Nattandiya at LKA

Nattandiya at LKA

Share

රටේ වැදගත් තොරතුරු ඔබට ගෙන එන Facebook පිටු?

18/06/2024

ඇත්ත🥰

15/06/2024

නාත්තන්ඩියේ අපේ බස් එක😇

Photos from Nattandiya at LKA's post 29/04/2023

අද Gym යන පිරිස ඕනෑ තරම් නමුත් එදා හලාවත සුපිරි පොර කවුද

ලංකා ශූරතාවය දිනූ කායවර්ධන ශූරයා නිශ්ශංක, ඔහු ආසියානු තරගාවලි නියෝජනය කලා. සුන්දර, ලස්සන ඇඟට හලාවත කෙල්ලෝ පිස්සු වැටුණා.
කාලය කෙතරම් නපුරු ද කියලා හිතෙනවා.
මිතුරා, ජීවිතය කියන්නේ සුන්දර වගේම අසුන්දර එකතුවක්.

කබාය ඉරිලා කුමක්..කරන්න ද...ගීතය මට ඇහෙනවා ඈතින්........

Photos from Nattandiya at LKA's post 23/01/2023

සීනි ප්‍රමාණය දැනගෙන කමු, සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙමු ❤️

තව කෙනෙක්ට දැනගන්න Share කරන්න 💯

19/01/2023

Congratulations Dammissara National College ❤️

2022/23 Under 19 Division 3 තරඟාවලියේ Tier B කාණ්ඩයේ ශූරතාවය දිනාගත් නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලට අපගේ උණුසුම් සුබ පැතුම්.

අනුශූරතාවය දිනාගත් ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලයේ කණ්ඩායමටත් අපගෙන් සුබ පැතුම්.

18/01/2023

මිනිස්සු අහන්න ආස එයාලගේ හිතේ අපි ගැන හදාගෙන තියෙන උත්තර ගන්න එහෙමත් නැත්නම් අපිව පොඩ්ඩක් අපහසුතාවයකට පත් කරන්න.

ඒක නිසා මෙහෙම ප්‍රශ්න ඇහුවම මේ උත්තර දෙන්න

1. එක්සෑම් එකට මොකද උනේ?
- ෆේල් උනා. මම තමා අන්තිමයා. ඒක නිසා රිසල්ට්ස් ආවෙත් නෑ-

2. ඇයි බඳින්නේ නැත්තේ?
-සසර කල කිරිලා ඉන්නේ. තව ටික දවසකින් මහණ වෙනවා

3. කෝ දැන් එයා?
-එයා මාව දාලා පැනලා ගියා වෙන එකෙක් එක්ක

4. ළමයි නැද්ද?
- නෑ අපි වඳයි. ළමයි හදන්න බෑ

5. ඇයි එක ළමයෙක් විතරක් හැදුවේ?
-මෙයාවත් හදන්න හිතුවේ නෑ. වැරදිලා හිටියේ

6. ඇයි බස් එකේ යන්නේ?
- වාහනයක් ගන්න තරම් පඩියක් නෑ. හිඟන ජීවිතයක් තියෙන්නේ

7.ඇයි රැවුල වවන්නේ?
-ජීවිතේ කලකිරිලා එපා වෙලා ඉන්නේ

8. ඇයි පච්ච ගහන්නේ?
-කැමති රස්තියාදුකාරයෙක් වෙන්න

9. ඇයි රජයේ රස්සාවක් කරන්නේ නැත්තේ?
- හැම ජොබ් එකටම දැම්මා ආණ්ඩුවේ. එත් සෙට් උනේ නෑ

10. ඇයි මේ විකාර ෆේස්බුක් දාන්නේ?
-මට ටිකක් පිස්සු. ඒකට බෙහෙත් බොන ගමන් ඉන්නේ

11. පඩිය කීයද?
-20000යි. තාම ගෙදරින් සල්ලි ඉල්ලන් ජීවත් වෙන්නේ

12. ඕක ගත්තේ කීයටද?
- පිටකොටුවෙන් ගත්තේ

13. ඕක ඔරිජිනල් ද?
- නෑ නෑ මේක ෆේක් එකක්. පිටකොටුවෙන් ගත්තේ

14. එයා බොනවද?
-හම්බෝ ඔව්. බෝතලේ කටේ තියන් ගහන්නේ

15. තාම කෙනෙක් නැද්ද?
- එන එකෙක්ටවත් මාත් එක්ක ඉන්න බෑ නේ

16. දවසෙම ඔන්ලයින් නේද?
-ඔව් ඒ කරන්න වැඩක් නැති නිසා

17. ඇයි මහත් වෙලා?
- සල්ලි නැති නිසා පිටි කෑම විතරයි කන්නේ

18. ඇයි කෙට්ටු වෙලා?
- සීනි අමාරුව හැදුන නේ. ඒකයි

19. ළමයා ටිකක් කලුයි නේද?
- ඔව් ඒ එයා අරන් හදා ගත්ත නිසා

-Copied-

08/01/2023

"ගනේෂ් " ඉන්දියාවේ කාර්යබහුල නගරයක වෙසෙන සමෝසා වෙළෙන්දෙකි.. නගරය තුල ගමන් කරන ඔහුගේ ජංගම අවන්හලේ දිනකට සමෝසා 500ක් ඉතා පහසුවෙන් විකිණීම සිදුකෙරිනි. පසුගිය වසර 30 තුල ඔහු කොයි කා අතරත් අතිශයින්ම ජනාධරයට පත්වුයේ ඔහුගේ සමෝසා වෙළඳාම නිසයි..

ඒ මක්නිසාද යත් ඔහු සනීපාරක්ෂාව සහ ගුණාත්මක භාවය ගැන ඉතා විශාල සැලකිල්ලක් දැක්වූ නිසාය.. ඉස්තරම් තෙල් සහ අමුද්‍රව්‍ය ඔහු ඒ සඳහා යොදා ගත්තේය. සමෝසා මිලදී ගන්නන් හට නොමිලයේ චට්නි ලබා දුන්නේය.. ඉතුරු වන සමෝසා දුප්පතුන්ට බෙදාදෙන අතර තවත් ඒවා වේ නම් බල්ලන්ට සහ හරකුන්ට කෑමට ලබා දුනි..

ගනේෂ් මේ ව්‍යාපාරය තුලින් සැලකිය යුතු මුදලක් මාසිකව ඉපයීමට සමත් විය. ඔහුගේ එකම පුතාගේ මුලික අධ්‍යාපනයට, උපාධියට සහ ඔහුගේ MBA උපාධිය සඳහාද සියලු වියදම් දැරුවේ ගනේෂ්ගේ සමෝසා ව්‍යාපාරය තුලින් ලැබූ මුදලිනි. ඔහු කිසිඳු ණයකින් තොර පුද්ගලයෙක් විය. ඔහුගේ පුත් සන්දීප් තම MBA උපාධියෙන් පසුව නිවසට පැමිණුනේය.

ඔහු තම පියාගේ සමෝසා ව්‍යාපාරය සඳහා උදව් කිරීමට කැමති බව ගනේෂ්ට දැන්වීය. නමුත් මින් පෙර කිසි දිනෙක ඔහු තම පියාගේ සමෝසා ව්‍යාපාරය සඳහා උදව් කර තිබුනේ නැත. ඔහුගේ ආගමනය ගැන ගනේෂ් අතිශයින් සතුටු විය. තමන් අධ්‍යාපනයක් නොමැති කෙනෙක් නිසා පුතාගෙ පැමිණීම ව්‍යාපාරය තවදුරටත් වැඩිදියුණු කිරීමට මෙය අනගි අවස්ථාවක් යයි ගනේෂ් සිතුවේය..

ගෝලීය ආර්ථිකය, ව්‍යාපාර කළමනාකරණය සහ රැකියා වෙළඳපොල ගැන සන්දිප්හට ඉමහත් දැනුමක් තිබුණි. ඒ ගැන ඔහු පරීක්ෂණ කල අතර ඒ පිලිබඳ ප්‍රබන්දනයන් සහ දේශනයන් පවා කර තිබුණි. ව්‍යාපාර ශුද්ධ ලාබය වැඩිකර ගැනීමට කල යුත්තේ මොනවාදැයි ඔහු විසින් ලියු පොත්පත්ද ඒ අතර විය.

පියාගේ ව්‍යාපාරය දියුණු කිරීමේ අරමුණින් ඔහු පරිපාලනයට ඍජු දායකත්වයක් දැක්විය. ව්‍යාපාරය විධිමත් කිරීමේ ක්‍රමය තුල සමහරවිට දෛනිකව විකුණන සමෝසා ඒකක ගණන 500 සිට පහල බසිය හැකි නමුත් ශුද්ධ ලාභය ඉහල යන බව ඔහු තම පියාට විස්තර කළේය. තම පුතුගේ විශිෂ්ට දැනුම ගැන ගනේෂ් අසීමාන්තික සතුටකට පත් විය..

එහි පළමු පියවර ලෙස සමෝසා පිසීමට ගන්නා තෙල් ඔහු මෙසේ වෙනස් කළේය. නව සහ නැවුම් තෙල් 80% සමග වරක් පාවිච්චි කරන ලද තෙල් 20% මිශ්‍ර කර සමෝසා බැදීමට බාවිතා කළේය. පාරිභෝගිකයන්ට එහි වෙනසක් නොතේරුනි. ඔවුන් පෙර මෙන් සමෝසා 500ක් අලෙවි කලෝය. ඔවුන්ගේ ලාභය යම් ප්‍රමාණයකින් ඉහල ගියේය. ගනේෂ් සතුටට පත්විය.

ඊළඟ දිනයේදී නැවුම් තෙල් 70% භාවිතා කල අතර වරක් පාවිච්චි කරන ලද තෙල් 30% මිශ්‍ර කර සමෝසා බැදීමට බාවිතා කළේය. එදින ඔවුනට විකුණාගත හැකිවුයේ සමෝසා 400ක් පමණි. ඉතිරිය දුප්පතුන්ට සහ සතුන්ට ආහාර පිනිස ලබාදුනි. තම පුතු කී දෙය එලෙසින්ම සිදුවීම ගැන ගනේෂ් සතුටු විය.

ඊළඟ දිනයේදී නාස්තිය වලක්වා ගැනීමට සමෝසා 400ක් පමණක් සැදීමට සන්දීප් උපදෙස් දුනි. ඒ සඳහා 60% නව තෙල් සමග පාවිච්චි කරන ලද තෙල් 40% මිශ්‍ර කර සමෝසා බැදීමට බාවිතා කළේය. එදින සමෝසා 400 විකුණා ගැනීමට හැකිවූ නිසා ඔවුන්ගේ ලාභය ඉහල ගියේය. ගනේෂ් ඉමහත් සතුටට පත්විය. නමුත් එදින රසය පිලිබඳව පරිභෝගිකයන් තුල කැමැත්තක් නැති බව ඔහු දැන සිටියේ නැත..

පසුදින සමෝසා බැදීමට 50% නැවුම් තෙල් සහ 50% බාවිතා කරනලද තෙල් යොදාගැනීමට සන්දීප් උපදෙස් දුනි. නමුත් එදින විකුණාගත හැකිව තිබුනේ සමෝසා 300ක් පමණි. ඉතිරිය විසිකරනු හෝ නොමිලේ දෙනු වෙනුවට නැවත බැද පසුදින අලෙවිකිරීමට සන්දීප් කටයුතු කළේය. මෙය තමාටත් කලින් කළ හැකිව තිබුනා නොවේදැයි ගනේෂ් පසුතැවිලි විය. නමුත් තම අධ්‍යාපනික පුතු ගැන ඔහු තවමත් විශ්වාසයයෙන් බැදී ඇත..

පසුදින අලුතෙන් සමෝසා 200ක් සැකසු අතර පෙරදින ඉතුරු වූ සමෝසා100ක් සමග සමෝසා 300ක් විකිණීමට ඔවුන්ට හැකිවිය. නොමිලයේ ලබාදුන් චට්නි නොමිලයේ ලබා දීමෙන් සිදුවන අලාභය ගැන සන්දීප් තම පියාට විස්තර කළේය. එය බාදාවක් නොවේනම් එසේ කරන මෙන් ගනේෂ් කීවේය.

එසේ කලදිනට පසු දින සිට ඔවුනට විකුණාගත හැකිවුයේ සමෝසා 100ක් පමණි. දින කීපයක්ම ඔවුනට විකුණාගත හැකිවුයේ සමෝසා 100ක් පමණි. දින කීපයක් අධ්‍යයනය කිරීමෙන් පසු ආර්ථික අවපාතයක් සිදුවී ඇතිබව වටහාගත සන්දීප් මෙසේ පැවසිය.

"මිනිස්සුන්ගේ අතේ සල්ලි නෑ. ඒක නිසා Business අඩුයි. අපි free දෙන ටිෂු එක නොදී ඉමු". එසේ කී සන්දීප් නොමිලයේ දුන් ටිෂු කඩදාසිය නැවැත්විය.

දින කීපයකින් සමෝසා ව්‍යාපාරය ඒකක 50ක් දක්වා පහත වැටුණි. දැන් සමෝසා ව්‍යාපාරය නවතා නව ව්‍යාපාරයක් ආරම්භකිරීමට කාලය පැමිණ ඇතිබව සන්දීප්, ගනේෂ්ට පැවසිය. මෙතෙක් දින නිශ්ශබ්දව සිටි ගනේෂ් තම හඬ අවදි කළේය.

"උඹ ඉගනගෙන තියෙන්නේ business කරන්ඩ නෙවෙයි. වංචා කරන්න. අපුරුවට සමෝසා 500ක් වික්ක මම, අද උඹව ලංකරගෙන විකුනන්නේ සමෝසා 50ක් විතරයි. මම මේක අවුරුදු 30ක්ම කලේ උඹ වගේ ඉගෙනගෙන නෙවෙයි. දැනුම යොදවපන් එකටම මිනිහෙක් වෙන්න. කරුණාකරලා මේක මට කරගන්ඩ දීලා උඹ පැත්තකට වෙයන්. උඹට කැමතිනම්. පිටි අනන, සමෝසා බදින වැඩේට මම උඹව පඩියක් දීලා ගන්නම්".

නැවත සුපුරුදු පරිදි ඉහල ගුණාත්මක භාවය ගැන සිතු ගනේෂ් පෙරටත් වඩා හොඳින් සමෝසා සැකසීම ඇරඹීය. සති කීපයකින්ම නැවතත් සමෝසා 600ක් දිනකට විකුණන මට්ටමට තම ව්‍යාපාරය ඉහල නැංවිය..

පසු වදන:

අද බොහොමයක් රජයේ සහ පුද්ගලික ආයතන වල පමණක් නොව, බොහෝ තැන්වල සිදුවන්නේ මෙය නොවේද?

System change කරන්ඩ නම් මුලින්ම තමන්ගේම ආකල්ප වෙනස්විය යුතුයි.. ආගම, ධර්මය, අධ්‍යාපනය, දේශපාලනය, නීතිය කොතරම් බලවත් වුනත් කිසිත් වැඩක් නෑ ආකල්ප වලින් දීන රාජ්‍යකට.. ආත්මාථකාමී මිසටු ජාතියකට..

අපි අද හිර වෙලා ඉන්නෙ ඔතන, සිතීම ඔබට භාරයි ♥️

29/06/2022

ෆ්ලෙමින් නම් දුප්පත් ස්කොට්ලන්ත ගොවියෙක් තම ගොවිපලේ වැඩ කරමින් සිටියදී, හදිස්සියේ ඇසුණු කෑ ගැසීමක් නිසාවෙන් ඒ දෙසට දිව යයි.

ඔහු දකින්නේ තම දරුවාගේම වයසේ කුඩා දරුවෙක්, අසල වූ මඩ වගුරෙහි ගිලී යමින් සිටින බිහිසුණු දර්ශනයි. ඔහු තම දිවි දෙවනි කොට දරුවා බේරා ගැනීමට ඉදිරිපත් වෙයි.

ඉන්පසු දවසේ, විසිතුරු කරත්තයක් ස්කොට්ලන්ත ජාතිකයාගේ නිවස වෙතට ඇදී යයි, අලංකාර ඇඳුමින් සැරසුණු වංශාධිපතියෙක් ඉන් පිටතට පැමිණ, ගොවියා වෙත තමන් පිරිමි ළමයාගේ පියා ලෙස හඳුන්වා දෙයි.

“ඔබ මගේ පුතාගේ ජීවිතය බේරුවා, ඒ වෙනුවෙන් මට ඔබට මුදල් ලබා දිය යුතුයි” වංශාධිපතියා පැවසීය...

" නැහැ..., මා කළ උපකාරය සඳහා මුදල් භාරගත නොහැකිය, එය ඕනෑම මනුෂ්‍යයෙක් ඒ මොහොතේ කරන දෙයක්...”

ස්කොට්ලන්ත ගොවියා පිළිතුරු දෙමින් පැවසීය..

ඒ මොහොතේ ගොවියාගේ පුතා නිවසේ දොර ළඟට පැමිණියේය.

“ඒ ඔබේ පුතාද..?”
වංශාධිපතියා ඇසීය...

“ඔව්...”
ගොවියා පිළිතුරු දුන්නේය.

“ ඔබ මගේ මුදල් ත්‍යාග භාර නොගන්නේ නම්, මම කැමතියි මගේ පුත්‍රයාගේ දිවි ගලවා ඔබ කල උපකාරයට, ඔබගේ පුත්‍රයාව ලන්ඩන් නගරයට රැගෙන ගොස් උසස් අධ්‍යාපනය ලබාදෙන්න...”
දුප්පත් ගොවියා එයට එකඟ විය...

කාලයාගේ ඇවෑමෙන් ගොවියාගේ පුත්‍රයා ලන්ඩනයේ ශාන්ත මරියා රෝහල් වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලබා ගනී...

ඉන් නොනවතින ඔහු ලෝක ඉතිහාසයේ සුවිශිෂ්ට සොයාගැනීමක් වූ 'පෙනිසිලින්' නම් පළමු ප්‍රතිජීවකය නිපදවමින්,
"ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්" ලෙස ලොව පුරා ප්‍රසිද්ධියට පත්වෙයි...

ඉන් වසර ගණනකට පසු වංශාධිපතියාගේ පුත්‍රයාට නියුමෝනියාව වැළඳෙයි...

ඔහු මරණයෙන් බේරාගන්නා ඖෂධය අන් කවරෙකුත් නොව 'පෙනිසිලින් ය...'

වංශාධිපතියාගේ නම රැන්ඩොල්ෆ් චර්චිල් ය.
ඔහු නොදත් බොහෝ දෙනෙක් ඔහුගේ පුතාගේ නම දනී.
ඒ මහා බ්‍රිතාන්‍යයයේ කීර්තිමත්ම අග්‍රාමාත්‍යවරයා වූ,
"ශ්‍රීමත් වින්ස්ටන් චර්චිල් ය."

ඒ අහිංසක දුප්පත් ගොවියා තම දිවි දෙවැනි කොට කල උපකාරය නොවන්නට, පසු කලෙක දෙවනි ලෝක මහා සංග්‍රාමයේදී බ්‍රිතාන්‍ය ප්‍රමුඛ හමුදා ජයග්‍රහණය කරා මෙහෙය වූ වින්ස්ටන් චර්චිල් බිහිසුණු වගුරේ ගිලී යන්නට තිබුණි....
එසේ වූවා නම් ලෝක ඉතිහාසය වෙනස්ම අයුරකින් ලියවෙන්නට ඉඩ තිබුණි....
එසේම සාමිවරයාගේ ප්‍රතිඋපකාරය නොවන්නට, ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් තම දුප්පත් පියාගේ පිය උරුමයෙන් ලද ගොවිතැන රැකියාව කොට ගොවියෙක් ලෙසම මිය යන්නට ඉඩ තිබුණි...
එය එසේ වූවා නම් අදටත් මරණාසන්න කෝටි ප්‍රකෝටි ගණනක් ජීවිත රැකගන්නා ප්‍රතිජීවකයක් බිහි නොවන්නට ඉඩ තිබුණි...

පළමු වර මරණයෙන් ගැලවුණු වින්ස්ටන් චර්චිල් දෙවන වර මරණය හමුවේ පරාජය වන්නටත් ඉඩ තිබුණි...

එක්තරා මිනිසෙකුගේ මනුෂ්‍යත්වය, ලෝකයක ඉරණම වෙනස් කරන්නට හේතු විය.
එනිසාවෙන් මනුෂ්‍යත්වය දිගු කල හැකි සෑම මොහොතකම නොපැකිලව ඉදිරිපත් වන්න...

එහි ප්‍රතිඵලය කවදා හෝ පෙරළා ඔබට ලැබෙනු නිසැකය...

අප, අප වෙනුවෙන් කල දේවල් අපත් සමඟ මියයයි....
අප, අන් අය වෙනුවෙන් කල දේවල්, අප මියගියද සදාකාලිකව පවතී...

උපුටාගැනීමක්

07/06/2022

ප්‍රංශ විප්ලවය, රුසියානු විප්ලවය සහ අපේ විප්ලවය

සැකයකින් තොරවම අප පසු කරනා බරපතල ආර්ථික අර්බුධය සහ ඒ මත පැන නැගී ඇති තියුණු දේශපාලන අර්බුධය ප්‍රංශ විප්ලවයේ සහ රුසියානු විප්ලවයේ ඓතිහාසික නිම්නාදයන් සමග සන්සන්ධනය කළ හැක. නමුත් බොහෝ දෙනෙක් අමතක කරන එක් තීරණාත්මක වෙනසක් මෙහිදී අප අවධාරණය කළ යුතුය. මෙය මේ මොහොතේ දී ප්‍රමුඛ ගැටලුව ලෙස ගත යුතු වනවා කියා අප නොකියයි. නමුත් මේ ඇති වී ඇති අර්බුධය දුරදිග යන සමාජ පරිවර්තනයක් දක්වා පරිවර්තනය කිරීම ගැන සිහින දකින කෙනෙක් සිටින්නේ නම් මෙය සමස්ත විශ්ලේෂණයේ සැලකිය යුතු රෝග ලක්ෂනාත්මක ලක්ෂ්‍යයක් කියා අපි කියමු.

ප්‍රංශ විප්ලවය (විශේෂයෙන් ජැකොබින්වරුන්ගේ නැග ඒමෙන් පසු ඇති වූ වර්ධනය - බදියු ට අනුව ප්‍රංශ විප්ලවය ආරම්භ වන්නේ මින් පසුව පමණි) සහ රුසියානු විප්ලවය (බොල්ෂෙවික් බලය ගැනීමෙන් පසු) එක ලෙස උනන්දු වූ දෙයක් වන්නේ ආගම සමාජයෙන් මුලිනුපුටා දැමීමයි. ජැකොබින්වරු, බොහෝ දෙනා අසා ඇති පරිදි, කතෝලික පල්ලිය මුළුමනින් අහෝසි කළෝය. ඒ සමගම ඔවුන් කතෝලික ආගම නොවන 'ලෞකික ආගමක්' ගොඩ නැගීමට ද උත්සාහ කළෝය. 'තාර්කිකත්වයේ සමූහය' ('Cult of Reason') ලෙස හැඳින්වූ මෙහි අරමුණ වූයේ ආගම විසින් පිළිතුරු දීමට උත්සාහ කරනා මනුෂ්‍ය ජීවිතයේ ප්‍රශ්න සඳහා ලෞකික සහ සබුද්ධික පිළිතුරු ලබා දෙන සමාජ ආයතනයක් ඇති කිරීමටයි. එම අර්ථයෙන් එය ප්‍රබුද්ධත්ව ව්‍යාපාරයේ 'දේශපාලන අංශය' ලෙස ක්‍රියාත්මක විය.

මෙම උත්සාහය රුසියානු විප්ලවයෙන් පසුව ද එලෙසම අපට දක්නට ලැබෙයි. බෝල්ෂෙවික් පාලනයේ පළමු දශකය පුරා ඔර්තඩොක්ස් පල්ලියේ නෛතික සහ සමාජීය බලපෑම ඉවත් කිරීම මෙන්ම, ආගම් විරෝධී පෝස්ටර් ව්‍යාපාර, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙන්ම සංස්කෘතික සමාජ ශාලා නිර්මාණය කිරීම ද සිදුවිය. දැඩි ආර්ථික සීමාකම් යටතේ බෝල්ෂෙවික්වරු ප්‍රබුද්ධත්වය පණිවුඩය ගමට ගෙන යාම සිය ප්‍රමු කාර්යයක් ලෙස සැලකුවේය.

මෙවැන්නක් සඳහා ඉඩ දුන් බුද්ධිමය පසුබිමක් තිබෙනා බව තේරුම් ගැනීම අපහසු නොවේ. පොදුවේ ගත්විට එය අපට 'ප්‍රබුද්ධත්වය' ලෙස නම් කළ හැකි නම්, එය පසුපස කේන්ද්‍රීය වූ පරමත්වය පිළිබඳව අදහස ජැකොබින්වරුන් හට රූසෝ ගේ 'ස්වභාව ධර්මය' ලෙසත්, බොල්ෂෙවික්වරුන් හට මාක්ස් ගේ 'ඉතිහාසය' ලෙසත් හමුවිය. මෙහි දී වැදගත් වන්නේ ලෝකයේ සැබෑව සහ මිනිස් ජීවිතයේ වටිනාකම් අතර අනිවාර්යය සම්බන්ධයක් එමගින් ගොඩ නැගීමට ඉඩ දෙන බවයි. 'ආගම' අතීතයට පමණක් අයත් නෂ්ඨාවශේෂයක් වන්නේ එම නිසාය.

'පැරණි මාක්ස්වාදය' වෙනුවෙන් අකණ්ඩව පෙනී සිටින්නේ නොමැති කිසිවෙක් හට ප්‍රබුද්ධත්වයේ මේ නිශ්චිත සහ බොහෝ අර්ථ වලින් කේන්ද්‍රීය උරුමය වෙනුවෙන් මුළුමනින් පෙනී සිටීම අද දවසේ ඉතාම අපහසු බව පැහැදිළි වේ. මෙයට හේතුව වන්නේ වටිනාකම් සහ පැවැත්ම අතර අනිවාර්යය සම්බන්ධයක් අපට නොමැති වීමයි. අපගේ වටිනාකම් සඳහා තිබෙන්නේ 'ප්‍රයෝජ්‍යතාවාදී' සහ 'සම්මුති' අරුත් පමණි. එසේ නම් ආගමික අදහස් වැරදි බව අප දාර්ශනිකව තහවුරු කරන්නේ කෙසේ ද? ජැකොබින්වරුන් මෙන්ම බොල්ෂෙවික්වරුන් ද අයත් වූ ලෝකයෙන් අපේ ලෝකය වෙනස් වන තීරණාත්මක ලක්ෂණයක් වන්නේ මෙයයි. අප දැන් ලෝකයේ සැබෑව දන්නවා කියා සිතන්නේ නැත. එනිසාම සැබෑ වටිනාකම් යනු මොනවාද කියා අප දන්නේ නැත. මේ සමාජයට පසුව පැමිණීමට නියමිත අනිවාර්යය අනාගතය කුමක්ද කියා දන්නේ නැත. අප සිටින්නේ පරිමිත ලෝකයක් තුළයි. එම නිසාම අපේ දේශපාලන තීරණ ගැනීමේ දී මේ ගැන සැලකිලිමත් වීම බොහෝ දෙනාට යහපත් වනු ඇත.

සාර් රජුගේ අධ්‍යාත්මික උපදේශකයා වූ රස්පුටින් ඝාතනය කළ ලෙසම ඥානක්කාට එරෙහි වීම මේ මොහොතේ අපහසු නැත. නමුත් පූජා භූමිය කිසිදා හිස් නොවන බව මතක තබා ගැනීම වැදගත් වෙයි. එය 'ලෞකික' සහ 'තාර්කික' අන්තර්ගතයකින් පිරවීමට ජැකොබින්වරුන්ට මෙන්ම බොල්ෂෙවික්වරුන්ට ද සිදු වූයේ එම නිසාය. අද එය පිරවිය හැකි නව අන්තර්ගතය වන්නේ කුමක්ද? මේ ප්‍රශ්නයට පිළිතුරක් ලබා දීමට, අවම වශයෙන්, තවමත් ඉක්මන් වැඩි බව පැහැදිළි වේ. සරල විද්‍යාත්මක යථාර්ථවාදය මෙයට ප්‍රමාණාත්මක නොවන බව පමණක් පැහැදිළි වේ. එනිසාම අපට ජැකොබින්වරුන් සහ බොල්ෂෙවික්වරුන් සමග අනන්‍ය විය හැක්කේ එක්තරා දුරකට පමණි.

සමහරවිට අපට දැන් අවශ්‍ය වන්නේ රොබස්පියර් කෙනෙක් හෝ ලෙනින් කෙනෙක් නොව කෙරෙන්ස්කි කෙනෙක් වන්නේ මෙම නිසාය. ජැකොබින්වරුන්ගේ මෙන්ම බොල්ෂෙවික්වරුන්ගේ ද උරුමය ප්‍රකාශ කරන්න ඉක්මන් නොවන්න !

06/06/2022

රූපවාහිනී සංස්ථාවේ ආපන ශාලාවේ ප්‍රේමකීර්ති සිටියා...එතන යකා වැසී ආවේ ටයිටස් තොටවත්ත..
හේතුව දොස්තර හොද හිත කාටූන් එකට ගීතයක් ලියන්න කිව්වත් ඒක ප්‍රේම්ට අමතක වෙලා..
තද වෙලා ආපු ටයිටස් තොටවත්ත..
"ප්‍රේම් තමුසෙට බැරි නම් බෑ කියනවා කියලා කියලා තියනවා ...
එවෙලෙම ප්‍රේම් ලියල දුන්නලු අපි කවුරුත් දන්න සිංදුව ..." බෑයි කියලා බෑයි කියලා බෑ."..වැඩේ ගොඩ ලු.
දවසක් ආවලු ප්‍රියා සූරිසේන සිංදුවක් ලියා ගන්න ප්‍රේම් ට කියලා..නිකන් නෙවේ අරක්කු බෝතලයකුත් අරගෙන...හැබැයි ප්‍රේම් හදිසි ගමනක් යන්න ලෑස්ති වෙලා හිටියේ...ටක් ගාලා කොලයක් ගත්ත ප්‍රේම් වචන ටිකක් ලියලා ප්‍රියාගේ සාක්කුවට දාලා යන්න ගියාලු...අප්සට් එකේ හිටපු ප්‍රියා අර කොලේ අරං බැලුවම මෙහෙම තිබ්බලු...
හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමු විය යුතු වේ..
අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙනා ආයුතුවේ...

හෙටත් උඹ බෝතලේ අරං වරෙන් මාව හම්බවෙන්න...ඒකයි ප්‍රේම් කියලා තියෙන්නෙ ...හැබැයි ඒක ලස්සන ප්‍රේම ගීතයක මුල් පද පේලිය උනා..
දවසක් ත්‍රිකුණාමලය වෙරළේ වික්ටර් හා ප්‍රේම් වැතිරිලා අහස දීහා බලං ඉන්න කොට තරුවක් දැකලා එක පාරට ප්‍රේම් කෑගැහුව ලු මෙහෙම..
තනි තරුවේ තනි තරුවේ...ඔබත් ඔහොම ඔතන ඉන්න මමත් මෙහෙම මෙතන ඉන්නවා..
කියාලා...එකත් අද ප්‍රසිද්ධ සිංදුවක්..
දවසක් සුනිල් එදිරිසිංහ ආවලු ප්‍රේම් අයියා සිංදුව ලිව්වද කියලා අහගෙන....
හරි මම දෙන්නම් ඔයා ගිහිල්ලා එන්න කිව්වලු...
ඇත්තටම ඔහු සිංදුව ලියලා තිබුනේ නෑ...
ඔහු වටපිට බලන කොට දැක්කලු රේස් දාන තැනක අශ්වයා ගේ පිටේ ඉන්න අසරුවා ගේ පින්තූරෙ ...
ඔහු ලිව්වලු සිංදුව ...
මිනිසෙකු පිට නැගි අසරුවෙකි.....
ඒ බර ගෙයි වහලට බරකි....

ප්‍රේමකීර්ති කියන්නෙ ගොඩාක් කැපිලි කෙටිලි වලට ලක් උන පුද්ගලයෙක් ...
ඔහුව මන්නාරම ප්‍රදේයට යැව්වම ලස්සන සිංදුව ක මූලාශ්‍ර ඔහුට හම්බ උනා....

මන්නාරම් පිටිවැල්ලෙ මදටිය වැල් ඔංචිල්ලෙ
කොන්ඩෙ බැදන් හදට අඩං සිංදු කියන්නෙ...කුණ්ඩුමනී....

අනුරාධපුරය යැව්වම ඔහු දැක්කා උදේම මරන්න ගෙනියන්න කොළඹ ට එවන්න හරක් පටවනවා කෝච්චියට ...ඔහු ලිව්වා..

බානින් බැඳ රජරට පෙදෙසින්නෙ..
කෝච්චි යේ නැග කොළඹ ට එන්නෙ..
පිහියේ මුවහත ගෙල සිප ගන්නෙ..
උදේම ඒ කය නිසසල වන්නෙ...

මීට අමතරව ඔහුට කැපිලි දැම්ම අයට දැනෙනෙ මරු සිරා චිත්‍රපටය ට ඔහු සිංදුවක් ලිව්වා ...ඒකත් ලිව්වෙ ලියුම් කවරයක පිටකරයක...
M.S fernando සහ ජෝතිපාල ගායනා කරන

තැටිය මැද්දෙ කළු කරාපු
පහන් තිරය මැදට ආපු
හනුමන්තත් පුදුම හිතෙනවා ..
රාමාටත් බැරි උනාවු
මහවැඩකට පෙළඹුණා වූ
අපිව දැකලා එයා අඩනවා..

ආපහු කොළඹ ට ආපූ ප්‍රේම් ගුවන් විදුලි සංස්ථාවේ විකාශන මැදිරිය ට පැමිණි පසු විකාශනය පටන් ගන්න කොටම පුටුව වැට්ටුවලු....ඒහඩ ගුවන් විදුලිය හරහා ඇහුනලු...
එතකොට ඔහු මෙහෙම කිව්වලු..

වැටුනේ පුටුව විතරයි
ප්‍රේම කීර්ති වැටුනේ නෑ...

ඔබ සිටියානමි අදට 75 ක් සුබ උපන්දිනක් වේවා, නිවන් සුව ලැබේවා ❤️

06/06/2022

සිතන්නට යමක් !

06/06/2022

තෙල් පෝලිම් වල මුණගැහෙන චරිත 🥰

උනන්දුවා- ශෙඩ් එකේ තෙල් මට්ටම ගැන අවඨානයෙන් සිටි. අන් අය දැනුවත් කරයි

රොමා- වලි සීන් එකේ සිටී. මල්ලී බලන් හිටපන්, මැද්දෙන් ඔබයි. පෝලිම් පනින උන්ගෙන් ගේම ඉල්ලයි

නිදිකුම්බා- කට කපලා නිදිය. අනිත් වාහන් වල උන් සැරින් සැරේ ඇවිත් නැගිට්ටවිය යුතුය

බුකියා- තෙල් පෝලිම ගැන බුකියේ නිතරම අප්ඩේට් දමයි

ෆිල්ම් පිස්සා- සීට් එක කඩාගෙන කකුල් එලියට දමාගෙන ෆෝන් එකේ ෆිල්ම් බලයි

උපාසක- මැදියම් රෑ වුවද පිරිත් දමාගෙන අසයි

බෙබා- ඩිකියේ බෝතලේ තියාගෙන ගසයි. වටේ වාහන වල උන්ටද ශොට් එකක් දෙකක් දෙයි

ට්‍රැෆික් පොලිස්- පෝලිම් ඉස්සරහට යවයි. වාහන වල දිග පලල පිලිබද මනා අවබෝධයකින් යුක්තය

දාර්ශනිකයා- තෙල් ප්‍රශ්නයට විසදුම් යෝජනා කරයි

කඩිප්පුවා- පෝලිමේ කෙලවර සිට් ශෙඩ් එක දක්වාත්, ශෙඩ් එකේ සිට පෝලිමේ කෙලවර දක්වාත් නිතරම ඇවිදියි. යන ගමන් ඉන්න සෙට් එක අප්ඩේට් කරයි

අන්කල් චමින්ද- පුතා ටෝල්ක් එකෙන් කතා කරයි. සෑහෙන දැනුමක් සතුය. ආදී කාලේ දේවල් ගැන කතා කරයි

ප්ලග් එක- කලින් දැනගෙන සිටීම අදාල නැත. කෙලින්ම මචං ගාගෙන කතාවට සෙට් වෙයි. කතාව සෑහෙන කාලයක් සිට දන්නවා වගේය

පැණියා - පෝලිමේ සිටින තරුණියන් කාන්තාවන් ලඟ වැඩියෙන් ගැවසෙයි, ඔවුන් සමග නිතරම කතාබහ කර විස්තර අසයි

ලෝඩ් පකීර්- අනිත් අය සමග කතා නැත. තනිවම වාහනේ AC දමාගෙන ඇතුලට වී සිටි. එලියට බහින්නේම නැත. හිනාවෙන්නේද නැත

දායකයා- බිස්කට්, බීම, තේ වැනි දෑ වලින් අහල පහල සෙට් එකටම සංග්‍රහ කරයි. පවුල් වල අයද ෆුල් සපෝට්‍ එක දෙයි.
කෝපි වැනිදෑ සැරින් සැරේ ගෙදර ගොස් හදාගෙන එයි

අහිගුන්ටකයා- මුලු පවුලම වාහනේය. ගෙදර ඉන්නවා සේ කාලය ගත කරයි

පොලිටික්කා- පක්ශ විග්‍රහයක් කරයි. එක එක පක්ශ ආණ්ඩු කරන විදිහ කරයි. එක එක පක්ශ මේ ප්‍රශ්න විසදන විදිහ විග්‍රහ කරයි

සූදු අන්තුවා- කාඩ් පැක් එක හැම වෙලේම සාක්කුවේය. මල්ලී කාඩ් අතක් ගහමුද යන වචන හැම වෙලේම මුමුණයි

බවුසර් පිස්සා- එක් එක බවුසර වල ඨාරිතාව ගැන මනා අවබෝධයකින් යුක්තය. පහු කරගෙන යන බවුසරයක් දෙස බලා සුවදින් පෙට්‍ර්ල් ද ඩීසල්ද කියා කියයි

පෝලිමේ හිටපු එක දවසක්වත්, එපා වුනේ නැත්තේ මෙන්න මේ වගෙ සෙට් වෙච්ච සුපිරි චරිත නිසා. එකෙන්ම ආදරෙයි ලංකාවෙ උන්ට.

Want your school to be the top-listed School/college in Nattandiya?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Nattandiya
61190