06/12/2022
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයීය පාඨමාලා
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අදාල රාජ්‍ය විශ්වවිද්‍යාල 17 අතරින් 8 වැනි ස්ථානය ගනී. එනම් විවෘත විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ 8 වෙනියට ඇරඹූ රාජ්‍ය විශ්වවිද්‍යාලයයි. එය ආරම්භ කරන ලද්දේ 1978 වසරේදීය. විවෘත හා දුරස්ථ අධ්‍යාපන ක්‍රමයට උපාධි, පශ්චාත් උපාධි, ඩිප්ලෝමා සහ සහතිකපත් පාඨමාලා සියල්ල මෙහි අධ්‍යයනය කළහැක. මෙහි ඉගෙනීමට වයස් සීමාවක් නැති අතර වසර පුරාම උපාධි හා අනෙකුත් පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවයි. මෙහි සියලු උපාධි පාඨමාලා අභ්‍යන්තර උපාධි වේ. දිනපතාම දේශන නැත. අධ්‍යයන කටයුතු සඳහා ඉගෙනුම් ආධාරක පොත් (course materials) සපයන අතර ඉගෙනුම් කටයුතුවල ගැටලු සාකච්ඡා කිරීමට dayschools පැවැත්වේ.
රැකියාවක් කරන අයෙකුට වුවද මේ නිසා මෙහි පාඨමාලා හැදෑරිය හැක. මෙහි සියලුම උපාධි පාහේ ගෞරව උපාධි වේ. මෙහි නොයෙක් උපාධි පාඨමාලා සඳහා උසස් පෙළ සමත් වුවද තවත් තරඟ විභාගයක් හෝ කිහිපයක් පවත්වා merit basis අනුව සිසුන් ඇතුළත් කරගනී. උසස්පෙළ සමතුන්ට තේරිම් විභාග නොලියා ඇතුලත් විය හැකි උපාධි පාඨමාලාද පවතී. උසස් පෙළ අසමත් කෙනෙක්නම් මෙහිදී වසරක හෝ දෙකක පදනම් පාඨමාලා හදාරා උපාධියකට ඇතුල් වීමේ හැකියාවක්ද පවතී. තෝරාගන්නා පාඨමාලාව අනුව තේරිම් පරික්ෂණ වෙනස් වේ.
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ප්‍රධාන විශ්වවිද්‍යාලය කොළඹ නාවල පිහිටා ඇති අතර දිවයින පුරා ප්‍රාදේශීය මධ්‍යස්ථාන (regional centers - RC) 09 ක් පවතී. මහපොළ ශිෂ්‍යාධාරය ඇතුලු තවත් ශිෂ්‍යත්වද විවෘත විශ්වවිද්‍යාල සිසුන්ට ලබා ගත හැක.
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පීඨ (faculties) 6ක් පවතී.
1. Faculty of Education
2. Faculty of Engineering Technology
3. Faculty of Humanities and Social Sciences
4. Faculty of Natural Sciences
5. Faculty of Health Sciences
6. Faculty of Management Studies
මෙම පීඨ යටතේ විවිධ උපාධි පාඨමාලා (Bachelor/Honours degree) 40 ට ආසන්න ප්‍රමාණයක්ද, Masters degree 15 ට වැඩි ප්‍රමාණයක්ද, PG Diploma, MPhil, PhD පාඨමාලා 7 ක් පමණද පිරිනැමේ. තවද, උසස් ජාතික ඩිප්ලෝමා සහ ඩිප්ලෝමා 15 ක් පමණද, උසස් සහතිකපත් හා සහතිකපත් පාඨමාලා 10 ක්ද, කෙටි කාලීන පාඨමාලා 15 ක් පමණද පිරිනැමේ.
විවෘත විශ්වවිද්‍යාලයේ උපාධි කල් ඇදීමක් සිදු නොවන අතර, තමාගේ දක්ෂතාවය හා උනන්දුව මත නියමිත කාලෙයේදී නිමකළ හැක.
-Details from Faculty guidebooks-
More details;
* University website 👇
https://ou.ac.lk/
* UGC recognized government universities 👇
https://ugc.ac.lk/index.php?option=com_university...
* Application calling periods 👇
https://drive.google.com/.../1s2my7nNJXuG441j0tTvIH1.../view
* University phone numbers 👇
https://ou.ac.lk/contact-us2/
* Free & confidential counseling (for anyone) 👇
https://ou.ac.lk/counselling-unit/
directly to counselor - [email protected]
* Further about university 👇
https://en.m.wikipedia.org/wiki/Open_University_of_Sri_Lanka
(මෙම ලිපි ඉදිරිපත් කරනු ලබන්නේ,
උසස් පෙළට පෙනී සිට ප්‍රතිඵල ලැබූ සහෝදර සහෝදරියන්ගේ උසස් අධ්‍යාපනය ට මගක් පෙන්වීම උදෙසා ය.ඒ වෙනුවෙන් Open University ඉගෙනුම ලබන ඔබ ද,ඔබ දන්නා දේ original post එකට comment කිරීමෙන්,share කිරීමෙන් සහ අයදුම් කිරීම ට බලාපොරොත්තුවෙන් සිටින ඔවුන්ගේ ගැටලුවලට විසදුම් දීමෙන් ඔවුන්ගේ සිහිනයන් යථාර්ථයක් කිරීමෙහිලා දායක විය හැකිය.)
"The Open University of Sri Lanka" (OUSL; Sinhala: ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය, Tamil: இலங்கை திறந்த பல்கலைக்கழகம்) is a national university in Sri Lanka. It is unique within the Sri Lankan ...