Information Technology Student Asosiation - ATI Gampaha

Information Technology  Student Asosiation  - ATI Gampaha “The official page of the HNDIT Student Association at SLIATE Gampaha.

Representing and supporting students, organizing academic and professional activities, and fostering leadership and collaboration among future IT professionals.”

ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ උසස් ජාතික තොරතුරු තාක්ෂණ ශිෂ්‍ය සංග‍මයේ  වගකීම් සඳහා පත් වූ සහෝදරත්වයට සුභ  පැතුම්...! නිදහස්...
09/07/2026

ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ උසස් ජාතික තොරතුරු තාක්ෂණ ශිෂ්‍ය සංග‍මයේ වගකීම් සඳහා පත් වූ සහෝදරත්වයට සුභ පැතුම්...!

නිදහස් අධ්‍යාපනයත්, අධ්‍යාපනයේ නිදහසත් වෙනුවෙන් සටන් වදිමු!

උසස් ජාතික තොරතුරු තාක්ෂණ ශිෂ්‍ය සංගමය - ලබුදූව(ගාල්ල)

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය විසින් පවත්වනු ලබන උසස් ජාතික ඩිප්ලෝමා (HND) පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.  ...
07/07/2026

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය විසින් පවත්වනු ලබන උසස් ජාතික ඩිප්ලෝමා (HND) පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

SLIATE Gampaha 🎓HND නයිවල Inter Higher National Diploma Students Federation
07/07/2026

SLIATE Gampaha 🎓
HND නයිවල
Inter Higher National Diploma Students Federation

උසස් ජාතික තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අයදුම් කිරීමේදී සිසුන්ට ඇතිවන ගැටලු මඟහරවා ගැනීම හා වැඩි විස්තර සඳහා අප...
06/07/2026

උසස් ජාතික තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අයදුම් කිරීමේදී සිසුන්ට ඇතිවන ගැටලු මඟහරවා ගැනීම හා වැඩි විස්තර සඳහා අපගේ Whatsapp සමූහයට සම්බන්ධ වෙන්න.

https://chat.whatsapp.com/H582TNLm1nq3cttZQWAwVj

ශ්‍රි ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ තොරතුරු තාක්ෂණ උසස් ජාතික ඩිප්ලෝමාව (HNDIT) සඳහා 2025 වර්ෂයේ හෝ ඊට පෙර (උසස් පෙළ)...
05/07/2026

ශ්‍රි ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ තොරතුරු තාක්ෂණ උසස් ජාතික ඩිප්ලෝමාව (HNDIT) සඳහා 2025 වර්ෂයේ හෝ ඊට පෙර (උසස් පෙළ) විභාගය සාර්ථකව සම්පූර්ණ කළ අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

♂️ අයදුම්පත්කරුවන් ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ, උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලා සඳහා apply.sliate.ac.lk වෙබ් අඩවිය මඟින් පමණක් මාර්ගගතව අයදුම් කළ යුතුය. වෙනත් ඕනෑම ආකාරයකින් අයදුම් කිරීම පිළිගනු නොලැබේ.

♂️ සුදුසුකම්ලත් අපේක්ෂකයන් 2026 අගෝස්තු මස 03 වන දින හෝ ඊට පෙර මහජන බැංකුව, හයිඩ්පාර්ක් ශාඛාව, කොළඹ - 02 හි, ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ ගිණුම් අංක 019100203397613 දරණ ගිණුම වෙත ගෙවීම් කළ යුතුය. එම ශාඛාවෙන් හෝ ශ්‍රී ලංකාවේ මහජන බැංකු ඕනෑම ශාඛාවක් මඟින් ගෙවීම් සිදුකළ හැකිය.

♂️ මාර්ගගත අයදුම් පත්‍රය තහවුරු කිරීමෙන් පසු, අයදුම් පත්‍රයේ මුද්‍රිත පිටපතක් ලබාගන්න. අදාළ උසස් තාක්ෂණ ආයතනයන්හි තෝරාගත් පාඨමාලාව සඳහා ලියාපදිංචිය කැඳවීම් කරන විට, ඉහත ලබාගත් අයදුම්පත අත්සන් කර ගෙවීම් ලදුපත සමඟ ඉදිරිපත් කළ යුතුය.

♂️ අයදුම්පත් බාරගනු ලබන අවසන් දිනය වන 2026 අගෝස්තු මස 03 දින වන අතර පසුව ලැබෙන අයදුම්පත් කිසිඳු හේතුවක් මත බාරගනු නොලැබේ.

⭕අයදුම්කරුවන් විසින් පහත සඳහන් සුදුසුකම් සපුරා තිබිය යුතුය.

🔸ඕනෑම විෂය ධාරාවකින් එකවර අ.පො.ස (උ.පෙළ) විභාගය සමත් වී තිබීම.

සහ

අ.පො.ස (සා.පෙළ) විභාගයේදී ඉංග්‍රීසි භාෂාව සහ ගණිතය සඳහා සාමාන්‍ය සාමාර්ථයක් (S) ලබා තිබීම.

🔸අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇති ඕනෑම අයදුම්පතක් ප්‍රතික්ෂේප කරනු ලැබේ.

වැඩිදුර තොරතුරු සඳහා www.sliate.ac.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

⭕ පාඨමාලා තොරතුරු
🔸පාඨමාලා කාල සීමාව වසර 2 1/2ක් වන අතර අවසාන මාස 06 NAITA ආයතනයේ අධීක්ෂණය යටතේ ප්‍රායෝගික පුහුණුවක් සහිතයි.
🔸ඉංග්‍රීසි මාධ්‍යයෙන් පාඨමාලාව මෙහෙයවනු ලැබේ.
🔸පාඨමාලාවේ මුල් සිටම ප්‍රායෝගික පුහුණුව සහිත විෂයන් ඇතුළත්ය.

⭕මෙම පාඨමාලාව සම්පූර්ණ කළ විට මෘදුකාංග ඉංජිනේරු උපාධියක අවසාන වසර හැදෑරීමේ හැකියාව ඇත.
🔸තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ
Software Engineer
UI / UX Engineer
QA Engineer
Web Developer වැනි ඉහළ වෘත්තිකයෙක් වීමේ හැකියාව ඔබට හිමිවේ.

⭕ඔබට ලැබෙන ප්‍රතිලාභ
🔸පාඨමාලාව නොමිලේ පැවැත්වේ.
🔸උපාධිධාරී දේශක මණ්ඩලය
🔸පුස්තකාල/ අන්තර්ජාල පහසුකම්
🔸මහපොළ ශිෂ්‍යාධාර
🔸නේවාසිකාගාර පහසුකම් (කාන්තා)
🔸බස්රථ සහ දුම්රිය ප්‍රවේශපත්‍ර

අයදුම්පත් බාරගන්නා අවසන් දිනය 2026-08-03 දින වේ.

Applications are invited from candidates who have successfully completed the G.C.E. (A/L) examination in 2025 or earlier for the Higher National Diploma in Information Technology (HNDIT) at the Sri Lanka Institute of Advanced Technological Education (SLIATE).

♂️ Applicants must apply online only through the website apply.sliate.ac.lk for the Higher National Diploma courses offered by SLIATE. Applications submitted through any other means will not be accepted.

♂️ Eligible candidates must make the required payment on or before August 03, 2026, to the account number 019100203397613 of the Sri Lanka Institute of Advanced Technological Education at the People’s Bank – Hyde Park Branch, Colombo 02. Payments can also be made through any branch of the People’s Bank in Sri Lanka.

♂️ After confirming the online application, candidates must take a printout of the completed application form. This printed and signed form, along with the payment receipt, should be submitted during the registration process at the selected Advanced Technological Institute.

♂️ The deadline for receiving applications is August 03, 2026. Applications received after this date will not be accepted under any circumstances.

⭕ Applicants must fulfill the following qualifications:

🔸Must have passed the G.C.E. (A/L) examination in one sitting in any stream
and
Must have obtained at least an “S” (Ordinary Pass) in English Language and Mathematics at the G.C.E. (O/L) examination.

🔸Any application containing false information will be rejected.

For more information, please visit the official website: www.sliate.ac.lk

⭕ Course Information
🔸The duration of the course is 2½ years, including the final 6 months of industrial training under the supervision of NAITA.
🔸The course is conducted in English medium.
🔸From the beginning, the program includes practical-oriented subjects.

⭕ Upon completing this program, students may be eligible to enter the final year of a Software Engineering degree.
There are career opportunities in the IT field as:

Software Engineer

UI/UX Engineer

QA Engineer

Web Developer

⭕ Benefits You Will Receive:
🔸The course is offered free of charge
🔸Taught by qualified lecturers with degrees
🔸Library and Internet facilities
🔸Eligibility for Mahapola Scholarship
🔸Hostel facilities (for females)
🔸Bus and train season tickets

The closing date for accepting applications is August 03, 2026.

HND නයිවල sliate.ac.lk Inter Higher National Diploma Students Federation

"ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කලහ""அவர்கள் உங்களை நிபந்தனையின்றி நேசித்தார்கள்""They have loved you unconditionally "ශිෂ්‍ය ...
02/07/2026

"ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කලහ"

"அவர்கள் உங்களை நிபந்தனையின்றி நேசித்தார்கள்"

"They have loved you unconditionally "

ශිෂ්‍ය වීර දිනය
மாணவ வீரர் தினம்
Student's Heroes Day
2026

නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහස උදෙසාත්, වඩාත් යහපත් සමාජයක් අනාගත පරපුරට දායාද කිරීම වෙනුවෙන් ආත්මාර්තය පසෙකලා පරාර්ථය පෙර දැරිව කොන්දේසි විරහිතව සටන් වැදුණු ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ පරමාදර්ශී සිසු විරුවන්, වීරවරියන් සිහිපත් කිරීම හා ඔවුන් තුළ තිබූ උසස් මානව ගුණ ධර්මයන් වත්මන් සමාජයට උකහාගැනීම වෙනුවෙන්,
අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ශිෂ්‍ය වීර දින සැමරුම 2026 - 06 -25 දින ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේදී පැවැත්විය.

අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බලමණ්ඩලය

2025 - 07 - 02

පින්බර පොසොන් පොහොය දිනයක් වේවා...🪔✨🌕
29/06/2026

පින්බර පොසොන් පොහොය දිනයක් වේවා...🪔✨🌕

26/06/2026

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම පිළිබඳ මහජන අදහස් ලබා ගැනීම සම්බන්ධයෙන් ඒ සඳහා පත්කරන ලද කෝප් (COPE) අනු කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි රුවන් මාපලගම මහතා පළ කළ අදහස්.

අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බලමණ්ඩලය

දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවන සභාවාරය සඳහාශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පත් කරන ල...
23/06/2026

දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවන සභාවාරය සඳහා
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය
ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පත් කරන ලද
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේපොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ අනු කාරක සභාව
මහජන අදහස් හා යෝජනා කැඳවයි

2026 මැයි මස 06 දින පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පර්යේෂණ වාර්තාවක් සකස් කිරීම සඳහා පත් කරන ලද අනු කාරක සභාව ගරු රුවන් මාපලගම, පා.ම. සභාපතිත්වයෙන් සහ ගරු (නීතිඥ) අර්ජුන සුජීව සේනාසිංහ, පා.ම. සහ ගරු ලුතිනන් කොමාන්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, පා.ම. යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් සමන්විත වේ. මේ සඳහා උනන්දුවක් දක්වන සියලු පාර්ශවයන්ගෙන් අදහස් ලබා ගැනීමට අනු කාරක සභාව අපේක්ෂා කරන අතර, පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් සිය අවධානය යොමු කරනු ඇත,:-

•ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය සතු සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීම

•සිසුන් ඉහළ අනුපාතයකින් පාඨමාලාවන්ට ඇතුළත් කර ගැනීම

•පාඨමාලා තුළ සිසුන් රඳවා ගැනීමේ ගැටලු හා ශිෂ්‍ය සුබසාධන ක්‍රියාවලියේ පවතින අඩුපාඩු හා පාඨමාලා සම්පූර්ණ කිරීමෙන් පසු රැකියා අවස්ථා ලබා ගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීම

•රැකියා වෙළඳපොළේ සැබෑ ශ්‍රම අවශ්‍යතාව හඳුනා ගැනීම

•දුෂ්කර ප්‍රදේශවල පිහිටි අධ්‍යාපන ආයතන මුහුණ දෙන අභියෝග සැලකිල්ලට ගැනීම

ඉහත කරුණු සම්බන්ධයෙන් අදහස්/යෝජනා ඉදිරිපත් කිරීමට කවර හෝ සංවිධානයක් හෝ පුද්ගලයකු කැමැත්තේ නම්, යථා පරිදි අත්සන් කරන ලද ලිඛිත සංදේශ 2026 ජූලි මස 15 වැනි දින හෝ ඊට පෙර “ලේකම්, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා කාර්යාංශය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීමෙන් එසේ කළ හැකිය. එසේ නැතහොත්, ෆැක්ස් අංක 011-2777559/011-2777601 වෙත ෆැක්ස් මගින් හෝ [email protected] යන ලිපිනයට විද්‍යුත් තැපෑලෙන් ද එවිය හැක.

එකී ලිඛිත සංදේශවලට අමතරව වාචික සාක්ෂි ඉදිරිපත් කරන ලෙසට ද කාරක සභාව විසින් නියම කළ හැකිය. මෙම දැන්වීම පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ද (www.parliament.lk) පළකොට ඇත.

பத்தாவது பாராளுமன்றத்தின் முதலாவது கூட்டத் தொடர்
இலங்கை உயர் தொழில்நுட்பக் கல்வி நிறுவனத்தை
மறுசீரமைப்பதற்காக நியமிக்கப்பட்ட
இலங்கைப் பாராளுமன்றத்தின்
அரசாங்கப் பொறுப்பு முயற்சிகள் பற்றிய குழுவின் உப குழு
பொது மக்களின் கருத்துகளையும், முன்மொழிவுகளையும் கோரல்

2026ஆம் ஆண்டு மே மாதம் 06ஆந் திகதி, அரசாங்கப் பொறுப்பு முயற்சிகள் பற்றிய குழுவினால் இலங்கை உயர் தொழில்நுட்பக் கல்வி நிறுவனத்தை மறுசீரமைப்பது தொடர்பான ஆய்வறிக்கையைத் தயாரிப்பதற்காக உபகுழுவொன்று நியமிக்கப்பட்டுள்ளதுடன் அக்குழுவின் தவிசாளராக பாராளுமன்ற உறுப்பினர் கௌரவ ருவன் மாபலகம அவர்கள் பணியாற்றுவதுடன் பாராளுமன்ற உறுப்பினர்களான கௌரவ (சட்டத்தரணி) அர்ஜுன சுஜீவ சேனாசிங்ஹ மற்றும் கௌரவ லெப்டினன் கமாண்டர் (ஓய்வுபெற்ற) பிரகீத் மதுரங்க ஆகியோர் அங்கத்தவர்களாக பணியாற்றுகின்றனர். எனவே, இவ்விடயம் தொடர்பாக கரிசனை கொண்ட அனைத்து தரப்பினரதும் கருத்துகளைப் பெற்றுக் கொள்வதற்கு உப குழு எதிர்பார்ப்பதுடன் பின்வரும் விடயங்கள் தொடர்பாக பிரதானமாகக் கவனம் செலுத்தப்படும்.

இலங்கை உயர் தொழில்நுட்பக் கல்வி நிறுவனம் வசமுள்ள வளங்களிலிருந்து உச்ச பயனைப் பெறல்

அதிகளவான மாணவர்களை பாடநெறிகளுக்கு இணைத்துக் கொள்ளல்

மாணவர்களைத் தொடர்ச்சியாகப் பாடநெறியில் தக்கவைத்துக் கொள்வதில் காணப்படும் சிக்கல்கள், மாணவர் நலனோம்புகை நடைமுறைகளில் நிலவும் குறைபாடுகள் மற்றும் பாடநெறிகளை நிறைவு செய்ததன் பின்னர் தொழில் வாய்ப்புகளைப் பெற்றுக் கொள்ளக்கூடிய இயலுமையை மேம்படுத்தல்

தொழிற் சந்தையில் நிலவும் உண்மையான ஊழியர் தேவையை இனங்காணல்

பின்தங்கியப் பிரதேசங்களில் அமைந்துள்ள கல்வி நிறுவனங்கள் எதிர் கொள்ளும் சவால்களைக் கருத்திற் கொள்ளல்

மேற்படி விடயங்கள் தொடர்பான கருத்துகளை / முன்மொழிவுகளை தெரிவிப்பதற்கு எவரேனும் ஒருவர் அல்லது ஏதேனுமொரு அமைப்பு விரும்புமிடத்து, உரிய முறையில் கையொப்பமிடப்பட்ட எழுத்துமூலச் சமர்ப்பணங்களை 2026ஆம் ஆண்டு யூலை மாதம் 15ஆந் திகதியன்றோ அல்லது அதற்கு முன்னரோ “செயலாளர், அரசாங்கப் பொறுப்பு முயற்சிகள் பற்றிய குழு, அரசாங்கப் பொறுப்பு முயற்சிகள் பற்றிய குழு அலுவலகம், இலங்கைப் பாராளுமன்றம், ஸ்ரீ ஜயவர்தன புர, கோட்டே என்ற முகவரிக்கு பதிவுத் தபாலில் அனுப்பலாம். இல்லையெனில், அவற்றை 011-2777559 / 011-2777601 என்ற தொலைநகல் (fax) இலக்கத்திற்கு அல்லது [email protected] என்ற மின்னஞ்சல் (e-mail) முகவரிக்கு அனுப்பி வைக்கலாம்.

மேற்படி எழுத்துமூலச் சமர்ப்பணங்களுக்கு மேலதிகமாக வாய்மொழி மூலச் சாட்சியங்களையும் வழங்குமாறு குழுவால் விதிக்கப்படலாம். இவ்வறிவித்தல் பாராளுமன்ற இணையதளத்திலும் (www.parliament.lk) பிரசுரிக்கப்பட்டுள்ளது.

Sub-Committee of the Committee on Public Enterprises
of the Parliament of Sri Lanka,
Appointed for the First Session of the Tenth Parliament

On the Restructuring of the Sri Lanka Institute of Advanced
Technological Education (SLIATE)

Calls for Public Proposals and Views

The Sub-Committee appointed on 06 May 2026 to prepare a research report on the Restructuring of the Sri Lanka Institute of Advanced Technological Education is chaired by Hon. Ruwan Mapalagama, MP, and consists of Hon. Arjuna Sujeewa Senasinghe, Attorney-at-Law, MP and Hon. Lt. Cmdr. (Rtd.) Prageeth Madhuranga, MP. The Sub-committee intends to obtain views from all interested parties and will focus primaraly on the following matters:-

Making maximum use of the resources available at the Sri Lanka Institute of Advanced Technological Education

Enrolling students in courses at a higher rate

Issues relating to retention of students in the courses and the gaps in the student welfare arrangements, and improving the employability of those who complete the courses

Identifying the real labour needs of the job market

Taking into consideration the challenges faced by educational institutions located in remote areas

If any organization or individual wishes to submit views/proposals on the above matters is hereby invited do so by sending a duly signed written memorandum by registered post to reach the following address on or before 15 July 2026: “Secretary, Committee on Public Enterprises, Office of the Committee on Public Enterprises, Parliament of Sri Lanka, Sri Jayewardenepura, Kotte”. Alternatively, they may be sent by fax to 011-2777559/011-2777601 or by email to [email protected].

The Committee may also require the submission of oral evidence in addition to the written submissions. This notice is also published on the Parliament website of Sri Lanka (www.parliament.lk).

Address

Advanced Technological Institute Gampaha , Naiwala , Essalla , Veyangoda
Naiwala

Alerts

Be the first to know and let us send you an email when Information Technology Student Asosiation - ATI Gampaha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share