Prince Of Wales College Army Cadet Platoon

Prince Of Wales College Army Cadet Platoon මොරටුව වේල්ස් කුමාර විදුහලේ යුධ ශිෂ්?

2025 මැයි මස 26 වන දින සිට රංටැඹේ ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක ධුරයට පත් වූ කර්නල් අමිල් ප්‍රසාද් ...
26/05/2025

2025 මැයි මස 26 වන දින සිට රංටැඹේ ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක ධුරයට පත් වූ කර්නල් අමිල් ප්‍රසාද් ලියනගේ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් හට අපගේ උණුසුම් සුභාශිංසන...!

බස්නාහිර පළාත් කණිෂ්ඨ ශිෂ්‍යභට (බාලක) ඇගයීම් කඳවුර - 2023.......පළාත් අධ්‍යක්ෂ පරීක්ෂණයේ දෙවන ස්ථානය ඇතුළුව කණිෂ්ඨ ශිෂ්‍...
27/08/2023

බස්නාහිර පළාත් කණිෂ්ඨ ශිෂ්‍යභට (බාලක) ඇගයීම් කඳවුර - 2023.......
පළාත් අධ්‍යක්ෂ පරීක්ෂණයේ දෙවන ස්ථානය ඇතුළුව
කණිෂ්ඨ ශිෂ්‍යභට බාලක
සමස්ථ පළාත් අනුශූරතාව හිමි කරගත්
වේල්ස් කුමර කණිෂ්ඨ ශිෂ්‍යභට ඛණ්ඩයට
අපගේ උණුසුම් සුභාශිංසන...

වේල්ස් කුමර කුමරියන්ට උණුසුම් සුභ පැතුම්... ජාතික ශිෂ්‍යභට බලකායේ 26 වන බලඇණියේ රෙජිමේන්තු සැරයන් මේජර් තනතුරට පත්වීම් ල...
29/04/2023

වේල්ස් කුමර කුමරියන්ට උණුසුම් සුභ පැතුම්...

ජාතික ශිෂ්‍යභට බලකායේ 26 වන බලඇණියේ රෙජිමේන්තු සැරයන් මේජර් තනතුරට පත්වීම් ලද විද්‍යාලයීය ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යභට බනි I කේපීඑස් ඉන්ද්‍රජිත් සහ සරඹ උපදේශක තනතුරු ලැබූ බනි II කුරුප්පු කේපීඩීබීඑල් කුමරුවන් හට අපගේ උණුසුම් සුභ පැතුම් එක් කරමු.

අප වේල්ස් කුමරුවන්ගේ සියලු ජයග්‍රහණ පසුපස සිටිමින් නිබඳවම ශක්තියක් වූ ගරු විදුහල්පති හසිත කේසර වෙත්තමුනි විදුහල්පති පියාණන් අප ඛණ්ඩභාර ජේෂ්ඨ නිළධාරිනි ලුතිනන් කර්නල් සාගරිකා රාමසිංහ ගුරුමෑණියන් සහ ආධුනික නිලධාරී තාරක ලියනාරච්චි ගුරුපියාණන් සිහි කරනුයේ හදපිරි භක්තියෙනි....

එමෙන්ම සහෝදර වේල්ස් කුමරි විද්‍යාලයීය, 26 වන බලඇණියේ බාලිකා රෙජිමේන්තු සැරයන් මේජර් ධූරයට පත් බනි I කේපීජීඅයියූ ප්‍රේමරත්න සහ කණ්ඩායම්භාර සැරයන් මේජර් තනතුරට පත් බනි II ඒකනායක එච්සීකේ හට ද වේල්ස් කුමර අපගේ සුභාශිංසන එක් කරමු.

නිල උසස් කිරීමේ සහ නව තනතුරු ප්‍රදානය කිරීමේ අවස්ථාව පසුගිය අප්‍රේල් 27 වන දින පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙන් පරිශ්‍රයේ දී උත්සවාකාරයෙන් සිදුවිය.

15/07/2022
Congratulations....Princess....
05/07/2022

Congratulations....Princess....

බස්නාහිර පළාත් ප්‍රථම ස්ථානය දිනාගත් වේල්ස් කුමරියන්ට උණුසුම් සුභ පැතුම්

ජාතික ශිෂ්‍යභට බළකායේ බස්නාහිර පළාත් ඇගයීම් කඳවුරු තරගාවලියේ දි කොළඹ,කළුතර, ගම්පහ, සියලු බාලිකා පාසල් අභිබවා අධ්‍යක්ෂක පරීක්ෂණයේ ප්‍රථම ස්ථානය සමගින් සමස්ත කදවුරේ ප්‍රථම ස්ථානය ලබා ගනිමින් හර්මන් ලෝස් / ද සොයිසා කුසලාන කඳවුරු ප්‍රවේශය තහවුරු කර ගත් වේල්ස් කුමරි ශිෂ්‍යභට ඛණ්ඩයට උණුසුම් සුභ පැතුම්...!!!

1) වේල්ස් කුමරි විද්‍යාලය, මොරටුව-
26 වන බලඇණිය
2) ගෝතමී බාලිකා විද්‍යාලය, කොළඹ 10
3 වන බලඇණිය
3) විද්‍යාකර බාලිකා ජාතික පාසල, මහරගම - 19 වන බලඇණිය
4) විහාරමහා දේවි බාලිකා විද්‍යාලය, කිරිබත්ගොඩ - 3 වන බලඇණිය
5) ශ්‍රි පාලි විද්‍යාලය, හොරණ - 26 වන බලඇණිය

Congratulations....Wales'Cadets....
05/07/2022

Congratulations....Wales'Cadets....

බස්නාහිර පළාත් විශිෂ්ඨ ජයක් හිමිකර ගත් වේල්ස් කුමරුවන්ට උණුසුම් සුභ පැතුම්

ජාතික ශිෂ්‍යභට බළකායේ බස්නාහිර පළාත් ඇගයීම් කඳවුරු තරගාවලියේ දී කොළඹ, කළුතර, ගම්පහ සියලු බාලක පාසල් සමග කරට කර තරගයක නිරත වෙමින් අධ්‍යක්ෂක පරීක්ෂණයේ දෙවන ස්ථානය හා සමස්ත කදවුරේ සිව්වන ස්ථානය දිනාගනිමින් මෙවර හර්මන්ලෝස් කුසලානය උදෙසා වන ප්‍රවේශය විශිෂ්ඨ ලෙස තහවුරු කර ගත් වේල්ස් කුමර ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යභට ඛණ්ඩයට අපගේ උණුසුම් සුභ පැතුම්...!!!

1) නාලන්ද විද්‍යාලය, කොළඹ 10 - 3 වන බලඇණිය
2) ශාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස - 26 වන බලඇණිය
3) ආනන්ද විද්‍යාලය, කොළඹ 10 - 3 වන බලඇණිය
4) වේල්ස් කුමර විද්‍යාලය, මොරටුව - 26 වන බලඇණිය
5) ද මැසිනොද් විදුහල, කඳාන - 7 වන බලඇණිය

සිතින් සිත බැඳෙනනෙතට රසඳුන් මැවෙනනැවුම් සිතුවිලි සිත් පිරී යනසැම දනන් හිනැහෙනදේශයම සැනහෙනසුභ ම සුභ නව වසරක් වේවා....!කුම...
14/04/2022

සිතින් සිත බැඳෙන
නෙතට රසඳුන් මැවෙන
නැවුම් සිතුවිලි සිත් පිරී යන
සැම දනන් හිනැහෙන
දේශයම සැනහෙන
සුභ ම සුභ නව වසරක් වේවා....!
කුමර අප පැතුමයි

සිතින් සිත බැඳෙන
නෙතට රසඳුන් මැවෙන
නැවුම් සිතුවිලි සිත් පිරී යන
සැම දනන් හිනැහෙන
දේශයම සැනහෙන

සුභ ම සුභ නව වසරක් වේවා....!
කුමර අප පැතුමයි...

සැරයන් තරංග කොඩිතුවක්කු සොහොයුරාණෙනි, ඔබට නිවන් සුව ලැබේවා..!!!!
18/02/2022

සැරයන් තරංග කොඩිතුවක්කු සොහොයුරාණෙනි,
ඔබට නිවන් සුව ලැබේවා..!!!!

17/02/2022
SAPIENCE - 2021 සමස්ත ලංකා අන්තර්පාඨශාලීය දැනුම මිනුම තරඟාවලියේ අවසන් පාසල් 24 අතරට එක් වූ මොරටුව වේල්ස් කුමර විද්‍යාලීය...
06/10/2021

SAPIENCE - 2021 සමස්ත ලංකා අන්තර්පාඨශාලීය දැනුම මිනුම තරඟාවලියේ අවසන් පාසල් 24 අතරට එක් වූ මොරටුව වේල්ස් කුමර විද්‍යාලීය දැනුම මිනුම කණ්ඩායම එහි ජනප්‍රිය අංශයේ ජයග්‍රහකයන් බවට පත්කරන්නට නම් හැකි ඉක්මනින් ඔවුන් වෙත ඔබේ මනාපය පහත සබැදිය හරහා ලබාදෙන්න.

https://www.facebook.com/ProjectHetadawasa/photos/a.349710326892079/349707086892403/?type=3

ලකුණු හිමි වන්නේ,
Like = ලකුණු 5
Share = ලකුණු 4
comment = ලකුණු 3 වශයෙනි.

💜💛❤️

Address

Prince Of Wales College, Rawathawaththa
Moratuwa
10400

Alerts

Be the first to know and let us send you an email when Prince Of Wales College Army Cadet Platoon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share