් හරි ලංකාවේ ඉන්නව කියලා මම දන්නවා. අන්න ඒ පිරිසටයි මම මේ ආරාධනා කරන්නේ.
( අපේ පන්තියට ලියාපදිංචි වුන ගමන් හදන Whatsapp Group එකේ සියලු දෙනාම එකම පවුලක් වගේ තමයි අධ්‍යයනයන් කර⁣න්නේ. මාස 8 ඉවර උනත් කිසිම කෙනෙක්ව ඉංග්‍රීසි කතාකරන තුරුම අත්හරින්නෙ නෑ. )

අපේ Online පන්තිය සතියට දින 2 ක් තියෙනවා. ( බදාද රාත්‍රී 8.00 - 10.00 සහ ඉරිදා රාත්‍රී 8.00 - 10.00 ) එතකොට මාසෙට දවස් 8 යි, මාස 8 ට දවස් 64 යි. ඉගෙන ගත්ත⁣ දේ Practice කරන්න ඕන තරම් කාලය තියෙනව. වයස් භේදයකින් තොරව ඕනෑම වයස් මට්ටමක කෙනකුට සහභාගි වෙන්න පුලුවන්. ( වයස 13 සිට 60 දක්වා ) ආරාධනා කරනවා රැකියා කරන, අධ්‍යයාපනය හදාරන, විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය ලබන, ගරු තර ස්වාමීන් වහන්සේලාට වගේම ඉංග්‍රීසියෙන් කතාකරන්න අවශ්‍ය සියලුම දෙනාට. ( රාත්‍රී 8.00 - 10.00 නිසා රැකියා කරන අයට ගැටලුවකුත් නැහැ )

මේක පලවෙනි මස නොමිලේ නැත්නම් මාස කිහිපයක් නොමිලේ කියල නැවතත් ඡනප්‍රිය පාඨයක් කියන්න මට අවශ්‍යය නැහැ. අපේ පාඨමාලාවට මසකට රු 1000/= ක් අයකරනවා. මොකද මම මගේ දැනුම දීලා ඔයාලගෙන් ලැබෙන මුදලින් තමා මගේ පවුල නඩත්තු කරන්නේ ( දින 20 පාඨමාලාවට වගේ 2000/3000 පිරිසක් මේකට එන්නේ නෑ ).

ඉතින් මුල ඉදන්ම සරලව පියවරෙන් පියවර මහන්සි වෙලා ඉංග්‍රීසි කතා කරන්න කැමති අය කතා කරන්න මේ දැන්ම මට 0766 735 262 කියන මගේ දුරකථන අංකයට. ඔයාගෙ ඉංග්‍රීසි සම්බන්ධ ගැටලුව මට කියන්න.
මේ මස අවසානයේ ආරම්භ වන Online පන්තියට ඉක්මනින්ම ලියාපදිංචි වෙන්න, 0766 735 262 Whatsapp අංකයට ඔබගෙ නම Whatsapp කරන්න. තව කෙනෙකුට දකින්න මේ පෝස්ට් එක Share කරන්න. ඔබ මේ පන්තියට සහභාගි වෙන්න කැමති නම් " I need this " ලෙස පහලින් Comment කරන්න.

" මායාවන්ට හසු නොවී, යථාර්ථයට මුහුණ දෙමු"

මම, ජනක කුමාර.......

16/04/2021

THE ENGLISH COLLEGE- NEBODA
Spoken english සතිඅන්ත පාඨමාලා ආරම්භය (මැයි මස මුල සිට - කාලය මාස 3 යි)
රැකියාවල නියුතු,,අධ්‍යාපනය හදාරන,
O/L,,A/L පෙනී සිටි,ඉංග්‍රීසි කථන හැකියාව ඇතිකර ගැනීමට අවශ්‍ය සියලුම අය සඳහා,(වයස් බේදයක් නොමැත)
ව්‍යාකරණ සමග මුල සිටම සරලව,,
නිසැකවම ඉංග්‍රීසියෙන් කතාකරන්න එන්න english college එකට..ලියාපදිංචිය සහ වැඩි විස්තර සඳහා අමතන්න -076 6735262...(එක් කණ්ඩායමකට බදවාගනු ලබන්නේ 18 දෙනෙකු පමණි)

11/01/2021
15/08/2020

සති අන්ත පාඨමාලාවට සහභාගි වී මේ ආකාරයෙන් ඉංග්‍රීසි කතා කිරීමට අවශ්‍ය නම් එන්න English college එකට.
ලියාපදිංචිය සහ විස්තර සඳහා අමතන්න.
076-6735262.

05/08/2020

සති අන්ත පාඨමාලා ආරම්භය (සෙනසුරාදා / ඉරිදා) රැකියාවල නියුතු සහ ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට අවශ්‍ය සියලුම අය සඳහා......
ලියාපදිංචිය සහ විස්තර සඳහා අමතන්න.
076-6735262.
නිසැකවම ඉංග්‍රීසියෙන් කතා කරන්න - එන්න The English College වෙත.

27/01/2020

සති අන්ත පාඨමාලා ආරම්භය (සෙනසුරාදා / ඉරිදා) රැකියාවල නියුතු සහ ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට අවශ්‍ය සියලුම අය සඳහා......
ලියාපදිංචිය සහ විස්තර සඳහා අමතන්න.
076-6735262.
නිසැකවම ඉංග්‍රීසියෙන් කතා කරන්න - එන්න The English College වෙත.

16/01/2020

කළුතර පුරවරයේ ඉංග්‍රීසි තක්සලාවට පැමිණ නිසැකවම ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට කැමති අය වැඩි විස්තර සඳහා සහ ලියාපදිංචිය සඳහා අමතන්න.
077-3363586 / 076-1325130. නැතිනම් ඔයාලගේ දුරකථන අංකය අපට එවන්න.
(කළුතර The English College දින 30 නේවාසික පාඨමාලාව)

14/11/2019

කළුතර පුරවරයේ ඉංග්‍රීසි තක්සලාවට පැමිණ නිසැකවම ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට කැමති අය වැඩි විස්තර සඳහා සහ ලියාපදිංචිය සඳහා අමතන්න.
077-3363586 / 076-1325130. නැතිනම් ඔයාලගේ දුරකථන අංකය අපට එවන්න.
(කළුතර The English Collage දින 30 නේවාසික පාඨමාලාව)

07/10/2019

අඩු ඉංග්‍රීසි දැනුමක් ඇතිව අප ආයතනයට පැමිණ දින 18ක් පමණක් ගත කිරීමෙන් අනතුරුව අදහස් දක්වන සිසුවෙක්.
ඔබටත් මේ ආකාරයෙන් ඉංග්‍රීසි ඉගෙනීමට අවශ්‍ය නම් පාඨමාලා විස්තර සහ ලියාපදිංචිය සඳහා 077 3363586 අංකයට අමතන්න.
( කලුතර The English college දින 30 නේවාසික පාඨමාලාව )

Address

261/c Samagipura
Neboda
12030

Website

Alerts

Be the first to know and let us send you an email when The English College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category