19/07/2025
වාර්ෂික අධ්‍යාපන චාරිකාව 2025
මුල්ලේරියාවේ සිරි සුමනනන්ද මහ පිරිවෙණෙහි අධ්‍යාපන චාරිකාව මෙවර ත්‍රිකුණාමලය හා අම්පාර අවට ඇති අධ්‍යාපනික, ඓතිහාසික පාරිසරික ආදී විවිධ වැදගත්කමින් යුත් ස්ථානයන් නැරඹීමට යොදාගත් අතර පසු ගිය 17 වන දින පිරිවෙනෙන් පිටත්ව 18 වන දින රාත්‍රියේ නැවත පිරිවෙණට පැමිණ සාර්ථකව අවසන් කරන ලදී...
ඒකාකාරී අධ්‍යාපන රටාවෙන් මිදී අප රටේ ඇති පාරිසරික, ඓතිහාසික වටිනාකම්වලින් යුත් මෙම ස්ථනයන් නැරඹීම සියළු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ හා සිසු දරුවන්ගේ දැනුම, ආකල්ප, කුසලතා වර්ධනයට මෙම චාරිකාව මහත් පිටුවහලක් වූ බව සිහිපත් කරන අතර,
මෙම ගමන සාර්ථක කර ගැනීමට අපට විවිධ අයුරින් සහයෝගය දැක්වූවන් කෘතවේදීව සිහිපත් කරම්හ.
ඒ අතරින්
අධ්‍යාපන චාරිකාව සඳහා මූලික අවසරය ලබා දුන් ගරු. කෘත්‍යාධිකාරී නායක මාහිමිපාණන් වහන්සේ..
දින දෙකම සම්පූර්ණයෙන් කැප කරමින් හා සහභාගි වෙමින් සිසුන්ගේ ආරක්ෂාව පිළිබඳව දැඩිව සැලකිලිමත් වෙමින් සහයෝගය දැක්වූ ඇතාබැඳියායේ සුගතානන්ද හාමුදුරුවෝ, කුඹුරුගමුවේ සුගුණධම්ම හාමුදුරුවෝ, පරිවේණාචාර්‍ය රතනජෝති හාමුදුරුවෝ, සෝරත හාමුදුරුවෝ, සෝභිත හාමුදුරුවෝ, සුසීල හාමුදුරුවෝ, ඉසුරු සම්පත් මහත්මා ඇතුළු ආචාර්ය මණ්ඩලය,
17 දිනයේ දහවල් ආහාරය ලබා ගැනීම සඳහා ස්ථානය සකසා දුන් ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරෙහි ආඥාපතිතුමන් ලේකම්තුමන් ඇතුළු නාවික හමුදා නිලධාරීන් සැම
කුඩා ස්වාමින් වහන්සේලාට මුහුදු සංචාරය කරමින් සුන්දර අත්දැකීමක් විඳීමට හා රට ජාතියෙහි ප්‍රෞඩත්වය වටහා ගැනීමට විශාල මුදලක් වියදම් කරමින් නාවික හමුදා කෞතුකාගාරය නැරඹීමට අනුග්‍රහය දැක්වූ ප්‍රංශයේ පදිංචි සුභාෂිණි මහත්මියට හා සම්බන්ධ කරදුන් මණ්ඩවිල ශ්‍රී අභයසුමනාරාමාධිපති පූජ්‍යපාද කෝමාරිකේ සුබෝධානන්ද හාමුදුරුවන් වහන්සේට..
17 දින රාත්‍රී ගිලන්පස හා 18 උදෑසන දානය සහ නවාතැන්පල සකසා දුන් සේරුවාවිල මණ්ඩලගිරි රාජමහා විහාරාධිපති, පූජ්‍යපාද සෝමපුර සුධම්ම ස්වාමින් සහන්සේ හා බංග්ලාදේශයේ බෝධිමිත්ත පොඩි හාමුදුරුවෝ අප පිරිවෙණෙහි දෙහිවත්තේ පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ ඤාති පිරිස ඇතුළු එම විහාරවාසී ස්වාමින් වහන්සේලා ප්‍රදේශවාසී දායක පින්වත් සැම..
18 දින දවල් ආහාරය සකසා දුන් කන්දඋඩපංගුවේ සෝරත හාමුදුරුවන් වහන්සේ සහ ඤාති පිරිස,
ගමන ආර්ම්භයේ පටන් අවසානය දක්වාම සියළු පොඩි හිමිවරුන්ට ඉතා සුහදව කටයුතු කළ රියදුරු මහත්මා සහ සහායක මහත්වරුන්,
පිරිවෙනේ ආචාර්ය මණ්ඩලය පිළිබඳව විශ්වාසය තබමින් අධ්‍යාපන චාරිකාව සඳහා ශිෂ්‍ය හිමිවරුන් හා දරුවන් සම්බන්ධ කරවූ ශිෂ්‍ය භාරකාර හිමිවරුන් හා දෙමාපියන්,
අදහස යෝජනා වූ දින සිට අවසාන මොහොත දක්වා වෙහෙසුන පිරිවෙන්, ආචාර්ය මණ්ඩලය ඇතුළු සියළු දෙනාට,
නොයෙක් ආකාරයෙන් උදව් උපකාර කළ පාරිවේණික ශිෂ්‍ය පිරිසට හා සියළුම දෙනාට ද පුණ්‍යානුමෝදනා පූර්වක ස්තූතිය පුදකර සිටිමු...
තෙරුවන් සරණයි!