Next level Media - Asela Priyabhashana

Next level Media - Asela Priyabhashana විශ්වීය මාධ්‍යකරණය එකලස් කරවන මාධ්‍ය අධ්‍යයනයේ හන්තාන ගුරු තරුව ⭐

ඔබ කවදා හෝ රේඩියෝවක් සුසර කරද්දී අමුතු, නොනවතින ඝෝෂාවක් අසා තිබේද? රුසියාවේ මොස්කව් නුවරට ආසන්න වනාන්තරයක පිහිටි එක්තරා ...
11/01/2026

ඔබ කවදා හෝ රේඩියෝවක් සුසර කරද්දී අමුතු, නොනවතින ඝෝෂාවක් අසා තිබේද? රුසියාවේ මොස්කව් නුවරට ආසන්න වනාන්තරයක පිහිටි එක්තරා අබිරහස් රේඩියෝ මධ්‍යස්ථානයක්, වසර 40කට වැඩි කාලයක් තිස්සේ මුළු ලෝකයටම ඇසෙන සේ අමුතු ශබ්දයක් නිකුත් කරමින් සිටියි. මෙය ලොව පුරා ප්‍රසිද්ධ වී ඇත්තේ "රුසියානු ඩූම්ස්ඩේ රේඩියෝව" (Russian Doomsday Radio) හෙවත් UVB-76 නමිනි.

මෙය හුදෙක් රේඩියෝ නාලිකාවක් නොව, සීතල යුද්ධය සමයේ සිට අද දක්වාම නොවිසඳුණු අබිරහසකි.

මෙම නාලිකාව (තරංග ආයාමය 4625 kHz) දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වේ. නමුත් එහි ප්‍රවෘත්ති හෝ සංගීතය විකාශනය නොවේ. ඒ වෙනුවට ඇසෙන්නේ තත්පරයකට වරක් පුනරාවර්තනය වන බියජනක "බීප්" හෝ "බස්" (Buzz) හඬක් පමණි. මේ නිසා මෙය "The Buzzer" ලෙසද හැඳින්වේ.

වසර 40ක් තිස්සේ මෙම ඝෝෂාව එක දිගටම ඇසෙමින් පවතී. නමුත් ඉතා කලාතුරකින් මෙම ඝෝෂාව නතර වී, රුසියානු භාෂාවෙන් කතා කරන පුද්ගලයෙකුගේ හඬක් ඇසෙයි. ඔවුන් පවසන්නේ තේරුමක් නැති ඉලක්කම් සහ නම් වැලකි (උදාහරණයක් ලෙස: "බොරිස්, රෝමන්, ඔල්ගා, 7-4-2-7-9...").

මෙම රේඩියෝව ගැන පවතින ජනප්‍රියම සහ බියජනකම මතය වන්නේ මෙය රුසියාවේ න්‍යෂ්ටික අවි පද්ධතිය හා සම්බන්ධ බවයි.

මෙම මතයට අනුව, UVB-76 යනු "Dead Man's Switch" එකකි. යම් හෙයකින් රුසියාවට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල වී එහි පාලනය විනාශ වුවහොත්, මෙම රේඩියෝ ඝෝෂාව නතර වනු ඇත. එවිට ස්වයංක්‍රීය පරිගණක පද්ධතියක් මගින් ලෝකයේ අනිත් කෙළවරට ස්වයංක්‍රීයව න්‍යෂ්ටික මිසයිල ප්‍රහාර එල්ල කරනු ලබයි. මෙය සැබෑවක් නම්, මෙම රේඩියෝවේ ඝෝෂාව නතර වීම යනු ලෝක විනාශයේ ආරම්භයයි!

කෙසේ වෙතත්, රේඩියෝ තාක්ෂණ ශිල්පීන් විශ්වාස කරන්නේ මීට වඩා සරල හේතුවකි. මෙම නාලිකාව රුසියානු හමුදාව විසින් තම ඔත්තුකරුවන්ට සහ හමුදා ඒකකවලට රහසිගත පණිවිඩ යැවීමට භාවිතා කරන බවයි.

ඝෝෂාව (Buzzing sound) භාවිතා කරන්නේ වෙනත් කිසිවෙකුට එම රේඩියෝ තරංගය භාවිතා කිරීමට ඉඩ නොදී එය "කාර්යබහුලව" තබා ගැනීමටයි (Channel Marker). හදිසි අවස්ථාවකදී පමණක් ඝෝෂාව නතර කර, හමුදා නිලධාරියෙකු පැමිණ කේත (Codes) කියවනු ලබයි.

රුසියානු රජය කිසි දිනෙක මෙම නාලිකාවේ සැබෑ අරමුණ ලෝකයට හෙළි කර නැත. 2010 වසරේදී මෙම නාලිකාව මොහොතකට නතර වූ විට ලොව පුරා සිටින රේඩියෝ ශ්‍රාවකයින් භීතියට පත් විය. නමුත් ටික වේලාවකින් එය යළි පණ ගැන්වුණි.

අදටත් ඔබට shortwave රේඩියෝවක් හරහා මෙම අද්භූත "බීප්" හඬට සවන් දිය හැකිය. එය නතර වූ දාට කුමක් සිදුවේවිද? එය කිසිවෙකු දන්නේ නැත.
ෙටි_ ක්‍රම #එක්ක
ොදම_note_එක ීඩියා_පන්තිය #ලංකාවටම #අවකාශයේ_රහම_මීඩියා_පන්තිය
#තාරුණයේ_හොදම_මීඩියා_ගුරුවරයා
#නුවර #කුරුණෑගල #ගාල්ල #නාරාහේන්පිට

Things that schools never tought about ✨කවදාවත් ඉස්කෝලෙකින් උගන්නපු නැති, අපි තනියෙන් ඉගෙන ගත්තෙ නැත්නම් මැරෙනකන් දැනගන්...
10/01/2026

Things that schools never tought about ✨

කවදාවත් ඉස්කෝලෙකින් උගන්නපු නැති, අපි තනියෙන් ඉගෙන ගත්තෙ නැත්නම් මැරෙනකන් දැනගන්නෙ නැති, හැමෝම ලඟ තියෙන්න ඕනෙ මූල්‍ය සාක්ෂරතාවය (Financial literacy) සහ job ම කරන්න force කරන education system එකක් තිබ්බ රටකට 6 වසරෙ ඉඳන්ම ව්‍යවසායකත්වය (Entrepreneurship). 🇱🇰

04/01/2026

2026 නිකං සුභ වෙන් නෑ පුතා ❤️

31/12/2025

ලබන්නා වූ 2026 නව වසර සුබ නව වසරක් වේවා 😍❤️

Grade 1 හා 6 දරුවන්ට හදුන්වා දෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට තව දින කිහිපයයි. හමුවූ එකම වරද රජයේ නිල facebook පිටුවක් වා...
31/12/2025

Grade 1 හා 6 දරුවන්ට හදුන්වා දෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට තව දින කිහිපයයි. හමුවූ එකම වරද රජයේ නිල facebook පිටුවක් වාර්තා කරයි.
ප.ලි. මෙම ස්ථානයේ පමණක් නොව මෙම student module පොත් වල විවිධ ස්ථානවල websites, youtube links වල QR code සඳහන් වේ. ඒවා .gov .edu .ac.lk වැනි credible sources නොව නොදන්නා users ලා විසින් උඩුගත කල තාවකාලික මූලාශ්‍රයි. රටක අනාගත පරපුර වෙනුවෙන් සාදන නිල ග්‍රන්ථවලට මෙවැනි මූලාශ්‍ර ඇතුළත් කිරීම වගකීම් සහිතද?
දැනට දරුවන් පරිශීලනය කරන පාඨ ග්‍රන්ථවල තත්ත්වය මීට වඩා කොතරම් උසස් ද?

27/12/2025

👨🏽‍🎓සරල කෙටි ක්‍රම එක්ක රහට ඉගෙන ගන්න🎙️ Communication and Media studies 🎬

💥2026 Revision
💥2027 Theory

මුල සිට විෂය කොටස් පිලිවෙලට ඉගෙන ගන්න
🔥 තාරුණ්‍යයේ ජනප්‍රියතම Media ගුරුවරයා🔥
🚦Ai Q - කුරුණෑගල
🚦මොනාච් - නාරාහේන්පිට
🚦 ලංකාවටම Online

🌍විශ්වීය මාධ්‍යකරණය එකලස් කරවන මාධ්‍ය අධ්‍යයනයේ හන්තාන ගුරු තරුව⭐
🎙️අසේල ප්‍රියභාෂණ🔥
💥Next level Media

පංතියට සහභාගී වීම සඳහා කෙටි පණිවිඩයක් යොමු කරන්න 👉🏽074 074 2202

📘 2026 සිට පාසල් වල 06 ශ්‍රේණියේ සිදුවන වෙනස්වීම්1️⃣ 📚 පෙළ පොත් වෙනුවට මොඩියුල2️⃣ 📝 නව ඇගයීම් ක්‍රමවේදය3️⃣ 📖 අනිවාර්ය වි...
24/12/2025

📘 2026 සිට පාසල් වල 06 ශ්‍රේණියේ සිදුවන වෙනස්වීම්

1️⃣ 📚 පෙළ පොත් වෙනුවට මොඩියුල

2️⃣ 📝 නව ඇගයීම් ක්‍රමවේදය

3️⃣ 📖 අනිවාර්ය විෂයන් 14ක්

4️⃣ 🔎 වැඩිදුර අධ්‍යාපන විෂයන් 03ක්

5️⃣ 📊 ලකුණු වෙනුවට GPA අගයක්

6️⃣ 📙09 ශ්‍රේණියේදී නැවත විභාගයක්

7️⃣ 🎓 සාමාන්‍ය පෙළ විභාගයට ඇති විෂයන් ගණන 07ක්

8️⃣ ⏰ පාසල් කාලච්ඡේද ගණන 07ක්
▪️ එක් කාලච්ඡේදයක් ⏱️ මිනිත්තු 50

9️⃣ 🏫 පාසල පැවැත්වෙන වේලාව
▪️ පෙ.ව. 7.30 – ප.ව. 2.00
▪️ (05 – 13 ශ්‍රේණි)

🔟 ☕ විවේක කාල 02ක්
▪️ 🕥 පෙ.ව. 10.10 – 10.30
▪️ 🕛 ප.ව. 12.10 – 12.20

________________________

📦 මොඩියුලයක් යනු කුමක්ද?

සමස්ත විෂය නිර්දේශයෙන් නිශ්චිතව වෙන් කරගත් පාඩම් කිහිපයක් එක්හාසු කර සිසුන්ට වඩාත් පහසුවෙන් හා සංවිධානාත්මකව අධ්‍යනය කළ හැකි වන ලෙස නිර්මාණය කරන ලද පාඨමාලාවක කොටසක් මොඩියුලයක් ලෙස හැඳින්වේ.

________________________

📌 අනිවාර්ය විෂය 14ක්

1️⃣ 📝 මවුබස

2️⃣ ➗ ගණිතය

3️⃣ 🔬 විද්‍යාව

4️⃣ 🇬🇧 ඉංග්‍රීසි

5️⃣ 💻 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

6️⃣ 🏃‍♂️ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය

7️⃣ 🛠️ ජීවිතය සඳහා තාක්ෂණවේදය

8️⃣ 🏺 ඉතිහාසය

9️⃣ 🛐 ආගම හා සාරධර්ම අධ්‍යාපනය

🔟 🌐 දෙවන ජාතික භාෂාව

1️⃣1️⃣ 🌍 භූගෝල විද්‍යාව

1️⃣2️⃣ 🧑‍⚖️ පුරවැසි අධ්‍යාපනය

1️⃣3️⃣ 🎨 සෞන්දර්ය අධ්‍යාපනය

1️⃣4️⃣ 💡 ව්‍යවසායකත්වය හා මූල්‍ය සාක්ෂරතාව

________________________

📌 වැඩිදුර ඉගෙනුම් මොඩියුල

ඉහත ප්‍රධාන විෂයන් 14ට අමතරව එම අනිවාර්ය විෂයන් 14 අතුරින් සිසුවා කැමති විෂයන් 03ක් වැඩිදුර ඉගෙනුම් මොඩියුල ලෙස තෝරා ගෙන අධ්‍යනය කළ යුතුය
________________________

📌මී⁣ට අමතරව පරිවර්තනීය කුසලතා මොඩියුල 02ක් තෝරාගත යුතුය

1️⃣ 📖 සාහිත්‍ය අගය කිරීම

2️⃣ 📰 මාධ්‍ය අධ්‍යයනය
(ආයතනික පුහුණුව සමග)

3️⃣ 🏢 සේවා අංශ අධ්‍යයනය

4️⃣ 🌍 ගෝලීය අධ්‍යයනය

5️⃣ 🤝 සමාජ සේවා

6️⃣ 🏅 සෞඛ්‍ය හා ක්‍රීඩා

7️⃣ 🎭 සෞන්දර්ය අගය කිරීම

8️⃣ 🧭 වෘත්තීය සූදානම සඳහා පදනම

9️⃣ 💻 ඩිජිටල් පුරවැසිභාවය
________________________

📖 පෙළ පොත් ලැබෙනවාද?

ඔව්. පැවති පෙළපොත වෙනුවට මොඩියුල පොතක් ලැබෙන මේ දින වල බෙදා හැරීම් කටයුතු සිදු කෙරෙමින් පවතී.

✅ අනිත් අයටත් දැනගන්න Share කරන්න.

15/12/2025

අධ්‍යාපනය කියන්නෙ අත් තටු පුතා❤️

💥සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය 💥📌2026 revision 📌2027 theory ලංකාවටම ඔන්line🔥
21/11/2025

💥සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය 💥
📌2026 revision
📌2027 theory
ලංකාවටම ඔන්line🔥

19/11/2025

රටටම රහට 〽️edia
🔊Ai Q - කුරුණෑගල
🔊Monarch - නාරාහේන්පිට
🔊සෙනිත් - මහනුවර
🔥Online ලංකාවටම
සරල කෙටි ක්‍රම එක්ක රහට ඉගෙන ගන්න Next level Media
📌2026 Revision
📌2027 Theory
A එකක් අරන් කැම්පස් යන්න ඔයා එන්නම ඕන පන්තියක් මේක ❤️

16/11/2025

Ai Q කුරුණෑගල ❤️
🔊 2026 Revision
🔊2027 Theory
💥 සරල කෙටි ක්‍රම එක්ක
රහට Next level 〽️edia

ජය හැමෝටම හොඳට ලියපල්ලා 2025❤️
10/11/2025

ජය හැමෝටම හොඳට ලියපල්ලා 2025❤️

Address

Narahenpita

Website

Alerts

Be the first to know and let us send you an email when Next level Media - Asela Priyabhashana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share