14/10/2024
අපේ නැණ පියස ku\giri\ Prawachanalankara Maha Pirivena
බැරිකම නොව හැකියාව දෙස බලන අපේ
පාසල.. The prawachanalankara maha pirivena was one of the prominent piriven in Sri Lanka.
As a pirivena it is a monastic college (similar to a seminary) for the education of Buddhist priests. The pirivena was ceremonially opened on 24 may 1933.ven wilwaththe pidassi nayaka thero was first vice-principle of prawachanalankara maha pirivena.
ශ්‍රී ලංකාවේ පිරිවෙන් අධ්‍යාපනයේ ආරම්භය හා විකාශය
ආරාම මුල්කරගත් අධ්‍යාපන ක්‍රමයේ බුදු දහම මානව ශිෂ්ටචාරයට උරැම කොට දෙන අගනා දායා
14/10/2024
01/06/2024
29/03/2024
විශ්‍රාමලත් සිංහල ගුරුතුමා සේනානායක සර් වෙනුවෙන් පැවැති උපහාරය..❤
07/08/2021
ඔබවහන්සේට අමා මහා නිවන් සුව ලැබේවා ,
10/07/2021
ගුරු පියාණෝ
08/04/2021
එක් විසි වසක් තිස්සේ අපේ නැණ පියසෙහි ගිහි පැවිදි දුවා දරුවන්ගේ දෑස් පාදන්නට,නිසි මගට ගන්නට අසීමිත කරුනාවෙන් සිප් සතර කියාදුන් ඔබවහන්සේ රටට , ජතියට, සාසනයට වැඩදායි ගුණ යහපත් සමජයක් ගොඩනගන්නට කරනලද සේවය අපමණය . ජාතික , ආගමික , සාසනික කටයුතු කරන්නට , නිදුක් නිරෝගීව කටයුතු කරන්නට මේ විශ්‍රාම දිවිය හේතු වේවා.
28/02/2021
15.ශරීරය දිරයි,එහෙත් නාමය නො දිරයි.(ජීවිතය)
ජීවිතය බොහෝ කල් නො පවතී . සිත නිරුද්ධ වීමෙන් පසු ශරීරය පොළොව මත දර කඩක් මෙන් වැටෙයි.ජීවිතයේ ස්වභාවය එසේය.
සිත නිරුද්ධ වීමෙන් පසු කෙබඳු තත්වයක කෙනෙකුන්ගේ වුව ද ජීවිතය කෙළවර වන්නේය.ඥාන බල, ධ්‍යාන බල,සේනා බල , ආයුධ බල ආදී සියලු බලවත් කම්වලින් අග්‍රගණ්‍යව සිටියද එයින් පිහිටක් නොලැබ ජීවිතය කෙළවර වේ.
ඒ කෙළවර වන අවස්ථාව පවා කවර මොහොතකද යනු කිසිවෙකුටත් නියම වශයෙන් කිය නොහැක.මෙබඳු ජීවිතය කෙසේ නමුත් සථිර වැඩ පිළිවෙළක යෙදිය යුතු නොවේද?
කවා පොවා ශරීරයට සැප පහසු දීමට කල්පනා කිරීම මහත් මෝඩකමකි.අස්ථිර ශරීරයට කරනු ලබන මෙහෙයෙන් කවර ප්‍රයෝජනද?
මරණය ලඟා වීමට පෙර ඔබගේ ජීවිතය නො දිරන,උසස් මෙහෙයක යෙදිය යුතුය.ඔබ උපන් රට, ජාතිය, ඒ මෙහෙය හැම මොහොතකම ඔබගෙන් බලාපොරොත්තු වෙයි.
ඒ කවර මෙහෙයක් ද යනු ඔබම විසඳා ගත යුතුය.
26/02/2021
13.ධන බලයේ ප්‍රතිබිම්බය හිඟන්නාය (හිඟන්නා)
හිඟන්නා ඔබට උසස් පණිවුඩයක් ගෙන එන්නෙකි . ඔහු ඔබට ඔබගේ රටේ තත්වය පැහැදිලි ලෙස වැරහැල්ල, සයින් වැහැරුණ සිරුර, සුසුමෙන් නොතොර මුව, දුක්මුසු අඳෝනාව, ඔබේ සමාජයේ පවත්නා විසම් වැඩපිළිවෙලක විස්තර වාර්තාවකි.
ඔහු ද ඔබ මෙන් ම මේ පොළොවේ සම්පුර්ණ අයිතිය ඇතිව උපනෙකි. එහෙත් ඔහුගේ අයිතිය කිසි යම් සතුරකු හෝ සතුරු සමාජයක් විසින් පැහැර ගත් හෙයින් හේ අනාථය.
ඇතැම් විට ඔබ ද දැන හෝ නො දැන ඒ තුරු සමාජයේ සමාජිකකම් උසුලනෙකි . ඔහුගේ අයිතිය ලබාදීම සඳහා සටන් කිරීම ආත්ම ධෛර්යයය ඇති ඔබේ යුතුකමය.
මනුෂ්‍ය සමාජයෙහි ගෙන් ගෙට ගොස් හිඟා කන මිනිසකු ඇතිවීම කොපමණ නින්දාවක් ද?
ඔහුගේ ජීවිතය පහත් නො වටනා එකක් හැටියට සැලකීම, දූශිත සමාජයේ නරක ප්‍රතිඵල නිසා විපතට වැටුණ මිනිසා ගැන නො සැලකීම, බලවත් අපරාධයකි.
ඔහු ගේ යහපත සදහා වැඩ කිරීම ඔබේ සමාජ සේවාවයි .
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
Narammala
60100